Pages

Friday, October 25, 2013

විග්නේෂ්වරන්ට පොලීසියට නියෝග කරන්න බලය නෑ - ගෝඨා

සම්බන්දන් මහතා විසින් ඉටු කළ යුතුව ඇත්තේ තේරුමක් නැති ප්‍රකාශ කිරීම වෙනුවට සාමය හා සමඟිය ස්ථාපිත කිරීම බවත් උතුරු පළාතේ නීතිය හා සාමය රැකීම එහි මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ වගකීමක් වුවත් පොලිසියට නියෝගයක් දීමට මහ ඇමැතිට බලයක් නැති බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දෙමළ පුවත්පත් කතුවරුන් පිරිසක් ආරක්ෂක අමාත්‍යංශයේදී ඔහු හමුවූ අවස්ථාවේදී ලේකම්වරයා එසේ පැවසීය.

උතුරු පළාතේ මහ ඇමැතිවරයාගේ වගකීම වනුයේ පළාතේ නීතිය හා සාමය රැකීම බවත් එසේ නීතිය හා සාමය රැක ගනිමින් ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කරනු පිණිස ඔහු පොලිසිය සමඟ සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යා යුතු බවත් එහිදී කී රාජපක්ෂ මහතා උතුරේ ජනතාව දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දුන්නේ උතුරෙන් ආරක්ෂක හමුදාවන් ඉවත් කර ගන්නා තැනට උද්ඝෝෂණ කිරීමට යැයි දෙමළ ජාතික සන්ධානය කිසිසේත් නොසිතිය යුතු බවත් කීය.

ආරක්ෂක හමුදාවන් උතුරේ තවදුරටත් රැඳී සිටිනු දැකීමට උතුරේ සියයට අසූවක පමණ ජනතාවකට අවශ්‍ය බව මෑතදී නිකුත් කරනු ලැබූ ස්වාධීන සමීක්ෂණ වාර්තා දෙකකින් තහවුරු වී ඇති බවත් පෙන්වා දුන් ආරක්‍ෂක ලේකම්වරයා මහ ඇමැතිවරයාට හෝ වෙනත් ඇමැතිවරයකුට හෝ පොලිසියට නියෝග දීමට බලයක් නැති බවත් එසේ වුවත් නීතිය හා සාමය පවත්වා ගෙන යෑමට තුඩු දෙන උපදෙසක් පොලිසියට දීමට ඔවුන්ට හැකි බවත් අවධාරණය කලේය.

http://lankacnews.com/sinhala/news/103371/

0 comments: