Pages

Thursday, June 30, 2016

තුර්කියේ අටාටර්ක්‌ ගුවන්තොටුපළට එල්ල වූ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරය - 50 ක්‌ මරුට - 147 කට තුවාල | යුරෝපයම සලිත වෙයි

අරාබි වසන්තයේ තවත් විපාකයක්‌ තුර්කියේ අටාටර්ක්‌ ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් සනාථවිය.

2010 දෙසැම්බර් 18 දා බටහිර රටවල් එක්‌වී ටියුනීසියානු රජය පෙරළා දැමීය. ඊට අරාබි වසන්තය යෑයි නම් කෙරිණි. අරාබි වසන්තයේ භයානක ප්‍රතිඵලය වූයේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය බිහිවීමයි.

2016 මාර්තු 22 දා අයිසිස්‌ ත්‍රස්‌තයෝ බෙල්ජියමේ සැවන්ටම් ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කළහ. ඉන් මගීන් 32 ක්‌ මරුමුවට පත්විණි. යුරෝපයට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලවන බවට තමන් අනතුරු අඟවා තිබූ බව තුර්කි රජය කියා සිsටියේය.

එහෙත් පෙරේදා රාත්‍රි 8.00 ට පමණ ඉස්‌තාන්බුල් නගරයේ අටාටර්ක්‌ ගුවන් තොටුපළේ පිපිරීම් තුනක්‌ සිදුවිය. තුර්කි බලධාරීන් පැවසුවේ එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 36 ක්‌ මරුමුවට පත්වූ බවයි. එහෙත් නිල නොවන ආරංචි මාර්ග වල සඳහන් වූයේ 50 කට අධික පිරිසක්‌ මියගිය බවයි. මේ වනවිට හෙළිවී ඇති තොරතුරුවලින් වාර්තාවී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් තිදෙනෙක්‌ ගුවන් තොටුපළට කඩාවැදී වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි. එම ප්‍රහාරවලින් 147 කට අධික සංඛ්‍යාවක්‌ තුවාළ ලබා ඇත. මෙම ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තයන් තිදෙනාගෙන් එක්‌ ත්‍රස්‌තයෙක්‌ තම පිපිරීම් උපකරණය ක්‍රියාත්මක කිරීමට පෙර ගුවන් තොටුපලේ සිටි පොලිස්‌ භටයෙක්‌ විසින් වෙඩිතබා මරාදමා තිබේ.

අටාටර්ක්‌ ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම අයිසිස්‌ ත්‍රස්‌යන් තිදෙනා පැමිණ ඇත්තේ කුලී රථයකිනි. එහෙත් මගීන් පරීක්‌ෂා කරන ස්‌කෑන් යන්ත්‍රයට ඔවුන් පුපුරණ ද්‍රව්‍ය පටි බැඳගෙන ඇති බව හෙළිවී ඇත. ඒ සමගම ත්‍රස්‌තයන් ආරක්‌ෂක නිලධාරීන්ට වෙඩි තබා තිබේ.

පර්යන්ත ගොඩනැඟිල්ල අසලදී ස්‌කෑන් යන්ත්‍රයේ පරීක්‌ෂාවට අසුවූ ත්‍රස්‌තයන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ පිපිරීම් සිදුකරගෙන ඇත.

මෙම අයිසිස්‌ ත්‍රස්‌තයන් කැලෂිනකෝව් ප්‍රහාරක අවිවලින් සන්නද්ධව සිටි අතර එක්‌ අවියක්‌ මේ වනවිට සොයාගෙන ඇත.

මෙකී ත්‍රස්‌ත ප්‍රහාරය එල්ලවන අවස්‌ථාවේ මගීන් සහිත යානාවක්‌ ගුවන්තොටුපලට පැමිණි අතර එහි සිටි මගීන්ට ගොඩබැසීමට ඉඩදී නැත.

එම යානාවේ සිටි බීබීසී වාර්තාකරු මාර්ක්‌ සෝබස්‌ පැවසුවේ තමා තුර්කියේ වසර දෙකක්‌ තිස්‌සේ ජීවත්වන බවත් අටාටර්ක්‌ ගුවන් තොටුපළට එන වාහන කිසිවක්‌ පරීක්‌ෂාවට ලක්‌ වන්නේ නැති බවයි.

මෙම ප්‍රහාරය ගැන තුර්කි ජනාධිපති අර්ඩෝගන් ප්‍රකාශකයක්‌ කරමින් 2016 වසර තුළ තුර්කියට එල්ල වූ සිව් වන ත්‍රස්‌ත ප්‍රහාරය මෙය බවත් ත්‍රසත්වාදය වැනසීම සඳහා තුර්කි රජය සටන් කරන බවත් කීවේය. 

මෙම ප්‍රහාරයත් සමගම තුර්කි ගුවන් ගමන් වහාම නතර කර ඇත. 

තුර්කි අධිකරණ ඇමැති බෙකිර් බොස්‌ඩාන්ද ප්‍රකාශයක්‌ කරමින් අටාටර්ක්‌ ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැඟිල්ල වෙත එමින් සිටි එක්‌ ත්‍රස්‌තයකු එකවරම ආරක්‌ෂක නිලධාරීන්ට වෙඩිතබා සිය බෝම්බය පුපුරවාගෙන ඇති බව හෙළි කළේය.

අයිසිස්‌ ත්‍රස්‌තයන් බෙල්ජියමේ සැවන්ටම් ගුවන් තොටුපලට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණියේද කුලී රථයකිනි. එම ප්‍රහාරයට ත්‍රස්‌තයන් තිදෙනකු සම්බන්ධ විය. අටාටර්ක්‌ ගුවන් තොටුපළට ප්‍රහාරය එල්ලකිරීම සඳහාද ත්‍රස්‌තයන් අනුගමනය කළේද එම ක්‍රමවේදයයි.

මෙම ප්‍රහාරය සියෑසින් දුටුවෙක්‌ තුර්කි රූපවාහිනිය අමතා පැවසුවේ එක්‌ ත්‍රස්‌තයෙක්‌ බෝම්බය පුපුරුවා ගැනීමෙන් පසු තවත් ත්‍රස්‌තයෙක්‌ පර්යන්ත ගොඩනැගීල්ලට පැමිණ වෙඩි තැබූ බවකි. අටාටර්ක්‌ ගුවන් තෙටුපළට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ ගුවන්තොටුපළ ආරක්‌ෂක තත්ත්වය අතිශයින්ම දුර්වල බවයි.

ප්‍රහාරය පිළිබඳ වාර්තාවීමත් සමගම ඇමරිකානු රජය තුර්කියට ක්‍රියාත්මක වන ගුවන් සේවා නතර කර ඇත.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරය ගැන ඇමරිකානු බලධාරීන් නිවේදනයක්‌ කරමින් යුරෝපා රටවල ජනතාව සැලසුමක්‌ මගින් මෙවන් ප්‍රහාර මර්දනය කළ යුතු යෑයි සඳහන් කර තිබේ.

එහෙත් තුර්කියට එල්ලවූ බිහිසුනු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් මුළු යුරෝපයම සලිත වී ඇත.

http://www.divaina.com/2016/06/30/forign.html

Monday, June 27, 2016

වැල්ලවත්තේ අක්‌කර 600න් සිංහලයන්ට අයත් වන්නේ අක්‌කර 21 යි! රටේ අයිතිකාරයො අද බෝඩිංකාරයො වෙලා - ඇල්ලේ ගුණවංශ හිමි

අතීතයේ දී සඟ වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගයන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට පත්වී තිබුණත් අද වන විට එම පක්‌ෂයේ පංච මහා බලවේගය බවට ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව, රොස්‌මිඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස පත් වී ඇති බව ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසූහ.

උන්වහන්සේ එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ ඊයේ (23 දා) යුතුකම සංවාද කවය විසින් කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ ෆෙඩරල් සංහිඳියාව මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයේ දීය.

එහිදී මුලසුනේ දෙසුම පවත්වමින් ඒ හිමියෝ මෙසේද පැවසූහ. 

මෙම සම්මන්ත්‍රණයට එන්න මිදුලට බහිනකොටම මගේ අතට ලැබුණ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මැතිවරණවල දී අනුගමනය කළ යුතු උපමාන පිළිබඳව සඳහන් කරලා තිබෙන අති විශේෂ ගැසට්‌ පත්‍රය. මෙහි සඳහන් වෙලා තිබෙන ආකාරයට මැතිවරණවලදී ජාතික සහ ආගමික සංකේත යොදා ගැනීමට බැරිවෙනවා. 

ථෙරවාදී බුදුදහම ආරක්‌ෂා වී තිබෙනවා. රටවල් අතරින් සංඝරත්නය ජාතියේ මුරදේවතාවුන් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ දී පමණයි. ප්‍රභාකරනුත් කිව්ව කහ රෙද්ද තිබෙන කම් මුකුත් කරන්න බැරි බව. එම නිසා කහ රෙද්ද ඉවත් කිරීම සඳහා කටයුතු පටන් අරගෙන තිබෙනවා. 

ඊළාම් රාජ්‍යය පිහිටවූවා නම් එහි ප්‍රධාන ආගම වන්නේ ක්‍රිස්‌තියානි ආගම. ලෝකයේ සිටින ජාතීන් අතර සිංහල ජාතිය ප්‍රමාණයෙන් කුරා කූඹියෙක්‌ වගේ. එසේ වුවත් මෙම ජාතිය වටා ජාත්‍යන්තර බලවේග රාශියක්‌ ක්‍රියාත්මක වනවා. අද වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට ඉන්දියාව, එංගලන්තය. ඇමරිකාව, රෝස්‌මීඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස පත් වී තිබුණත් එදා එම තැන හිමි වී තිබුණේ සඟ, වෙද, ගුරු ගොවි කම්කරු බලවේගයන්ටයි. 
ෆෙඩරල් පාලනයකින් බිහිවන්නේ ඊළාම් රාජ්‍යයක්‌ තමයි. මේ වන විටත් හලාවත, දෙමළෙන් සිලාවතුරෙයි බවටත් ඉංග්‍රීසියෙන් චිලව් බවටත් පත්වී තිබෙනවා. ඒ ආකාරයට උතුරේ බොහෝ ග්‍රාම නාම දෙමළ බවට පත්වී තිබෙනවා. ශ්‍රී ලංකාවට කියන්නෙත් ඉලංකෙයි කියලා. ඒ අනුව පැහැදිලි වනවා මේ වනවිට ඊළාම් රාජ්‍යයේ ඔප්පුවත් ලියල අවසන් බව. දැන් මේ සූදානම් වන්නේ එම ඔප්පුවට අනුව මායිම් කණු දාන්න.

මට කලින් අදහස්‌ දක්‌වපු තිරාණගම මහතා සඳහන් කළා. හාමුදුරුවරු හරියට හිටියොත් රට බේරගන්න පුළුවන් බව. නමුත් දැන් ආගමටත් අයිතිකාරයෙක්‌ නැති තත්ත්වයක්‌ තිබෙන්නේ. මේ වන විට දළදා මාලිගාවටත් ඉහළින් යන්න වෙනත් ගොඩනැඟිලි හදනවා. හාමුදුරුවරු මේ රටේ අයිතිකාරයන් වගේ සිටිය යුතුයි. නමුත් අවුරුදු 2500 ක ඔප්පුව උඩ වාඩිවෙලා බෝඩිංකාරයෝ වගේ සිටිනවා. නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා ජනතාවගේ අදහස්‌ ලබාගත් කමිටුවේ වාර්තාව එළි දක්‌වා තිබෙනවා. කෝටි දෙකක ජනගහනයක්‌ සිටින රටේ 4150 කගේ පමණයි අදහස්‌ ලබාගෙන තිබෙන්නේ. ඒ අය අතර 

ෆැක්‌ස්‌ සහ ඊමේල් එවපු අයත් සිටිනවා. ඒ අය තමයි රටේ අනාගතය තීරණය කරන්න හදන්නේ. 

1978 ව්‍යවස්‌ථාවේ බුද්ධාගම පිළිබඳව සඳහන් වූ ව්‍යවස්‌ථාවත් වෙනස්‌ කිරීමට යෝජනා වෙලා තිබෙනවා. ව්‍යවස්‌ථාවේ සඳහන් විය යුත්තේ සම්බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම පිළිබඳවයි. බුද්ධාගම ආරක්‌ෂා වනවා නමුත් ශාසනය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතුයි. නව ව්‍යවස්‌ථාව මගින් සහමූලිකත්වය නීති ගත කිරීමට යනවා. මෙම යෝජනාව ගෙන එන සමහර අයට දරුවෝ නැහැ. ඒකට අපි පළිද? දරු සෙනෙහස දැනෙන අය තමයි රට හැදිය යුත්තේ. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව හරිම දුකක්‌ ඇතිවෙනවා.

අපි ගහට කොළට ආදරය කළ ජාතියක්‌. අපි කුරුල්ලන්ට කුරුලු පාලුවක්‌ වෙන් කළා. ගවයන්ට තණ කන්න වෙනම කෑල්ලක්‌ වෙන් කළා. එහෙම කරපු අපට පරසුද්දන් මානව හිමිකම් පිළිබඳව උගන්වන්න එනවා. 

ඇමරිකාව , එංගලන්තය, ඉන්දියාව යන රටවල් තුන එකතු වෙලා අපට එරෙහිව කුමන්ත්‍රණය කරනවා. මේ රටේ නාඩි වැටෙන ආකාරය පිළිබඳව අපි ඉන්නේ අවධානයෙන්. මේ රටට එරෙහිව විශාල කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. 13 වැනි සංශෝධනය යටතේ ඉඩම් බලතල දුන්නොත් සේරුවිලට, තිරියායට, නාගදීපයට, වෙල්ගම්වෙහෙරට යන තත්ත්වය කුමක්‌ද? වැල්ලවත්ත ප්‍රදේශයේ අක්‌කර 600 ක ප්‍රමාණයෙන් සිංහලයන්ට අයත් වන්නේ අක්‌කර 21 යි.

මේ ආක්‍රමණයෙන් මිදීම සඳහා වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරමු. අපේ රට තවම අවසන් හුස්‌ම හෙළුවේ නෑ.

යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා - 

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට සහ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයට ඡන්දය දුන් ලක්‌ෂ 58 කගේ අභිලාශය ප්‍රකාශ කිරීමට තිබූ අවකාශය තැනි කළා. එය ඒකාධිපති වාදයක්‌ නෙවෙයි නම් වෙන මොකක්‌ද?

චන්ද්‍රිකා කුමාරතුංගේ කාලයේ දී පැකෙඡ් එක ගෙනාවා. ඉන් පසුව රනිල් වික්‍රමසිංහගේ කාලයේ දී අන්තර් පාලනයක්‌ දෙන්න හැදුවා. යුද්ධයෙන් දිනන්න බැරි වුණ දේ තමයි දෙන්න හැදුවේ. දැන් මේ ව්‍යවස්‌ථාවෙනුත් දෙමළ බෙදුම්වාදීන්ගේ අභිලාශයන් ලබාදෙන්න කටයුතු කරනවා.

ඉරාකයට බෝම්බ දාලා කළ සේ ශ්‍රී ලංකාවේ ද්‍රෝහීන් කීප දෙනකු යොදා ගෙන කරන්න හදනවා. පසුගිය ආණ්‌ඩු පෙරළන්න ඉරාකයේ දී වගේ ඔවුන්ගේ ජීවිත දෙන්න වුණේ නෑ. එම නිසා තමයි අපේ පාලකයන් බොහොම ආදරයෙන් පිළිගෙන මේ අය ආදර්ශයට ගන්න කියලා අනෙක්‌ රටවල නායකයන්ට කියන්නේ.

මෙම ව්‍යවස්‌ථාව ගෙන එන්නේ අපේ ජාතිය යළිත් නැගිටින්න බැරි ලෙස වට්‌ටවන්න.

මේ රටේ දැන් ඉන්න පාලකයන් කියනවා බණ්‌ඩාරනායක චෙල්වනායගම්, බණ්‌ඩාරනායක, ඩඩ්ලි ගිවිසුම් පරාජය කිරීම කඩාකප්පල්කාරි ක්‍රියාවක්‌ලු. මේ කඩාකප්පල්කාරීන් කියන්නේ පූජ්‍ය බද්දේගම විමලවංශ, පූජ්‍ය මඩියේ පඤ්ඤාසීහ, පූජ්‍ය පලිපාන චන්ද්‍රාන්ද වහන්සේලා වගේ හිමිවරුන්ට. මේ කියන පෙඩරල් පාලකයන් යටතේ අපි සිටින ප්‍රදේශ බහුජාතික විය යුතුයි. උතුර නැගෙනහිර දෙමළ විය යුතුයි. ප්‍රාන්ත රාජ්‍යයේ ඉල්ලීම මත පුරවැසිකම පවා ලබාදීමට සිදුවනවා. 

අපටත් යුක්‌තිය ඉෂ්ට විය යුතුයි. නැතිනම් සංහිදියාව ඉටුවන්නේ කොහොමද?

ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ද සම්මන්ත්‍රණයේදී අදහස්‌ දැක්‌වීය.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය, ඡායාරූප ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://www.divaina.com/2016/06/27/news29.html

අමු ජාතිවාදීන්ට කප්පම්දීමෙන් ප්‍රතිසන්ධානය ඇති කළ හැකිද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෑතකදී ප්‍රකාශ කළේ තුවක්‌කු පත්තුවීම නැවැත්වීමෙන් පසුව කළයුතු දෙයක්‌ වූ උතුරේ ජනතාවගේ මනසින් බෙදුම්වාදී හැඟීම් ඉවත් කිරීමේ කටයුත්තට තමා දැන් අතගසා ඇති බවයි. ඔහුගේ අරමුණෙහි උසස්‌ බව පිළිබඳව බෙදුම්වාදී බලවේග හැර අන් කිසිදු පාර්ශ්වයකට විවාදයක්‌ තිබිය නොහැක. නමුත් එතුමා තමාගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා යොදාගන්නා උපාය මාර්ගික ප්‍රවේශය ජනතාවට නිරවුල්ව පැහැදිලි කළේ නැත. ඒ වෙනුවට ඔහු වෙනත් අවස්‌ථාවකදී සඳහන් කළේ ෆෙඩරල් ඉල්ලීම් නොසලකා හැරියහොත් උතුරේ තරුණයින් නැවත ආයුධ ගැනීමට ඉඩ ඇති බවය. ඉන් ඉතා පැහැදිලිව ගම්‍ය වන්නේ එතුමා උතුරේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන කල්ලිවල ආශාවන් සහ අපේක්‍ෂාවන් ඉටු කිරීම මගින් පොදු ජනතාවගේ මනසින් බෙදුම්වාදී හැඟීම් ඉවත් කළ හැකි යයි විශ්වාස කරන බවය. 

ජනාධිපතිතුමාගේ මුවින් පිටවුවත් වචන යහපත් වූ පමණින් ක්‍රියාව යහපත් වන්නේ නැත. හොර හරක්‌ ලොරියක්‌ ඉදිරිපස බුදුසරණයි යනුවෙන් ''ස්‌ටීකරයක්‌'' ඇලවූ පමණින් ඇතුළේ සිටින අහිංසක සතුන්ට අභයදානය ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා වචනාර්ථයන්ද පටලවාගෙන ඇති බව පෙනේ. එපමණක්‌ නොව උතුරේ කුල පීඩනයට පමණක්‌ නොව පන්ති පීඩනයටද වගකිවයුතු සහ උතුරේ ජනතාව පිළිබඳව අබමල් රේණුවක ආදරයක්‌ තිබෙන බවක්‌ ක්‍රියාවෙන් නොපෙන්වන ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන කල්ලි කණ්‌ඩායම්වල නායකයන්ගේ අපේක්‍ෂා සහ පොදු ජනතාවගේ අපේක්‌ෂා අතර පවතින අහසට පොළව මෙන් වූ වෙනස ගැන එතුමාට තිබෙන අවබෝධයද ඉතා දුප්පත් බව පෙනේ. අනෙක්‌ පැත්තෙන් එතුමාගේ ඉහත ප්‍රකාශයෙන්ද ගම්‍ය වන්නේ එතුමාද ඉහළ නායකත්වයක්‌ දැරූ පසුගිය රජය විසින් යුද්ධය අවසන් කිරීමෙන් පසුව ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අවධානය යොමු නොකළ බවය. ඉතා පැහැදිලිව එය සත්‍යයක්‌ නොවේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ රජයට විශේෂයෙන්ම උතුරේ පශ්චාත් යුද සංවර්ධන ක්‍රියාවලිය අතට ගත් බැසිල් රාජපක්‍ෂ මහතාට සැබෑ ප්‍රතිසංධාන ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරු දේශපාලන අවබෝධයක්‌ නොතිබූ බව සැබෑවකි. 

පශ්චාත් යුද සංවර්ධන ක්‍රියාවලිය තුළ ප්‍රධාන වශයෙන්ම සිදුවූ වැරැද්දක්‌ ඇත. එනම් යුද්ධයේ පීඩාවට පත් වූ උතුරේ සාමාන්‍ය ජනතාවගේ සිත් සුවපත් කිරීම සහ ඔවුන් තුළ අනාගතය පිළිබඳ සුභවාදී පින්තූරයක්‌ මැවීම මුල්කරගෙන බහුතරයක්‌ සිංහල ජනතාවගේ හොඳහිත ඒ ජනතාවට පෙන්වීම සඳහා සහභාගීත්ව ප්‍රවේශය සහිතව සංවර්ධන වැඩ තේරීමට එදා රජය අසමත්ය. එහිදී ජනතාවගේ එදිනෙදා ජීවිතයට දැඩිව බලපාන ගැටලු විසදීම සහ සෘජුව ආර්ථික ඉඩ ප්‍රස්‌ථා පුළුල් කරන සංවර්ධන වැඩසටහන් වෙනුවට මහා සමාගම් වලට කොන්ත්‍රාත් ලබාදෙන මහා පරිමාණ භෞතික ගොඩනැගීම්වලට මුල්තැන හිමිවිය. ඒ තුළ එදා සුනාමියට පසුව දකුණේ රේල්පාර නැවත ප්‍රතිසංස්‌කරණය කිරීම සහ නිවාස ඉදිකිරීම සඳහා මහජන ශ්‍රමය සහ ධනය යොදාගත් ආකාරයට මහා ජන සහභාගීත්ව ක්‍රියාන්විතයක්‌ දියත් කිරීමට තිබූ ඉඩ අහිමි විය. ඒ නිසා ශක්‌තිමත් උතුරු දකුණු මානසික පාලමක්‌ ඉදිකිරීමට තිබූ ඉඩ අහිමි විය. ඒ වෙනුවට ම්ලෙච්ඡ යුද්ධයට දේශපාලන සුජාතභාවය ලබාදුන් ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන කණ්‌ඩායම් සතුටු කිරීමේ සහ ඔවුන්ගේ සිත් සුවපත් කිරීමේ විවිධ ක්‍රියාකාරකම්වලට වැඩි ඉඩක්‌ ලැබිණ. 

නමුත් එම මූලික උපායමාර්ගික වරද එසේම තිබියදී ගෝඨාභය රාජපක්‍ෂයන් විසින් හමුදාව මුල්කරගත් ක්‍රියාවලියට වැඩි අවධානයක්‌ යොමු කිරීම නිසා දීර්ඝකාලීන ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූලික පදනම සකස්‌ වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය. යුද්ධයේ අවසන් අදියරේදී බේරාගත් ලක්‍ෂ තුනකට ආසන්න ප්‍රාණ ඇපකරුවන්ගේ මූලික අවශ්‍යතා සියල්ල ඉතා උසස්‌ අයුරින් ඉටු කිරීම සඳහා යුද හමුදාව ඉතාම මානුෂීය ආකාරයට කැප වූ බව අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අමතක වී ඇත. කෙසේ වෙතත් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම මාස දෙකක්‌ වැනි කෙටිකාලයක්‌ තුළ ආරම්භ කළත් බිම් බෝම්බ ඉවත් කිරීමේ ගැටලුව නිසා ප්‍රායෝගිකව දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. එහෙත් ලෝකයේ එවැනි යුද්ධයකට මුහුණදුන් කිසිදු රටක සිදු නොවූ ආකාරයට වසර දෙකක්‌ තුළ බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත්කොට අවතැන් වූ ජනතාවගෙන් 95% කට අධික පිරිසක්‌ නැවත පදිංචි කරනු ලැබීය. කඳවුරු කිහිපයක ඉතිරි වූ ජනතාව රජයේ වියදමින් සාපේක්‌ෂව සාධාරණ පහසුකම් සහිතව නඩත්තු කෙරිණි. දැනට එසේ නැවත පදිංචි කිරීමට ඉතිරි වී සිටින සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු පිරිස්‌ 20,000 කට ආසන්න වේ. එහෙත් ඔවුන්ගෙන් අතිබහුතරය උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පිටත පදිංචිව ඇත. 

යුද්ධය අවසන් කළ පසුව ළමා සොල්දාදුවන් ඇතුළු කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් 11,600 කට පොදු සමාව ලබාදී පුනරුත්ථාපනය කළ බවද අද මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතක වී ඇත. එසේම පසුගිය රජය යටතේ හමුදා කඳවුරු ආශ්‍රිතව ජනතාවගෙන් පවරාගත් ඉඩම් වලින් 90% ක්‌ එම රජය යටතේම ආපසු ජනතාවට ලබාදුන් බවද දැන් අමතකව ඇත. තවදුරටත් ඉතිරි වී ඇත්තේ අධිආරක්‍ෂිත කලාප වලට අයත්ව තිබූ 10% ක බිම් ප්‍රමාණයක්‌ පමණි. එසේ ඉටුකළ මූලික කර්තව්‍යයන් සියල්ල ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ඉටුකළ යුතුව තිබූ මූලික කොන්දේසි නොවේද? නමුත් දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා එවැනි කිසිවක්‌ සිදු නොවූ ආකාරයට කතාකිරීම ඉතාම කනගාටුදායකය. සමහර විට දෙමළ ඩයස්‌පෝරාව ඇතුළු එතුමා බලයට පත්කිරීම සඳහා කැපවූ බෙදුම්වාදී බලවේග සතුටු කිරීම සඳහා එතුමා දැනුවත්ව එවැනි ප්‍රකාශ කරනවා විය හැක. 

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලන රජය විසින් දැන් ප්‍රතිසංවිධානය නැවත විග්‍රහකිරීමට පටන්ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. එසේ නොවේ නම් බෙදුම්වාදී ජාතිවාදී දේශපාලන නායකයින් අතලොස්‌සකගේ ඉල්ලීම් උතුරු සහ නැගෙනහිර පළාත්වල පොදු ජනතාවගේ අපේක්‌ෂා ලෙස අර්ථ දැක්‌වීමට කිසිදු ඉඩක්‌ නැත. එසේම බහුතර ජනතාවගේ කැමැත්ත සහ ආශිර්වාදය නොමැතිව සුළු ජන කොටසකගේ අපේක්‍ෂා ඉටුකිරීමට උත්සාහ දැරීමද සැබෑ ප්‍රතිසංවිධානය ලෙස අර්ථ දැක්‌විය හැකිද? ප්‍රතිසංවිධානය යනු බහු පාර්ශවීය එකමිතියක්‌ මත ඇතිවන එකඟතාවක්‌ මිස ජනතාව වෙනුවෙන් යෑයි අධිරාජ්‍යවාදී බලවේගවල බ්‍රොකර් වැඩකරන අතලොස්‌සක්‌ වූ පිරිසක්‌ සමඟ කරන ඒකපාර්ශවීය ගනුදෙනුවක්‌ නොවේ. එවැනි අතලොස්‌සක්‌ වූ ජාතිවාදී බෙදුම්වාදී සහ අවස්‌ථාවාදී දේශපාලකයන්ට ඔවුන් ඉල්ලා සිටින කප්පම් ලබාදිමෙන් සැබැ ලෙසම දුකට පත්වී සිටින ජනතාව සතුටු කළ හැකි යයි තර්ක කිරීම දේශපාලන දුප්පත්කමකි. කුල පීඩනයට සහ පන්ති පීඩනයට ලක්‌වී සිටින බහුතරයක වූ හඬක්‌ නොමැති දෙමළ ජනතාව සැබෑ ලෙසම සතුටු කළ හැක්‌කේ ඔවුන් පීඩාවට පත්කරන ඒ කප්පම් කරුවන්ගෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් කරන දේශපාලන යෝජනාවකින් පමණි. එහෙත් පසුගිය ආණ්‌ඩුව මෙන්ම වර්තමාන ආණ්‌ඩුවද දිගින් දිගටම උත්සාහ කරන්නේ කප්පම්කරුවන් සතුටු කිරීමෙන් ප්‍රශ්නය බේරාගැනීමටය. එනම් එක අතකින් අත්පුඩි ගැසීමටය. උතුරේ ජනතාවගෙන් 20%කට අධික ප්‍රමාණයක්‌ සියලු බලපෑම් මැද වුවද ඒ කප්පම්කරුවන්ට විරුද්ධව දිගින් දිගටම ඡන්දය ප්‍රකාශ කළ බව ආණ්‌ඩුව නොදන්නේ කෙසේද? එසේම කිසිවකුට ඡන්දය පාවිච්චි නොකරන 35% කට ආසන්න ජනතාවද ෆෙඩරල්වාදී කප්පම්කරුවන් සමඟ එකඟ නොවන පිරිසකි. පසුගිය ආණ්‌ඩුව සිදුකළ සහ මේ ආණ්‌ඩුව සිදුකරමින් සිටින ප්‍රධානතම වරද ජාතිවාදී බෙදුම්වාදී කප්පම්කරුවන්ගේ දේශපාලනය අනුමත නොකරන ජනතාව අතුරින් ඔවුන් නියෝජනය කිරීම සඳහා නව දේශපාලන නායකත්වයක්‌ මතුකර නොගැනීමයි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී සිදු නොකළ ආකාරයට තර්ජන කිරීමට මෙම කප්පම්කරුවන් අද සමත්වී ඇත්තේ ඔවුන් විසින් වර්තමාන යහපාලන ආණ්‌ඩුව පත්කිරීම සඳහා ඉටුකරනු ලැබූ වැඩ කොටස අනුව ඔවුන්ට ලැබී ඇති කේවල් කිරීමේ බලය මතය. දැන් ලක්‍ෂ 2-3 අතර වන ඩයස්‌පෝරා සාමාජිකයන්ට ඡන්ද බලය ලබාගැනීමට ඔවුන් වලිකන්නේ ඒ කේවල් කිරීමේ බලය වැඩිකර ගැනීමටය. 

මේ වන විට සම්බන්ධන් - ව්ග්නේෂ්වරන් යුගලය විසින් තර්ජනාත්මකව ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව භාෂාව අනුව කොටස්‌වලට කඩා ෆෙඩරල් පාලන ක්‍රමයක්‌ ඇතිකරන ලෙසය. මීට පෙර ඔවුන් කථාකළේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ පිළිබඳව පමණි. දැන් ඔවුන්ට සෙසු ප්‍රදේශවල පාලනයට අදාළව නිර්ණායක පැනවීමටද ධෛර්යය ලැබී ඇත. රජය හෝ විපක්‍ෂය මේ වනතුරු ඒ පිළිබඳව තම ස්‌ථාවරය නිරවුල්ව ප්‍රකාශකොට නැත. ඊට අමතරව බහුතර සිංහල ජනතාව අතර සැක සංකා ඇති කරවන ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලීමක්‌ හෝ සිදුකොට නැත. මහින්ද රාජපක්‍ෂ සාධකය යටපත් කිරීම සඳහා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙනඒම සඳහා ඉටු කළ වැඩ කොටස වෙනුවෙන් සම්බන්ධන්ලාට විපක්‍ෂනායකකම ලබාදීම තුළ ඔවුන්ගේ ඉල්ලීම්වලට වැඩි සුජාතභාවයක්‌ ලැබී ඇත. එසේම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය නැමති වේදිකාව තනාදීමට විපක්‍ෂයේ සෙසු බලවේග සියල්ල සහයදීම තුළ ඔවුන්ගේ බලහත්කාරී ෆෙඩරල් ඉල්ලීම්වලට තවදුරටත් දේශපාලන සුජාතභාවයක්‌ ලැබී ඇත. දැන් ජනාධිපතිවරයා විසින් ඒ සුජාතභාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා කථා පවත්වයි. 

යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් රටක්‌ ලෙස ඉටුකළ වැඩ කොටස සෑහෙන්නේ නැතිනම් ඒ සඳහා විශේෂ ප්‍රවේශයක්‌ අවශ්‍ය බවට විවාදයක්‌ නැත. රජය ඒ සඳහා සුවිශේෂි පියවර ගැනීම පිළිබඳව බහුතර සිංහල ජනතාව හෝ මුස්‌ලිම් ජනතාව කිසිදිනෙක විරුද්ධ වන්නේ නැත. එවැනි විරෝධයක්‌ ඉතිහාසයේ කිසිදිනෙක මතුවූයේ ද නැත. නමුත් අද සිදුවන්නේ බෙදුම්වාදී ගැටුම් ඉතිහාසය තුළ කිසි දිනෙක සිදුනොවූ ආකාරයට රටේ ජනාධිපතිවරයා විසින්ම ෆෙඩරල් ඉල්ලීම සාධාරණය කිරීමකි. එනම් පොදුවේ දෙමළ ජනතාවට විශේෂ ප්‍රශ්නයක්‌ ඇති බව පවසමින් ජාතිවාදී බෙදුම්වාදී කප්පම්කරුවන්ට ජනාධිපතිවරයා යටත්වීමකි. ජේ.ආර්. ජයවර්ධන මහතා ඉන්දියාවේ තර්ජනවලට බිය වී 13 වැනි සංශෝධනය හරහා අර්ධ ෆෙඩරල් පාලනයක්‌ බෙදුම්වාදීන්ට ලබාදීමේදීවත් ඔහු බෙදුම්වාදී කප්පම්කරුවන්ගේ ඉල්ලීම් සාධාරණීකරණය කළේ නැත. එතැනින් නොනැවතී වර්තමාන ජනාධිපතිවරයා මෙතෙක්‌ කාලයක්‌ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්‌ විසින් ඉටුකළ භූමිකාවක්‌ තම අතට ගනිමින් බෙදුම්වාදී කප්පම්කරුවන්ට එරෙහිව කථාකරන පිරිස්‌ ජාතිවාදීන් ලෙස හංවඩු ගසයි. ඒ මගින් ඔහු සහ ඔහු පිටුපස සිට ඔහුව ඉදිරියට තල්ලු කරන පිරිස්‌ බලාපොරොත්තු වන්නේ සැබෑ ලෙසම ජාතිවාදයට සහ බෙදුම්වාදයට විරුද්ධ පිරිස්‌ තුළ නව වටයකින් මානසික බාධක පැනවීමටය. එය එක්‌තරා ආකාරයකට ඔවුන්ට එරෙහිව කෙරෙන තර්ජනයක්‌ ලෙසද සැලකිය හැක. 

ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ රාජ්‍ය නොවන කුලීකාර බලඇණිය සිංහල, දෙමළ මුස්‌ලිම් සියලු ජනතාවට ජාතිබේදයකින් තොරව එක සමානව සැලකිය යුතු යෑයි කිසිවිටෙක නොකියති. ජාතිකත්වවලට සමානව සැලකීම සඳහා කළ යුතු සියල්ල කරනවා යෑයි අඩුතරමින් දේශපාලන පොරොන්දුවක්‌ හෝ දෙන්නට ඔවුහු බියවෙති. එසේ කළහොත් දෙමළ ජනතාවගෙන් කොටසකට රටේ භූගෝලීය ප්‍රදේශයක අයිතිය තිබෙන බව සහ ඔවුන්ට අන් අයට වඩා වෙනස්‌ව සැලකිය යුතුය යන තර්කය බිඳ වැටේ. එය ඉතා සරල මතවාදී කරුණක්‌ වුවත් වර්තමාන ජනාධිපතිවරයා ෆෙඩරල් ඉල්ලීම් සාධාරණය කරන ආකාරයට සමානාත්මතා මතය ඉදිරිපත් කරන්නේ නැත. 

අමු ජාතිවාදීන්ට තම ජාතිවාදී බෙදුම්වදී මතවාද පතුරුවන අතර ජාතින් අතර සමානාත්මතාවයට පක්‍ෂ පිරිස්‌ වලට ජාතිවාදී හංවඩුව ගැසීමට හැකිවන්නේ උතුරේ දේශපාලකයන්ට විරුද්ධව කිසිදු විවේචනයකින් හෝ නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව ඔවුන්ගේ න්‍යාය පත්‍රය තවදුරටත් සාධාරණීකරණය කිරීමට ඉඩ ලැබීම තුළය. ඒ වරද දිගින් දිගටම සිදුවේ. බෙදුම්වාදීන්ට කප්පම්දීමෙන් ජාතික ගැටලුව විසඳිය නොහැකි බවට න්‍යායාත්මකව ඉතා ප්‍රබල මතයක්‌ ගොඩනැගුවේ රෝහණ විජේවීරයන් විසිනි. නමුත් අද ජනතා විමුක්‌ති පෙරමුණ එම මතවාදය සමාජගත කිරීමට වචනයකින් හෝ දායක වන්නේ නැත. 

එපමණක්‌ නොව අද සියලු විපක්‍ෂ බලවේග බෙදුම්වාදී ව්‍යවස්‌ථා මරඋගුලට පය තැබීමට තරම් න්‍යායාත්මක පටලැවිල්ලක සිටිති. එම තත්ත්වය තුළ අද බෙදුම්වාදී මතවාදවලට මතවාදී තලයේදී පමණක්‌ නොව දේශපාලන ක්‍රියාමාර්ග තුළද ඉහළට පැමිණීමට ඉඩ ලැබී ඇත. රටේ ජනාධිපතිවරයා පවා බහුතර සිංහල ජනතාවගේ මානසිකත්වය නොසලකා කටයුතු කරන තත්ත්වයට තල්ලු වන්නේ එසේ ඉහළට පැමිණි මතවාදී ''මතවාද'' බලය නිසාය. වර්තමාන ආණ්‌ඩුවේ පත්කිරීම් බලධාරියා ලෙස බෙදුම්වාදී බලවේග විසින් අත්පත්කොටගෙන ඇති කේවල් කිරීමේ බලයට එම මතවාදී බලයද එකතු වූ විට රටට මුහුණදීමට සිදුවන්නේ ඉතා අනතුරුදායක තත්ත්වයකටය. 

එම තත්ත්වය වහා ආපසු හැරවීම සඳහා දැන් අවසාන පැයේදී හෝ නව දේශපාලන බලවේගයක්‌ මතුවීම ඉතා අත්‍යවශ්‍ය වේ. එම බලවේගය විසින් බෙදුම්වාදී මතවාදය සහ ඉල්ලීම් තරයේ ප්‍රතික්‌ෂේප කරන අතර සිංහල, දෙමළ, මුස්‌ලිම් ජාතිකත්වවලට සමානව සැලකීමේ මූලධර්මය මත නව ජාතික දේශපාලන වැඩ පිළිවෙළක්‌ රටට ඉදිරිපත් කළ යුතුය. එසේම එදා විවිධ ඔත්තුසේවා විසින් දෙමළ සහ මුස්‌ලිම් ජනකොටස්‌ සහ බහුතර සිංහල ජාතිකවාදී බලවේග අතර ඇතිකළ විරසකය සහ අවිශ්වාසය සමනය කෙරෙන දේශපාලන මුහුණතක්‌ද ඊට අවශ්‍යවේ. ජාතිකත්ව අතර සැබෑ ප්‍රතිසන්ධානය ඇතිකළ හැකිවන්නේ සහ ජාත්‍යන්තර මර උගුලින් ජාතිය ගලවාගත හැකි වන්නේ එවැනි නව දේශපාලන පෙළගැස්‌මක්‌ සහ නායකත්වයක්‌ තුළින් පමණි. සැබෑ නායකත්වය මතු වන්නේ ජාතිය ගලවා ගැනීමේ න්‍යාය පත්‍රයක්‌ මත කුළු ගැන්වෙන ජනතා පෙළගැස්‌මක්‌ තුළිනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර 
http://www.divaina.com/2016/06/27/feature02.html

කෝටි 6ක හෙරොයින් සමඟ පකිස්ථානු මුසලුවා දැලේ

අද (25) අළුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණි පකිස්ථානු ජාතිකයෙකු රුපියල් කෝටි 05ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර කටාර් රාජ්‍යය ඔස්සේ සිදුවු දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක ප‍්‍රධාන පුද්ගලයා ලෙස සැළකෙන මොහු ගමන් මළු දෙකක ව්‍යාජ පතුල් තනා ඒ තුළ සඟවා අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ගෙනවිත් තිබේ.

පකිස්ථාන රාවල් පින්ඩි නුවර සිට කි‍්‍රයාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක ප‍්‍රධාන පුද්ගලයා ලෙස හදුනාගෙන ඇති මෙම සැකකරු පකිස්ථාන ජාතික රොයිඩඩ් ඛාන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.

http://www.colombotoday.com/7878481585154545-2/

Pic Source

ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් අපට හිරිහැර.. හින්දු සම්මේලනය ජනපති හමුවී කියයි

07සමස්ථ ලංකා හින්දු සම්මේලනයේ නියෝජිත පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ 24 ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවි තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාත්වල හින්දු ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන මුස්ලම් සහ ක්‍රිස්තියානි මූලධර්මවාදී ක්‍රියා පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි හින්දු සම්මේලනයේ සභාපති එන්.අරූන් කාන්තන් මහත සදහන් කළේ.

මන්නාරම තිරුකේතීස්වරම් කෝවිලට අයත් ඉඩමක් කතෝලික සභාවේ මන්නාරම රදගුරු රායප්පු‍ ජෝශප් පූජකවරයාගේ අණ පරිදි ලුර්තු මාතාවගේ පල්ලිය විසින් ආක්‍රමණය කිරීම නිසා අර්බුධකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවත්, ගැටළුව සම්බන්ධයෙන් ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා සහ හින්දු ආගමික කටයුතු ඇමතිවරයා ගෙන්වා කරුණු විමසන බවත් ඒ සදහා පිළියම් යොදන බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද අරුන් කාන්තන් මහතා පවසයි.

තිස් වසරත් පුරා බෙදුම්වාදය වපුරවමින් හින්දු සමාජය විනාශයට ඇද දැමූ රායප්පු ජෝශප් රදගුරුවරයා ප්‍රමුඛ ක්‍රිස්තියානී මූලධර්මවාදීන් යුද්ධයට මුවා වී උතුරු නැගෙනහිර හින්දු දමිළ සමාජය ක්‍රිස්තියානියට බිළිබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් හින්දූත්වය අහිමිවීමේ ඛේදවාචකයකට හින්දු සමාජය මුහුණ දී සිටින බවත්, ඒ පිළිබදව ජනාධිපතිවරයාට කරුණු පැහැදිළි කර දුන් බවත් හින්දු සම්මේලනයේ සභාපතිවරයා පවසයි.

උතුරු නැගෙනහිරට බෙදුම්වාදී දේශපාලන විසදුම් හින්දු ජනතාවගේ ඉල්ලීම නොවන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ යුද්ධයෙන් විනාශ වී ගිය තම සමාජය නැවත ගොඩනගාගෙන, හින්දු සංස්කෘතිය රැකගෙන නිදහසේ ජීවත්වීමට බවත්, බෙදුම්වාදී විසදුම් අවශ්‍යවන්නේ ද්‍රවිඩ දේශපාලකයන්ට බවත් ඔවුන් මෙහෙයවන්නේ බටහිර තානාපති කාර්යාල සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බවත් තමන් ජනාධිපතිවරයාට අවධාරණය කළ බවද හින්දු සම්මේලනය පවසයි.

http://www.colombotoday.com/19095-2333/

අපේ රටේ ඉන්නවනම් අපේ සාරධර්මවලට ගරු කරනු – චාර්ල්ස් කුමරු බ්‍රිතාන්‍ය මුසලුවන්ට කියයි

බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු ඉස්ලාමීය අන්තවාදීන් විසින් දියත්කරන ඉස්ලාම් රැඩිකල්කරනය එරෙහිව ප්‍රබල ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ වෙසෙන මුස්ලිම් ජනතාව බ්‍රිතාන්‍යයන්ගේ සාරධර්මවලට ගරු කලයුතු බවත් මෑතක සිට සිදු කරන අන්තවාදී ක්‍රියා දැඩි කනස්සලට හේතුවී ඇති බවත් පෙන්වා දෙන බ්‍රිතාන්‍ය රජ කුමරු අන්තර්ජාලය තුල සිදුවන ඉස්ලාමීය රැඩිකල් දේශන බ්‍රිතාන්‍යයට අනතුරු අගවන බවත් පැවසීය.

“ඔබ මෙහි පැමිණි හෝ මෙහි උපත ලද ජනතාවක්, මෙහි පාසල් යන්න, බ්‍රිතාන්‍ය වටිනාකම් සහ ආකල්ප සමගින් මෙහි ජිවත් වෙන්න .” යනුවෙන් පැවසිමටද චාර්ල්ස් කුමරු අමතක කර නෑ.

http://www.colombotoday.com/76655567-2/

Pic Source

බෞද්ධ භික්ෂූන් නිහඩ කරනු! සෞදියෙන් ජනපතිට බලපෑම්

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව (මුස්ලිම් අන්තවාදය) සම්බන්ධයෙන් කරන ප්‍රකාශ වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස සෞදි අරාබිය කේන්ද්‍රකරගත් “‍ලෝක මුස්ලිම් සහයෝගිතා සංවිධානය” ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දිනක මහියංගනයේදී ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය දැඩි භීතියට පත්ව ඇති බවත්, බෞද්ධ භික්ෂූන්ගෙන් මුස්ලිම් ජනතාව හිරිහැර සිදුවන බවටත් සදහන් කරමින් සාවද්‍ය කරුණු ඇතුළත් වාර්තාවක් ‘ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය’ විසින් ‘ලෝක මුස්ලිම් සහයෝගිතා’ සංවිධානයට යවා ඇති අතර ඔවුන් මේලෙස ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට ආසන්නතම හේතුව වී තිබෙන්නේ එම සාවද්‍ය වාර්තාවයි.

‘මුස්ලිම් සහයෝගීතා සංවිධානය’ (Organisation of Islamic Cooperation – OIC) මුස්ලිම් රටවල් 57කින් සැදුම්ලත් ලොව දෙවන විශාලතම ජාත්‍යන්තර සංවිධානයද වෙයි.

BBC ලෝක සේවයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානීත්වය දරන්නේ ඉහත කී මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන්ගේ පුත්‍රයා වන අතර 2014 වසරේ අලුත්ගමදී ඇතිවූ ගැටුමේදී කරුණු විකෘති කරමින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව ව්‍යාජ තොරතුරු ලෝකය පුරා ප්‍රචාරය කරේ ඔහුගේ මූලිකත්වයෙනි.

http://www.colombotoday.com/350-2/

Pic Source

Sunday, June 26, 2016

SLT මොබිටෙල් 4.5G LTE Advanced Pro තාක්‌ෂණය දකුණු ආසියාව තුළ ප්‍රථම වරට සාර්ථකව අත්හදා බලයි

ජාතික ජංගම දුරකථන ජාලය වන SLT මොබිටෙල් 4.5G LTE Advanced Pro තාක්‌ෂණය සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර සිටියි. මෙම තාක්‌ෂණය තුළ තත්පරයකට ගිගා බයිට්‌ 1 (1Gbps) අභිබවන දත්ත වේගයක්‌ වෙත ළගාවීමේ හැකියාවක්‌ ඇත. 

2007 දෙසැම්බර් මාසයේදී සුපිරි 3.5G HSPA ජාලය දකුණු ආසියාව තුළ ප්‍රථම වරට දියත් කළ SLT මොබිටෙල් සමාගම 2009 වසරේදී HSPA+, MIMO යන ජංගම දුරකථන තාක්‌ෂණයන් ද හඳුන්වා දෙන්නට කටයුතු කර ඇත. එමෙන්ම 2011 දී දකුණු ආසියාවේ ප්‍රථම වරට 4G LTE තාක්‌ෂණය සාර්ථකව අත්හදා බලන්නට පුරෝගාමී වූයේ ද SLT මොබිටෙල් සමාගමයි. මෙවන් නව තාක්‌ෂණයන් හඳුන්වා දෙන්නට පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ SLT මොබිටෙල් නැවතත් 4.5G LTE Advanced Pro තාක්‌ෂණය සාර්ථකව අත්හදා බැලුයේ දකුණු ආසියාවේ ප්‍රථම වතාවටයි. 

4.5G LTE Advanced Pro තාක්‌ෂණයෙහි සුපිරි වේගයට හේතු වන්නේ අවසාන ග්‍රාහකයා වෙත නොනවත්වා දත්ත ගෙන යන සංඛ්‍යාත මාධ්‍ය කිහිපයක්‌ සමගාමීව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙම තාක්‌ෂණය සතුවීමයි. LTE Advanced තාක්‌ෂණික සම්මතයේ භාවිතා වන OFDM (Orthogonal Frequency Division Multiplexing) සහ ඉහළ ගණයේ වාහක මූර්ජනය (Carrier modulation), ග්‍රාහක උපකරණ සහ රේඩියෝ ජාලයේ භාවිතා වන MIMO තාක්‌ෂණය සමඟ බද්ධ කිරීමෙන් ඉහළ දත්ත වේගයෙන් සැපයීමේ හැකියාවත්, සේවා පුළුල් කිරීමේ හැකියාවත් හිමිවී තිබේ.

අත්හදා බලන ලද 4.5G LTE Advanced Pro තාක්‌ෂණය විදුලි සංදේශ ක්‌ෂේත්‍රයේ වර්තමානයේ භාවිතා වන 44x4 MIMO (Multiple-Input Multiple-Output), ඉහළ ගණයේ මූර්ජනය වන 256 QAM (Quadrature Amplitude Modulation) සහ සමගාමී සංඛ්‍යාත 5 ක්‌ ක්‍රියාත්මක වන 5CC (five-component carrier) වලින් සන්නද්ධව තත්පරයට ගිගා බයිට්‌ 1 (1Gbps) ඉක්‌මවා යන දත්ත වේගයන් ග්‍රාහකයන් වෙත ලබා දීමට සමත් වේ. 

4.5G LTE Advanced Pro තාක්‌ෂණය අත්හදා බැලීමේදී Huawei Technologies සහ ZTE Corporation යන ආයතන ද්විත්වය තාක්‌ෂණික සහාය ලබාදුන් අතර මොබිටෙල් සතු තාක්‌ෂණික විද්‍යාගාර තුළ මෙම පූර්ව අත්හදා බැලීම් සිදුකර ඇත. LTE තාක්‌ෂණය අනාගත තාක්‌ෂණය ලෙස වැඩිදියුණු කරන්නට කැපවෙමින් මෙම 4.5G LTE තවත් වැඩිදියුණු කරන ලද තාක්‌ෂණය සාර්ථකව බැලීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජංගම දුරකථන තාක්‌ෂණික සමාගම් වන Vodafone, AT&T, Softbank, Telstra, Orange සහ China Mobile අතරට SLT මොබිටෙල් ආයතනයද එක්‌වෙයි.

http://www.divaina.com/2016/06/26/economic01.html

Pic Source

වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවිතය භුක්‌ති විඳින්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්‌දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්‌කරගන්නට ඇතිද? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට, අම්මාගේ උණුසුමට, අම්මා කවන විට, පොවන විට, ඇඳුම් අන්දවන විට, අකුරු කියල දෙන විට, ගහන විට, බනින විට මොනතරම් නම් සැප දුක්‌ වේදනාවන් ඇති කරගන්න ඇතිද? මේ මොහොතේ සිට ඒ අතීතය දෙස ආවර්ජනය කර බලන විට විඳීමේ අනිත්‍ය භාවයේ අර්ථය පමණක්‌මයි දකින්නේ. අම්මාගේ රූපය වගේම තාත්තා, ඥාතියා ආදිය ද ඔබේ මතකයට නැඟෙන සෑම රූපයක්‌ නිසාම සකස්‌ වූ සැප,දුක්‌, උපේක්‍ෂා විඳීම්වල අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත්වෙන්න. අතීතයේ අත්දැකීම් තුළින්ම වර්තමානයේත් අනාගතයේත් විඳීම්වල අනිත්‍යභාවය මතු කර ගෙන දකින්න. අන්‍යයන්ගේ ජීවිතවලටත් මෙම වේදනාවේ අනිත්‍යභාවය ගළපා නුවණින් දකින්න. 

පිංවත් ඔබ දෑස්‌ දෙක පියාගෙන ඔබගේ උපත, මව්පිය ආදරය, ළදරු පාසල, පාසල් ජීවිතය, උසස්‌ අධ්‍යාපනය, යෞවනය, රැකියාව, විවාහය,මධුසමය, කුළුඳුල් දරු උපත, අතීත බලාපොරොත්තු, සිහින මාලිගා මොදුකොටදුන් සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවන්ගේ අනිත්‍යභාවය ඒවා වෙනස්‌ වූ ස්‌වභාවය, තම දරුවන් වෙනස්‌ වන ස්‌වභාවය, වේදනාවට බැඳුනොත් තව තව දුක තීව්‍ර වන ස්‌වභාවය නුවණින් දකින්න. අතීත විඳීම්වල අනිත්‍යභාවය නුවණින් දකිමින් වර්තමානයේ විඳීම්වලට තෘෂ්ණාවෙන් නොබැඳෙන්න. ඉහත කාරණාවන් එරමිණිය ගොතාගෙන මෙනෙහි කළත්, පුටුවක වාඩි වී නිදි යහනේදී මෙනෙහි කළත් අවබෝධයට බාධාවක්‌ නොවන බව සිහි තබාගන්න. වේදනාවේ අනිත්‍යභාවය මෙනෙහි කිරීම නිසා ඔබ තුළ සකස්‌ වෙන විඳීමත් පිංවත් ඔබ අනිත්‍ය භාවයෙන් දකින්න දක්‍ෂ වෙන්න.

මේ සටහන ලියන රාත්‍රියේ භික්‍ෂුව දෑස්‌ දෙක පියාගෙන අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණා. මැරෙමින් ඉපදෙමින් පැමිණි දීර්ඝ බව ගමන සිනහව, කඳුළ, දුක, සැප, ප්‍රියයන් අප්‍රියන් හිමි වීම, අහිමිවීම, මේ සෑම දෙයක්‌ තුළින්ම සකස්‌ වූ වේදනාවන් හිස්‌ දෙයක්‌ වශයෙන්මයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ. විවේකීව සිටින සෑම මොහොතකම පිංවත් ඔබත් අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්න. ඊයේ දවසේ පිංවත් ඔබ අත්විඳි වේදනාවන් දෙස නුවණින් දකින්න. කොපමණ සැප, දුක්‌ , උපේක්‍ෂා වේදනා ඔබ තුළ ඇතිවෙන්නට ඇතිද? සැමියා නිසා, බිරිඳ නිසා, දරුවන් නිසා, ව්‍යපාරය රැකියාව නිසා, විනෝදය, පිංකම් නිසා ඊයේ දිනයේ ඇති වූ සෑම විඳීමක්‌ම අනිත්‍යයි නේද? නමුත් ඒ අනිත්‍ය වූ විඳීම්වලට බැඳීම නිසා පිංවත් ඔබ කොතෙක්‌නම් දුකට හේතුවෙන අනිත්‍යවු සංස්‌කාරයන් රැස්‌කොට ගන්න ඇතිද? සෑම බැඳීමක්‌ම බවය අස්‌වද්දන සංස්‌කාරයක්‌ ඔබට සකස්‌කර දෙනවා. වේදනාවට බැඳුණොත් ඔබ දුකටමයි බැඳෙන්නේ. වේදනාවෙන් ඔබ නිදහස්‌ වුවහොත් ඔබ දුකෙන්මයි නිදහස්‌ වෙන්නේ. ගිහි ජීවිතයක්‌ ගතකරන පිංවත් ඔබ ඵස්‌සය නිසා දැනෙන සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින් වේදනාවේ ආශ්වාදයට යට නොවී එම සැප වේදනාව භුක්‌ති විඳින්න. ඔබ සැප වේදනාවේ ආශ්වාදයට බැඳී ගියහොත් අනිවාර්යෙන්ම තව තවත් බවය අස්‌වද්දන සංස්‌කාරයන් ඔබ රැස්‌කරගන්නවා. 

ගිහි පිංවතුන්ලාට සැප,දුක්‌, උපේක්‍ෂා විඳීම්වලින් පලායන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මේවා නිසා සකස්‌ වෙන ආශ්වාදයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න කියලයි දේශනා කරන්නේ. ඔබේ ජීවිතය ඉදිරියට නිරතුරුවම සැප වේදනාවන් ලැබෙනවා නම් එය කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. ඔබ ඉදිරියට නිරතුරුවම දුක්‌ වේදනාවන් පැමිණෙනවා නම් එය අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. නමුත් මේ සංස්‌කාරයෝ අනිත්‍යයි. අනිත්‍ය වූ සංස්‌කාරයන් නිසා ඔබට ලැබෙන විඳීමට බැඳී යන්න එපා. පිංවත් ඔබ විවේකීව ජීවිතකාලය පුරාවට ඔබ අත්විඳි සැප දුක්‌ උපේක්‍ෂා වේදනාවන් නුවනින් මෙනෙහි කරමින් මතු කොට දකිමින්, අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකිමින් ජීවත් වෙන්න. අතීත වේදනාවන් කෙරෙහි ක්‍රමාණුකූලව අනිත්‍ය සංඥාව ඔබ තුළ මතුවෙන විට වර්තමාන අනාගත විඳීම්වල අනිත්‍යභාවය දැකීම ඔබට පහසු වෙනවා. පිංවත් ඔබගේ අතීත කායික මානසික රෝගීභාවයන් නිසා ඔබ තුළ ඇති වූ දුක්‌ වේදනා නුවනින් දකිමින් ජීවත් වන්න. ඔබ දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි. 

රට ජාතිය ආගම නිසා ඔබ කොච්චරනම් විඳීම් ඇතිකොටගෙන ඇතිද?යුද්ධය පැවති සමයේ ඔබ තුළ ඇති වූ දුක්‌ වේදනාවන්, සාමය ඇතිවු සමයේ ඔබ තුළ ඇති වූ සැපවේදනාවන්, වෙනස්‌වන අනිත්‍ය ධර්මතාවයන්මයි. දිනපතා පුවත්පතක්‌ අතට අරගෙන කියවන ඔබ තුළ මොනතරම් විඳීම් ඇතිවෙනවාද? ඒ ඇලීම් ගැටීම් හේතුවෙන් මොනතරම් අකුසල් සිදුකරගන්නවාද? වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවිතය භුක්‌තිවිඳින්න. 

අද වස්‌ පවාරන පොහොය දවස. උදේ පිණ්‌ඩපාත මඩුවට ගම් වැසියන් හැත්තෑපස්‌දෙනෙක්‌ පමණ ඇවිත් සිටියා. කෙටි පුණ්‍යානුමෝදනාවකින් කටයුතු ඉවර කරල එම පිංවතුන් ප්‍රකාශ කළේ ලොකු සතුටක්‌ වගේම ලොකු දුකකුත් දැනෙනවාය කියල. සතුට ඇති වූයේ තුන්මාසයක්‌ කරපු පිංකම් නිසා. දුක ඇතිවන්නේ භික්‍ෂුව ගමෙන් බැහැරව වඩින නිසා. සැප වේදනාවට අපි ඇලුන තැනදී, සැප වේදනාව නිත්‍යභාවයෙන් ගත්ත තැනදී, දුක්‌ වේදනාව පැමිණි විට අපි ගැටෙනවා. සැප වේදනාව ඔබ අනිත්‍ය වශයෙන් දකින්න දක්‍ෂ නම් අහිමි වීම ඔබට දුකක්‌ බවට පත්වන්නේ නැහැ. 

(මහ රහතුන් වැඩි මග ලිපිමාලාවට කරුණු සපයන පිංවත් ස්‌වාමීන්වහන්සේගේ දහම් ගැළපුම මත ප්‍රකාශිත පොත් දෙකක්‌ පිළිබඳ ඉකුත් සතියේදී පළ විය. කිසිදු ලාභ පරමාර්ථ රහිතව, ධර්මදානමය අරමුණින්ම මෙම පොත් බෙදාහරින අතර, නොමිලයේ පොත් බෙදාදීමේදී ඇති සීමා හේතුවෙන් අදාළ පොත් වැඩි සංඛ්‍යාවක්‌ ලබාගැනීමට අවශ්‍ය අය වේ නම්, මුද්‍රණ වියදම පමණක්‌ ගෙවා ඒවා ලබාගැනීමට කාරුණික වන මෙන් ඉල්ලීමක්‌ කරනු ලැබේ. විමසීම් 0712199900)

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/06/26/nimna04.html

දෙස රැස මුහුණ දෙන සාපය කුමක්‌ද? ඒ සාපය අවසන් කළ හැක්‌කේ කෙසේද?

දේශයත් ජාතියත් මහා සාපයකට මුහුණපා සිටින බව රහසක්‌ නොවේ. වෙනදා දසක ගණනාවකදී අසන්නට නොලැබෙන තරම් කඳු නාය යැම්, ජනතාව ගම්මාන පිටින් වැළලී යැම් දිගින් දිගටම සිදුවෙයි. එකදිගට මාස ගණන් නොකඩවා ඇදහැලෙන මහ වැසි නිසා ගංගා උතුරා පිටාර ගලා ගෙවල් දහස්‌ ගණනින් ගංවතුරට යටවී යයි. වෙනදා දින දෙක තුනකට සීමා වන ගංවතුර සති ගණන් එක දිගට පවතී. පාරවල්වලට, පන්සල්වලට, පාසල්වලට එක්‌රොක්‌ වී සිටින ජනතාවට වැසිකිළි යන්නට පවා තැනක්‌ නැතිවීම ප්‍රශ්න ජාලයකට හේතුවී තිබිණි. පාරවල්වල පන්සල්වල එක්‌වී සිටි කාන්තාවන්ට මුත්‍රා කරන්නට රෑ බෝවන තුරු බලා ඉන්නට සිදුවීම නිසා ඉතාම අඩුවෙන් වතුර බොන්නට යොමුවීමේ ප්‍රතිඵලය වන්නේ කාන්තා පක්‍ෂය වකුගඩු රෝගීන් වීමේ අනතුරට මුහුණපෑමයි. ගංවතුර ආපදාවන්ට මුහුණ දුන් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව සඳහා ආධාර එකතු කරමින් කොළඹ නගරයේ පිණ්‌ඩපාතයේ යෙදුණු පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආදර්ශය ද හේතුවෙන් වෙනත් ජනහිතකාමී පිරිස්‌ අවදි වී සංවිධානය වී ගංවතුර අනාථයන්ට ආධාර කළ ද ප්‍රශ්නය විසඳී නැත. සාපය අවසන් වී නැත. ගංවතුර අඩුවී හමුදා යොදවා මඩ වතුරින් යටවූ ගෙවල් පිරිසිදු කර දුන්නද මඩ කඩිති බවට පත්වූ ගෙවතු පරිසරය සති කීපයකින්වත් සෞඛ්‍යයට හිතකර තත්ත්වයට පත් කළ නොහැකි වී තිබේ.

කැලණි, කළු, ගිං, නිල්වලා ගංගා හා මාඔය, දැදුරුඔය ආශ්‍රිත ජනතාව මුහුණදී සිටින්නේ බිහිසුණු අනතුරුදායක තත්ත්වයකටය. රට වටා ගලා බසින ගංගා බොහොමයක්‌ ආශ්‍රිත බිම් හා ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව රෝග ආකරයක ගැලී සිටිති. රටේ සෑම ප්‍රදේශයකම ජනතාව මුහුණදී සිටින්නේ මහා සාපයකටය. රටේ විශාල ප්‍රදේශයකට සම්බන්ධ මහවැලි මහා ගංගාව හා එහි ශාඛා ගංගා අවට ජනතාවද මුහුණදී සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකටය. මුළුමහත් මධ්‍ය කඳුකරයේ ජනතාවත් රක්‌වාන, බුළුතොට හෙල් වැටි පරිසරයට අයත් ජනතාවත් මුහුණදී සිටින්නේ නිමක්‌ නැති නාය යැම්වලටය. මේ මහා සාපයට හේතු වූ කරුණු ගණනාවකි. සාපයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ධන තණ්‌හාවෙන් අන්ධවූවන්ගේ ක්‍රියාකාරම්ය. මහවැලි, කළු, කැලණි, වලවේ, ගිං, නිල්වලා ගංගාවල ජල පෝෂක ප්‍රදේශවල සිදුවන වන විනාශය කරන්නේ හොර දැව ජාවාරම්කරුවන් බව රහසක්‌ නොවේ. ගංගාවල ජල පෝෂක ප්‍රදේශවල කෙරෙන නිමක්‌ නැති වන විනාශය නිසා වෙනදා ගස්‌වල අතුපතර මත වැටී හෙමින් සීරුවේ කඳන් දිගේ පහළට ඇදී එන වැසි ජලය එකවරම පොළොවට වැටී පස සේදී පස්‌ කණ්‌ඩි පිටින් ගැලවී ගංගාවන් තුළට ඇදී එයි. එහි ප්‍රතිඵලය වන්නේ ගංගා ගොඩවී ජලකඳ පිටාර ගලා ලක්‍ෂ ගණන් ජනයා ගංවතුර ආපදා තත්ත්වයන්ට මුහුණපෑමයි. සාපයට හේතුවූ අනෙක්‌ ප්‍රධාන පාපය වන්නේ රට රැකගන්නට ජීවිත පරිත්‍යාගයෙන් ආත්ම පූජාවෙන් කැපවූ බෝධිසත්ව බලවේගය වූ ත්‍රිවිධ හමුදාවට නිග්‍රහ නින්දා අපහාස කිරීමයි.

රට, දැය, සමය රැකගත් බෝධිසත්ව බලවේගය වූ හමුදාවන්ට නින්දා අපහාස කිරීමත් රණවිරුවන්ට නින්දා කරමින් හමුදාවල ගරුත්වය කෙළෙසා දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක විරුවන්ගේ පිටකොන්ද බිඳින්නට, ආධ්‍යාත්මිකව දුර්වල කරන්නට අධිරාජ්‍ය හවුල්කාරී බෙදුම්වාදයට යටවූ විදේශීය රූකඩ දේශපාලන බලවතුන් අනුගමනය කරන පාපී අධම ක්‍රියාමාර්ගත් මහා ජාතික සාපයක්‌ වන බවට සැකයක්‌ නැත. දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදය බලවත්ව තිබියදී ආරක්‍ෂාව සඳහා බහුතර ජනතාව සිංහල වූ ප්‍රදේශවල වෙසෙමින් සිංහල පවුල් සමඟ විවාහ සබඳතා ඇතිකර ගත් සුළු ජාතික අවස්‌ථාවාදීන් හමුදාවන් විසින් කරන ලද මහා කැපකිරීම් හා උදාර පරිත්‍යාගයන්ට පින්සිදුවන්නට යළි උතුරට ගොස්‌ උතුරු පළාත් සභාවේ බලවතුන් වී තමන්ට උතුරේ දේශපාලන ආර්ථික, සංස්‌කෘතික කටයුතු කරන්නට මගපාදා දුන් රණවිරුවන්ට නින්දා කිරීම මුළු රටටම සාපයක්‌ වනු නිසැකය. එක්‌ අතකින් උතුරෙන් හමුදා ඉවත් කරන්නැයි ඝෝෂා කරමින් ශ්‍රී ලංකාව කලාප පහකට බෙදන්නට යෝජනා කරන අතර අනෙක්‌ අතින් හමුදා විරුවන් උතුරේ කාණු සෝදන්නට හා කුණු කසළ ඉවත් කරන්නට යොදවන්නැයි කියමින් ජීවිත පරිත්‍යාගයෙන් ආත්ම පූජාවෙන් සේවයට කැපවුණු බෝධිසත්ව බලවේගයක්‌ වූ රණවිරුවන්ට නින්දා කිරීම සොබාදහම විකෘති වීමට හේතුවන මහා සාපයක්‌ වීම පුදුමයක්‌ නොවේ. කොටි ත්‍රස්‌තවාදය බලවත්ව පැවැති අවධියේ කාත්තන්කුඩි පල්ලියේ යාඥ කරමින් සිටි ඉස්‌ලාම් බැතිමතුන් සිය ගණනින් ඝාතනය කරද්දී සැඟවී සිටි බියගුලු නිවටයන් ත්‍රිවිධ හමුදාවේ කැපකිරීම් තුළින් විවිධ ධනෝපායන මාර්ගයන් පාදාගෙන කෝටිපතියන් හා දේශපාලන බලවතුන් වී ඔවුන්ට බලවතුන් වන්නට මගපාදා දුන් බෝධිසත්ව බලවේගයට නින්දා කරන විට එය මහා සාපයක්‌ වනු නිසැකය.

ත්‍රිවිධ හමුදාවට නින්දා අපහාස කිරීම හා හමුදාවල ගරුත්වය කෙළෙසා හමුදාවන් ආධ්‍යාත්මිකව දුර්වල කර හමුදා බලය බිඳින්නට ගෙන යන දේශෙද්‍රෝහී ජාතිෙද්‍රෝහී ක්‍රියාමාර්ග මහා ජාතික සාපයක්‌ වන්නේ එමගින් බෙදුම්වාදී දේශෙද්‍රෝහී බලවේග ශක්‌තිමත් වීම නිසා අඩපණ වන්නේ දේශප්‍රේමී ජාතික බලවේග පමණක්‌ නොවේ. දේශප්‍රේමී ජාතික බලවේග දුර්වල කරමින් විශ්වයටම සෙතක්‌ ශාන්තියක්‌ වන විශ්වන්තරවාදී බුදුසසුන සුරැකීමේ ඓතිහාසික වගකීම් භාරයට පිටුපා යන ගමන ලොවටම විපතක්‌ වනු ඇත. ත්‍රිවිධ හමුදාවේත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේන් සිවිල් ආරක්‍ෂක සේවාවන්ට අයත් අතිමහත් බහුතරය නිසැක බෝධිසත්ව බලවේගයක්‌ වන හෙයින් රට, දැය, සමය රකින්නට තමන් සතු සියල්ල කැප කළ ජීවිත හා අත් පා ඇස්‌ ආදී ශරීරාංග පිදූ ඒ බෝසතුන්ට නින්දා අපහාස කරමින් ඒ බෝසත් බලවේගය දුර්වල කර විනාශ කරන්නට දරන සියලු ප්‍රයත්නයන් මහා ජාතික සාපයක්‌ වනු නිසැකය. රට, දැය, සමය රකින්නට තමන්ගේ තරුණ ජීවිත කැපකරන්නට තරම් පරිත්‍යාගශීලී වූ රණවිරුවන්ගේ උතුම් බෝසත් ගුණය තේරුම් ගන්නට පවා අසමත් වූ ධන තණ්‌හාවෙන් අන්ධ වූ බලකාමයෙන් උමතු වූවෝ මුග්ධ වී සිටිති. ධන තණ්‌හාවෙන් හා බලකාමයෙන් උමතු වූවෝ මානසික අන්ධ භූතයෝ වෙති. බලකාමී උමතුවෙන් පෙළෙන තණ්‌හාරිත දේශපාලන අන්ධ භූතයන්ට රට, දැය, සමය වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් ජීවිත පූජාවෙන් සටන් කරන රණවිරුවන් බෝධිසත්වයන් වන්නේ කෙසේද? යන්න සිතාගත නොහැකි වුවත් කොටි ත්‍රස්‌ත විරෝධී යුද්ධය පවතිද්දී හමුදාවේ ආධ්‍යාත්ම ශක්‌තිය නංවන්නට හා හමුදාවන්ට බැඳෙන්නට දේශප්‍රේමී තරුණයන් අවදිකරන්නට රට පුරා යමින් දේශන කළ අපට ජීවිත පූජාවෙන් පෙරට යමින් ආත්ම පරිත්‍යාගයෙන් සේවයට කැපවුණු රණවිරුවන් බෝධිසත්වයන් වූ බව රහසක්‌ නොවේ.

අවුරුදු දෙදහස්‌ තුන්සියයක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ විදේශ ආක්‍රමණ දාසයකට මුහුණදී රට, දැය, සමය රැකගන්නට හා ජාතික ආධ්‍යාත්මික සංස්‌කෘතික උරුමය සුරකින්නට ජීවිත පූජා කළ ඉතිහාසගත දසලක්‍ෂ සංඛ්‍යාත දේශප්‍රේමී, ජාතිහිතෛෂී, ශාසන මාමක මුතුන් මිත්තන් සිහිකරමින් ත්‍රිවිධ හමුදා සේවයට එක්‌වී උතුරු නැඟෙනහිර වන බිම්වල කොන්ද නමාගෙන පඳුරු අතරින් රිංගාගෙන යමින් පිට්‌ටනිවන් වියළි තැනිතළා බිම්වල කිඹුල් ගමනින් බඩගාගෙන යමින් වගුරු බිම්වල මඩේ එරෙමින් කලපුවල කරවටක්‌ දියේ ගිලෙමින් දින ගණන් නිදි නැතිව රසගුණ හරිහමන් අහරක්‌ නැතිව උණට, සෙමට, කැස්‌සට, බඩේ අමාරුවට, හිස කැක්‌කුමට, ඇස්‌ රුදාවට, හන්දිපත් මස්‌පිඬු වේදනාවන්ට, නිසි ප්‍රතිකාර නොලබා ආත්ම පරිත්‍යාගයෙන් ජීවිත හා ඇස්‌, අත්පා පූජා කරමින් අවසාන ජයග්‍රහණය දක්‌වා ඉදිරියට ගිය රණවිරුවන් සැබෑ බෝධිසත්වයන් වන බව ඒකාන්තයá නිසැකය. "මාගේ මේ ව්‍යායාමය බුද්ධශාසනයේ චිරස්‌තිථිය (සියලු සත්වයන්ගේ යහපත් පැවැත්ම) උදෙසා වේ" යයි ප්‍රකාශ කරමින් සේවයට කැපවුණු දුටුගැමුණු රජතුමා හා දසමහා යෝධයන් ප්‍රමුඛ ලක්‍ෂ සංඛ්‍යාත දේශප්‍රේමීන්ගේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයමින් ආත්ම පූජාවෙන් සටන් කර දිවි පිදූවන්, ආබාධිත වූවන් මෙන්ම ඊළඟ පරපුරේ දේශප්‍රේමීන්ට ද ශක්‌තියක්‌ වෙමින් රට, දැය, සමය සුරකින්නට කැපවී සිටින රණවිරුවන් ද බෝධිසත්වයන් වන්නේ ඔවුන්ගේ අරමුණ දැවෙන ලොව නිවා සනසන විශ්වන්තරවාදී ලෝක මෙහෙවරේ අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටුකිරීම වන හෙයිනි. ඉන්දියන් සාගර කලාපයේ හොඳම මධ්‍යස්‌ථානය වූ ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග දියත් කරන නව යටත්විජිතවාදී අධිපතිවාදී බලවේගයන්ට යටත් නොවී ආසියාවේත් මුළු මහත් ලෝකයේත් යහපත වෙනුවෙන් කැපවී සිටින හෙළ රණවිරුවෝ ලොවට ශක්‌තියක්‌ හා ආලෝකයක්‌ වන බෝධිසත්ව බලවේගයකි. මේ සත්‍ය තේරුම්ගත නොහැක්‌කේ ධන තණ්‌හාවෙන් හා බලකාමයෙන් වියරු වී සියලු ක්‌ලේශ කාමයන්ට වහල්වී තිරිසනුන් මෙන් ක්‍රියාකරන මිනිස්‌ වෙස්‌ ගත් අන්ධභූතයන්ට පමණි.

ත්‍රිවිධ හමුදාවට තව තවත් භට පිරිස්‌ එක්‌කරන්නට තරුණයන් අවදිකරන දේශන පවත්වමින් රට පුරා ගිය, විශේෂයෙන් කුරුණෑගල, අනුරපුර, කළුතර, ගාලු, මාතර, හම්බන්තොට, රත්නපුර, ත්‍රිමල, කොළඹ, ගම්පහ, කෑගලු, නුවර, මාතලේ, බදුලු, මොනරාගල දිස්‌ත්‍රික්‌කවල පන්සල්, පිරිවෙන්, පාසල් හා ස.ණ.ස. ආදී විවිධ සමිති සමාගම්වල දෙසුම් දහස්‌ ගණනක්‌ කළ මම මගේ දේශන ඇසූවන් අතරින් දහස්‌ සංඛ්‍යාත තරුණ පිරිසක්‌ හමුදාවන්ට එක්‌වී යුද බිමට ගියේ දුටුගැමුණු, වලගම්බා, ධාතුසේන, විජයබා, පැරකුම්බා හා විමලධර්මසූරිය ආදී වීරයන්ගේ ආදර්ශය අනුව ජාතික ආගමික සේවයට කැපවුණු සැබෑ බෝධිසත්වයන් ලෙස බව තරයේ විශ්වාස කරමි. රටක බිහිසුණු යුද තත්ත්වයක්‌ පවතිද්දී හමුදාවන් සමඟ එක්‌වී ජීවිත පරිත්‍යාගයෙන් සේවයට කැපවුණු බෝධිසත්වයන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ වැටුප් හා නිලතල අපේක්‍ෂාවෙන් හමුදාවන්ට බැඳුණු අය අතර වෙනස තේරුම්ගත හැක්‌කේ වස්‌තු තණ්‌හාවෙන් උමතුවී බලකාමයෙන් වියරු වී සියලු ක්‌ලේශකාමයන්ගෙන් ඔද්දල් වූ සිත් ඇති අන්ධ භූතයන්ට පමණි. අන්ධ භූතයන් බවට පත්වූ සෑම වර්ගයකම බලවතුන් සේවයට කැපවුණු බෝධිසත්ව බලවේගයක්‌ වූ දේශප්‍රේමී, ජාතිහිතෛෂී ශාසනමාමක රණවිරුවන්ට නින්දා අපහාස කරමින් ගෙන යන දේශෙද්‍රෝහී ජාතිෙද්‍රෝහී ශාසන විරෝධී ක්‍රියාමාර්ග අවසන් කිරීම ජාතික විපතක්‌ බවට පත්වූ මහා සාපය අවසන් කිරීමේ නිවැරැදි පිළිවෙතට එළඹුම වේ.

බෝධිසත්ව බලවේගයක්‌ වූ ත්‍රිවිධ හමුදා විරුවන්ට නින්දා අපහාස කිරීමේ සාපයත්, වන උයන් හා ඇළ දොළ ගංගා ආශ්‍රිත සොබා සම්පත් කොල්ලකෑමේ මහා ජාතික සාපයත්, ගංවතුරක්‌ දරාගන්නට තරම් වූ වගුරු බිම් හා පැරණි විල් ගොඩකර හොර ඔප්පු හදා විකිණීමේ සොබා පරිසර විරෝධී ක්‍රියාමාර්ගත් අවසන් කිරීම රට, දැය, සමය හා ජන ජීවිත රැකගැනීම සඳහා වන මූලික අවශ්‍යතාව වේ. ත්‍රිවිධ හමුදාවේ ගෞරවය හා රණවිරු අභිමානය පුබුදුවා රට, දැය, සමය රැකගෙන ජන ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා ඒ පිළිබඳ වූ අත්දැකීමෙන් පිරිපුන් දුර දක්‌නා නුවණින් යුතු සේවයට කැපවුණු තමන් මත පැවරෙන වගකීමට උර දීමට සමත් සැහැල්ලු සරල පැවැත්මෙන් යුතු නායකත්වයක්‌ අවශ්‍ය වේ. එබඳු අර්ථවත්, හරවත්, නායකයකු මේ වන විටත් පුංචි ලංකාවේ ජනතාව අතර සිටින බව රහසක්‌ නොවේ. ඒ අර්ථවත් හරවත් සේවයට කැපවුණු සරල සැහැල්ලු පැවතුම් ඇති විචක්‌ෂණශීලී දක්‍ෂ නායකයා ගෝඨාභය රාපක්‍ෂ මහතා බව කියාපෑම මේ ලිපිය ලියන මගේ යුතුකමක්‌ වන හෙයින් මම එය මෙසේ සටහන් කරමි. කල්‍යාණි ගංගා රාජණිය හා කළු ගං නිල්වලා රැජිනියන් රටේත් ජනතාවගේත් යහපත සඳහා යොදා ගැනීමට සමත් නායකයා තමන් බව බෙල්ලන්විල, ගංගොඩවිල ආදීවූ නාමිකව පැවැති පැරණි විල් පද්ධතිය වගුරු බිම් තුළින් මතුකරදී ගංගාවලින් පිටාර ගලන ජලය බැස යන ඇළවල් පාදා දුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පෙන්නුම් කර තිබේ. සොබා පරිසරය සුරක්‍ෂිතව සංවර්ධනය කරමින් රට, දැය, සමය රැකගෙන ජන ජීවිතයට සහනය ලබාදෙමින් ජාතික සාපයක්‌ වූ විපත් ක්‍රියාදාමය අවසන් කළ හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව රණවිරුවන්ටත් විශේෂයෙන් බස්‌නාහිර පළාතේත්, දකුණේත්, රජරටත් ජනතාවට රහසක්‌ නොවේ.

අනගාරික ධර්මසේකරතුමා
http://www.divaina.com/2016/06/26/feature09.html

Pic Source

Thursday, June 23, 2016

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසිති

mannar 1මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පූජකවරයාට එරෙහිව විරෝධතාවය පළකරමින් සමස්ථ ලංකා හින්දු සම්මේලනය සහ ප්‍රදේශයේ හින්දු ජනතාව අද මන්නාරම තිරුකේතීශ්වරම්හී දී උද්ඝෝෂණයක නිරතව සිටින බව වාර්තා වනවා.

තිරුකේතීශ්වරම් මාන්තයි ප්‍රදේශයේ තිරුකේතීශ්වරම් හින්දු කෝවිලට අයත් ඉඩමක් මන්නාරම රදගුරු රාජයප්පු ජොශප් පූජකවරයාගේ අනුදැනුම මත ලුර්තු මෑණියන්ගේ පල්ලිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර මහ රෑ හොර රහසේ එම ඉඩමේ කිතුණු දේව පිළිරුවක් ස්ථාපිත කර ඇති බවයි විරෝධතාවයේ නිරත හින්දු සම්මේලනය චෝදනා කරන්නේ.

‍මේ වන විට අදාළ ඉඩමට ඔප්පුවක් ලබා දෙන ලෙස ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග විසින් ඉඩම් කොමසාරිස්වරයාට නියෝග කර ඇති බවද වාර්තා වනවා.

රදගුරුවරයාගේ සහ ඇමති ජෝන් අමරතුංගගේ බලය හමුවේ මන්නාරම හින්දු ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස බලකරමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙන්නේ.

මිට වසර පහළවකට පමණ පෙර මන්නාරමේ බහුතරයව සිටි හින්දු ජනතාව මේ වනවිට සුළුතරය වී ඇති බවත්, යුද්ධයට හා සාමයට මුවාවී බෙදුම්වාදී රාජයප්පු ජෝශප් ප්‍රමුඛ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් හින්දු ජනතාව බිළිබාගෙන ඇති බවත් පවසන හින්දු සම්මේලනය රායප්පු ජෝශප් ඇතුළු හින්දු සමාජය විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී මූලධර්මවාදී බලවේගවලට එරෙහිව ඉදිරිපත් වන ලෙසද හින්දු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

http://www.colombotoday.com/7121215622-2/

බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු ගිනි තැබූ මුසළු අන්තවාදයට එරෙහිව මහියංගන බොදු ජනතාව මහ පාරට...!

බෞද්ධ ජනතාවට එරෙහිව සිදුවෙමින් පවතින මර්ධනයට එරෙහිව භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් අද පස්වරුවේ මහියංගනයේදී දැවැන්ත විරෝධතාවක නිරතවූවා.

පසුගිය වෙසක් පොහෝ දින රාත්‍රීයේ මුස්ලිම් පිරිසක් විසින් බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා අනුගමනය කරමින් සිටින මුස්ලිම් හිතවාදී අත්ත‍නෝමතික අසාධාරණ ක්‍රියාකළාපයට විරෝධය දක්වමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

අදාළ සිද්ධියට සම්බන්ද මුස්ලිම් පිරිස් නිදැල්ලේ සිටියදී එයට එරෙහිව ආගමික සහජීවනය වෙනුවෙන් හඩනැගූ තරුණයන්ට එරෙහිව, මුස්ලිම් අන්තවාදීන්ගේ අල්ලසට යටවූ මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දිගින් දිගටම තර්ජණය කරමින් මර්ධනයක් ක්‍රියාත්මක කර තිබෙන බවත් මේ හමුවේ තමන්ගේ ඉවසීමේ සීමාව අවසානයට පැමිණ ඇති බවත් ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව පවසනවා.

පොලීසියේ මෙම අත්තනෝමතික හැසිරීමට එරෙහිව පෙරේදා දිනයේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් මහියංගන නගර මධ්‍යයේදී උපවාසයකද නිරත වූවා. මේ සම්බන්ධයෙන් මහනායක හිමියන්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ප්‍රදේශයේ දේශපාලකයන් දැනුවත් කළද මේ දක්වා විසදුමක් ලැබී නැහැ. දිගින් දිගටම සිදුවන අසාධාරණය ඉදිරියේ තව දුරටත් නිහඩව නොසිටිනු ඇති බවත්, ජනතාවට නීතියට අතට ගැනීමට පෙර මහියංගනය පොලිස් ස්ථානාධිපතිවරයා සහ මහියංගනය ප්‍රදේශයේ හිස ඔසවන අන්තවාදයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ප්‍රදේශවාසී බොදු ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

http://www.colombotoday.com/1122165263-222/

Sunday, June 19, 2016

"ලංකාව ඒකීය රටක් ලෙස පවතිනු දැකීම චීනයේ අරමුණයි” - චීන තානාපති යාපනේදී කියයි

china-sl-flagශ්‍රී ලංකාව නොබෙදුණු ඒකීය රටක්‌ වශයෙන් පවතිනු දැකීම චීන රජයේ අරමුණ බවත් රටේ සිංහල, දෙමළ, හා මුස්‌ලිම් වැසියන් අතර, සංහිඳියාව වර්ධනය කරවීම පිණිස චීන රජයෙන් සෑම උපකාරයක්‌ම කරන බවත්, ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති යී ෂියෑංග්ලියෑන්ග් (14 දා) යාපනයේදී පැවැසීය.

තානාපතිවරයා යාපනයේ සංචාරය කළ අවස්‌ථාවේදී උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා, දිසාපතිවරයා මෙන්ම දෙමළ දේශපාලන නියෝජිතයින් කීප දෙනෙකු ද හමුවී තිබේ.

එම හමුවලින් පසුව යාපනයේදී මාධ්‍යවේදීන් ඇමැතූ චීන තානාපතිවරයා තම සංචාරයේදී වර්තමාන දේශපාලන තත්ත්වය හා උතුරේ ආර්ථික සංවර්ධනය පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය වෙනුවෙන් චීන රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව තමන් යාපනයේ සියලු ප්‍රභූවරුන්ට පැවසූ බව කී චීන තානාපතිවරයා ව්‍යවස්‌ථා සංශෝධනය සියලු දෙනා විසින්ම රටේ දේශපාලන සහ ආර්ථික න්‍යායපත්‍රයන්ට අනුව ඉතාම බුද්ධිමත්ව සිදු කළ යුතු බව ද පැවැසුවේය.

http://www.colombotoday.com/781295121254445-2326/

වේදනාවන්ගෙන් හටගත් මේ කඳුළු සාගරය නුවනින් දකින්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වේදනානුපස්‌සනාවට අදාළව වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්නය කියලා. වේදනාව ගැන කතාකරන විට ඵස්‌සය ගැන කතාකරන්නම වෙනවා. ඵස්‌සය ගැන කථාකරද්දී අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ගැන කතාකරන්නට වෙනවා. මොකද වේදනාව යනු ඉහත ධර්මතාවයන්ගේ ඵලයක්‌ හැටියට සකස්‌වෙන ධර්මතාවයක්‌ නිසා.

ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌වෙන ඵලයයි වේදනාව. 'ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධෝ' කියලා බුදුරජාණන් වහනසේ දේශනා කරනවා. රූපයේ අනිත්‍යභාවය නොදැනීම හේතුවෙන් ඵස්‌සය තෘෂ්නාවෙන් තෙත්වුණු තැනදී, ඇලීම් ගැටීම්, උපේක්‍ෂා වශයෙන් වේදනාව සකස්‌වෙනවා. සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවන් කියලා මේවා හඳුන්වන්න පුළුවන්. ඇලීම් සහ ගැටීම් කියන විඳීම් වලදී පිංවතුන්ලාට බරපතළ වූ කුසල් අකුසල් සංස්‌කාරයන් සකස්‌කොට දෙන්න පුළුවන්. උපේක්‍ෂා සහගත විඳීම, පිංවතුන්ලාට සාමාන්‍ය සංස්‌කාරයන් සකස්‌කොට දෙනවා. 'යමෙක්‌ විඳින්නේ යමක්‌ද, එයයි හඳුනාගන්නේ. යමෙක්‌ හඳුනාගන්නේ යමක්‌ද එයයි සිතන්නේ. යමෙක්‌ සිතන්නේ යමක්‌ද එයටයි බැඳී යන්නේ' කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

බුදුරජාණන් වහන්සේ හය ආකාරයක විඳීමක්‌ ගැන දේශනා කරනවා. ඇසේ ස්‌පර්ශයේ හටගන්නා වූ විඳීම, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ ස්‌පර්ශයෙන් හටගන්නා වූ විඳීම කියලා. පිංවත් ඔබ වේදනාවේ හටගැනීම ඵස්‌සය නිසා සිදුවන බවත්, ඵස්‌සය නිරෝධයෙන් වේදනාව නිරෝධය වන බවත්, වේදනාව නිරෝධය කිරීමේ මාර්ගය, ආර්යඅෂ්ඨාංගික මාර්ගය බවත්, පිංවතුන්ලා අවබෝධයෙන් දකිනවා නම්, පිංවත් ඔබ වේදනාවට බැඳීයන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංසාරයක්‌ පුරාවට වේදනාවට බැඳී යැම නිසාම, මගේ මව, පියා, ඥාතියා, දරුවා, දේපළ වගේම රෝගාබාධ, විපත් අනතුරු හේතුවෙන් මනාප දෙය අහිමිවීම නිසා, අමනාප දේවල් සමඟ එකතුවීම නිසාත්, නෙතින් ගැලූ කඳුළු සප්තමහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වේදනාවේ බැඳී යැම නිසාම, වේදනාව මගේ කොටගත් නිසාම, සකස්‌කරගත් සංස්‌කාර හේතුවෙන් මේ මහපොළොව නැමැති සොහොන් බිම ඔබේ මළකඳන්වලින් පුරවා තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබ යමක්‌ දැක්‌ක තැනදී, යමක්‌ ඇසුන තැනදී, යමක්‌ දැනුන තැනදී දැක්‌කා, ඇසුනා, දැනුනා කියන තැන අවබෝධයෙන් යුක්‌තව නවතින්නේ නැතිව, දැක්‌ක දෙය, ඇසුණු දෙය, දැනුණු දෙය තෘෂ්ණාවෙන් තෙත් කිරීම නිසා, මොනතරම් විඳීම් ඇතිකර ගන්නවාද. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන, මනසින් ඔබේ පෙර ජීවිතයට යන්න. ඔබ පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක්‌ය කියලා හිතන්නකෝ. ඔබ එම මනුෂ්‍ය ජීවිතයෙන් වයෝවෘධභාවයට පත්වෙලා මැරෙන මොහොතේ, ඔබ තුළ ඇතිවුණු අවසාන පංච උපාදනස්‌කන්ධය දෙස නුවනින් බලන්න. ඔබ ඒ මොහොතේ, ඔබේ ආධ්‍යාත්මික රූපයත්, අරමුණු වූ බාහිර රූපයත්, විඤ්ඤාණයට බැඳී යැම නිසාම, හටගත් ඵස්‌සයට ඔබ බැඳී යනවා. ඵස්‌සය නිත්‍යභාවයෙන් ගන්නවා. ඒ නිසාම විඳීම සකස්‌කොට ගන්නවා. විඳීමට අදාළව සංස්‌කාර, විඤ්ඤාණය සකස්‌වෙනවා. යම් හෙයකින් පිංවත් ඔබ, එදා අවසාන චුති සිතේදී ඵස්‌සය අනිත්‍යය වශයෙන් දැක්‌කා නම්, විඳීමක්‌ සකස්‌ වෙන්නේ නැහැ. ඒ නිසාම විඤ්ඤාණය නිරෝධය වෙනවා. විඳීමට බැඳීගිය තැනදී අපි භවය සකස්‌කොට ගන්නවා. 

පිංවතුන්ලා පැයක්‌ දෙකක්‌ එරමිනියා ගොතාගෙන භාවනා කරලා, මේ කය ඇසුරෙන් සිතට දැනෙන සැප, දුක්‌, උපේක්‍ෂා විඳීම් පමණක්‌ අනිත්‍ය වශයෙන් දැකලා, එසේ නැතිනම් දණහිසේ, පිටකොන්දේ වේදනාවට සිත යොමු කරලා, කායික වේදනාවේ අනිත්‍යභාවය දැකලා පමණක්‌ වේදනාවේ ස්‌වභාවය අවබෝධකරගත හැකියෑයි භික්‍ෂුව විශ්වාස කරන්නේ නැහැ. අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඔබ වේදනාවේ අනිත්‍යභාවය දකින්න දක්‍ෂ වෙන්න. අතීතය කියලා කියන කොට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ ඈතට ඔබේ මනසිකාරය යොමු කරන්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා, බුදුරජාණන් වහන්සේලා මුණගැසිලා, මහරහතන් වහන්සේලා මුණගැසිලා, සද්ධර්මය ශ්‍රවණය කරලා, දන් පැන් පූජා කරලා, මොනතරම් නම් සැප වේදනාවන් ලබන්න ඇතිද? රජවරු සිටුවරු දෙවිවරු වෙලා, සශ්‍රීක සැපයන් ලබන කොට, අපි කොයිතරම් නම් සැප වේදනාවන් ලබන්න ඇතිද? නොපතන දෙය සිදුවෙන කොට මොනතරම් නම් දුක්‌ වේදනාවන් ලබන්නට ඇතිද? අම්මලා, තාත්තලා ලෙස ඉපදිලා, දරුවන් නිසා මොනතරම් නම් සැප, දුක්‌ වේදනාවන් විඳින්නට ඇතිද? සතර අපායට වැටිලා, කල්ප විනාශයන්ට කොටුවෙලා, කොයිතරම් දුක්‌ වේදනාවන් ලබන්නට ඇතිද? කල්ප විනාශයන්හිදී ඉරවල් හතකට පිච්චෙමින් මැරෙමින් ඉපදෙමින් දුකම විඳීම කොටගෙන, භවදුකේ පතුල, දුකේ අගාධය ජීවිතය කොටගත් හැටි නුවනින් දකින්න. ලොහොකුඹු නිරයේ ලෝදිය වතුරට පිච්චි පිච්චි අවුරුදු කල්ප ගණන් දුක්‌ වේදනාවන් විඳීමේදී, නැඟුණු වියරු වේදනාවේ විලාපයන් නුවණින් දකින්න. තිරිසන් කුලවල ඉපදිලා, මිනිස්‌සු අපේ බෙල්ල අමු අමුවේ කපාගෙන, මරාගෙන කනකොට, ලොකු සතුනට ගොදුරුවෙලා, ඔබ පණ ගැහි ගැහී හිඳිද්දී ඔබව අමු අමුවේ මරාගෙන කනකොට, ඒ අතීත දුක්‌වේදනා නුවනින් මෙනෙහි කරන්න. අස්‌ථිර වූ, අනිත්‍ය වූ, අනාත්ම වූ, දුක්‌ඛම වූ, අතීත වේදනාවන්ගේ යථා ස්‌වභාවය නුවණින් දකින්න. මහා සාගරය දකින මොහොතක්‌ පාසා, නැති නම් මහා සාගරය නුවනින් සිහි කරමින් සංසාරයක්‌ පුරාවට ඇලීම් ගැටීම උපේක්‍ෂාවන් නිසා දෑසින් ගලාගිය කඳුළු සාගරය දකින්න.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/06/19/feature03.html

දියවැඩියාවෙන් අත්මිදෙන්න. රණවරා ගසේ පස්‌ පංගුවෙන් වටිනා බෙහෙතක්‌ ගෙදරදීම හදාගන්න!

වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම අද පටන් මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. මෙම ආරම්භක ලිපිය දියවැඩියා රෝගය ගැන සාකච්ඡා කිරීමත්, ඒ සඳහා යොදා ගත හැකි සරල අත්දුටු ප්‍රතිකාරයක්‌ හඳුන්වා දීමත් සිදු කෙරේ.

ප්‍රශ්නය - දියවැඩියාව කුමක්‌ ද කියන එකත් ඒ පිළිබඳව ඔබ සතුව තිබෙන දත්ත සමූහයත් පැහැදිලි කළ හැකිද?

පිළිතුර - දියවැඩියාව පිළිබඳ විවිධ වෛද්‍ය ක්‍රම අනුව අර්ථකතන කිහිපයක්‌ තිබෙනවා. සිංහල වෙදකමේ, ඒ කියන්නේ ලංකාවට ආවේණික දේශීය වෙදකම තුළ දියවැඩියාව සුවපත් කිරීම සඳහා පාරිම්පරික ක්‍රමවේදයක්‌ තිබෙනවා. මෙය ඖෂධීය ශාඛවල පස්‌ පංගුව පදනම් කරගත් පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයක්‌. එය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ රෝගීන්ට කළ ප්‍රතිකාර ඇසුරෙන් ලබා ගත් අත්දැකීම් මත පදනම් වූ ක්‍රමයක්‌. ඊළඟට තිබෙනවා ඉන්දියාවේ ආයුර්වේදය. එය තුළ ශාක සාර ප්‍රතිකාර වගේම විවිධ රසායනික ද්‍රව්‍ය සහ ලෝහ වර්ග යොදාගෙන කරන රස බෙහෙත් තිබෙනවා. ඊළඟට තිබෙන්නේ ජර්මනියට ආවේණික වූ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. ඊළඟට ඉංග්‍රීසි ඇලොපති වෛද්‍ය ක්‍රමය තිබෙනවා. තව තිබෙනවා ඉන්දියාවේ සාම්ප්‍රදායික දෙමළ වෛද්‍ය ක්‍රමය වූ සිද්ධි ක්‍රමය. සිද්ධායුර්වේදය යන වෛද්‍ය ක්‍රමය බිහි වී ඇත්තේ මෙකී දෙමළ සිද්ධි ක්‍රමයත් ඉන්දියන් ආයුර්වේද ක්‍රමයත් එකතු වීමෙන්. මීට අමතරව අරාබියට අයත් යුනානි වෛද්‍ය ක්‍රමයත් චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයත් තිබෙනවා. මා දන්නා හැටියට මේ ක්‍රම අතුරින් හෝමියෝපති සහ ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමවලට අනුව දියවැඩියාව කියන්නේ සුව කළ නොහැකි, එහෙත් පාලනය කළ හැකි රෝගයක්‌. සිංහල වෙදකම, ආයුර්වේදය, යුනානි වෙදකම, සිද්ධි වෙදකම සහ චීන වෙදකම පමණක්‌ කියනවා. දියවැඩියා ඇතුළු රෝග බොහොමයක්‌ නිට්‌ටාවටම සුවපත් කළ හැකියි කියලා. මේ තාක්‌ කාලයක්‌ කරන ලද පාරම්පරික සිංහල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග ගණනාවක්‌ම සුවපත් කළ හැකි බව මා අත්දැකීමෙන් දන්නවා. මෙහිදී දියවැඩියා රෝගය පිළිබඳ ජාත්‍යන්තර දත්ත ස්‌වල්පයක්‌ මා ඔබට කියන්නම්.

1. වසර 2013 දී ලොව පුරා සිටි දියවැඩියා රෝගීන් ගණන මිලියන 382 ට වැඩියි. මේ වන විට මේ ප්‍රමාණය මිලියන 600 කට කිට්‌ටු කර තිබෙන බව පැහැදිලියි.

2. දියවැඩියාව Type 1 සහ Type 2 යනුවෙන් කොටස්‌ දෙකකට බෙදෙනවා. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරු තුළ ඉන්සියුලින් කොහොමටවත් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එනම් මනුෂ්‍ය ශරීරය තුළ ඉන්සියුලින් නිෂ්පාදනය සිදු කරන අග්න්‍යාශය නමැති ඉJද්‍රියෙහි තිබෙන සෛල (Isiet sells and reseptors) සියල්ල අප්‍රාණික වී ඇති බව ඉන් ප්‍රකාශ වෙනවා. Type 2 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාශය ඉන්සියුලින් නිෂ්පාදනය කළත් එය සිරුරේ හටගන්නා සීනි දහනය කර සිරුරේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. ලොව සිටින දියවැඩියා රෝගීන්ගෙන් 10% ක්‌ Type 1 ට අයත් වන අතර 90% ක්‌ Type 2 ට අයත් වෙනවා. මේ අතර ගර්භනී අවස්‌ථාවේදී හටගන්නා දියවැඩියාවක්‌ තිබෙනවා. මෙය අප හඳුන්වන්නේ Gestational Diabetes යන නමින්.

3. දියවැඩියා රෝගයේ සුලභ ලක්‍ෂණ කිහිපයක්‌ තිබෙනවා. පළමුවැන්න නිතරම මුත්‍ර පහ කිරීමට අවශ්‍ය වීමයි. ඒ අතර අධික පිපාසය, කුසගින්න, සිරුරේ බර අඩුවීම, තුවාල සුව නොවීම, පුරුෂයන්ගේ ලිංගික දුර්වලත්වය, අතපය හිරිවැටීම යනාදියත් හටගන්නවා.

4. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ට සැලසුම් කරන ලද ආහාර වට්‌ටෝරුවක්‌ සහ සිරුරට ඉන්සියුලින් එන්නත් කිරීම මගින් යම් සහනයක්‌ ලබා ගත හැකියි. එහෙත් රෝගය සුව වීමත්, එහෙමත් නැත්නම් අග්න්‍යාශය ප්‍රාණවත් වීමක්‌ එතැන නැහැ. ඔවුන් නිතරම තම රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය පරීක්‍ෂා කර ගත යුතුයි. Type 2 වර්ගයේ රෝගීන්ට මුඛයෙන් ලබා ගන්නා බෙහෙත්, සැලසුම් කළ ආහාර වට්‌ටෝරුවක්‌, ව්‍යායාම යනාදියෙන් යම් සහනයක්‌ ලබා ගන්න පුළුවන්. එහෙත් අග්න්‍යාශයේ සෛල ප්‍රාණවත් වී සිරුරට අවශ්‍ය පරිදි ඉන්සියුලින් නිපදවීමක්‌ එතැනදී සිදුවන්නෙත් නැහැ.

5. දියවැඩියා රෝගීන්ට තන්තුක වාහිනී රෝග හෙවත් හෘද රෝග හට ගැනීමේ අවදානම දියවැඩියාව නැති අයට වඩා හුඟක්‌ වැඩියි.

6. දියවැඩියා රෝගීන් දුම් පානය වහාම නැවැත්විය යුතුයි. දුම් පානය මගින් ඔවුන්ගේ හදවත් රෝගී වීම දෙගුණ වෙනවා.

7. Hypoglycemia හෙවත් රුධිර සීනි ප්‍රමාණය ඕනෑවට වඩා පහත බැස්‌සොත් දියවැඩියා රෝගීන්ට දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා. එසේම Hypoglycemia හෙවත් රුධිර සීනි ඕනෑවට වඩා ඉහළ නැගීමෙන් රෝගීන්ට අවදානමක්‌ ඇති වනවා. මේ තත්ත්ව දෙක තුළදීම ඔවුන්ගේ ශරීරවල අභ්‍යන්තර ඉන්ද්‍රීන් විනාශ වෙනවා.

ප්‍රශ්නය - දියවැඩියා රෝගයට බෙහෙත් පිරිසිදු සිංහල වෙදකම තුළ තිබෙනවද?

පිළිතුර - ස්‌ථිර වශයෙන් ම ඔව්. ඒ සඳහා මාස 6 ක පමණ කාලයක්‌ තුළ තෝරාගත් ආහාර සහ බෙහෙත් ලබා ගත යුතුයි.

ප්‍රශ්නය - මොනවද ඒ ආහාර

පිළිතුර - උදේ ආහාරය ලෙස කුමක්‌ හෝ මාංශ භෝගයක්‌ (කඩල, කව්පි, මුං ඇට, මෑ ඇට) ගත යුතුයි. දහවලට බත් කෝප්ප භාගයක්‌, ගොටුකොළ.රණවරා කොළ හෝ වෙනත් මැල්ලුම් වර්ගයක්‌, එළවළු වැඩිපුරත් ආහාරයට ගත යුතුයි. තෙල්දමා තෙම්පරාදු නොකරන එළවළු, මස්‌, මාලු, නිතරම කෑමට එකතු කර ගත යුතුයි. ආහාරයට ගන්නා බත රතු බාස්‌මතී සහල් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහි පිෂ්ඨය අඩු අතර කුරුට්‌ට වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ බහුලව ලැබෙනවා.

ප්‍රශ්නය - Type 1 සහ Type 2 යන වර්ගවල දියවැඩියා රෝගීන් සඳහා ඔබට නිර්දේශ කළ හැකි කිසියම් බෙහෙතක්‌ තිබෙනවාද?

පිළිතුර - ඔව්. රණවරා ගහේ පස්‌ පංගුව ගන්න. එයින් මිටක්‌ ගෙන වතුර අඬු කෝප්ප 4 කට දමා කෝප්ප 1 කට සිඳ ගන්න. මෙවැනි වේල් 2 ක්‌ උදේ 10 ටත්, සවස 3 ටත් බොන්න. ඒ අතර මා ඉහතින් කී පරිදි ක්‍රමයට ආහාර ගන්න. මාසයකට පසු රුධිර සීනි මට්‌ටම පරීක්‍ෂා කර බලා එය අඩු වී ගෙන යන හැටි නිරීක්‍ෂණය කරන්න. මාස 6 ක්‌ මේ ප්‍රතිකාරය කරන්න. එවිට ඔබේ රුධිර සීනි මට්‌ටම ප්‍රකෘති තත්ත්වයට එනවා. මෙය දිගටම කරන විට අග්න්‍යාශය ක්‍රමයෙන් ප්‍රාණවත් විමට පටන් ගන්නවා. ඒ අනුව ඔබ තවදුරටත් දියවැඩියා රෝගියකු වන්නේ නැහැ. 

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.

ලබන සතියේ රණවරා ගසේ ඖෂධීය ගුණ විග්‍රහය සහ දියවැඩියාවට තවත් බෙහෙතක්‌ කියවන්න.

වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි, සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව
http://www.divaina.com/2016/06/19/feature04.html

Wednesday, June 15, 2016

පන්සල් තුනක් වටකර රෑට රෑට කළුබෝවිල හොරෙන් හදන අනවසර මුසලු පල්ලියක් ආගමික ගැටුමකට මුල!

kalubovila66දෙහිවල ගල්කිස්ස මහනගරසභා බල ප්‍රදේශයට අයත් කළුබෝවිල ශ්‍රී මහා විහාර මාවතේ අංක 84 දරණ ස්ථානයේ අනවසරයෙන් ඉදිකෙරෙමින් පවතින මුස්ලිම් පල්ලියක් හේතුවෙන් ප්‍රදේශයේ සාමකාමී වටපිටාවට දැඩි බාධාවක් එල්ලවෙමින් පවතින අතර තත්ත්වය ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමේ බරපතල අවදානමක් මතුව තිබෙනවා.

කළුබෝවිල හත්බෝධිය පුරාණ විහාරය, ශ්‍රී මහා විහාරය, සහ භාතිය මාවත සාරානාත් ධර්ම නිකේතනය යන විහාරස්ථාන තුනකට මැදිවී එම විහාරස්ථානවලට පිවිසෙන මාර්ගය අවහිරවන සේ නීති විරෝධීව මෙම පල්ලිය ඉදිකරන බවත්, ඉදිකිරීම් හොර රහසේ රාත්‍රිකාලයේදී සිදුකරන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
kb3
2011 වසරේදී නීති විරෝධි ලෙස මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර වරින් වර මතුවූ විරෝධතා හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නවතා දමා තිබෙනවා. ඉකුත් අගෝස්තු මාසයේ පටත් වත්මන් රජයේ ප්‍රබල මුස්ලිම් ඇමතිවරයෙකුගේ අනුදැනුම ඇතිව නැවත වරක් ඉදිකිරීම් ආරම්භ කර තිබෙන අතර පිට පළාත්වලින් පැමිණි මුස්ලිම් පිරිස් මෙන්ම අප්‍රිකානු ජාතිකයන් කිහිප දෙනෙකුද ප්‍රදේශවාසීන්ට හිරිහැර සිදුවන ආකාරයෙන් නිතර මෙම ස්ථානයේ ගැවසෙන බවත් එය නුදුරේදීම බරපතල ආගමික ගැටුමක් දක්වා දුරට දිග යෑමට ඉඩ තිබෙන බවත් මහාසංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ විද්වතුන් පෙන්වා දෙයි.

ඇතිවෙමින් පවතින අසහනකාරී වටපිටාව පිළිබදව දැනුවත් කිරීම සදහා ඊයේ 13 කළුබෝවිල හත්බෝධිය පුරාණ විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. පල්ලියක් ඉදිකිරීම සදහා කිසිසේත්ම සුදුසු නොවන හා අවශ්‍යතාවක් නොමැති මෙම ස්ථානයේ පල්ලියක් ඉදිකරන්නේ ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇතිකිරීමට බවත්, මේ පිළිබදව වහාම අවධානය යොමු කර ආගමික සහජීවනය තහවුරු කිරීම බලධාරීන්ගේ වගකීම බවත් කළුබෝවිල සාරානාත් ධර්මනිකේතනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය එළමල්දෙණියේ සාරන්නද හිමිපාණන් වහන්සේ එහිදී අවධාරණය කර සිටියහ.

http://www.colombotoday.com/45125451586-2/

සබැඳි ලිපි -
[
මහනුවරින් පටන්ගෙන රටම ගිලගන්න හදන වහාබ් ව්‍යාප්තවාදය මෙන්න...http://denethharinna.blogspot.com/2016/06/blog-post_17.html‘සිංහලේ ජාතික බලමුළුව’ මැදිහත් වී මල්වතු මහා විහාර බිමේ මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතයි!http://denethharinna.blogspot.com/2016/06/blog-post_85.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
මුසලුවෝ, හඳ පලා අමානුෂිකව දරුවන් මරති! අද ඔවුන්ගේ, හෙට ඔබේ දරුවා!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_18.html
ම්ලේච්ඡත්වයේ නාමයෙන් මුසලුවෝ, හඳ පලා අමානුෂිකව දරුවන් මරති! අද ඔවුන්ගේ, හෙට ඔබේ දරුවා! Muslims Killing Muslims: Syrian Shia Child who Watched Parents Killed has her Heart CutoutY
http://denethharinna.blogspot.com/2013/10/muslims-killing-muslims-syrian-shia.html
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
බෙංගාලි තලෙබාන්වරු බෞද්ධයින්ට පහර දෙති
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
මුසලු අන්තවාදයේ විශ්ව ව්‍යාප්තියේ මෙවර ගොදුර කෙන්යාව | නබිගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූවන්ට මරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_2869.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]