Pages

Saturday, February 28, 2015

ඓතිහාසික බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ, වත්මන් ඉරාකයේ මහා උරුමය අන්තවාදී මූසලු ISIS කුළු ගෙඩි පහරින් වැනසේ!

අයිසීස්‌ ත්‍රස්‌තයෝ ඉරාකයේ මෝසුල් කෞතුකාගාරයේ තිබූ වසර 3000 ක්‌ වටිනා ඓතිහාසික ප්‍රතිමා සියල්ල විනාශ කර ඇත. 

යකඩ මිටි සහ සිදුරු විදින යන්ත්‍ර භාවිත කරමින් මෙකී පෞරාණික ප්‍රතිමා වනසා තිබේ. මෝසුල් නගරයේ පිහිටි නිනේවේ කෞතුකාගාරයේ පැරණි ප්‍රතිමා රැසක්‌ තිබූ බව අනාවරණය වේ. විනාශ කරන ලද ප්‍රතිමා අතර ක්‍රිස්‌තු පූර්ව නව වැනි සියවසට අයත් ඇසිරියන් නිර්මාණද වේ.

පසුගිය ජුනිමස මෝසුල් නගරය අයිසීස්‌ ත්‍රස්‌තයන්ගේ පාලනයට නතු විය.

මෙලෙස පැරණි සිතුවම් සහ ප්‍රතිමා වැනසීම ඉරාකයේ සභ්‍යත්වය සහ ශිෂ්ඨාචාරය විනාශ කිරීමක්‌ යෑයි ඉරාක රජය කියා සිටී.

අයිසීස්‌ ත්‍රස්‌ත සංවිධානය මෙයට පෙර පැරණි පොත් 10000 ක්‌ හා දුර්ලභ ගණයේ ලියකියෑවිලි 700 ක්‌ ද පුළුස්‌සා දමා ඇත.

http://www.divaina.com/2015/02/28/forign01.html

Pic Source

Friday, February 27, 2015

හිටපු ජනපති සහ වත්මන් ජනපති වැඳපුදා ගත් මොකක්ද මේ ඉන්දියාවේ තිරුපති කෝවිල

tirupatiතිරුපති කෝවිල කියන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන ලෝක ප්‍රසිද්ධ, ඓතිහාසික වටිනාකමක් ඇති හින්දු සිද්ධස්ථානයක්. මෙහි බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස හින්දු මැතිමතුන් විශ්වාස කරනවා. මේ ගැන අප බොහෝ කාලයක සිට යම් යම් කරුණු දැන සිටියත් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැඩි දෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු වස් පූජා පවත්වා බාරහාරවීමට නාම යෝජනා දුන් සැනින් මෙම කෝවිලට ගොස් තිබූ නිසයි. ඔහු එහි පූජාවන්ට සහභාගි වී සිටින ආකාරය පිළිබඳව විවිධ ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබුණා. ජනාධිපතිවරණය නිමවීමත්, සමග මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මේ පිළිබඳ උණුසුම ගිලිහිලා ගියා. 
tirupati1නමුත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරේ තිරුපති වන්දනාවේ යන බැව් ප්‍රවෘත්තිවලින් පැවැසුණු නිසා නැවතත් ඒ පිළිබඳ උනන්දුවක් ඇති වී තිබෙන බවක් පෙනෙනවා.
ඇත්තටම මොකක්ද මේ තිරුපති කෝවිල ?
මෙය තිරුපති යනුවෙන් හැඳින්වුවත් නියම නම වන්නේ ‘තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ යන්නයි. එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි, චිට්ටූර් දිස්ත්‍රික්කයේ තිරුපති නම් කඳුකර නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. තිරුපති නගරයට ආසන්නව ඇති නිසා එය වැඩි දෙනෙක් හඳුන්වන්නේ ‘තිරුපති කෝවිල’ නමින්.
තිරුමාල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 853ක උන්නතාංශයකින් පිහිටා තිබෙනවා. එම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 27කින් පමණ යුක්තයි. මෙම කන්ද මුදුන් හතකින් සමන්විතයි. හින්දු විශ්වාසයට අනුව එය සියලු සර්පයන්ට අධිපති රජු වන අදීෂගේ හිස් හත යැයි පැවසෙනවා. මෙම මුදුන් හත සේසාද්‍රි, නීලාද්‍රි, ගරුඩාද්‍රි, අන්ජානාද්‍රි, වෘෂභාද්‍රි, නාරායනාද්‍රි සහ වෙන්කතාද්‍රි යනුවෙන් හඳුන්වනු ලබනවා. ක්‍රි.ව. 300 දී පමණ ඉදිකළේ යැයි සැලකෙන මෙම කෝවිල පිහිටා තිබෙන්නේ මේ අතරින් වෙන්කතාද්‍රි හෙවත් වෙන්කත් කන්දේ මුදුන මතයි. මෙම කෝවිලට අධිගෘහිත හින්දු දෙවියා වන්නේ වෙන්කතේෂවරයි. 
ඔහු විෂ්ණු දෙවියන්ගේ එක් වේෂයක් යැයි විශ්වාස කෙරෙනවා. බලාජි, ගොවින්ද හා ශ්‍රීනිවාස යන නම්වලින් ද වෙන්කතේෂ්වර හඳුන්වනු ලබනවා. මෙම කෝවිල කෙළවර වන්නේ පූජනීය විලක් වූ ශ්‍රී ස්වාමි පුෂ්කර්නි හි එක් ඉවුරකින්. දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකොට ඇති මෙහි දක්නට ඇති අක්ෂර සියල්ල ඇත්තේ දෙමළ බසින්.
තිරුපති කෝවි‍ලේ පවතින්නේ යැයි පැවැසෙන හාස්කම්වලට අමතරව මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලෝකයේ ඇති ධනවත්ම කෝවිල හැටියටයි. 

tirupati2ලෝකයේ වැඩි දෙනෙක් සංචාරය කළ ස්ථානයක් වන නිසා මෙයට අධික ලෙස විවිධ ප්‍රදානයන් ලැබෙනවා. මෙය කරා දිනකට වන්දනා කණ්ඩායම් වශයෙන් 50,000 - 100,000 දක්වා පැමිණෙනවා. වාර්ෂිකව පැමිණෙන වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 30-40 පමණ වන බවයි පැවැසෙන්නේ. වාර්ෂිකව පැවැත්වෙන බ්‍රහ්මෝත්සවම් පූජා  උත්සව සමයන්හිදී මෙයට දිනකට පැමිණෙන වන්දනා කණ්ඩායම් සංඛ්‍යාව ලක්ෂ පහක් දක්වා ඉහළ යන බව වාර්තා වෙනවා. මේ නිසා මොවුන්ගෙන් පූජා පිණිස ලැබෙන මුදල්, වෙනත් වටිනා භාණ්ඩ නිසා ලොව ඇති ධනවත්ම සිද්ධිස්ථානය මෙය බවට පත්වීමේ පුදුමයක් නැහැ.
මෙම දේවස්ථානය පිළිබඳ ප්‍රවාද කිහිපයක්ම පවතිනවා. එයින් එක් විශ්වාසයකට අනුව මෙහි පවතින වෙන්කතේෂ්වර පිළිමය හින්දු විශ්වාසයට අනුව පෘථිවිය බිහිවුණු කලියුගය මුළුල්‍ලේම මෙහි පැවැතී තිබෙනවා.
ලොව පුරා පැතිර පවතින විශ්වාසයන්ට අනුව මේ දේවාලයට බාරහාර වීමෙන් සියලු බලා‍පොරොත්තු ඉටුවන බවයි පැවැසෙන්නේ. අප රටේ හිටපු රාජ්‍ය නායකයා නැවත ජනපතිවීමේ පැතුම නිසැකවම ඉටුවේ යැයි බලා‍පොරොත්තුවෙන් මෙයට බාරහාර වී පුද පූජා පවත්වන්නට ඇත්තේ ද ඒ නිසා විය යුතුයි. නමුත් මෙවර එවැන්නක් නම් සිදුවූයේ නැහැ. 
හාස්කම්වලට අමතරව මෙය පිළිබඳ තවත් එක් රසවත් කතාවක් ද පවතිනවා. එය තිරුපති ප්‍රදේශයේ කවුරුත් දන්නා දෙයක්. මේ කතාව උරුලෑවන්ට සම්බන්ධයි. 
tirupati3මෙම දේවාලයට සම්බන්ධව ඇති 12 වැනි සියවසට අයත් ‍ලේඛනවලත් මෙම සතා ගැන සඳහන්ව තිබෙනවා. උරුලෑවා කියන්නේ අධික දුර්ගන්ධයක් ඇති සතෙක් වුවත්, මෙයින් හමුවන ඓතිහාසික ‍ලේඛනවලට අනුව උගෙන් ලබාගත් ශ්‍රාවයකින් පිළියෙළ කරගත් තෙල් වර්ගයක් මිශ්‍ර කළ ජලයෙන් එකල සිටි රජවරු ස්නානය කරන්නට පුරුදුව සිටි බව පැවැසෙනවා. මෙම තෙල් වර්ගය හඳුන්වනු ලබන්නේ ‘පුනුගු’ නමින්. රජවරු මෙසේ ස්නානය කරන්නේ සුවඳවත්ව සිටීමට බවයි පැවැසෙන්නේ. මෙම තෙල් 14 වැනි සියවස පමණ වන විට ඉතා මිල අධික සුවඳ විලවුන් වර්ගයක් බවට පත්ව තිබුණා. මෑත ඉතිහාසයේදී මෙම තෙල් වර්ගය භාවිත කළේ එහි සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන වෙන්කතේෂ්වර පූජවේදී එම දෙවිඳුන්ගේ පිළිමයේ ආ‍ලේප කිරීම සඳහායි. නමුත් උරුලෑවා වඳවීගෙන යන සත්වයෙක් ලෙස ලැයිස්තු ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම චාරිත්‍රයට බාධා පැමිනුණා.
තිරුපති කෝවිල හයිද්‍රාබාද් සිට කිලෝ මීටර් 579ක්, චෙන්නායි සිට කිලෝමීටර් 86ක් සහ බැංගලෝර්වල සිට කිලෝමීටර් 181ක් දුරින් පිහිටා තිබෙනවා. 
අපේ රටේ සිට බොහෝ දෙනෙක් ඉන්දියාවට ගමන් කිරීමේදී තෝරාගන්නේ චෙන්නායි ගුවන් තොටුපළ නිසාත්, එතැන් සිට කිලෝමීටර් අසූහයක් තරම් අඩු දුරක මෙය පිහිටා තිබිමත් නිසාත් මෙය නරඹා වැඳුම් පිඳුම් කරගෙන එන්නට ඉතාම පහසුයි. තිරුපති කෝවිල නිසාම එහි ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටු‍පොළක් ද පිහිටුවා තිබෙනවා. 
එය පිහිටා ඇත්තේ තිරුපති නගරයේ සිට කිලෝමීටර් දාහතරක් දුරින්, ඔබ සැහැල්ලු බඩු බාහිරාදිය රැගෙන යනවා නම් පමණක් චෙන්නායි ගුවන් තොටුපළ හරහා තිරුපති කරා ඉතා කෙටි වේලාවකින් ළඟාවන්න පුළුවන්. බඩුබාහිරාදිය වැඩිපුර අරන් යනවා නම් ඔබ යායුතු වන්නේ හයිද්‍රාබාද් ගුවන්තොටුපළටයි.
එමෙන්ම චෙන්නයි සිට තිරුපති දක්වා දුම්රියෙන් මෙන්ම මහා මාර්ගය ඔස්සේ ද ගමන් කළ හැකියි. චෙන්නායි සිට පැය තුනකින් පමණ ළඟා විය හැකි වුණත් හයිද්‍රාබාද් හරහා යනවා නම් පැය 10-12 ක පමණ ගත විය හැකියි.
මීට අමතරව තිරුපති කරා වන්දනා ගමන් සංවිධානය කරන විවිධ ආයතන බොහෝ ගණනක් චෙන්නායි ඇතුළුව ඉහත කී අනෙක් ප්‍රධාන නගර දෙකේ පවතිනවා. ඒවායෙන් ද ප්‍රයෝජන ගත හැකියි. නමුත් චෙන්නායි සිට ගුවනින් ගමන් කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශකයකු අවශ්‍ය නැති බවයි කිව යුත්තේ.
තිරුපති නගරය කරා ගමන් කරන බැතිමතුන්ට සහ විදේශීය සංචාරකයින්ට නවාතැන් සැපයීම සඳහා විවිධ මට්ටමෙන් ස්ථාන බොහොමයක් පවතිනවා. මෙම කෝවිල භාරකාර මණ්ඩලය මගින් ඉදිකළ නවාතැන් ඉතාමත් අඩු මිලට ලබාගන්නට පුළුවන්. සාමාන්‍ය පහසුකම් සපයන කුඩා ප්‍රමාණයේ නවාතැන් අපේ රටේ මුදලින් නම් රුපියල් 250-550 ත් අතර මිලකට ලබාගන්නට පුළුවන්. වායුසමීකරණය කළ කුඩා නවාතැන් කාමරයක් අපේ රටේ මුදලින් රුපියල් 1280-1600 අතර මිලකට ලබාගන්නට පුළුවන්. මේ සඳහන් කළේ එක් දිනකට මිල ගණන්. මීට අමතරව තරු පන්තියේ හෝටල් ද පවතිනවා. ෆෝර්චූන් සිලෙක්ට් ග්‍රෑන්ඩ් රිජ්, ආර්.ආර්. හවුස්, ෆෝර්චූන්  කෙන්සස් හොටෙල් ආදිය මේ අතර පවතින අතර එක් රාත්‍රියක් සඳහා ඒවායේ මිල ගණන් අපේ රටේ මුදලින් රුපියල් 2000-6000 අතර පවතිනවා.
ඔබ තිරුපති කරා ගමන් කරන්නේ නම් මීට අමතරව දැනගත යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඒ එම ප්‍රදේශයේදී ඔබ හැසිරිය යුතු අන්දමයි. 
මෙය ලක්ෂ ගණන් වන්දනාකරුවන් පැමිණෙන ස්ථානයක් බව මුලින්ම මතකයේ තබා ගත යුතුයි. සිද්ධස්ථානයට ගැළපෙන ඇඳුම් ඇඳිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතු අතර මස් පමණක් නොව මාළු හා බිත්තර මෙම ප්‍රදේශයේදී පරිභෝජනයෙන් වැළකිය යුතුයි. කෙළ ගැසීම හෝ අන්‍යයන්ට කරදර වන ලෙස හැසිරීම නිසා ඔබ එහි නොසිටිය යුතු අයෙක් බවට බලධාරීන්ට පෙනී යන්නට පුළුවන්. කෝවිල තුළට ඇතුළුවීමේදී ජංගම දුරකථන හා කැමරා රැගෙන යාම සපුරා තහනම්. කාන්තාවන් සාම්ප්‍රදායික ඉන්දීය සාරියකින් සැරිසිය යුතුයි. එසේ නොමැති නම් ගෙල වැසෙන සේ සුදු රෙද්දක් ඔතා ගත යුතුයි. මේවා කෝවිලට ඇතුළුවන ස්ථානයෙන් අපේ රටේ මුදලින් නම් රුපියල් 180කට පමණ ලබාගන්නට පුළුවන්.
මෙම ප්‍රදේශයේ ස්වාභාවික ජලය කිවුල් ස්වභාවයෙන් යුක්ත බැවින් බෝතල් කළ ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. අවසාන වශයෙන් කිව යුත්තේ ඔබගේ ආගමික විශ්වාසය කුමක් වුවත් ඔබ සංචාරයේ යෙදෙන ආගමික ස්ථානයේ සම්ප්‍රදායයන්ට ගරුකරන්නට මතක ලබා ගත යුතු බවයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44100:2015-02-25-14-27-58&catid=90:lakbima-gossip&Itemid=0

චාවාකච්චේරියේ පිපිරීමක්‌. වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 148ක්‌ සොයා ගනී

චාවාකච්චේරිය සංකස්‌ථාන දුම්රිය ස්‌ථානය ආසන්නයේ නිවසක්‌ අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්‍ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 148 ක්‌ සොයා ගෙන තිබේ.

කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා ගෙනා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ඉඩමේ තිබූ නිවසක්‌ ආසන්නයේ පෙරේදා (25 වැනිදා) රාත්‍රී කිසියම් පිපිරීමක්‌ සිදු වූ අතර, මෙම පිපිරීම සිදු වූ ස්‌ථානය හා ඒ අවට ප්‍රදේශය පොලිසිය විසින් ඊයේ (26 වැනිදා) දැඩි සෝදිසියට ලක්‌ කර තිබේ. එහිදී නිවස ආසන්නයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පොහොර බෑග්වල බහා ඉතාම සුරක්‍ෂිත ආකාරයට වළ දමා තිබූ බව පොලිසිය පවසයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබූ ඉඩම 2009 වර්ෂයේදී එහි හිමිකරු විසින් වෙනත් පුද්ගලයකුට විකුණා දමා තිබිණි.

ඉඩම මිලදී ගත් පුද්ගලයා මෙම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව කිසිවක්‌ නො දන්නා බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

මෙහිදී ගොඩගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය තොගය කොටි ත්‍රස්‌තවාදීන් විසින් යුද සමයේදී වළදැමූ ඒවා බවට සැක පහළ කරයි.

පොලිසිය සහ යුද හමුදාව මෙම ඉඩම හා ඒ අවට ප්‍රදේශය දැඩි පරීක්‍ෂාවට ලක්‌ කරන බව උසස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2015/02/27/news01.html

Pic Source

Thursday, February 26, 2015

මහ විරු මහ පැරකුම් මහ නිරිඳා

පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු; 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරය හි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය. "අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය " යන භාෂණය ඔහුගේ ජනප්‍රිය කියමන් අතුරින් එකකි.
පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ රුහුණ යන රාජ්‍යයන්හි රජවරුන් වූ, කිත්ති ශ්‍රී ‍මේඝ සහ ශ්‍රී වල්ලභ යන්නාවූ එතුමාගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, රජ රට රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ එතුමාණන්, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී එතුමාගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, එතුමා විසින්, මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්‍ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය. දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි.....

993 හිදී සිදුවූ පළමුවන රාජ රාජ චෝල ගේ ශ්‍රී ලංකා ආක්‍රමණයට අනතුරුව, ශ්‍රී ලංකා දිවයින, දකුණු ඉන්දියාවේ බලවත් චෝල රාජ ආණ්ඩුවෙහි අණසකට අඩ වශයෙන් යටත්ව පැවතිණි. Iවන විජයබාහු රජ (1055–1100) රජතුමා රාජ්‍යත්වයට පත්වන තුරු මෙම ප්‍රදේශයන් චෝල පාලනය යටතේ පැවතිණි. තම රාජ්‍යත්වයෙහි ඇරඹුමත් සමගම, පළමුවන විජයබාහු විසින් සාර්ථක ලෙස චෝල ආක්‍රමණිකයන් පලවා හැර, රජ රට අගනගරය, අනුරාධපුරයෙහි සිට, නව සැලසුම් කල නුවරක් වූ, පොළොන්නරුව (පුලත්තිනගර) වෙත ගෙන එන ලදි. පළමුවන වික්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමය (1111–1132) වන විට, දිවයින, රාජධානි තුනකට —රජ රට, දක්කිණ දේශ, සහ රුහුණ —වෙන් කොට තිබුණි. එනමුදු, වික්‍රමබාහු ඉමහත් ගරුත්වයෙන් සැලකුණේ, ඓතිහාසික හා ආගමික වැදගත් කමින් හෙබි අඩවි පිරි රජ රට අයත්ව සිටි බැවිනි. එනමුදු, දක්කිණදේශයේ ("දකුණු රට") රජවූ මානාභරණ හා, ඔහුගේ සොහොයුරන්වූ හා රුහුණෙහි සම-රජුන් වූ, ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, කිරුළ සඳහා ඇස යොමා සිටි පිළිමළුන් වූහ.තවදුරට සැලකූ කල, මෙම තිදෙන ම, විජයබාහුගේ සොහොයුරියගේ පැවතෙන්නන් වූ අතර, එම නිසාම සිහසුනට ප්‍රබල හිමිකමක් දැරූහ; චූල වංශයෙහි ඔවුන් හඳුන්වනුයේ රාජ වංශයෙහි ආර්ය ශාඛාව ලෙස වන අතර, පළමුවන වික්‍රමබාහු කාලිංග ශාඛාවට අයත් විය.

පුරාතන වංශකතාවක් වන චූල වංශයෙහි එන පරිදි, පරාක්‍රමබාහුගේ උපත පිලිබඳව, එතුමාගේ පියාණන් වූ දක්කිණ දේශයෙහි මාණාභරණ රජු විසින් දුටු සිහිනයක පෙනී සිටි දෙවියෙකු වැනි රුවක් විසින් පෙරනිමිති පල කෙරිණි.මානාභරණගේ බිරිය රත්නාවලීට එපරිද්දෙන්ම පුතකු උපන් අතර, ඔහු පරාක්‍රමබාහු ලෙසින් නම් ලැබුවේ, ඔහුගේ "රුපුන්-මඩින බාහු නිසාවෙනි. ඔහු උපන් වසර නිශ්චය වශයෙන් සහතික කර නොදැනුතත්, සාමාන්‍යයෙන් එය 1123 පමණ විය යැයි විශ්වාසය කෙරේ.[තහවුරු කරන්න] ස්ථානය කලක් දක්කිණද්ශයෙහි අග නගරය වූ දැදිගම (පුන්ඛගම) යයි විශ්වාස කෙරේ. මෙම ස්තානය සිහිවීම පිනිස ඉදිකල ස්මාරකය කොටවෙහෙර නම් වේ.

දරුවාගේ උපත පිලිබඳ දැනුවත් වූ පොළොන්නරුවෙහි පළමුවන වික්‍රමබාහු අණකලේ, පිරිමි දරුවා ඔහුගේ සිහසුනට උරුමකරු ලෙස ඇති දැඩි විය යුතු බවයි. තම මරණය තෙක් සිහසුන දරා, ඉක්බිතිව පරාක්‍රමබාහු වෙතට එය පැවරීමට අදහස් කල වික්‍රමබාහු විසින්, මෙවැනි දාරක ග්‍රහණයක් යෝජනා කලේ, සමාදානයේ ලකුණ ක් ලෙසින් විය යුතුයි. කෙසේවෙතත් මානාභරණ විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කලේ, "මෙවැනි පුත් රුවනක් පිටත් කොට යැවුම ... (ඥානාන්විත) සුදුස්සක් නොවේ" යැයි පවසමිනි. ඔහු තවදුරටත් අනුමාන කලේ "...පිරිමි දරුවා එහි රැගෙන ගියහොත්, වික්‍රමබාහුගේ පාර්ශවය... බලයෙන් දිදුලනු ඇත, රෑස් විහිදුවනු ඇත, එනමුදු අපගේ අභාග්‍යය, දැනටමත් ඉමහත්, තවදුරටත් උග්‍ර වනු ඇත.] ශ්‍රී ලංකාවෙහි රාජකීය වංශ අතර පැවැති භේදය කෙතරම් උග්‍රවීදයත් මෙවැනි කරුණකදී පවා එකඟතාවයකට එළඹීමට නොහැකි විය.

දරුවාගේ උපත සිදුවී ඉතා කෙටි කලකින්, මානාභරණ රෝගාතූරවී මිය ගියේය. රුහුණෙහි සම-රජූ වූ, ඔහුගේ බාල සෙහොයුරු කිත්ති ශ්‍රී මේඝ, දක්කිණදේශයෙහි සිංහාසනාරූඪ වූ අතර, රුහුණෙහි එකම රජු ලෙසින් ශ්‍රී වල්ලභ ප්‍රකාශයට පත්කෙරිණි. පරාක්‍රමබාහු, ඔහුගේ මව රත්නාවලී හා ඔහුගේ සොහොයුරියන් දෙදෙන මිත්තා සහ ප්‍රභාවතී, රුහුණෙහි අග නගරය වූ මහානාගහුල වෙත යවන ලදුව, ශ්‍රී වල්ලභ ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවීමට සලස්වන ලදි.

රුහුණෙහි හා දක්ඛිණදේශයෙහි පරාක්‍රමබාහුගේ ඇතිදැඩි කිරීම වෙත ශ්‍රී ලංකාවෙහි දේශපාලනය විසින් නිතැතින් ම සිදුකළ බලපෑම සැලකිය යුතු තරම් එකක් විය. ඔහු කුඩා දරුවෙකුව සිටියදීම, ඔහුගේ වැඩිමහළු සොහොයුරියවූ මිත්තා; රුහුණේ ශ්‍රී වල්ලභගේ පුතු හා ඔවුන්ගේ ඥාති සෙහොයුරු වූ මානාභරණ වෙත බලහත්කාරයෙන් සරණපාවා දෙන ලද්දේ රත්නාවලී රැජිණගේ අභිප්‍රායට එරෙහිවය. රජ පවුලෙහි කාලිංග වශයෙහි කුමාරිකාවක් වූ රත්නාවලී, ඇය රජ පවුලෙහි ආර්ය ශාඛාවෙහි රජ කෙනෙකුගේ වැන්දඹුවක් වුවද, වඩාත් කැමැත්තක් දැක්වූයේ ඇයගේ දූ වරුන් කාලිංග වංශයෙහි රජෙකුට සරණ පාවා දීමටය. ශ්‍රී වල්ලභගේ රජ මාලිගාවෙහි කල් ගත කල සමයෙහිදී, තම අනාගත මහේශිකාව (රජ මෙහෙසිය) බවට පත් වූ, ශ්‍රී වල්ලභ ගේ දියණිය, ලීලාවතී හමුවීමට පරාක්‍රමබාහුට අවස්ථාව ලැබුණු අතර, පරාක්‍රමබාහුගේ මරණයෙන් පසුව ඇයගේ අභිමතය පරිදි රට පාලනය කිරීමට වරම ඇය වෙත ලැබිණි.

1132 දී, වික්‍රමබාහුගේ මරණයෙන් අනතුරුව, දෙවන ගජබාහු රජරට සිංහාසනාරූඨ විය. නව රජුගේ මානවක බවින් උපරිම ප්‍රයෝජනය ගැනුමට රිසි වූ රජ පවුලේ ආර්ය ශාඛාවෙහි රාජකීයයන් දෙදෙනා වන ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, රජ රට බලෙන් අල්ලා ගැනුමට අසාර්ථක ප්‍රයත්නයක නිරත වූහ. ගජබාහු පාලකයා ලෙසින් ස්ථීර ලෙසින් ස්ථාවරත්වයකට එළැඹි අතර ඒ අනුව ආර්ය රජුන් දෙදෙනාට වඩා නාමික ලෙසින් ජ්‍යෙෂ්ඨයා බවට පත් වූ අතර ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඔවුන්ගේ ජීවිත කාලය තුලදී රජ රට රජු හට සිංහාසනය අහිමි වනවා දැකීමට වරම් නොලැබූහ.
ආර්ය-කාලිංග යුද්ධයෙන් අනතුරුව, රුහුණේ ශ්‍රී වල්ලභගේ මාලිගයෙන් නික්මුණු පරාක්‍රමබාහු, දක්කිණදේශයෙහි නව අගනුවර බවට පත්ව තිබූ සංඛතාලි වෙත නැවත පැමිණ, ඔහුගේ මාමා සමග විසීම ඇරඹීය.චූල වංශය පවසන පරිදී මෙම නික්මයාමට හේතු යුක්ත වූයේ ඔහු තුලවූ අසහනය හා රුහුණෙහි උත්ත්ජජනක දෑ නොතිබීමය. රජ රට සිංහාසනයට රුහුණෙහි මානාභරණ නැංවීමට ශ්‍රී වල්ලභ වෙත තිබූ සැලසුම් හේතුවෙන්, රාජසභාවෙහි පරාක්‍රමබාහුගේ තරාතිරම ඇඩි ලෙස අවප්‍රමාණ වීම මෙයට පාදක වන්නට ඇත.අනෙක් අතට, ඔහුගේම පුතුන් නොමැති වූ කිත්ති ශ්‍රී මේඝ විසින් දක්කිණදේශයෙහිදී ඔහු සාදරයෙන් පිළිගන්නාලදුව පුත් තනතුරෙහි අනිවාර්යයෙන්ම හදා වඩා ගැණිනි; මෙයින් පසුව චූල වංශය විසින් පරක්‍රමබාහුගේ පියා ලෙසින් කිත්ති දක්වයි. දක්කිණදේශයෙහි ගතකල මේ කාලය තුලදී, හේ, කෞටිල්‍යගේ වැදගත් කෘතීන් හා ව්‍යාකරණ ශාස්ත්‍රය, සාහිත්‍යය, ඇතුන්-පිට-යෑම, සටන් කලාවන්, ගැයුම් හා නැටුම් ආදී විෂයයන් අධ්‍යයනය කලේය.

වැඩිහිටි වියට පත්ව ටික කලකින්, තරුණ කුමරා රහසේ දක්‍ඛිණදේශයෙන් පිටත්ව රජ රට දෙවන ගජබාහුගේ අඩවිය කරා පිටත්ව ගියේය. බඩලත්ත (වත්මන් බතලගොඩ) හිදී තම මිත්‍ර-පාක්ෂිකයන් හමුව, රජ රට හා දක්‍ඛිණදේශයෙහි මායිමෙහිදී හේ සේනාපති(අණ දෙන නිලධාරි) සංක බැහැදුටුවේය. කුමරුගේ ගමන පිළිබඳව කිත්ති ශ්‍රී මේඝ වෙත දැනුම් දීමට සංක උත්සාහ දැරූ විට, ඔහු මරා දැමීමට පරාක්‍රමබාහු කටයුතු යෙදවීය. තමාගේ රැකවලාව සිටි සංක පිළිබඳ කිත්ති ශ්‍රී මේඝ හැඳින්වූයේ 'මාගේ රාජධානියෙහි බලවත්ම නිලකාරයා' ලෙසට වූ අතර, මේ නිසා ඝාතනය ඉතාමත් බරපතළ ලෙසින් සැලකිල්ලට ගැනිණි. ඉන්පසුව පරාක්‍රමබාහු විසින් බුද්ධගම (වත්මන් මැණික්දෙන නුවර) හා සංකගේ සියළු වස්තුව අත්පත්කොට ගත්තේය. පොළොන්නරු මාලිගය සමග සංකුලතාවයක් ඇති කර ගනී යැයි බියවූ කිත්ති ශ්‍රී මේඝ විසින් තමාට විරුද්ධව එවන ලද බල සේනාවක් ද පැරදවූ හේ, මලය ප්‍රදේශය හරහා ගජබාහුගේ මාලිගය වෙත ගමන් කලේය.පරාක්‍රමබාහුගේ හැසිරීම ට හේතූන් අපැහැදිලි නමුත්, චූල වංශය පවසන පරිදී, ඔහුගේ ගමන අනිවාර්යයෙන්ම පෙරික්සුම් සඳහා සිදුවූවකි. පළාත් තුනෙහි රාජකීයයන් තුන් දෙන එක්සත්ව සිටියද, ඔවුන් සියළු දෙකගේ සිත් තුල නලියමින් තුබූ ආශාව වූයේ රජ රට රාජධානිය පාලනය කිරීමයි. කෙසේවුවත්, මේ කාලය වන විට, ඔවුන්ගේ කුඩා පළාත්වල තිබූ සීමාසහිත සම්පත් ප්‍රමාණය හේතුවෙන්, මෙයින් අතුරින් කිසිවෙකු හෝ රජ රට පාලනය සිදුකිරීමට අසමත්වූ බවක් ඇඟවිනි. මෙය විශ්වාස කිරීමට පරාක්‍රමබාහු අකමැති වූ අතර, එම නිසාම රජ රජ සංචාරය කොට එම පළාතේ තිබූ තත්ත්වය තමන් විසින් අධ්‍යයනය කිරීමට රිසි විය.
කුමරු නැවතත් දක්‍ඛිණදේශය වෙත ගෙන ඒමට කිත්ති ශ්‍රී මේඝ දැරූ තැත පැහැදිලි කෙරුණේ තම බෑණනුවන් ගේ සුභසිද්ධිය පිළිබඳ ඔහු තුල වූ සාංකාව හා එලෙසම පරාක්‍රමබාහු විසින් ආර්ය හා කාලිංග දෙපාර්ශවය අතර විරුද්ධතා නැවත අවුළුවායිය යන සැකය හැර වෙන කිසිවක් නොවන ලෙසිනි. කෙසේවෙතත්, දක්‍ඛිණදේශයේ රජු හා ඔහුගේ බෑණා අතර "සෙනෙහෙවන්ත බැඳීමක් " තිබූ බව යන්න නම් "ප්‍රබන්ධයක්" ලෙසින් පිළිගැනෙන අතර, ගෙන හැර දැක්වෙන්නේ "මෙම අරගලයෙහි සිදුවීම් මාලාව එළිදැක්වුනු විලාශය හා, මාමා හා බෑණා අතර ප්‍රශ්න-විරහිත සබැඳියාවක් තිබූ බව පැවසෙන අදහස, පරස්පරවිරෝධි බවය.
ගජබාහු‍ගේ රාජ සභාවෙහි ගතකල කාලය තුලදී, පරාක්‍රමබාහු විසින් වැදගත් කර්තව්‍යයන් දෙකක් කරන ලදි. මෙයින් පළමුවැන්න වූයේ, ගජබාහුගේ රාජසභාව සම්පූර්ණයෙන් ආවරණය වන පරිදී චරපුරුෂ ජාලයක් ඇති කිරීම වන අතර දෙවැන්න වූයේ තම සෙහොයුරියන් අතුරින් එක් අයෙකු වූ භද්දාවතී කුමරිය ගජබාහු රජ වෙත සරණ පාවා දීමයි. මෙම විවාහය හා බොහෝ අනෙකුත් ක්‍රියාවන් ඔස්සේ,පාලකයා (Iවන ගජබාහු) විසින් හා රජ පවුල විසින් ඔහු වෙත පැවරුනු කාර්යයන් සතුටුදායක ලෙසින් සම්පූර්ණ කිරීමට පරාක්‍රමබාහු සමත්විය.කෙසේවෙතත්, භද්දාවතීගේ මුළු දෑවැද්ද තම භාරයෙහි තබා ගැනුමට ඔහු ක්‍රියාකල අතර, ගජබාහුගේ සේනාධිපති ගෝකණ්ණ හා සමග රහස් ගිවිසුමකට එළඹීමට හේ ක්‍රියා කලේය. අවසානයෙහිදී පරක්‍රමබාහුගේ ක්‍රියාකලාපය පිළිබඳව ගජබාහු තුල සැක පහල වූ අතර, රාත්‍රියෙහි හොර රහසේ රජ රට හැර දමා දක්‍ඛිණදේශය වෙත ගමන් ඇරඹීමට පරක්‍රමබාහු ක්‍රියා කලේය.

දක්ඛිණදේශය වෙත ප්‍රත්‍යාගමනය 

එසේ කරන ලෙසින් තම මව රත්නාවලී ගේ බලවත් පෙරැත්තය නොවන්නට, දක්කිණදේශයෙහි අග නුවර වූ සංඛතාලි යට ඇතුළු වී, තම මාමා වූ කිත්ති ශ්‍රී මේඝ රජු බැහැ දැකුමට පරක්‍රමබාහු අකමැති විය. කෙසේ වුවද, පරක්‍රමබාහුගේ පෙරළා පැමිණීමට කෙටි කලකින් පසුව මරණයට පත්වූ අතර චූල වංශය ගෙනහැර දක්වන්නේ, කුමරු "තම පියාගේ මරණය නිසා ජනිත විය යුතු වූ ශෝකයෙන් විපරිත වූ බවක් නොපෙණිනි" යනුවෙනි—මෙය සමහරවිට දෙදෙනා අතර වූ නොහොඳ නෝක්කඩුව ගෙන හැර පාන්නක් විය හැක.පරාක්‍රමබාහු දැන් දක්කිණදේශයෙහි රජු බවට පත් විය.

රාජ්‍ය තන්ත්‍රය - පරාක්‍රමබාහුගේ රාජ සභා මණ්ඩපය 

දක්ඛිණදේශය විෂයයෙහි, පරාක්‍රමබාහුගේ අභිප්‍රාය වූයේ, ඉතා කෙටි කලකින්, අනෙකුත් සියළු රාජධානි අභිබවා යන පරිදී, එය පුළුල් කිරීමයි.ගොඩනැගීමේ හා පිළිසකර කිරීමේ යෝධ ව්‍යාපාරයක් එතුමා විසින් දියත් කල අතර, එහි අවශිෂ්ට වර්තමානයෙහිදීත්, මධ්‍යම ශ්‍රී ලංකාවෙහි දක්නට ලැබේ. වර්තමාන කුරුණෑගල අසබඩ, දැදුරු ඔය මත්තෙන්, කොටබද්ද නම්වූ පුරාතන පැන්නුම් පාලමක්, ප්‍රතිෂ්ඨාපනය කල පුවතක් ඔහු පිළිබඳව තුඩ තුඩ කියැවේ. නව රජුගේ පෞරුෂත්වය නිරූපනය වූයේ, ව්‍යාපෘතිය කිසිසේත් කල නොහැක්කක් බවට එය නිම කිරීමේ කටයුත්ත පවරාතිබූ වාස්තුවිද්‍යාඥයින් පැමිණ ඔහුට වාර්තා කල විට, පරාක්‍රමබාහු ලබා දී තිබූ, "ජන බලය යොදවා නිම කල නොහැකි කිසියම් ව්‍යාපෘතියක් මෙලොව කොහි තිබේද?" යන පිලිතුරෙනි.ඇළ හා බැමි ඉදි කල යුතු බවට නියෝග කල හේ, ඒ අවට විසල් කැලෑ ප්‍රදේශයන් එළි පෙහෙළි කොට, නව කුඹුරු සඳහා ඉඩකඩ සැලසීය. විශාල කුඹුරු යායක් විසින් ජලය ලබා ගැනුම සඳහා භාවිත කල යෝධ ජලාශයක් වූ, පරාක්‍රම සමුද්‍රය ගොඩනැගීම, ඔහු විසින් සිදුකෙරුණු කැපී පෙනෙන කර්තව්‍යයකි. ජලාශයෙහි මධ්‍යයෙහි වූ දිවයින් මත, හේ මාලිගයක් හා දාගැබක් ගොඩනැංවීය. රාජ සභාවෙහි පිළිවෙල වෙනස් කළ ඔහු, එය සංස්කෘතික ක්‍රියාවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කොට, ඇතුන් හෝ අසුන් පිට යෑම, කඩු හරඹය, විදේශීය භාෂා භාවිතය හා නැටුම් හා ගැයුම් හි දක්ෂ තරුණ කුලීනයන් එය වෙතට ආකර්ෂණය කර ගති. දක්කිණදේශයෙහි රජය ප්‍රතිසංස්කරණය කළ ඔහු හමුදා කටයුතු හා අභ්‍යන්තර පරිපාලනය පිහිටවූ අමාත්‍යාංශ දෙකට පසුව තුන්වැනි දෙපාර්තමේන්තුවක්ද එක් කළේ ආකර පරිපාලනය අධීක්ෂණය කෙරුමටය. චීන සේද සැලකිය යුතු ලෙසින් සුවිශේෂි ආනයන භාණ්ඩයක් වූ අතර පිළිම හා සිද්ධස්ථාන සංස්කාරය සඳහා භාවිතා කෙරිණි. මුතු හා මැණික් (මෙය වෙත රජු විශේෂ උනන්දුවක් දැක්වීය) දිවයිනෙහි අපනයන අතර වැදගත් ස්ථානයක් ඉසිලු අතර, කුරුඳු (මෙය 19වන සියවස වන තෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය විය), සහ යුද්ධ ඇතුන් ද එසේම වැදගත් වූහ.වෙළෙඳාමෙන් බොහෝ කොටසක් රාජ්‍යයේ ප්‍රධාන නැව් තොටු වූ කල්පිටිය, හලාවත සහ කොළඹ වෙතින් සිදුවිය.

යුඬයට සැරැසීම 

පරාක්‍රබාහුගේ හමුදාව ප්‍රකීර්ණක ජනවාර්ගික සැදුමක් සහිත විය. ඔහුගේ සමහරක් නිලධරයන්, අනුරාධපුරයේ සිට පාලන තන්ත්‍රය මෙහෙයවමින් රජරට බලය සමසේ බෙදා ගත් මහා පුරාණ ගෝත්‍රයන් දෙක වන මෞර්ය සහ ලම්භකර්ණ යන්නට අයත් වූහ. මලය රට (නූතන දුම්බර) රජු යැයි කියා ගත් අයෙකු යටතේ හා කුරුණෑගල අවටින් වූ දෙමළ ජාතික සොල්දාදුවන් සමූහයක්ද ඔහු වටා රොක්වූහ. දක්කිණදේශය සහ රජරට අතර සටන් ඇවිලුනු කාලය වන විට මෙම පෙර කී පුද්ගලයාගේ සේනාවට වැද්දන්ද, චේරාවරුන්ද, සාම්ප්‍රදායිකව රණ කෙලියෙහි නොයෙදෙන පහත් කුලයන්ට අයත් වූවන්ද එක්ව සිටියහ. චූලවංශය පවසන පරිදී සොල්දාදුවන් සංඛ්‍යාව 100,000 පමණ වුවත්, සත්‍ය ප්‍රමාණය ඊට අඩු විය හැක. සටන් ඇතුන්, අශ්වාරෝහකයන් සහ වැටලීම් යන්ත්‍ර උපයෝගී කර ගැනුමට පරාක්‍රමබාහුට හැකි වන්නට ඇති අතර උතුරේ ගජබාහුගේ බලයට මොහුගේ සේනාව තර්ජනාත්මක වන්නට ඇත.

රජ රට යටත් කර ගැනුම - ගජබාහු සමග යුද්ධය මානාභරණ සහ ගජබාහු සමග යුද්ධය

පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ සාමය ඇති කිරීම සඳහා ඔහුගේ සෙන්පති දේව යැවූ නමුත්, ඔහුගේ හමුදාව ප්‍රතිසංවිධානය කර ගැනීමට පළමුව ඔහුට මානාභරණ සමග සටනක පැටලීමට සිදු විය. රුහුණේ රජු පොරොන්දු වූ ආකාරයටම පරාක්‍රමබාහුගේ හමුදාවට දැඩි ප්‍රහාරයක් එල්ල කර පොළොන්නරුවෙන් පලා යාමට සැළැස්වීය. කාලිංග වංශිකයිනට මානාභරණ සමග තිබූ එකඟතාවය ඔවුනටම පාරාවළල්ලක් විය. මන්ද කියතොත් නගරය ඔහුගේ භාරයේම තබා ගැනීමට මානාභරණ අදහස් කරගෙන තිබුණු බව ඉක්මණටම පැහැදිලි වූ හෙයිනි. ඔහු ගජබාහුගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙකු මරණයට පත්කොට ගජබාහු පොළව යට තැනූ සිරගෙයක සිර කළේය. මේ අතර මානාභරණගේ (විජයබාහුගේ ලේලිය) මව වූ සුගලා දේවියට සහ බිරින්දෑවරුනට දකුණේ සිට රජරටට පැමිණෙන ලෙස දන්වා යවන ලදී. දකුණේ බොහෝ කාලයක් තිබුණු දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ඔහුගේ ආරක්ෂාව යටතේ රජරටට ගෙන එන ලදී.

මෙම අවස්ථාවේදී ගජබාහු, පරාක්‍රමබාහුගෙන් උදව් ඉල්ලා ආයාචනය කළේය. පරාක්‍රමබාහු ‍පොළොන්නරුවට ධාන්‍ය ලැබෙන මාර්ග වසා දමන ලෙස සහ රුහුණ සහ රජරට අතර මාර්ගයේ යන සංචාරකයින්ට හිරිහැර කරන ලෙස තම හමුදාවට දන්වා සිටියේය. මෙහි ප්‍රථිඵලයක් වශයෙන් පොළොන්නරුවේ මානාභරණ සමග සිටි ජනතාව "කූඩුවක දැමූ කුරුල්ලන් සේ" දුර්වල වූහ. උතුරේ ඔහුගේ බලය මැඩ පැවැත්වීමේ අරමුණෙන් දක්ඛිණදේශ හමුදාවන්ගෙන් විටින්විට එල්ල වන ප්‍රහාරයන් අතරේ මානාභරණ රක්ඛ සෙනෙවියාට පහර දීමට පොළොන්නරුවෙන් පිටත් විය. රක්ඛ සෙනෙවියා ඒ වන විට බටහිර රජරට මහත් විනාශයක් කරමින් සිටියේය. ඔහු නැති අතර වාරයේ පරාක්‍රමබාහුගේ හමුදාව පොළොන්නරුව අල්ලා ගෙන දෙවැනි ගජබාහු මුදා ගත්තේය. ඒ සමගම මානාභරණගේ භාණ්ඩාගාරය ද තමනට අයිතිකර ගත්තේය. අධෛර්යයට පත් වූ රුහුණේ රජු බුදුන්ගේ ධාතු ද තම පවුලේ අයද සමග දකුණ බලා ආපසු පැමිණියේය.

නිදහස් කරනු ලැබූ ගජබාහු පරාක්‍රමබාහු පැමිණීමට පෙර පොළොන්නරුව අතහැර නැව් නැග රටින් පිට වී යාමට තීරණය කළේය. එහෙත් ගජබාහුගේ අනුගාමිකයින් පිරිසක් පරාක්‍රමබාහුගේ හමුදාවට පහර දීම නිසා දෙපාර්ශවය අතර නැවතත් සටනක් ඇවිලුණේය. පරාක්‍රමබාහු ඔහුගේ හමුදාව ගජබාහු අල්ලා ගැනීම සඳහා පිටත් කළේය. තමා ඉතා ඉක්මණින් අල්ලා ගන්නා බව අවබෝධ වුණු ගජබාහු, මැදිහත් වන ලෙස ඉල්ලා සංඝට ආයාචනා කළේය. රෝගීව සිටින රජුගෙන් ඉදිරියට තර්ජනයක් ඇති නොවන බවත් ඔහුට ඉදිරි කාලය සැනසිල්ලේ ඉන්නට හරින ලෙසත් යනාදී කරුණු පරාක්‍රමබාහුට ඒත්තු ගන්වන ලදී. පරාක්‍රමබාහුට එරෙහිව නැවත යුද්ධ කිරීමට ගජබාහු එකඟ කරවා ගැනීමට මානාභරණ තැත් කළ නමුත් ගජබාහු එම අදහස ප්‍රතික්ෂේප කළේය. "මම රජරට පරාක්‍රමබාහුට පවරා දුනිමි" යනුවෙන් ඔහු ගල් පුවරුවක ඒ බව සටහන් කර ඔහුගේ නිලය පරාක්‍රමබාහු උදෙසා අත්හළ බව තහවුරු කළේය. ගජබාහු කන්තලේට ගියේය. රජරට රජු ලෙස ඔහුගේ රාජ්‍ය ප්‍රාප්තිය සිදු වී 22 වෙනි අවුරුද්දේ ඔහු කන්තලේදී මිය ගියේය.

උපුටා ගැනුම - කෝට්ටේ සිංහලයා .....!!!

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සමඟ නව වැටුප් විස්තරය

දින 100 වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය අංශයේ වැඩිම වැටුප් වැඩි වීම අද (25) දින සිදු වන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇති බවට වාර්ථාවේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ දින 100 වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී බවට වාර්ථාවේ.

ඒ අනුව අවම මූලික වැටුප රුපියල් 11,730ක් වූ රාජ්‍ය සේවකයෙකුගේ දීමනා සමඟ ලබන මුළු වැටුප වන රුපියල් 25,040 ට නව රජයේ අතුරු අයවැයෙන් යෝජනා කළ පරිදි පළමු වැටුප් වැඩි කිරීම වන රුපියල් 5,000 එකතු වූ විට අද ලැබෙන මුළු වැටුප රුපියල් 30,000 ඉක්මවයි.

නව රජය රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව අනුව ඉතිරි රුපියල් 2,000 එළඹෙන ජුනි මාසයේ සිට මෙම වැටුපට එකතු වන අතර එවිට රාජ්‍ය සේවකයෙකු ලබන අවම වැටුප රුපියල් 32,000කට වඩා වැඩි වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැහැදිලි කර ඇති බවට වාර්ථාවේ.

රුපියල් 47,515ක රාජ්‍ය අංශයේ උපරීම මූලික වැටුප ලබන රාජ්‍ය සේවකයෙකුට දීමනා සමඟ අද වැඩි වන රුපියල් 5,000 එකතු කළ විට ලැබෙන මුළු වැටුප රුපියල් 72,800ක් පමණ වන අතර එළඹෙන ජුනි මාසයේ සිට එකතු වන රුපියල් 2,000 සමඟ මුළු වැටුප රුපියල් 74,800 දක්වා වැඩි වන බවට වාර්ථාවේ.

දින 100 වැඩපිළිවෙළ තුළ වැඩි කළ මුදල් මූලික වැටුපට එකතු කරන්නේ ද යන්න විශ්‍රාම වැටුප්, රජයේ ආදායම, පෞද්ගලික අංශවල බලපෑම යන කරුණු පදනම් කරගෙන මුදල් අමාත්‍යංශය සමඟ එක්ව අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇති බවට වැඩි දුරටත් වාර්ථාවේ.

http://lankafocusnews.com/?p=34430

Pic Source

දස වැදෑරැම් යෝජනාව ජනපති-ශ්‍රිලනිප ප්‍රධානීහු සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත  දස වැදෑරුම් යෝජනාවලියක්  පිළිබඳව එම පක්ෂයේ ප්‍රධානීහු  පිරිසක්  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23)  සවස මුණගැසී  සාකච්ඡා කර ඇති  බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 
ජනාධිපති මන්දිරයේදී පෙරේදා (23) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව මැතිවරණ ක්‍රමයක්, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම, ජාතික හා  ආගමික සංහිඳියාව, වංචා දූෂණවලට එරෙහිව විධිමත් යාන්ත්‍රණයක්, අධ්‍යාපනය සඳහා  ජාතික ප්‍රතිපත්තියක් ආදී වූ කරුණු ඇතුළත් යෝජනාවලියක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳව සහ එහි  න්‍යාය පත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙලෙස ජනාධිපතිවරයාව මුණගැසුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් මෙම යෝජනාවලිය පිළිබඳ ඊයේ (24) අප කළ විමසුමකදී පැවැසීය. ඉහත සඳහන් යෝජනා ආදී වූ කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වන්නේ ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පානුක රාජපක්ෂ
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44076:2015-02-24-18-36-04&catid=34:news&Itemid=62

ගණන් බැස්සූ භාණ්ඩ වල මිල මෙන්න. ගැසට් කරයි!

Sri-Lanka-groceryඅතුරු අයවැයෙන් මිල අඩු කරන ලද ආහාර ද්‍රව්‍ය 12ක පැවැතිය යුතු මිල ගණන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 

ඒ අනුව සුදු සීනි (පැකට් නොකරන ලද) කිලෝ ග්‍රෑමයක් රුපියල් 87ක් විය යුතු අතර සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 අසුරණය රුපියල් 325ක් හා කිලෝග්‍රෑම් එකේ අසුරණය රුපියල් 810ක් විය යුතු වේ. සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400 අසුරණය රුපියල් 1500කි. පැකට් නොකරන ලද තිරිඟු පිටි කිලෝ ග්‍රෑමය රුපියල් 87ක් විය යුතු අතර මුංඇට කිලෝ ග්‍රෑමය රුපියල් 265ක් වේ. ආනයනික වියළි හාල් මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 385කි. ග්‍රෑම් 425ක් බරැති ටින් කළ මාළු මිල රුපියල් 140ක් විය යුතු අතර ග්‍රෑම් 155ක් බරැති ටින් මාළු රුපියල් 70ක් විය යුතුය. කොත්තමල්ලි ඇට කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350ක් වන අතර උළුඳු කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ක් වේ. උම්බලකඩ කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1740ක් විය යුතු අතර කුඩු කල හෝ ඇඹරූ කහ කිලෝ ග්‍රෑමය රුපියල් 800ක් විය යුතු අතර කුඩු කළ හෝ ඇඹරූ වියළි මිරිස් කිලෝ ග්‍රෑමය රුපියල් 400ක් විය යුතුය.

අදාළ මිල ගණන් ඉකුත් 20 දා සිට බලාත්මක වන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ගයාත්‍රි ගීගනආරච්චි
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44077:2015-02-24-19-09-54&catid=34:news&Itemid=62

බුද්ධ ශීර්ෂය විකෘති කර, බුදුදහමට නිගා කළ මුසලු ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් ප්‍රතිමා 21 ක්‌ හමුවෙයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශීර්ෂය විකෘති කර උද්‍යාන සැරසිල්ලක්‌ ලෙස බුද්ධ ප්‍රතිමා අලෙවි කිරීමේ ජාවාරමක නියෑළී සිටියදී අත්අඩංගුවට ගත් මුස්‌ලිම් ජාතිකයාගෙන් තවදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී තවත් බුද්ධ ශීර්ෂ ප්‍රතිමා 21 ක්‌ උඩහමුල්ලේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සඟවා තිබියදී පසුගිය 23 දා දහවල් සොයාගත් බව බොරලැස්‌ගමුව පොලීසිය පවසයි. 

මීට පෙර මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී බොරලැස්‌ගමුව, දිවුල්පිටිය, සුරියමල් මාවතේ නිවෙසකින්ද විකෘති කළ බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා හතක්‌ සොයාගනු ලැබීය.

එම වැටලීමට පෙර දිවුලපිටිය, සූරියමල් මාවතේ නිවසේ ගබඩා කර තිබූ බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා හා උද්‍යාන සැරසිලි විශාල තොගයක්‌ ලොරි රථයකින් අටවතාවකදී රැගෙන ගොස්‌ ඇතැයි හෙළිවූ බව පොලීසිය කියයි.

සැකකරු විකෘති කර සාදන ලද බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා විදේශ රටවල්වලට අපනයනය කළේද? යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්‌ෂණ සිදු කරති.

තමන් නුගේගොඩ පදිංචි බවත්, නිවසේ ඉඩකඩ මදිකම නිසා මෙම බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා බොරලැස්‌ගමුව, දිවුල්පිටිය හා උඩහමුල්ලේ පදිංචි මිතුරන් දෙදෙනකුගේ නිවෙස්‌වල තබා තිබූ බවත් සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත.

සැකකරු අවස්‌ථා අටකදී ලොරි රථයකින් රැගෙන ගිය බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා ද සොයා ගැනීමට පොලීසිය පරීක්‌ෂණයක්‌ අරඹා ඇත.

මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න, නුගේගොඩ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මර්වින් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ බොරලැස්‌ගමුව පොලීසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක හැරිසන් හෙට්‌ටිහේවා මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති. 

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2015/02/26/news15.html

Pic Source

සබැඳි ලිපි -
[
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html
ඉඳුරුව හෝටලයක බිකිනි වනන්න බුදු පිළිම දමලා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4446.html
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය
http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html
බුද්ධ බාර් වැටලීම
http://denethharinna.blogspot.com/2013/01/blog-post_882.html
රෑට කන්නේ නිර්වාණේ සමාවෙන්න බුදු රජුනේ!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_9046.html
]

Wednesday, February 25, 2015

සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම නොදෙන බව හකීම් කියනවා – දයා ගමගේ

සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමති වන්නට ඉඩ දිය නොහැකි බව පවසමින් ඇමති රවුෆ් හකීම් ජාතිවාදී ලෙස කටයුතු කරන බව නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හකීම් මහතා මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලයෙකු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී අවංකව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය නොදුන් බවත්ය.

කෙසේ වෙතත් නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යධූරය වැනි හොඳ අමාත්‍යාංශයක් හකීම් මහතාට ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටී.

https://lankacnews.com/sinhala/news/128753/

Tuesday, February 24, 2015

කැබිනට් ඇමැතිවරුන් 30කට ව්‍යවස්ථාවෙන් සීමාවක්???

ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රජයේ කැබිනට් ඇමැතිවරු සංඛ්‍යාව 30ක් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.එම යෝජනාවට අනුව නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 30ක් දක්වාද සීමා කිරීමට සැලසුම් කර තිබේ. 

මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථා සංශෝධන කමිටුවේදීද නිදහස් පක්ෂ නායකයින් සාකච්ඡාවට ලක්කර ඇතත් ඊට එකඟතාව පළකිරීමට නිදහස් පක්ෂ නායකයින් තවමත් තීරණය කර නැත.

කෙසේ වෙතත් රජයේ ව්‍යවස්ථා සංශෝධන කමිටුව ඉදිරියේදී රැස්වීමෙන් පසු මේ යෝජනාව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කෙරෙනු ඇත.මේ අනුව ඉදිරියේදී සකස් කරන නව ව්‍යවස්ථාවට රජයේ ඇමැති ධුර සංඛ්‍යාව සහ එම ඇමැති ධුරයන්ට අදාළ විෂය පථයන් ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දැක්වීමට නියමිතය.

ඉන්පසු බලයට එන ඕනෑම රජයකට එම රජයේ අමාත්‍යධුර වෙනස් කිරීම හෝ විෂය පථයන් මාරු කිරීමට -අවශ්‍ය වුවහොත් ව්‍යවස්ථා සංශෝධනයකට යෑමට සිදුවෙනු ඇත.

පානුක රාජපක්ෂ
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=43998:-30-&catid=34:news&Itemid=62

Pic Source

Saturday, February 21, 2015

'රට විරුවෝ!' - වහල් මව් මාකට් කිරීම සහ අතුරු ඵල! මැද පෙරදිග ගෘහ සේවයේ ශෝකාන්තය

සෞදි ස්වාමියා ඇණ 24ක් ගැසූ ආරියවතී
පසුගිය දිනක පුවත්පතක පළ වී තිබූ "පුංචි පුවතකට" මගේ ඇස යොමු විය. එම පුවතේ සිරස්‌තලය වූයේ "හයේ දුව කෙලෙසුවයි 38 හැවිරිදි පියා සැකපිට" යනුවෙනි.

පුවත මෙසේය.

"....හය හැවිරිදි දැරියක දූෂණය කළ බවට කියන ඇගේ පියා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. එම ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක්‌ අනුව සැකකාර පියා ඉකුත් 9 දා සවස අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිය පොලිස්‌ බාරයට ගෙන තිබේ.

තිස්‌ අට හැවිරිදි සැකකාර පියාට සිය දියණිය කලක සිට දූෂණය කිරීමට අනුබල දුන් මිතුරකුද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

දැරියගේ මව විදේශ රටක ගෘහ සේවයේ නියෑළෙන බවත් දැරිය ජීවත් වී ඇත්තේ පියා සමඟ බවත් පොලිසිය කියයි..."

ලෝකයේ වෙනත් ඕනෑම රටක මෙබඳු පුවතක්‌ පළවන්නේ මුල් පිටුවේය. එසේ වන්නේ මිනිසකු තිරිසනකු වීම ඉතා අස්‌වාභාවික සිද්ධියක්‌ නිසාය. එහෙත් පසුගිය තිස්‌ වසර තුළ මව විදේශගතවී පියා හෝ වැඩිහිටියකු හෝ විසින් දියණියක දූෂණය කිරීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ප්‍රවෘත්තියක්‌ වීම පුදුමයක්‌ නොවේ. එහෙත් මේ සිද්ධියේ දී එය වඩාත් බරපතළ වන්නේ දැරියගේ වයස යන්තම් හය වසරක්‌ වීමය.

මේ කියවීමෙන් ඇතිවූ සිත්වේදනාව තුනී වන්නටත් පෙර බ්‍රහස්‌පතින්දා "දිවයිනේ" අතිශයින අනුවේදනීය පුවතක්‌ 7 වැනි පිටුවෙන් කියෑවූයෙමි.

"ජීවිතය ජය ගන්න සෞදි ගිය වනිතාට වෙච්ච දෙයක්‌" යන මැයෙන් පළවූ ඒ පුවත 'දිවයින' පාඨකයන් කියෑවූ බව නිසැකය. එසේ වුවද එයින් උපුටා ගත් කොටසක්‌ යළි මතක්‌ කර දීම වැදගත්ය.

"..... කුඩා පැල්පතක තම මෑණියන් හා සොහොයුරු සොහොයුරියන් සමඟ ආර්ථික අපහසුතා මැද ජීවත් වූ වැලිකන්ද, මදුරංගල සුන්දර මූර්ති වනිතා (24) සෞදි අරාබියට ගෘහ සේවය සඳහා ගොස්‌ ඇත්තේ මීට දෙවසරකට උඩදීය. එහෙත්....

කාලය ගතවීමත් සමඟ වනිතා ලංකාවට එන දිනයට සති කිහිපයක්‌ තිබියදී මවුපියන් විසින් තම දියණියගේ රුව දැක ගැනීමට මහත් ආශාවෙන් සිටියත් ඒජන්සියෙන් ලද දැන්වීම වූයේ සති කිහිපයකින් ඇය ලංකාවට එන බවය.

සති කිහිපය ගෙවී ගිය තැන වනිතාට අත්වී ඇති ඉරණම වනිතාගේ මවට දැනගන්නට ලැබුණේ ඒජන්සියෙනි. වනිතාගේ බෙල්ලට ලණුවක්‌ දා සියදිවි නසාගෙන ඇති බවය. එහෙත් එය එසේ නොවීය. වනිතාගේ බෙල්ල කපා ඝාතනය කොට ඇති බව පොලිසියෙන් ලැබුණු තොරතුර විය.

උදේ පුවත්පත් කියෑවීමෙන් පසු දහවල් දොළහේ රූපවාහිනී පුවත් නැරඹීමි. තවත් ඛේදජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ පහළොස්‌ හැවිරිදි වියෙහි ළපටි යුවලක්‌ ප්‍රේම සම්බන්ධතාවක්‌ නිසා දැදුරුඔයට පැන දිවි නසා ගැනීමේ සංවේගදායක පුවතය.

මා සමඟ ටෙලිවිශනය නැරඹූ දෙතුන් දෙනාට මා "ඒ ළමයින්ගේ අම්මලාත් පිටරටද දන්නෙ නෑ" යෑයි කීවේ විහිළුවට මෙනි. එහෙත් පසුවදා දැනගන්නට ලැබුණේ කුමක්‌ද? මෙසේ ජලාශයට පැන මියගිය දැරියගේ මව විදේශ ගතවී සිටි අවධියේ ඇය ඥති නිවසක නවත්වා ගිය බවයි. දැරිය ඒ ගැටවරයා සමඟ පෙම් සබඳකමක්‌ ඇති කරගෙන අත්තේ ඒ කාලයේය.

1984 මදුරාසි ගුවන් තොටුපොළේ මහා ඛේදවාචකයෙන් පසු මම මේ "කාන්තා අපනයනය" වහාම නවත්වා දැමිය යුතු යෑයි එදා රජයටද නිර්දේශ කරමින් පුවත් පත්වලටද ලිපි රාශියක්‌ ලියා එවීමි. ගුවන් තොටුපළේ සිද්ධිය වන දිනවල පවා කපටි ඒජන්සිකරුවන් විසින් බොම්බායට ගෙන ගොස්‌ අතරමං කරන ලද ශ්‍රී ලාංකික කාන්තාවන් බොම්බායේ හා මදුරාසියේ තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් ආපසු සියරටට එවූ අන්දම විස්‌තර කළෙමි.

මේ ගෘහ සේවිකා අපනයනයේ ඉතිහාසය දෙසට හැරී බලමු. මැදපෙරදිග ඛනිජ තෙල් බහුල රටවල ධනවත් හා උසස්‌ මධ්‍යම පන්තියේ පවුල් ගෘහ සේවයට කාන්තාවන් බඳවා ගත්තේ දුප්පත් පවුල් වලිනි. ඛනිජ සම්පත, කළු රත්තරං (ඊක්‌ජන ඨදකා) බවට පත්වීමත් සමඟ දුගීභාවය ඒ රටවලින් තුරන් විය. ධනවත් පවුල්වලට පමණක්‌ නොව පහළ මධ්‍යම පන්තියේ රටවලටද ගෘහ සේවිකාවන් අවශ්‍ය විය. ඒජන්සිකරුවන්ගේ අවධානය මුලින්ම යොමු වූයේ ඉන්දීය උපමහාද්වීපයටය. එහෙත් ඉන්දියාව සිටියේ දැඩි ස්‌ථාවරයකය.

"අපේ රටේ කාන්තාවන් කොතරම් දුප්පත් කිව්වත් රටින් පිට ගෘහ සේවිකාවන් වශයෙන් යැමෙන් ඉන්දියානු කාන්තා අභිමානයට අවමානයක්‌ සිදු වීම වැළැක්‌විය නොහැකි නිසාත්, එසේ වීමේදී රටේ පවුල් සංස්‌ථාව බිඳ වැටෙන නිසාත් ගෘහ සේවිකාවන් වශයෙන් කාන්තාවන් පිටරට යෑවීම තහනම් කළ යුතුය."

ස්‌ථාවරය එසේ වුවද පුහුණු රැකියා සඳහා (ගුරුවරියන් හා සාත්තු සේවිකාවන් වැනි) රැකියාවලට යැම බාධාවක්‌ නොවන බව පෙන්වා දිය යුතුය.

පකිස්‌ථානයද ඉන්දියාවේ ස්‌ථාවරයම අනුගමනය කළේය. ඒජන්සිකරුවන්ගේ අවදානය ඊළඟට යොමු වුයේ ශ්‍රී ලංකාවටය. රටේ රැකියා ප්‍රශ්නනය විසඳීමටත් විදේශ විනිමය ලබාගැනීමටත් මෙය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ බව විදේශ අගමැති ඒ. සී. එස්‌. හමීඩ් මහතා ප්‍රකාශ කළේ ප්‍රසිද්ධියේමය.

"පෙරහැර" ඇරෑඹුණි. අද විදේශ රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සංක්‍රමණය වී ඇති ශ්‍රී ලාංකීක කාන්තාවන් සංඛ්‍යාව ලක්‍ෂ 7 ඉක්‌මවයි. මේ සියලු දෙනාම වයස අවුරුදු 18 ත් 50 ත් අතර අය වෙති.

පිලිපීන ගෘහ සේවිකාවක්‌ බාරෙන් හිදී තමාට ලිංගික අතවර කිරීමට තැත් කළ ස්‌වාමියාට පිහියකින් ඇන මරා දැමුවාය. මේ නිසා මහත් ආන්දොලනයක්‌ පැන නැඟිණි. අන්තර්ජාතික රොයිටර් පුවත් සේවය මැදපෙරදිග ගෘහ සේවිකාවන් පිළිබඳ විශේෂ සමීක්‍ෂණ වාර්තාවක්‌ පළ කළේය. එහි කොටසක්‌ මෙසේය.

"මැදපෙරදිග නිවෙස්‌වල ගෘහ සේවිකාවන් වශයෙන් ආසියානු කාන්තාවන් විශාල සංඛ්‍යාවක්‌ සේවය කරති. පිලිපීන කාන්තාවෝ වැඩිපුරම සේවය කරන්නේ ධනවත් පංතියේ නිවෙස්‌වල ඉහළ වැටුප් තලයකය. ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනා සේවය කරන්නේ මධ්‍යම පන්තියේ නිවෙස්‌වල අඩු වැටුපකටය".

කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර ගැනද එම වාර්තාවේ සඳහන් වෙයි. පිලිපීන කාන්තාවෝ එක්‌කෝ 'ගනුදෙනු හෙට්‌ටුකර' කැමැත්ත පළකරති. නැතිනම් විරෝධය පාමින් අස්‌වී යති. ශ්‍රී ලාංකික කාන්තාවෝ බොහෝ දෙනා එබඳු අවස්‌ථාවලදී සේවා ස්‌ථානයෙන් පලාගොස්‌ තානාපති කාර්යාලයේ පිහිට පතති. සමහරු යටත්වෙති. කිහිප දෙනෙක්‌ දිවිනසාගෙන ඇත.

පසුගිය වසර 25 කට අධික කාලයක්‌ තිස්‌සේ කාන්තාවන්ගේ මළකඳන් කොපමණ සංඛ්‍යාවක්‌ ලංකාවට ගෙන එන ලද්දේද? කී දෙනෙක්‌ ගැබිනියන් වී සියරටට පැමිණියෝද?

මේ පිළිබඳ වරින්වර ජනතා විරෝධය හා උද්ඝෝෂණ ද මතුවී ඇත. සතිපතා පුවත් පතකින් සංවිධානය කරන ලද "කුවේට්‌ කඳුළු" එක්‌ අවස්‌ථාවකි.

මැද පෙරදිගට සංක්‍රමණය වූ කාන්තාවන් මෙසේ දහදුක්‌ විඳිමින් උපයන මුදල් තම පවුල්වලට එවූ පසු සිදුවන්නේ කුමක්‌ද? (එම මුදල්වලින් වක්‍රව අපේ ආනයනයන්ට ලැබෙන වාසිය අසීමිතය).

සිය බිරින්දැවරුන් විදේශගත වී සිටින කාලය තුළ අනියම් සබඳතා ඇතිකර ගන්නා සැමියෝ සංඛ්‍යාව සුළුපටු නොවෙති. එබන්දො තම දරුවන්ට වඩා අනියම් බිරියන්ට හා මොවුනගේ දරුවන්ට සලකන අවස්‌ථාද විරල නොවේ.

පවුල් ජීවිත අවුල් වූයේ ක්‍රමයෙනි. උච්චම අවස්‌ථාව එළැබියේ තාත්තලා පමණක්‌ නොව, මාමලා, සීයලා වැනි වැඩිහිටියන්ද තම භාරයේ සිටි දැරියන් කෙලෙසන්නට පටන් ගැනීමත් සමඟය. ඊට අමතරව 'ඒඩ්ස්‌' වසංගතය 'අතුරුඵලයක්‌' වීය.

මේ රටේ යහපාලනය යථාර්ථයක්‌ වීමට නම් අපේ විදේශ රැකියා ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස්‌ විය යුතුය. ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ පවුල් සංස්‌ථාව ආරක්‍ෂා කිරීමටය. කාන්තාවන් පිටරට ගියවිට පිරිමින් නොමඟ යැම පුදුමයක්‌ නොවේ. දරුවන් නන්නත්තාර වීමද එසේමය. ඒ අතරම සැමියා විදේශගත වූ විට (දීර්ඝකාලීනව) බිරියන්ට සිදුවන්නේ කුමක්‌ද? ඔවුන් පතිවත රැක්‌කද, සත්‍යයට වඩා ඕපදූපවලට මුල්තැන දෙන මේ රටේ කෙතරම් නින්දාවන්ට ඔවුන්ට මුහුණපාන්නට සිදුවන්නේද?

මේ සියල්ලට වඩා ජාතියට සිදුවන අවමානය?

2002 සැප්තැම්බර් මාසයේ ඔස්‌ටේ්‍රලියාවේ ටැමිල් ගාඩියන් (ඕපසක ඨ්‌රාස්‌බ) අන්තර් ජාලයේ පළවූ පුවතක්‌ සිඩ්නි නුවර වසන මගේ මිතුරෙක්‌ ලංකාවට වාර්තා කළේය. ඒ පුවත සැකෙවින් මෙසේය.

"ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරය උසුලන්නේ කාන්තාවකි. එහෙත් ඒ රට මැදපෙරදිග හැඳින්වෙන්නේ 'ගෘහ සේවිකාවන්ගේ දේශය' වශයෙනි. දෙමළ කාන්තාවෝ අවි රැගෙන නිජබිම වෙනුවෙන් සටන් කරති. සිංහල කාන්තාවෝ ගෘහ සේවය සඳහා මැදපෙරදිගට සංක්‍රමණය වෙති...."

අපේ ගම් පෙදෙසේ එක්‌ කාන්තාවක දොහා රටේ ගෘහ සේවිකා පත්වීමක්‌ ලබා ගියාය. ඇගේ වරලස දිගය. ගෙට ඇතුළු වූ විගස ගෘහණිය ඇයට පැවසුවේ "වහාම ඔය කොන්ඩෙ කපලා දාන්න ඕන..." යනුවෙනි.

ඉක්‌බිතිව ඇගේ ගමන් මල්ල පරීක්‍ෂා කළාය. එහි තිබූ සීනිසම්බල්, අග්ගලා සහ කළුදොදොල් වැනි දේ දුටු ගෘහණිය "මේවා වහාම බින් එකට දාන්න..." යෑයි නියෝග කළාය.

මේ අප දැනගත් එක අතවරයක්‌ පමණි.

විදේශ රැකියා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන හා ඒ සඳහා විශේෂ අමාත්‍යාංශයක්‌ පිහිටා ඇති තවත් රටක්‌ ලෝකයේ ඇත්දැයි අපි නොදනිමු. සංවර්ධනයට යොමු වූ සෑම රටකම ප්‍රමුඛතාව දෙන්නේ මිනිස්‌ ශ්‍රමයටය. නිපුණතා අමාත්‍යාංශයක්‌ පිහිටුවා අපේ තරුණ තරුණියන් පුහුණු කරන්නේ මේ රටේ සංවර්ධනය සඳහාද? නැත්නම් දකුණු කොරියාවේ හෝ මැදපෙරදිග හෝ අවශ්‍යතාවන් ඉටු කිරීමටද?

රාජ්‍ය අනුග්‍රහයෙන් විදේශ රැකියා සඳහා දහස්‌ ගණනින් ස්‌ත්‍රී-පුරුෂයන් යෑවීම සහ මිනිස්‌ ජාවාරම්කරුවන් නීති විරෝධීව බෝට්‌ටුවලින් ඔස්‌ටේ්‍රලියාවට හෝ ඉතාලියට හෝ පටවාගෙන යැමද 'එකම කාසියේ දෙපැත්ත' යෑයි යමෙක්‌ කිවහොත් ඔහුට දොස්‌ පැවරිය හැකිද?

එස්‌. පියසේන
http://www.divaina.com/2015/02/21/feature01.html

Pic Source & Story - Doctors remove 19 nails from Sri Lankan maid

සබැඳි ලිපි -
[
'රට විරුවෝ!' - වහල් මව් මාකට් කිරීමhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_6128.html
]

සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - අභියෝගාත්මක 80% කඩ ඉම ජයගනී. පොදු ජනයා වෙනුවෙන් අඛන්ඩ සටනක් ගෙනගිය මෛත්‍රීට උපහාරය!

සිගරැට්‌ පැකට්‌ටු මත සියයට අසූවක ප්‍රමාණයකින් සෞඛ්‍යමය රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පත ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේ දී පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය මත සම්මත කෙරිණි. 

ඒ අනුව දුම්කොළ නිෂ්පාදන ඇතුළත් සෑම පැකට්‌ටුවකම, ඇසුරුමකම හෝ කාඩ්බෝඩ් පෙට්‌ටියක ඉදිරිපස සහ පිටුපස දෙපැත්තෙන්ම ඉහළ මතුපිට පෘෂ්ඨය සියයට අසූවක ප්‍රමාණයකින් ආවරණය වන පරිදි සෞඛ්‍යමය රූපමය අවවාද ප්‍රදර්ශනය කළ යුතුය. 

ඒ සමග අදාළ පෙට්‌ටියේ ඇති එක්‌ එක්‌ දුම්කොළ නිෂ්පාදනයේ අඩංගු තාර සහ නිකොටින් ප්‍රමාණය නිශ්චිතව දැක්‌වෙන ලේබලයක්‌ද දෙපැත්තේම ප්‍රදර්ශනය කළ යුතුය. 


මෙම සෞඛ්‍යමය රූපමය අවවාද මාස හයෙන් හයට මාරු කළ යුතු බවද ඒ සඳහා වන රූපමය අවවාද ඇතුළත් සංයුක්‌ත තැටිය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් ලබාගත යුතු බවද පනත් කෙටුම්පතේ දැක්‌වේ. 


මෙම රූපමය අවවාද ඇතුළත් නොවන සිගරැට්‌ පැකට්‌ටු අලෙවි කිරීම, බෙදාහැරීම සහ ගබඩා කිරීම රුපියල් පනස්‌දහසක දඩයක්‌ සහ අවුරුද්දක සිර දඬුවමකට යටත් වන වරදක්‌ බවද මෙම පනත් කෙටුම්පතෙහි වැඩිදුරටත් දැක්‌වේ.

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ
http://www.divaina.com/2015/02/21/news30.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

දුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_5.htmlමධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_15.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.htmlඋණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.htmlසිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.htmlමාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

Friday, February 20, 2015

ඖෂධ පනත ව්‍යවස්‌ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක දැනුම් දෙයි

ජාතික ඖෂධ පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බව (අනුකූල බව) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (18 දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු රැස්‌වීම ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සභාවට දැනුම් දුන්නේය. කථානායකවරයා මෙසේද කීය.

"ජාතික ඖෂධ නියාමන අධිකාරිය" යන නමින් යුත් පනත් කෙටුම්පත පිළිබඳව නිවේදනයක්‌ කරනු කැමැත්තෙමි.

ජාතියේ හිත සුව පිණිස වහා අවශ්‍ය යෑයි අමාත්‍ය මණ්‌ඩලය විසින් සහතික කරනු ලැබූ මෙම පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 122 (1) (ආ) ව්‍යවස්‌ථාව ප්‍රකාර අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් සංශෝධන පනත් කෙටුම්පතට එකතු කිරීමට යටත්ව එම පනත් කෙටුම්පතේ විධිවිධාන කිසිවක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බවට 123 ව්‍යවස්‌ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්‌වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යෑයි මම නියෝග කරමි.

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්
http://www.divaina.com/2015/02/20/news18.html

Pic Source

අල්ලා නමින් ලොව කළඹන ISIS අන්තවාදයට ඉරාකයේ පවුල් 45ක් බිළි. පුළුස්සා මර දමලා!

ඉරාකයේ අල් බැග්ඩායි නගරය අල්ලාගත් අයිසිස්‌ ත්‍රස්‌තයෝ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල් 45 ක්‌ පුළුස්‌සා මරා දමා ඇත.

ආරක්‍ෂක හමුදා පවුල් රැඳීසිටි නිවාසවලට රැකවරණ සපයන ලෙස ඉරාක කර්නල් කයිට්‌ අල් ඔබිදි ඉරාක රජයෙන් ඉල්ලා ඇතත් නිසි ආරක්‍ෂාවට ලැබී නැත.

මෙම හමුදා පවුල් සිටි නිවාස සංකීර්ණයට සැතපුම් පහක්‌ ඈතින් ඇමරිකානු හමුදා කඳවුරක්‌ පිහිටා ඇත.

http://www.divaina.com/2015/02/19/forign03.html

දිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයි

හෙරොයින් ග්‍රෑම් 5.68 ක ප්‍රමාණයක්‌ ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වැරදිකරු වූ අයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා ඊයේ (19 දා) මරණීය දණ්‌ඩනය නියම කළේය.

චූදිතට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්‌ඩනය නියම කළ අවස්‌ථාවේදී ඔහු අධිකරණ ශාලාවේ සිහිසුන්ව ඇද වැටුණු අතර බන්ධනාගාර නිලධාරීහු ඔහු නැගිටුවා පුටුවක හිඳවූහ.

නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා පත්‍රයක්‌ අනුව පැවැති නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු වී මරණීය දණ්‌ඩනය නියම වූයේ බත්තරමුල්ල රොබට්‌ ගුණවර්ධන මාවත පදිංචි මොහොමඩ් අක්‍රම් අමීර් නමැති අයටය.

වර්ෂ 2009 ජුනි මස 24 දා කොළඹදී අන්තරාකාරී මත් ද්‍රව්‍යයක්‌ වන හෙරොයින් ග්‍රෑම් 5.68 ක ප්‍රමාණයක්‌ ජාවාරම්කිරීම හා සන්තකයේ තබා ගැනීම යටතේ විත්තිකරුට එරෙහි චෝදනා ගොනුකර තිබිණි.

විත්තිකරු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ විදේශීය පුද්ගලයන් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු බවට නඩු විභාගයේදී කරුණු හෙළිදරව් විය.

සමන්ත ඉලේපෙරුම
http://www.divaina.com/2015/02/20/news30.html

Pic Source

සබැඳි ලිපි -
[
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://denethharinna.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.html
මෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.html
කුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.html
කෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.html
අල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.html
මුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.html
කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.html
කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.html
පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.html
මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.html
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]