Pages

Tuesday, October 22, 2013

අතීතයේ අලි ඇතුන් වෙළඳාමේ තෝතැන්න, අද අලි ඇතුන් වැනසීමේ තෝතැන්නක් වෙලා! වසර 5 ක්‌ තුළ අලි 1184 ක්‌ මියගිහින්

පසුගිය වසර පහක කාලය තුළ වල් අලින් 1184 දෙනකු මියගොස්‌ ඇතැයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය වසරේදී පමණක්‌ මියගොස්‌ ඇති වල් අලින් සංඛ්‍යාව 250 කි. 2011 වර්ෂයේදී වල් අලින් 255 ක්‌ද, 2010 වසරේදී 227 ක්‌ද, 2009 වසරේදී 228 ක්‌ද, 2008 වසරේ වසරේදී 224 ක්‌ද මියගොස්‌ ඇතැයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 2012 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

වෙඩි තැබීම්, විදුලිසර වැදීම්, හක්‌ක පටස්‌ පිපිරීම්, දුම්රියේ ගැටීම්, වස විෂ දීම හා ස්‌වභාවික හේතු ආදියෙන් මෙම අලි මියගොස්‌ ඇති බවට එම වාර්තාවේ වැඩිදුරටත් දැක්‌වේ.

සීගිරිය - සරත් එරමිණිගම්මන
http://www.divaina.com/2013/10/21/news22.html

0 comments: