Pages

Thursday, February 26, 2015

දස වැදෑරැම් යෝජනාව ජනපති-ශ්‍රිලනිප ප්‍රධානීහු සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත  දස වැදෑරුම් යෝජනාවලියක්  පිළිබඳව එම පක්ෂයේ ප්‍රධානීහු  පිරිසක්  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23)  සවස මුණගැසී  සාකච්ඡා කර ඇති  බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 
ජනාධිපති මන්දිරයේදී පෙරේදා (23) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව මැතිවරණ ක්‍රමයක්, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම, ජාතික හා  ආගමික සංහිඳියාව, වංචා දූෂණවලට එරෙහිව විධිමත් යාන්ත්‍රණයක්, අධ්‍යාපනය සඳහා  ජාතික ප්‍රතිපත්තියක් ආදී වූ කරුණු ඇතුළත් යෝජනාවලියක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳව සහ එහි  න්‍යාය පත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙලෙස ජනාධිපතිවරයාව මුණගැසුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් මෙම යෝජනාවලිය පිළිබඳ ඊයේ (24) අප කළ විමසුමකදී පැවැසීය. ඉහත සඳහන් යෝජනා ආදී වූ කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වන්නේ ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පානුක රාජපක්ෂ
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44076:2015-02-24-18-36-04&catid=34:news&Itemid=62

0 comments: