Pages

Tuesday, October 29, 2013

ජීවිතයට කිසිදු වටිනාකමක්‌ නැති දුම්වැටි මත්වතුර වැනිදේ ළංකරගෙන ඵලක්‌ නැහැ - මෛත්‍රීපාල

ජීවිතයට කිසිදු වටිනාකමක්‌ නැති දුම්වැටි මත් වතුර වැනි දේ ළඟා කරගෙන ජීවත්වීමෙන් තමුන්ටවත් වෙනකාටවත් ඵලක්‌ නැතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ රජය විසින් ආරම්භ කර ඇති දුම්වැටි විරෝධී වැඩසටහනට සහාය දැක්‌වීම සඳහා නුගේගොඩ අධ්‍යාපන ආයතනයක්‌ වන සැසිප් ආයතනය විසින් සංවිධානය කර තිබූ දැනුවත් කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

ඔබේ ජීවිතයට ඔබ වැඩි වටිනාකමක්‌ දුන්නේ නැත්නම් ඔබේ ජීවිතයට වඩා වෙනත් දේවල්වලට තමයි ඔබට අගයක්‌ දෙන්න වෙන්නේ. ඒ වගේම ඔබේ ජීවිතයට වඩා වෙනත් දේවල්වලට අගයක්‌ දුන්නොත් ඔබට ඒ අගයක්‌ දෙන දේ රකින්නට පුළුවන් කමක්‌ නැහැ. ඔබේ ජීවිතය ගැන ඔබ සලකන්නේ නැත්නම්, ප්‍රධාන වශයෙන්ම ජීවත්වන මිනිසකුගේ ජීවත්වීමේ ආයු කාලය වැඩි වීම හා නිරෝගීභාවය සඳහා අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්‌ අතර සමාජය තුළ මහා ව්‍යසනයකට බලපා තිබෙන මතින් තොර සමාජයක්‌ මෙන්ම මත්ද්‍රව්‍යවලින් තොර මිනිසුන් බිහිවීම අවශ්‍යයි. කෙනෙකුගේ ජීවිතයේ වටිනාම දේවල්, නොසලකා බැහැර කරනවිට, මත්වතුර, දුම්බීම වැනි නොවටිනා දේවල් ඔබේ ජීවිතයට ඇතුළුවෙනවා. කිසිවෙකුටත් පලක්‌ නැති නොවටිනා දේවල් ජීවිතයට ඇතුළත් කර ගෙන සිටින පුද්ගලයකුගේ ජීවිතයෙන් කාටවත් පලක්‌ තියෙනවාද කියලා මම මේ දරුවන්ගෙන් අහනවා.

වර්තමානයේ අපේ සමාජය මුහුණදී තිබෙන ප්‍රධාන සමාජ ව්‍යසනය තමයි බෝ නොවන රෝගවල ඉහළයාම. අපේ රටේ දවසකට 1200 ක්‌ විතර අලුතින් උපදින කොට 1000 ක්‌ විතර මැරෙනවා. ඒ මියයන අයගෙන් වැඩි පිරිසක්‌ මියයන්නේ හෘදයාබාධ, පිළිකා, දියවැඩියාව, ආඝාතය වැනි බෝ නොවන රෝගවලින්. මේ රෝග හැදෙන්නට බලපාන ප්‍රධාන හේතුවක්‌ තමයි දුම්බීම. දුම්බීම නිසා දවසකට 54-60 ක්‌ මියයනවා. අවුරුද්දකට අපේ රටේ පුද්ගලයන් 20,000 ක්‌ දුම්බීම නිසාම මරණයට පත්වෙන බව වෛද්‍ය වාර්තාවලින් සනාථ වී තිබෙනවා. ඒ නිසා දුම්බීම වර්තමානයේ මහා ව්‍යසනයක්‌ බවට පත් වී තිබෙනවා.

අපේ සමහර තාත්තලා මම දන්නවා දරුවා නළවන්නේ සුරතල් කරන්නේ සිගරට්‌ එකක්‌ උරන ගමන්. ඒ සිගරට්‌ එකේ විෂ දුම අර දරුවාට ඇතුළුවෙනවා. ඒ දරුවා වැඩිවියට පත් වුණාම පෙනහළු රෝගියෙක්‌ හෝ පිළිකා රෝගියෙක්‌ බවට පත්වුණාම වෛද්‍යවරයාට කියනවා. අනේ දොස්‌තර මහත්තයෝ මම සිගරට්‌ එකක්‌ කටේවත් තියලා නැහැ. මට කොහොමද මේ ලෙඩේ හැදුණේ කියලා. ලෙඩේ හැදුවේ වෙන කවුරුවත් නොවෙයි. ඒ පුද්ගලයාගේ තාත්තා කියලා දැනගත්තාම ඒ දරුවා තමන්ගේ තාත්තාට සාප කරන එක පුදුමයක්‌ නොවෙයි.

මෙහිදී දුම්වැටි භාවිතය තුරන් කරමු යන තේමාව යටතේ විවිධ නිර්මාණ ඉදිරිපත් කළ ජයග්‍රාහී දරුවන්ට සහතික පත් හා ත්‍යාග පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදුවිය. මෙම අවස්‌ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය ලක්‌ෂ්මී සෝමතුංග හා මෙම වැඩ සටහන සම්බන්ධීකරණය කළ වෛද්‍ය උපදේශක මංගල ලියනගේ මහතා ඇතුළු පිරිසක්‌ද, නුගේගොඩ සැසිප් ආයතනයේ ආචාර්ය මණ්‌ඩලයද සහභාගි වූහ.

http://www.divaina.com/2013/10/29/news30.html

සබැඳි ලිපි -
[

මේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: