Pages

Friday, May 31, 2013

'ශ‍්‍රී ලංකා හමුදාව අක‍්‍රමණය කලේ දෙමළ නිජබිමයි' TNA ප්‍රකාශය හෙළා දකිනවා - JNP

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා විසින් යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් විමුක්ති අරගලයක් දියත් කළ බවත් ශ‍්‍රී ලංකා රජයේ හමුදා තම නිජබිම ආක‍්‍රමණය කරමින් එම විමුක්ති සංවිධානයත් එකී විමුක්ති අරගලයත් විනාශ කළ බවටත් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික  නිදහස් පෙරමුණ සිය විරෝධය පල කරයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පවසයි.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අනේකවිධ පීඩා මැද දිවි ගෙවූ උතුරේ ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ ජනතාවට මානුෂික මෙහෙයුමක් මගින් නිදහස ලබා දුන්නේ මෙරට ත‍්‍රිවිධ හමුදාව බව, ඉහත කී අන්දමේ ද්වේෂ සහගත ප‍්‍රකාශ කරන මාවෙයි සේනාධිරාජලාට අමතක වූවාට කෘතගුණ දත් උතුරේ දෙමළ ජනතාව කිසිදා අමතක නොකරන බව අපට විශ්වාසය. එසේම මාවෙයි සේනාධිරාජා මෙහිදී පවසා ඇත්තේ තම පක්‍ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ පසුගිය වකවානුව තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග අවබෝධයකින් සහ සහයෝගයෙන් කටයුතු කළ බවය.

ඒ අනුව එල්. ටී. ටී. ඊ. යේ මිනීමරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ අවබෝධය හා ආශිර්වාදය මත පෙරට ආ බව මාවෙයි සේනාධිරාජලා අද ප‍්‍රසිද්ධියේ පිළිගනිති. එසේම ඔවුන් අදද මෙසේ  බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීම කනගාටුදායකය.

දෙමළ හා මුස්ලිම් ජනතාව වෙසෙන තම නිජබිමේ අනවශ්‍ය ලෙස හමුදා කඳවුරු පිහිටුවමින් තම ජනතාවගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට රජය කටයුතු කරන බවත් ඒ සඳහා චීනයේ සහයෝගය ලැබෙන බවත් මෙම මාධ්‍ය හමුවේදී සේනාධිරාජා මහතා පවසා ඇත.

චීනයද ඈඳා ගනිමින් මෙවැනි ප‍්‍රකාශ කිරීමට සේනාධිරාජලා කටයුතු කරන විට පෙනී යන්නේ ඔවුන් මෙසේ කටයුතු කරන්නේ, මෙරට එදා මෙන්ම අදත් බෙදා වෙන් කිරීමට අවශ්‍ය බටහිර අධිරාජ්‍යවාදයේ සහ ඉන්දියාවේ උවමනාවට බවය.

මේ මොහොතේ මාවෙයි සේනාධිරාජලාගේ බෙදුම්වාදී උවමනාවත් බටහිර අධිරාජ්‍යවාදයේ හා ඉන්දියාවේ බෙදුම්වාදී උවමනාවත් සමපාත වී ඇත. මෙවැනි පටු ජාතිවාදී ප‍්‍රකාශ, මෙරට ජාතික සමගිය වෙනුවෙන් කැප වී සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් සියලූ ජනයා විසින් දැඩි සේ ප‍්‍රතික්‍ෂෙප කළ යුතු බවද සඳහන් කරනු කැමැත්තෙමු.

May 31, 2013 at 4:54 pm | lanka C news

දඹුල්ලේ පූජා භූමි සංවර්ධනයට එරෙහි උද්ඝෝෂණ පිටුපස ඇමැතිවරයෙක්

දඹුල්ල පූජා භූමි සංවර්ධන යෝජනාව පන්සලේ වැඩක් නොවන බවත් එය රාජ්‍ය වැඩපිළිවෙළක් බවත් ශ්‍රී ලංකාවේ පූජා භූමි සංවර්ධන ව්‍යාපෘති 25ක් ක‍්‍රියාත්මක බවත් දඹුල්ල පූජා භූමි සංවර්ධන යෝජනාව පන්සලේ වැඩක් බවට ප‍්‍රචාරය කරවීම කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් යැයි ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශ්වයේ මහානායක හිමියෝ පවසති.

උයන්වත්ත රජමහා විහාරයේ විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පවත්වමින් මහානායක හිමියෝ මේ බව පැහැදිලි කළහ.

එහිදී මහානාහිමියෝ මෙසේද පැවසූහ.

දඹුල්ල පූජා භූමි සංවර්ධන යෝජනාවලිය ආරම්භ කළේ 1982 වසරේදී. එය කඩින්කඩ සංවිධානාත්මකව අතරමග නවතා දැමුවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී වසරක කාලයක් තුළදී මෙම යෝජනාවලිය ක‍්‍රියාත්මක කරන්න නාගරික සංවර්ධන අධිකාරියට හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට භාර දුන්නා.

මේ පූජා භූමිය සංවර්ධනයට අයත් වන ඉඩම්වල පදිංචි අයට රජය වන්දි හා ඉඩම් දී තිබෙනවා. පසුව බොහෝ අය බලහත්කාරයෙන් පදිංචිවෙලා හිටියා. දැන් ඒ අයව ඉදිරියට දාගෙන මේ පළාතේ ඇමැතිවරයෙක් මේ සංවර්ධන කටයුතු කඩාකප්පල් කරන්න හදනවා.

May 31, 2013 at 10:15 am | lanka C news

කොළඹ නගරය අපට අහිමි වී තිබෙනවා. බඩට එන දරුවන් නැතිකරන වැඩ පිළිවෙළක් තිබෙනවා - කිරම විමලජෝති හිමි

දුෂ්කර ප‍්‍රදේශවල විහාරස්ථාන හා හාමුදුරුවරු ගැන සොයන්නට එනෙක් නැතයිද දෙදහස් පන්සිය වසරක් පවත්වාගෙන ආ බුදු සසුන හා ජාතිය උපක‍්‍රමශීලීව නැති කිරීමේ කුමන්ත‍්‍රණයක් ඇති වී ඇතැයිද නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති ස්වාමින් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ අක්මීමන තල්ගස්යාය  ශ‍්‍රී අශ්වස්ථාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ කොත් පැළදවීමේ උත්සවයේදීය.

එහිදී කිරම විමලජෝති හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

‘තල්ගස්යාය  අශ්වස්ථාරාම විහාරස්ථානයේ ත‍්‍රිවිධ චෛත්‍යන් තිබෙනවා. එය දායක පිරිසට විශාල සතුටක්. දුෂ්කර ප‍්‍රදේශවලට ගියාම අපේ විහාරස්ථාන හා හාමුදුරුවරු ගැන දුක හිතෙනවා. බුදු දහම වෙනුවෙන් අමාත්‍යංශයක් හා ඇමතිවරයෙක් සිටින මේ රටට වෙන්නෙ මොකද්ද කියා ප‍්‍රශ්නයක්. කොළඹ  නගරය අපට අහිමි  වී තිබෙනවා. නගර  ගණනාවක් අහිමි වෙමින් පවතිනවා. මේ රටේ දරුවන් අහිමි කරන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා. බඩට එන දරුවන් නැතිකරන වැඩ පිළිවෙළක් තිබෙනවා. අපේ රට ජාතිය බුදුදහම ආරක්ෂා කිරීම අපේ යුතුකමක් වගකීමක්’

May 31, 2013 at 9:42 am | lanka C news

මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් අධිකරණයෙන් තහනම්!!!

මඩකලපුවේ බෞද්ධ ඉදිකිරීම් සිදු කිරීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දෙමල ජාතික සන්ධානය විසින් ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගන මෙම අධිකරණ නියෝගය නිකුත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මඩකලපුව ශ‍්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වෙත ලබා දී ඇත.

සුමනරතන හිමියන් විසින් මඩකලපුව පිල්ලෙයාර් අඩි හන්දියේ ස්ථාපිත කිරීමට අදහස් කර සිටි බුදු කුටියකට එරෙහිව දෙමළ ජතාක සන්ධාන මහජන නියෝජිතයන් සහ පාක්‍ෂිකයන් විසින් පෙරේදා දිනයේ විරෝධතායක්ද පවත්වා ඇති අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ බුදු පිලිම තැන්පත් කර රට අල්ලන්න උත්සාහ කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන අම්පිටියේ සුමනරතන හිමියන් මේ සිද්ධියෙන් තමන් මහත් කම්පාවට පත්ව සිටින බවත් ගිනි තබා ගැනීම හෝ ගෙල වැලලාගැනීම හැර විකල්පයක් තමන්ට දැන් ඉතිරිව නැතැයිද කියා සිටිති.

May 31, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94919/


ප.ලි.
කුරගලින් මුසලු ඉඳිකිරීම් ඉවත් කරන ලෙස දී ඇති උසාවි නියෝග ක්‍රියාත්මක කරගැනුම වෙනුවෙන්, මුහුදු මහ වෙහෙරේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා සිටීම වෙනුවෙන්, දෙවනගල ඓතිහාසික උරුමය අම්ල යොදා වැනසීමට එරෙහිව, නැගෙනහිර මහ වෙහෙර දාගැබ් ඩෝසර් කර බිමට සමතලා කෙරුමට එරෙහිව, නීත්‍යානුකූල නොවන, තහනම් කළ 'හලාල්' බලහත්කාරයට එරෙහිව, නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

[
සබැඳි ලිපි -
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html

දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...

http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html

'හලාල්' සහතික නිකුත් කිරීම උලමා සංවිධානයට නීත්‍යානුකූල අයිතියක් නෑ – චම්පිකhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_15.htmlහලාල් සහතික නිකුත් කිරීම යනු උලමාවරුන්ට අයිති දෙයක්‌ නොවේ - දිවයින කතුවැකියhttp://www.divaina.com/2013/02/24/editorial.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html]

Thursday, May 30, 2013

සුබ උපන් දිනයක් අම්මේ..!

මගේ මුළු ජීවිතේම මා පිටිපස්සෙන් සෙවනැල්ලක් වගේ හිදපු මගේ අම්මගේ උපන්දිනය අදයි. මට මතක් වෙනවා ඉස්සර වගේම අදත් පොඩි ඔලුවේ කැක්කුමක් හැදුනත් සැරෙන් සැරේ ඔලුවට ඔඩිකොලෝන් ප්ලාස්ටර් දාලා එකට කැපවෙන හැටි. ඉස්කෝලේ යනකන් හැමදාම පාන්දර 2 ට නැගිටලා අය්යටයි මටයි බත් උයන හැටි. වෑන් එකට පරක්කු වෙන නිසා සපත්තු දෙක දාන ගමන් බත් කටවල් 2ක් කවා ගන්නත් මගේ අම්මට අමතක වෙන්නේ නෑ. ඒත් පොඩි පොඩි ඒවාට ටිකක් කේන්ති ගියාම අම්මට පොඩි සද්දයක් දන එකත් මට මේ වෙලේ මතක වෙනවා. ඒ නිසාද කොහෙද ඇස දෙක පොඩ්ඩක් තෙත් වෙලා තියෙන්නේ. අපි අම්මලට කොච්චර ආදරේ උනත් ඒක පෙන්වන්නේ නැහැ. ඒත් එයාලා ඒක බලාපොරොත්තු වෙනවා. අම්මලට සලකන්න වයසට යනකන් බලන ඉන්න එපා. ඒ වෙද්දී අපේ රත්තරන් අම්මලා ජීවත් වෙයිද දන්නේ නෑ. ඊට පස්සේ අපේ මුළු ජීවිතේම දුකෙන් ඉන්න වෙයි අම්මට සැලකුවේ නෑ කියලා. ඒ නිසා මම හැමෝගෙන්ම ඉල්ලනවා ඔයාලගෙත් රත්තරන් අම්මට පණවගේ හිතේ තියන ආදරේ ටිකක් පෙන්වන්න කියලා. ඒක තමයි අපි කරන්න ඕනේ එකම දේ. අපිට කවදාවත් ආර්ථිකමය ගැටළුවක් ඇති වෙන්න අපේ තාත්තා ඉඩ තිබ්බේ නෑ. කෑම බීම අඩුවකුත් තිබිලම නෑ. ඒත් සමහර වෙලාවට අපිට කවුරු හරි හිතවත්කමට ගෙනත් දෙන කෑමක්[වෙඩින් කේක් කැල්ලක් වගේ] කට්ටියටම මදි වගේ දැනුන වෙලාවල් තිබුනා. ඒ වෙලාවට මගේ අම්මා කියනවනේ "මේ මට නම් ඔය කේක් එපා. මම මේ ඕවා කන්නේ නෑ. බඩට හරි නෑ කියලා". මම හොදටම දන්නවා අම්මා ඒවාට කැමති කියලා. මේවා මතකක් වෙද්දී නිකන් පිස්සු වගේ. ඔයාලා හැමෝටමත් මේ වගේ අත් දැකීම ඇති. මතක තියා ගන්න දුප්පත්ම අම්මලා විතරක් නෙවේ හැම අම්මම දරුවා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා කියලා. කොයි අම්මගෙත ආදරේ එකයි. තද උනාම දරුණු ඒවා කියල බැන්නට උයලා ඉවර උන ගමන් කෑම හරි කියල කියන්නත් මේ අම්මා කියන දෙව්දුවට පුළුවන්. අයෙත් කියන්නේ ඔයාලා හැමෝම අම්මට ආදරේ කරන්න. ඒක පෙන්වන්න.

අද වැනි දිනකදී ඉපදුනේ මගේ පෙම්බර අම්මා...
දුකක් මිසක් නැහැ සැපතක් වින්දේ මගේ අම්මා..
නොකළ දෙයක් වේද මා හට මැණිකයි මගේ අම්මා..
යළිත් වෙතොත් උපතක් මට, ඔබයි එදත් මගේ අම්මා...

උපුටා ගැනුම | දිනේෂ් මධුරංගගේ මුහුණු පොතෙන්
http://www.facebook.com/photo.php?fbid=10151124800786896&set=a.273400251895.144694.572786895&type=1&theater

බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතය

වහා නියෝගයක් ලබාගෙන කොළඹින් පිටුවහල් කළ බෝවත්තේ හිමියන්ගේ දේහය එවැනිම නියෝගයක් ලබාගෙන උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අවසන් කළේ නියමිත දිනයටද කලිනි. 
මෙකී සිදුවීම් දෙස නිරීක්ෂණාත්මක ඇසකින් බැලූ විට ලියුම්කරුට පෙනී ගිය කරුණක් නම් ආරක්ෂක අංශ මගින් දැඩිව ග්‍රහණය ගනු ලැබූ ලංකාවේ පළමු ආදාහන පූජෝත්සවය එය බවය.ලියුම්කරු අසා දැක තිබෙන ආකාරයට අධිකරණ තීන්දු ලබා ගන්නේ දරුණු ගණයේ අපරාධකාරයකු මියගිය පසු ඔහුගේ අවසන් කටයුතු කිරීමටය. එහෙයින් බෝවත්තේ හිමියන් දරුණු අපරාධකරුවන්ගේ ලැයිස්තුවක නම තිබුණු චරිතයක්ද යන විචිකිච්ඡාවද ඔහුට ඇති වූයේ වරක් දෙවරක් නොවේ. ප්‍රභාකරන් නමැති අංක එකේ අපරාධකාරයාගේ මළසිරුර රටට දැක ගැනීමට හැකි වුවද ඔහුගේ දේහයට කළ දෙයක් අප නොදන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වීම වළක්වා ගැනීමට ආරක්ෂක අංශ මගින් ඊට කළ යුත්ත කළ බැවිනි.
බෝවත්තේ හිමියන්ගේ අපවත් වීම මුල් කරගෙන රටේ කලබලකාරී ගැටුම්කාරී ස්වභාවයක් ඇති වීමට ඉඩ තිබුණු හෙයින් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඉක්මන් කිරීමට ආරක්ෂක අංශ ප්‍රයත්න දැරුවා විය හැකිය. රටේ යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ආරක්ෂක අංශවලට යුතුකමක් තිබෙන බවට සැකයක් නොමැත.
එහෙත් එවැනි ආකාරයේ ගැටුම් ඇතිවීමට ඉඩ තිබුණේ ඒ හිමියන්ගේ ගිනි තබාගැනීමේ සිද්ධිය සැලවූ සැණිනි. එවැනි තැනකට බෞද්ධයන් යොමු  නොවූයේ ඉන්දරතන හිමියන්ගේ ජීවිත හරණයෙන් බෞද්ධයන්ගේ ආධ්‍යාත්මයට යම් ගැඹුරු බලපෑමක් ඇති වූ හෙයිනි. එහෙයින් බෞද්ධයෝ සංවේගයට පත්වූහ. කෝප නොවූහ. යම් ප්‍රකෝපකාරී අරමුණක් වෙනුවෙන් සියදිවි නසා ගන්නේ නම් එහි අනෙක් පැත්ත වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.
උන්වහන්සේ ආත්ම හරණයට පෙර ඉදිරිපත් කළ ලිපියෙහි වූයේ සාධාරණ ඉල්ලීම් කිහිපයකි. එසේම ආත්ම හරණයට පළමුව ඉන්දරතන හිමියෝ දළදා හිමියන් වැඳ පුදා ගනිමින් එම ලිපිය භාර කළහ. ගින්නෙන් දැවි දැවී උන්වහන්සේ අවධාරණය කළේද තමන් වහන්සේගේ ඉල්ලීම්ය. ඉන්දරතන හිමියන්ගේ දේහය බොරැල්‍ලේ ජයරත්න මල් ශාලාවට ගෙන ආ විට යම් කලබලකාරී තත්ත්වයක් ඇතිවූයේ සිංහල බෞද්ධ සංවිධාන කීපයක් මගින් ඉදිරිපත් කරනු ලැබූ සාධාරණ ඉල්ලීමක් නොතකා ‍පොලීසිය හොර පාරෙන් දේහය පැන්නූ හෙයිනි.
දේහය කොළඹින් රත්නපුරේට ගෙන යාමේ උසාවි නියෝගයක් අතේ තබාගෙනම ‍පොලීසිය වංචාකාරී ලෙස හැසිරුණේය. යථාර්ථය පැහැදිලි කර දේහය රැගෙන යාමට ඉඩකඩ තිබුණි. බෞද්ධ සංවිධාන ඉල්ලුවේ පැය තුනක පමණ කාලයක් දේහය කොළඹ තබාගෙන අවසන් ගෞරව දැක්වීමට ඉඩදී එය රැගෙන යන ලෙසය. එහෙත් ඒ ඉල්ලීම නොතකා හැරීම නිසා යම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. ‍පොලීසිය හා හාමුදුරුවන් අතර ගැටුමක් ඇති වූ බව කුණු පුවත්වලින් හෝ ජනප්‍රිය වීමට කැමැති එක්තරා පුවත්පතක් වාර්තා කළද එය අමූලික මුසාවාදයකි. එවැනි කිසිදු ගැටුමක් ඇති නොවීය. ආවේගශීලී තරුණයකු ලියුම්කරු සමග පැවැසුවේ ස්වාමීන් වහන්සේගේ දේහය කොළඹ ස්ථානයක පැය 3ක් හෝ තබාගෙන අවසන් ගෞරවය දැක්වීමට ඉඩ දුන්නේ නම් බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට කොල්ලුපිටිය මංසන්දියට විරෝධාත්මක ගමනක් ඒමට සිදුනොවන බවය. අනෙක් කරුණ නම් එතැනට පැමිණ සිටි සිංහල බෞද්ධ සංවිධාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා ඒ වෙනුවට පත්කර ගත හැකි බෞද්ධ හිතවාදී නායකයකු හෝ කණ්ඩායමක් නොමැති බව මැනවින් දනී. ජ.වි.පෙ. හෝ එ.ජා.ප.ය පත්කර ගැනීමෙන් සිංහල බෞද්ධයාට අමුතු සෙතක් නොවන බවද එම සංවිධාන නියමුවෝ දනිති. 
මේ අතර බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව පිළිබඳ විවිධ විනිශ්චයන් මේ වනවිට ඉදිරිපත් වී තිබේ. සමහරු එය බුදු දහමට පටහැනි ප්‍රාණ ඝාතයක් යැයි කියති. එසේම භික්ෂුවට අයෝග්‍ය  වැඩක් යැයි තවත් සමහර දැඩි වාචික විනයවාදීහු එය හෙළා දකිති. මෙම ලිපිය ලිවීමට සුළු වේලාවකට පෙර ලියුම්කරුට හමු වූ බොදු උවැසියක් පැවැසුවේ බෝවත්තේ හිමියන් පන්සිල් පද පහවත් නොදන්නා බවත් ගවයන් ආදී සතුන් සිටින්නේ අපගේ ආහාරය පිණිස බවත්ය. ලියුම්කරු ඊට වඩා යමක් ඒ ගැන කතා නොකළේ ආණ්ඩුවට කෝකටත් තෛලයක් සේ පිහිටවන සුද්ධ වන්තයකු බෝවත්තේ හිමියන් ජීවිතය පූජා කළේ හරකුන්ටදැයි අසා තිබුණු හෙයිනි.
තවත් තැනෙක ප්‍රශ්න කර තිබුණේ බුදුරජාණන් වහන්සේ චුන්ද සූකරිකයාගේ ඌරු සංහාරයට එරෙහිව ක්‍රියා මාර්ගයක් නොගැනීමය.  බුදුන් වහන්සේ කල බෞද්ධ රාජ්‍යයක් හෝ බහුතර බෞද්ධ ප්‍රජාවක් නොවීය. එහෙයින් මස් කඩවලට එරෙහිව රාජ්‍ය මට්ටමින් ක්‍රියා මාර්ග ගැනීමේ පසුබිමක් නොවීය. එහෙත් භාරතය බෞද්ධ රාජ්‍යයක් කළ ධර්මාශෝක රජතුමා සත්ව ඝාතනය සපුරා තහනම් කළ බව හෝ එය රජතුමා අනුභව කරමින් සිටිය මුවමස් කෑල්ල පවා කෑම නතර කළ බව මේ ඊනියා සුද්ධ වන්තයෝ නොදනිති.
ලියුම්කරු දන්නා තරමට කවුරු අමතක කළත් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයකි. සිංහල බෞද්ධ රාජ්‍ය සකස් විය යුත්තේ බෞද්ධ මූලධර්ම පදනම් කරගනිමිනි. එපමණක් නොව මෙහි නිවැසි බොහෝ බෞද්ධයෝද, හින්දු බැතිමත්මතුන්ද, මධ්‍යස්ථ නිර්මාංශකයෝද ගව මස් නොබුදිති. එහි අර්ථය බහුතරය ගව මස් අනුභව නොකරන බවය. එහෙයින් ගවයා මැරීම මෙරට තහනම් කරන්න යැයි ඉල්ලීමක් කිරීමට ඒ බහුතරයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත.
ගව ඝාතනය නතර කිරීම ඉන්දරතන හිමියන්ගේ එක් ඉල්ලීමක් පමණි. උන්වහන්සේ තවත් ඉල්ලීම් 4ක් ඉදිරිපත් කළ බව බොහෝ අය අමතක කරති. අද මෙරට බෞද්ධයාගේ දුගී කම සහ වෙනත් අසරණකම් උපයෝගී කරගෙන බෞද්ධයන් ක්‍රිස්තියානි කරණයට හා මුස්ලිම් කරණයට ලක් කිරීමේ සදාචාර විරහිත ව්‍යාපෘති හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවද රහසක් නොවේ. පුවත්පතක දැන්වීම් අතිරේකය සතිපතා නිරීක්ෂණය කරන්නෙකුට ඈත ගම්වල බෞද්ධයන් පවුල් පිටින් මුස්ලිම් ආගමට හරවා ගන්නා ආකාරය දැකිය හැකිය. අලි මදිවාට කොටි කිව්වා සේ ක්‍රිස්තියානි පල්ලි කල්ලි මදිවාට මුස්ලිම් පල්ලි කල්ලි බෞද්ධ සමාජය ආක්‍රමණය කරමින් සිටී.
ජෙඩා නුවර පදනම් කරගත් ඉස්ලාම් පර්යේෂණ, ආගමික විධාන දේශන හා මඟපෙන්වීම පිළිබඳ ආයතනයේ සභාපති කාර්යාලය (Presidency of Islamic Research, Religious Ruling, Preaching and Guidancel) 1991 වර්ෂයේදී ඉස්ලාමයට ලෝකයේ විවිධාකාර රටවලින් හරවා ගත්තවුන්ගේ සංඛ්‍යා ‍ලේඛනයක් නිකුත් කළ අතර 1992.10.26 ජෙඩා නුවර ඇරබි නිවුස් නමැති පත්‍රයේ පළවූ එහි වාර්තාව මෙසේය.

පිලිපීන - 1046
ශ්‍රී ලංකා - 162
ඉන්දියානු - 120
තායි - 38
ඇමරිකන් - 23
ඊජිප්තු - 11
බ්‍රිතාන්‍ය - 10
එරිත්‍රියා  - 10
ප්‍රංශය - 05
ලෙබනන් - 05
කොරියා - 03
බංග්ලාදේශය - 03
ඕස්ට්‍රේලියාව - 03
එතියෝපියා - 02
අයර්ලන්තය - 01
ඩොමිනිකන් රාජ්‍යය - 01
කැනඩා - 01
සැම්බියා - 01
ජර්මනිය - 01
මැ‍ලේසියා - 01
කෙන්යා - 01

අපේ කුඩා රට මේ ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වී තිබෙන ආකාරය ඔබට දැකගත හැකිය.
ඒ 1991දීය. දැන් ලංකාව ලැයිස්තුවේ මුල් තැනට පත් වී තිබෙන බවට සැකයක් නොමැත. ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් මගින් ඩැහැ ගන්නා ප්‍රමාණය අප්‍රකටය.
ඉන්දරතන හිමියෝ ගව ඝාතනයට සේම ආගමික ආක්‍රමණයද එරෙහිව සටන් කළහ. ඒවා ගැන ප්‍රබල හඬක් නැගූහ. එහෙත් බලධාරීන් ඒවාට දෙන විසඳුමක් නැත. ඒ හිමියන් ජීවිත හරණය කරන තැනට පත්වූයේ බෞද්ධ සමාජයේ ප්‍රශ්න විසඳා ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීමේ විපාකයක් හැටියට බව උන්වහන්සේට එරෙහිව සදාචාර විනිශ්චයන් ඉදිරිපත් කරන අය අමතක කරති. අහස පරයා දාගැබ්, බුදු පිළිම, මහා විහාර මන්දිර හැදුවාට බෞද්ධ සමාජයේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. යටත් විජිත යුගවලදී බෞද්ධයාට වූ අයිතිවාසිකම් කඩවීම් වලට සරිලන විසඳුමක් තවම ලැබි නැත. 
එදා බ්‍රිතාන්‍යයෝ උඩරට සිංහලයාගේ ඉඩම් පැහැරගෙන තේ වවා ඒවායේ ඉන්දියානු දෙමළ ජනයා පදිංචි කළහ.

දැන් ඒ වතුකරයේ හිස් ඉඩම්වල සිංහල පවුල් පදිංචි කිරීමට සූදානම් වන විට වතුකරයේ දෙමළ නායකයෝ අවි අමෝරා ගනිති.
1956 සිට 2013 දක්වා සිංහල බෞද්ධයා වෙනුවෙන් කොමිෂන් සභා පත් කරති. එහෙත් සැබෑ අර්බුදය විසදුණේ නැත. 71 සහ 88 - 89 අවි අතට ගත්තේද සිංහල බෞද්ධ පවුල්වල තරුණ තරුණියන් බවද අමතක නොකළ යුතුය. සිංහල බෞද්ධ පිරිස් එවැනි ව්‍යාපාරවලට හසු වූයේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබුණු හෙයිනි. සිංහල බෞද්ධයාගේ ප්‍රධාන ජීවන මාර්ගය ගොවිතැනය. එහෙත් අද ගොවිතැන සිංහල බෞද්ධයාට මළ ගමක් වී තිබේ. බෝවත්තේ හිමි ඒ නොවිසඳුණු සිංහල බෞද්ධ අර්බුදය අතරින් මතු වූ චරිතයකි. මෙලොව නිදොස් කෙනෙක් නොමැත. සමහරු ඒ හිමියන් ජීවිත හරණය කළ පසු විවිධ වැරදි ලැයිස්තු ඉදිරිපත් කරති. උන්වහන්සේ කහවත්තේ ඝාතන රැල්ලට සහ හොර හරක් ජාවාරමට එරෙහි වීම නිසා දේශපාලනඥයන්ගේ උදහසට ලක් වූ බව ඔවුහු අමතක කරති. 
එසේම මේ රටේ අපූරු ‍පොලීසියට වැරදි මතක් වන්නේ උන්වහන්සේ අපවත් වූ පසුවය.
බෝවත්තේ හිමියන්ගේ සහෝදරයෙක් කොටින්ට එරෙහිව ඉදිරි ආරක්ෂක වළල්‍ලේදී ජීවිත පූජා කළේය. ඒ ගැන කිසිවෙක් හෝ කතා නොකරයි. උන්වහන්සේ පැවැත එන්නේ එවැනි රටට දැයට හිතැති පවුලකිනි.
එසේම බෝවත්තේ හිමියන් අනුකරණය කරමින් අනෙක් ස්වාමීන් වහන්සේලා කළ යුත්තේ ජීවිත හරණය කිරීම නොව සිංහල බෞද්ධ සමාජයේත් සමස්ත රටේත් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එක හඬක් නැගීමය. සියලු භේද අමතක කර මහා සංඝයා හැටියට අවදි වීමය.
බෝවත්තේ හිමියන්ගේ ජීවිත හරණයෙන් ලැබෙන සංඥාව එයයි. ආණ්ඩුවද සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් ආරම්භ කර බුදු සසුන සිංහලයාත් රැක ගැනීමට වහා 
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එසේ නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තිබුණු පමණින් බුදු සසුනත් රැකෙන්නේ නැත. එසේම ආණ්ඩුවට කඩේ ගිය පමණින් බුදු සසුන රැකෙන්නේ නැත.
ඇති හැකි සිංහල බෞද්ධ ධනපතියෝද ආදායමක් තිබෙන විහාරස්ථානද දුගී බෞද්ධයන්ගේ සමස්ත සංවර්ධනය සඳහා ධනය, කාලය, ශ්‍රමය වැය කළ යුතුය. එසේම බෝවත්තේ හිමි අඟහරු ලෝකයෙන් පැමිණ ජීවිත හරණ නොකළ බව උන්වහන්සේට වෙන්කර පහර දෙන සුපරිශුද්ධ, අතිශුද්ධ, සුධවල, සුචිත්‍ර, ශික්ෂා ගරුක සුද්ධවන්තයෝ වටහාගත යුත්තෝය. 

බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය සුද්ධ වන්තයන්ගේ හස්ත දෝවනය
වරුණ අබේසේකර - රතු පෑන - 
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=10694:2013-05-29-18-08-20&catid=73:2013-05-17-07-39-41&Itemid=97

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

ක්‍රි.පූ. 2 සියවසට අයත් ලෝකඩ සමාධි බුදු රුවක් සහ පැන් බඳුන් 2ක් අනුරපුරයෙන් මතුවේ!

කහටගස්දිගිලිය හෙට්ටිකට්ටියේ තම්මැන්නා කන්ද චෛත්‍යයේ  කැනීම්වලදී සෙන්ටිමීටර හය හමාරක පතුල සහිත ලෝකඩ  සමාධි පිළිම මුද්‍රාවක් හා ලෝකඩ පැන් භාජන දෙකක් සොයා ගත් බව මැද පළාත් පුරා විද්‍යා සහකාර කොමසාරිස් චිත්‍රානි මල්කාන්ති මහත්මිය කියයි.

එම චෛත්‍ය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත්යැයි අනුමාන කෙරේ.

කණිෂ්ට තිස්ස හා මහල්ලක නාග යන ප්‍රාදේශීය පාලකයන් දෙදෙනා මෙම චෛත්‍ය ඉදි කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ කියති.
ඉපැරණි පැන් බඳුනක් රජරටින්
http://www.lankadeepa.lk/index.php/articles/129546

[
සබැඳි ලිපි -
]

කළුතර බෝධියෙන් මොණරාගලට මහ පින්කමක්

මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඈත දුෂ්කර විහාරස්ථාන 130ක වැඩ වෙසෙන භික්ෂුන් සඳහා අටපිරිකර පූජාවක් සහ එම විහාරස්ථාන ගොඩනැගීම සඳහා මූල්‍යාධාර පිරිනැමීමට කළුතර බෝධි බාරකාර මණ්ඩලය ඉදිරිපත් වී සිටී.

මොණරාගල වැලියාය සිරි පියරතන පිරිවෙනේදී එම පූජාව සිදුවිය.
මොණරාගල රාජ්‍ය වෙසක් උත්සවය හා ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ දිනය නිමිතිකර ගනිමින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙම පිංකමට දායකත්වය දුන්නේය.

මෙම පිංකම සඳහා කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ වර්තමාන සභාපති අජිත් ද සොයිසා, අෂාන් ද සොයිසා, විවේන්ද්‍ර ලංකා තාටවෙල මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත් ද සොයිසා, මහතා පැවසුවේ, අග නගරය ප‍්‍රධාන කර ගනිමින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය විවිධ පිංකම් සිදු කර ඇතත්, ප‍්‍රාදේශීය වශයෙන් මෙවැනි පිංකමක් සංවිධානය කළ ප‍්‍රථම අවස්ථාව මෙය බවයි. ඉදිරියේදී මෙවැනි පින්කම් වෙනත් දුෂ්කර දිස්ත‍්‍රික්කවල ද සිදුකිරීමට කළුතර බෝධිභාර කාර මණ්ඩලය බලාපොරොත්තු වන බව ඒ මහතා තවදුරටත් පැවසයි.
මෙම පිංකම සඳහා වැඩම කළ මොණරාගල දිස්ත‍්‍රික්කයේ දුෂ්කර විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දිවා දානය ද පිරිනැමීමට කළුතර බෝධිභාර මණ්ඩලය කටයුතු කළේය. ඊට අමතරව වටිනා ධර්ම පුස්ථක ප‍්‍රධානයක් ද එම විහාරස්ථාන ගොඩනැගීම සඳහා එක් විහාරස්ථානයකට රුපියල් දස දහස බැගින් මුදල් ප‍්‍රදානයක් ද සිදු කෙරිණි.

මෙම පිංකම මොණරාගල වැලියාය සිරි පියරතන පිරිවනේ පරිවේනාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය කන්දඋඩ පංගුවේ සුධම්ම නායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම පිංකම සංවිධානය කර තිබුණේ මොණරාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාිරී පූජ්‍ය බුද්දම නන්දසාර හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
මෙම උත්සව අවස්ථාව සඳහා මොණරාගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

http://www.lankadeepa.lk/index.php/articles/129438

ඉන්ද්‍රරතන හිමිගේ ජීවිත පූජාව වැරදිනම් බෝසතුන් හා සිරිසගබෝ රජුත් වැරදියි

බුදු දහම නොදන්නා ස්වාමීන් වහන්සේලා ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ජීවිත පූජාව සිය දිවි හානිකර ගැනීමක් පාපකර ක‍්‍රියාවක් ලෙස හදුන්වන බවත් අබෞද්ධයන්ට නොවැටහුණද මෙය උත්තම පූජාවක් බවත් ඉන්ද්‍රරතන හාමුදුරුවන් වැරදි නම් බෝසතාණන් වහන්සේද සිරිසගබෝ රජතුමන්ද වැරදි බවත් මෙම සිදුවීම ඉච්ජා භංගත්වය  නිසා සිදුවූ සිය දිවි නසා ගැනීමක් නොව සමාජයේ පොදු යහපත උදෙසා කරන ලද  ජීවිත පූජාවක් බවත් බස්නාහිර  පළාත් අමාත්‍ය උයද ගම්මන්පිල මහතා පැවසීය.

ගම්මන්පිල මහතා මෙසේද පැවසුවේය.

‘බෝසත්  චරිතයෙන් පෙළඹවීම  ලබාගෙන මහායාන ලෝකය තුළ ජීවිත පූජා කර තිබෙන බවත් ක‍්‍රි. ව. 306 දී චීනයේ ෆායු භික්ෂුව එරට ප‍්‍රාදේශීය රජුන්ගෙන් බුදු දහමට එල්ලවන බලපෑමට විරෝධය දක්වමින් ජීවිත පූජා ජළ බවත් ක‍්‍රි. ව. 547 දී චීනයේ ජූජෝවල සිටි අධිරාජ්‍යයා බුද්ධාගම තහනම් කිරීම නිසා භික්ෂූන් පස්නමක් සිවුරට ගිනි තබාගෙන ජීවිත පූජා කළ බවත් මෑත කාලයේදී වියට්නාමයේ ඞීම් නම් කතෝලික ජනාධිපති 90‍්‍ර ක් වූ බෞද්ධයන්ට තාඩන පීඩන එල්ල කිරීම හේතුවෙන් ක්වාන් ඩක් භික්ෂුව 1963 ජුනි 11 දින ඉන්ද්‍රරතන හිමියන් මෙන් සිවුරට පෙට්රල්  වත්කර ගෙන ගිනි තබාගැනීමෙන් ජීවිත පූජා  කළා’

May 30, 2013 at 2:33 pm | lanka C news

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

ගිනි තියාගන්න ඕනෑ හාමුදුරුවරු ජීවත් වෙද්දී ජීවත් වෙන්න ඕනෑ හාමුදුරුවරු ගිනි තියා ගන්නවා - රාවණා බලය

‘ගිනි තියාගන්න  ඕනෑ හාමුදුරුවරු ජීවත් වෙද්දී, ජීවත් වෙන්න  ඕනෑ හාමුදුරුවරු ගිනි තියාගන්නවා’ යනුවෙන් රාවණා බල සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.

‘මේ රටේ සමහර හාමුදුරුවරු උදෙ දානය වළඳලා දවල් දානය වළඳන ආකාරය ගැන කල්පනා කරනවා විතරයි. රට ජාතිය ගැන කැක්කුමක් නෑ. ඔවුන් දන්නේ අපව විවේචනය කරන්න විතරයි.

බෝවත්තේ ඉන්දරතන හිමි හොඳ නිර්භීත ශක්තිමත් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ජීවත්වෙන්න  ඕන හිමිනමක්. උන්වහන්සේ තීරණය කළ එක දෙයක් තියෙනවා. ඒ ගව ඝාතනය නතර කළ යුතුයි කියන ස්ථාවරයේ උන්වහන්සේ සිටියා. අපි රාවණා බල සංවිධානය ලෙස ගව ඝාතනයට එරෙහිව නැගී සිටිනවා. ඒ පිළිබඳව ඉදිරියේදී බලාගන්න පුළුවන්’ යැයි උන්වහන්සේ තවදුරටත් ප‍්‍රකාශ කළහ.

May 30, 2013 at 11:53 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94886/

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තියෙන සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ වෙලා - මැදගොඩ අභයතිස්‌ස හිමි

බරපතළ ප්‍රශ්නයකට සිංහල ජාතිය මුහුණ පා තිබෙන යුගයක්‌ තවත් වසර තිහක්‌ හතළිහක්‌ යන කොට ඔබට එය තේරෙයි. සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ බවට පත්වෙලා තිබෙනවා යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි මාතරදී පැවැසූහ.

මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ දහතුන් වැනි ශිෂ්‍ය කණ්‌ඩායමේ සිසුන් දහසක්‌ වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි. මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ආරාධනාවෙන් උන්වහන්සේ මෙම උත්සවයට සහභාගී වූහ.

උන්වහන්සේ මෙසේද කීහ.

මේ කතාව කිව්වට සමහරු කියයි මම ජාතිවාදී කතාවක්‌ කරනවා කියලා. එහෙම නැහැ. මම කියන ගාන හදලා බලන්න සිංහල මිනිස්‌සු තව කොපමණ කාලයක්‌ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා.

මෙම වතාවේ ජන සංගණනය එක්‌ක ගත්තාම අපට දැක ගන්නට ලැබුණා සිංහල මිනිස්‌සු එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ මේ රටේ ඉන්නවා කියලා. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයෙන් සියයට හැටක්‌ ඒ කියන්නේ ලක්‍ෂ 80 ක්‌ ඉන්නේ වයස අවුරුදු 40 පැනපු අය. කාන්තාවෝ ගත්තොත් දරුවන් නහදන සහ නොහැදෙන අය ලෝක ධර්මතාවය මත තව වසර 40 ක්‌ ඇතුළත ලක්‍ෂ 80 ක්‌ මියයා යුතුයි. ඉතුරුවන්නේ ලක්‍ෂ පනහයි. මෙම ලක්‍ෂ පනහ අතරේ සිටින අවුරුදු 39 කෙනෙක්‌ට තවත් වසර 40 කින් අවුරුදු හැත්තෑනවයක්‌ වෙනවා. මෙම ලක්‍ෂ පනහෙන් භාගයක්‌ ඉන්නේ පිරිමි කියලා හිතුවොත් කාන්තාවන් ඉන්නේ ලක්‍ෂ 25 යි. ඒ ලක්‍ෂ විසිපහෙනුත් ලක්‍ෂ පහක්‌ විතර මේ වන විට වඳ සැත්කම් කරගෙන. රටේ නීතිය මත වයස අවුරුදු 26 ක්‌ ඉහළ විවාහක කාන්තාවන්ට එල්. ආර්. ටී. සැත්කම කරන්න පුලුවන්. ඒ කියන්නේ ලක්‍ෂ විස්‌සයි කාන්තාවන් ඉන්නේ.

කාන්තාවන් ලක්‍ෂ විස්‌සෙනුත් ලක්‍ෂ දහයක්‌ ඉන්නේ අවුරුදු 20 ට අඩු අය ඒ කියන්නේ විස්‌සට වැඩි අය ඉන්නේ ලක්‍ෂ දහයයි. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ සිංහල මිනිසුන්ගෙන් ලක්‍ෂ දහයයි දරුවන් හදන්න පුලුවන් මට්‌ටමේ සිටින කාන්තාවන් ඉන්නේ. ඔය ලක්‍ෂ දහයෙන් කී දෙනෙකුටද දරුවෝ ලැබෙන්නේ. දරුවන් හදා ගන්න දවසට කාන්තාවන් කීදෙනෙක්‌ චැනල් කරනවද? ඒත් දරුවන් නැහැ. එතකොට දරු ඵලදාව තිබෙන අය ඉන්නේ ලක්‍ෂ 8 යි. ඒ විදියට ගත්තම වසර හතළිහක්‌ තුළ ලක්‍ෂ අසූවක්‌ මැරෙන්න ඉන්නවා. එතකොට එක කාන්තාවක්‌ දරුවන් දහයක්‌ බිහිකළොත් පමණයි යන්තම් සිංහල ජාතිය දැන් සිටින ගාන පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.

ලක්‍ෂ අටක්‌ දරුවන් හදන්න පුලුවන් කියන යථාර්ථයක්‌ එක්‌ක හෙට දවසේ ලක්‍ෂ අසූවක්‌ මැරෙනකොට ලක්‍ෂ පනහක්‌ නාකිවෙලා ඉන්න කොට එක්‌කෙනා දරුමල්ලන් පස්‌දෙනා ගානේ හැදුවත් ලක්‍ෂ හතළිහයි හදන්න පුලුවන් වන්නේ. ඒ කියන්නේ මියගිය ලක්‍ෂ අසූවෙනුත් භාගයයි උපදින්නේ. මේ නිසා සිංහල ජාතියට ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙය වහාම තේරුම්ගත යුතුයි.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

තව දහස් ගණන් භික්‍ෂුන් ගිනි තබා ගැනීමට ඉදිරිපත් වෙනවා - ඥානසාර හිමි

ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැනි රටට අහිතකර තීරණ ගැනීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ගිනි තබා ගැනීමට බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි භික්ෂූන් වහන්සේ සහ දහස් ගණන් ජනතාව ඉදිරිපත් වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

උන්වහන්සේගේ උත්තම ජීවිත පූජාව සියදිවි නසා ගැනීමක් බව කියමින් අවමානයට පත් නොකළ යුතු බවත්, ගව ඝාතනයට විරෝධය පමණක් ඉස්මතු වුවද, උන්වහන්සේ ජීවිතය පූජා කළේ ජාතික වශයෙන් සහ ශාසනික වශයෙන් වැදගත් කරුණු පහක් මුල් කරගෙන බවත් උන්වහන්සේ පැවැසූහ.

එහෙත් මාධ්‍ය මගින් ගව ඝාතන විරෝධය මුල්කර ගනිමින් උන්වහන්සේ ජීවිතය පූජා කළා යැයි ප‍්‍රචාරය කිරීම උන්වහන්සේට සිදු කළ බලවත් අසාධාරණයක් යැයිද ඒ හිමියෝ පැවැසූහ.

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ මරණයේ වගකීමෙන් ආණ්ඩුවට මිදිය නොහැකි බවත් ගොඩනැගිලි සෑදීම නතර කර දැන්වත් රටට ආදරය ඇති මිනිසුන් බිහිකළ යුතු බවත් ඥානසාර හිමියෝ ප‍්‍රකාශ කළහ.

May 29, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94852/

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

අධිරාජ්‍යවාදීන් පවරාගත් වතුකරයේ සිංහල ඉඩම් තාවකාලිකව සිංහලයන්ට බෙදා දීමට දමිල නායකයෝ එරෙහි වේ

වතුකරයේ වගාකර නැති හා ප‍්‍රයෝජනයට  නොගෙන අත්හැර දමා ඇති වැවිලි ඉඩම් අක්කර විසිපන්දහසක් පමණ ප‍්‍රමාණයක සිංහලයන් පදිංචි කිරීමට පියවර ගැනීම කෙසේවත් අනුමත කළ නොහැකි කරුණක් බව වතු කම්කරු වෘත්තීය සංගම් තුනක් නියෝජනය කරන දේශපාලඥයින් තිදෙනෙක් අවධාරණය කර ඇත .

ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප සභාපති නුවරඑළිය  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතිඥ  පී. රාජතුරෙයි කදුරට ජනත පෙරමුණේ දේශපාලන  අංශ නායක නුවරඑළිය  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වී. රාධා ක‍්‍රිෂ්ණන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී  ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු ඊට දැඩි විරෝධය පළකරමින් ඉහත ප‍්‍රකාශය කර තිබේ.

වතුකරය තුළ  ප‍්‍රයෝජනයකට ගෙන නොමැති හිස් ඉඩම් සියල්ල වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන් හට අක්කර දෙක බැගින් බෙදා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2011 වසරේ ඉදිරිපත් කළ අයවැය කතාවේදී පොරොන්දු වී ඇති බව සදහන් කරන මෙම පිරිස ඊට වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන් දොලොස්දහස් පන්සියයක පිරිසක් තෝරාගන්නා බවද සදහන් කර ඇතත් එය  මේ වන විට සිංහල අයට පමණක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බවට තමන්ට  දැන ගැනීමට ලැබී ඇති බවද මෙම ප‍්‍රවෘත්ති සාකච්ජාවේදී ඔවුහු හෙළෙ දරව් කොට තිබේ.

තත්ත්වය මෙසේ වුවහොත් එවැන්නකට කිසිදු අයුරකින් සහය නොදෙන බව සදහන් කර ඇති මොවුහු එසේ වුවහොත් වතුකරය තුළ ඇතිවිය හැකි නොසන්සුන්කාරී තත්ත්වය වළක්වාගත නොහැකිවනු ඇති බව අවධාරණය කර තිබේ.

May 29, 2013 at 10:14 am | lanka C news

ප.ලි.
කුලී කාරයන් ලෙස ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ දමිළ කම්කරුවන්ගේ තර්ජනය කෙසේද?
අධිරාජ්‍යවාදීන් බලෙන්ම පවරාගත් පාරම්පරික සිංහල ඉඩම් තාවකාලිකව සිංහලයන්ට බෙදා දීමට විරුද්ධ වීමේ සදාචාරාත්මක අයිතිය කුමක්ද? සහජීවනය උරුම සිහලුන්ට පමණද?

Wednesday, May 29, 2013

"ඇමරි-යුරෝ-තමිල්නාඩු බර්ගරය" - දිවයින කතුවැකිය

ඉන්දියාව අපේ මිතුරෙකි. එය සතුව පවත්නා බොහෝ දේ අපට නැත. එසේම, අප සතුව පවත්නා එක දෙයක්‌ද තවමත් එයට නැත. ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදය මුළුමනින්ම පරාජය කළ රටකි. ඉන්දියාව ලෝකයේ බොහෝ රටවල් මෙන්ම තවමත් ත්‍රස්‌තවාදයෙන් බැටකන රටකි.

මේ ඊයේ පෙරේදා එහි චැටිස්‌ගාර් ප්‍රාන්තයේ කොංග්‍රස්‌ පක්‍ෂ නායක නාන්දිකුමාර් පටෙල් මහතාද, ඔහුගේ පුත් දිනේෂ් පටෙල් මහතාද ඇතුළු කොංග්‍රස්‌ පාක්‌ෂිකයන් 27 දෙනකු එම ප්‍රාන්තයේදීම මරා දමන ලද්දේ මාවෝවාදී ත්‍රස්‌තවාදීන් විසිනි. මාවෝවාදී ත්‍රස්‌තවාදය බිහිසුණු ත්‍රස්‌තවාදයක්‌ සේම අන්තවාදී බෙදුම්වාදයක්‌ද වෙයි. මේ බෙදුම්වාදය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට හෝ ඔවුන් සමඟ පයුරුපාසානම් පැවැත්වීමට හෝ දැන් කිසිවිටෙකත් ඉන්දියානු මධ්‍යම රජය යන්නේ නැත. ඉන්දියාවට සේම සෑහෙන දේශපාලන බලතල සහිත චැටිස්‌ගාර් ප්‍රාන්තයටද අභියෝගයක්‌ වෙමින් සහ හිසරදයක්‌ වෙමින් මාවෝ ත්‍රස්‌තවාදීහු එහි තවමත් යකා නටති.

සිද්ධිය සැලවූ වහාම ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධි තම කම්පාවත්, ශෝකයත් පළ කරමින් චැටිස්‌ගාර් ප්‍රාන්ත ආරක්‍ෂක බලධාරීන්ට දොස්‌ පැවරූ බවද වාර්තා වෙයි. චැටිස්‌ගාර් ප්‍රාන්තයේ පමණක්‌ නොව ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත තුළ ද ක්‍රියාත්මක වන විවිධ බෙදුම්වාදයන් මර්දනය කොට තබා ගැනීමට ඉන්දියාවට හැකිවී ඇත්තේ ඉන්දීය මධ්‍යම රජයේ පවත්නා ශක්‌තිය නිසාම මිස වෙන අන් කවර කරුණක්‌ නිසාවත් නොවේ. එහෙත්, මේ ප්‍රාන්ත පාලනයන් හිටිවනම මේ ආකාරයේ දරුණු ෙ€දවාචකවලට ද විවිධ දේශපාලන අර්බුදවලට ද ලක්‌වෙයි. භාෂාමය ෙµඩරල් රාජ්‍යයන් වශයෙන් හඳුන්වනු ලබන මේ බොහෝ ප්‍රාන්ත තමන් පෙළන බෙදුම්වාදයන් සහ ත්‍රස්‌තවාදයන් නිසා කිසිවිටෙකත් සාක්‌ෂාත් කරගත නොහැකි ස්‌වාත්මවලින් යුක්‌ත වන්නේ යෑයි කියන්නෝ ඉන්දීය දේශපාලන විචාරකයෝ ය.

එහෙත් පුදුමයකට මෙන් මේ ඇතැම් ඉන්දීය දේශපාලන විචාරකයන්ද, ඇතැම් ඉන්දීය දේශපාලනඥයන්ද ත්‍රස්‌තවාදය මුළුමනින්ම අවසන් කළ ශ්‍රී ලංකාව දෙස බලා පවසන්නේ අනෙකකි. අඩුම තරමින් ශ්‍රී ලංකා රජය උතුරු - නැගෙනහිර පළාත්වලට පොලිස්‌ සහ ඉඩම් බලතල සහිත පළාත් සභා දිය යුතුය යන්න ඔවුන්ගේ ඉල්ලීමය, ආශාවය. එය ද ෙµඩරල් රාජ්‍යයක්‌ දෙන්නේ නම් වඩාත් "හොඳායි" යන්නට විකල්පයක්‌ වශයෙන් ය.

එහෙත්, මේ කිසිවකුටත් නොතේරෙන හෝ නැතහොත් අපටත් වඩා හොඳටම තේරෙන හෝ කරුණ නම් මේ මොන ඉල්ලීම අනුව පූර්ණ බලතල සහිත පාලනයක්‌ උතුරට දුන්නත් එය ගමන් කරන්නේ වෙනම රාජ්‍යයකට යන්නය. රජයට පිටින් සිටින සහ රජය තුළම සිටින පුදුම ගණයේ න්‍යායාචාර්යවරුන්ගේ න්‍යායනට අනුව ද බලතල සහිත පළාත් සභාවන් "හො¹යි" ය. එහෙත්, ඒ දිනවල ඉන්දියාවෙන් සැපයූ රේඩාර්වලට හසු නොවී ගමන් කළ එල්. ටී. ටී.ඊ. ගුවන් යානා මෙන් මේ නිසා පැන නඟින අනතුර මේ කිසිදු න්‍යායාචාර්යවරයකුගේ "රේඩාර්"වලට ද හසු නොවේ. හසුවූවත් ඒ පිළිබඳව තැකීමක්‌ද ඔවුනට නැති සැටියකි. එහෙත්, දේශපාලනඥයකු නොවන තොත්ත බබෙකුට වුවද මෙහිදී වැටහෙන කරුණ වන්නේ එසේ කිරීම වූ කලී තිස්‌ වසරක්‌ මුළුල්ලේ ලේ ගංගාවක පීනමින් මේ රටේ සියලුම ජනතාවත් වීරෝදාර රණවිරු මනුෂ්‍යයනුත් මොළේ ඇති නායකයනුත් ඉතාම අසීරුවෙන් උදාකරගත් රටේ ඒකීයභාවය සහ ස්‌වෛරීභාවය ලාභ බන්දේසියක දමා යළිත් බෙදුම්වාදයටම තිළිණ කිරීමක්‌ බවය.

බලතල ලබා ගැනීම කරණ කොට ගෙන තමන් රටේ ඒකීයභාවය වෙනුවෙන් කැපවන බවට ඉඟියක්‌වත් පළ නොකරන මේ පශ්චාත් එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් අද පුන පුනා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? ලොව පුරා විසිරී සිටින දෙමළ ඩයස්‌පෝරාව නමින් හඳුන්වන එල්. ටී. ටී. ඊ. රස්‌තියාදුකාර කණ්‌ඩායම් අද පුන පුනා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? තමිල්නාඩුවේ මෝඩ බයිස්‌කෝප් වීරයන් ප්‍රධාන කොටගත් සහ එල්. ටී. ටී. ඊ. මිනීමරු කල්ලියේ ප්‍රාණ සගයන් වූ වයිකෝ, නෙදුමරන් ප්‍රධාන කොටගත් කණ්‌ඩායම් අද පුන පුනා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? මේ රටින් කා බී හැදී වැඩී, දේශෙද්‍රdaහී එන්. ජී. ඕ. ගුබ්බෑයම්වලට ම කඹුරන හාදයන් අද පුන පුනා ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? ප්‍රභාකරන් නමැති තක්‌කඩියාට තම අවි බලයෙන් දිනාගත නොහැකි වූ ඊළාම් රාජ්‍යය දැන් අතළඟ බවය. එය "ඇමරි-යුරෝ" මිශ්‍රණයකින් සාදා තමිල්නාඩු තෙලෙන් බැද උණු උණුවේ පිරිනැමෙන "අර්ධ බර්ගර් - අර්ධ වඩ" එකක්‌ බවය.

වර්ෂ 1987 දී පැවැති ඉන්දියාවටම වාස්‌තවික දේශපාලන තත්ත්වයන් මත ශ්‍රී ලංකා ජනතාවගේ කිසිදු එකඟතාවක්‌ නොමැතිව ස්‌ථාපිත කරන ලද 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය හුදෙක්‌ ඉන්දියාවේම අවශ්‍යතාවක්‌ බව නොදන්නෝ ශ්‍රී ලංකාවේ - ඉන්දියාවේ මතු නොව ඔය කියන යුරෝපයේවත් සිටිත් ද?

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය, ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය සමනල වර්ගයේ සර්ප විශේෂයක්‌ වශයෙන් සුරතල් කරන ඇමරිකාවේ බෝම්බ පිපිරීම්වලින් අපි කාලකන්නි සතුටක්‌වත් නොලබමු.

ඉන්දියාවේ මාවෝවාදීන් ඉන්දියාවේ චැටිස්‌ගාර් ප්‍රාන්තයේ විශිෂ්ට කොංග්‍රස්‌ දේශපාලකයන් අමු අමුවේ ඝාතනය කිරීම පිළිබඳව ද අපි මොනම ආශ්වාදයක්‌වත් නොලබමු. එදා ජෝර්ඡ් බුෂ් කීවා සේම, අද මහින්ද රාජපක්‍ෂ කීවා සේම, ත්‍රස්‌තවාදය ලෝකයේ කොතැන තිබුණද ත්‍රස්‌තවාදයමය. බෙදුම්වාදය ලෝකයේ කොතැන තිබුණද බෙදුම්වාදයමය. මොළේ ඇති ඉන්දියාව කළ යුත්තේ ත්‍රස්‌තවාදයකට තමන් ඉඩ නොදෙන බලකොටු තනා ගැනීමකට අල්ලපු රටකටද ඉඩ නොදීමය. තුවක්‌කුවෙන් නොව කතිරයෙන් පැමිණියද ඉඩ නොදීමය. එසේ කිරීම, ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ පමණක්‌ නොව මේ කලාපයේද අනාගත සුබ සිද්ධිය සඳහා ම වෙයි.

http://www.divaina.com/2013/05/29/editor.html

බෞද්ධ දර්ශනයෙන් ලොවම දිනුවෝ

වර්තමාන ලෝකයේ භෞතික දියුණුවෙන් උච්චස්‌ථානයක වැජඹෙන රටවල් අතර ඇමරිකාව, කැනඩාව බොහෝ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් ලෙස හැඳින්වීම අසාධාරණ යෑයි මම නො සලකමි. ඓතිහාසික සාධක අනුව ඉන්දියාව, ලංකාව වැනි පෙරදිග රටවලට හිමි දියුණු පැරණි සෞභාග්‍ය සම්පන්න කීර්තිමත් අතීතයක්‌ මේ රටවල් සතු නො වූවත්, ශත වර්ෂ දෙකක්‌ තුනක්‌ තරම් මෑත භාගයේ සිට ලබා ඇති සංවර්ධනය හා දියුණුව සැබවින් ම විස්‌මයජනක බව සඳහන් කළ යුතුය. නවීන විද්‍යාව, තාක්‍ෂණය, කාර්මික ඥානය මනුෂ්‍යයා ගේ ශුභ සිද්ධියට හා භෞතික සැප සම්පත් සඳහා උපයෝගී කරගෙන තිබෙන අන්දම ද පුදුම එළවන සුලුය. මෙලොව ජීවත්වන මනුෂ්‍යයන් මොන තරම් සුව පහසුකම් ඇතිව සුඛෝපභෝගී ජීවිත ගත කරනවා දැයි හොඳින් තේරුම් ගත හැක්‌කේ මේ රටවල වැසියන් ගේ ජීවිත දෙස බැලීමෙනි.

ස්‌වශක්‌තිය කෙරෙහි විශ්වාසය තැබීම, උත්සාහයෙන් හා ධෛර්යයෙන් යුතුව කටයුතු කිරීම මොවුන් ලබා ඇති ශීඝ්‍ර දියුණුවට බෙහෙවින් හේතු වූවාට සැක නැත. එසේ ම රටේ පාලකයන් ගේ දූරදර්ශී ඥානය, යුක්‌තිගරුක බව හා සාධාරණත්වය ආදී උසස්‌ ගුණ එහි ලා විශේෂ අනුබලයක්‌ වූ බව කිව හැකි ය. ඒ නිසාම දක්‍ෂකම, උත්සාහය, බුද්ධිය ඇති කවර තරාතිරමේ පුරවැසියකුට වුවද බාධාවකින් තොරව අවහිරයක්‌ නැතිව දියුණු විමට උසස්‌වීමට අවස්‌ථාව සැලසී තිබීම ද විශේෂ හේතු ලෙස දැක්‌විය හැකි ය.

මිනිස්‌කමේ අගය තේරුම් ගැනීම

ලෝකයේ විවිධ රටවලින් පැමිණ මේ දෙරටෙහි ස්‌ථිර පදිංචිය ලබා සිටින ජාතීන් ගේ සංඛ්‍යාව අති විශාල ය. ජාති, කුල, ආගම්, භාෂා ආදියෙන් ඔවුන් බෙදී සිටියත් හැම දෙනාට ම සාමයෙන් සමගියෙන් යුතුව සැකෙන් බියෙන්a තොරව නිදහසේ සතුටින් ජීවත්වීමට හැකි යහපත් වාතාවරණයක්‌ රට තුළ පැවතීම කාගේ වුව ද ප්‍රසාදයට හේතුවන ශුභ ආරංචියක්‌ වනු නිසැකයි.

1989 අගෝස්‌තු මාසයේ 17 දින ටොරොන්ටෝ නගරයෙහි පිහිටි ,ක්‍ෂඪෂC CEභඔER.. නම් ස්‌ථානයෙහි පැවැති උත්සවයකට අමුත්තකු වශයෙන් සහභාගි වීමට මට ද අවස්‌ථාව ලැබිණ. කැනඩාවේ පුරවැසිභාවය ලැබීමට සුදුසුකම් ලත් රටවල් 26 කින් තෝරාගත් ස්‌ත්‍රී පුරුෂයන් 76 දෙනකුට මෙදින පුරවැසිභාවය ප්‍රදානය කිරීම මෙහි වැදගත් සිද්ධිය ලෙස සඳහන් කළ යුතු ය. අනතුරුව විනිශ්චයකාරතුමා අභිනව පුරවැසියන් අමතා පවත්වනු ලබූ කෙටි සාරවත් දේශනය හැම දෙනා තුළ ම උසස්‌ හැඟීම් ඇති කිරීමට සමත් වූ අතර එම දේශනයෙහි ඇතුළත් මූලික අදහස සැකෙවින් මෙහි සඳහන් කිරීමට මා කල්පනා කළේ කවර රටක කෙනකුට වුවද ඉන් ලද හැකි ප්‍රයෝජනය ගැන සැලකීමෙනි. -ලෝකයේ නොයෙක්‌ රටවලින් මෙහි පැමිණි ඔබ හැම විවිධ තරාතිරම්වලට අයත් වුවත් අද සිට කැනඩාවේ සියලු අයිතිවාසිකම්වලට හිමිකාරයන් වන බවත්, ජාති ආගම්, පංති ආදී භේදයෙන් තොරව එක පවුලක පිරිසක්‌ ලෙස ක්‍රියා කිරීමට වග බලා ගැනීම ඔබ හැමගේ මූලික අරමුණ විය යුතු බවත් විනිසුරුතුමා අවධාරණයෙන් ප්‍රකාශ කරන ලදි.

රටවල් වශයෙන් ජාති, කුල, පංති, ආගම් ආදි වශයෙන් මිනිසා බෙදා වෙන් කර ගැනීම නො දියුණු බවේ ප්‍රධාන ලක්‍ෂණයයි. මෙවන් පටු සීමාවක ජීවත්වන්නා මනුෂ්‍යත්වයේ වටිනාකම නො දත්තෙකි. මේ පටු හැඟීමෙන් ඈත්ව පුළුල් ලෙස සිතන උසස්‌ උදාර හැඟීම්වලින් පිරිපුන් මනුෂ්‍යයා, මිනිස්‌ වර්ගයා දෙස බලන්නේ එකම පවුලක පිරිසක්‌ හැටියට යි. 

'උදාර චරිතානාන්තු - වසුධෛව කුටුම්බකම්'

උදාර උසස්‌ හැඟීම් ඇති තැනැත්තාට මුළු ලොවම එකම පවුලකි.

බුදුරජාණන් වහන්සේ මේ උතුම් උදාර ගුණය ස්‌වකීය චරිතයෙන් ආදර්ශයෙන් හා ධර්මයෙන් ලොවට හෙළි කළ උතුමාණන් වහන්සේ යි. ජාති කුල පංති ආගම් ආදියෙන් පමණක්‌ නොව දුප්පත් පොහොසත් උගත් නූගත් සතුරු මිතුරු නෑ නොනෑ වශයෙන් ද කිසිවකු කෙරෙහි භේදයක්‌ වෙනසක්‌ නො දැක්‌වීමේ උදාර පිළිවෙත උන්වහන්සේ අනුගමනය කළ සේක.

මේ සසර ගමන් කරන ඔබට මවු නො වූ විරූ කෙනෙක්‌ නැත. පියා නො වූ විරූ කෙනෙක්‌ නැත. සහෝදරයා නො වූ විරූ කෙනෙක්‌ නැත. සහෝදරී නොවූ විරූ කෙනෙක්‌ නැත..." ආදී ශ්‍රේෂ්ඨ බෞද්ධ ඉගැන්වීම් තුළින් ද්වනිත කර ඇත්තේ ද මනුෂ්‍යත්වය පිළිබඳ මේ උතුම් සංකල්පය බව පෙනේ. 

පාර ප්‍රාප්තිය සඳහා ක්‍රියා කරන තැනැත්තා අංශ දෙකකින් සංවර්ධනය විය යුතු බව බුදුදහම ඉඳුරාම දක්‌වයි. එනම් බුද්ධිමය අංශය හා භාවමය අංශයයි. මෙහි බුද්ධිමය අංශයට ප්‍රඥාව ඇතුළත් වන අතර භාවමය අංශයට කරුණාව මුල්කොට ඇති ගුණ සමුදාය අන්තර්ගත වේ. භාවමය අංශය ගැන නො තකා බුද්ධිමය අංශය පමණක්‌ වර්ධනය කරන්නා නිර්දය බුද්ධිමතකු වන අතර බුද්ධිමය අංශය ගැන නො සලකා භාවමය අංශය පමණක්‌ වඩන්නා ගුණවත් මෝඩයෙක්‌ වේ. එහෙයින් මේ අංශ දෙක අඩු වැඩි නැතිව සමතාවයෙන් වැඩීමේ දියුණු කිරීමේ වැදගත්කම බුදු දහමින් මතුකර දක්‌වා ඇත. මෙසේ සලකා බලන විට මේ රටවල මිනිසුන් බුද්ධිමය අංශයෙන් මෙන් ම භාවමය අංශයෙන් ද සෑහෙන තරම් ඉදිරියෙන් සිටිනු දැකීම මනුෂ්‍යත්වය අගය කරන සියලු දෙනාගේම ඉමහත් ප්‍රසාදයට හේතුවනු නො අනුමාන යි.

ආත්ම විශ්වාසය

ස්‌වභාව ධර්මය පවා මේ රටවල් කෙරෙහි දක්‌වා ඇත්තේ අනුකූලතාවක්‌ හෝ සානුකම්පික භාවයක්‌ නොවේ. අවුරුද්දේ වැඩි කාලයක්‌ තද සීත දේශගුණයෙන් පීඩා විඳීමට මේ රටවල අයට සිදුවී ඇති අතර ඉතිරි කාලයෙන් වැඩි කොටසක්‌ සැඩ හිරුරැසින් තැවෙමින් ගත කිරීමට සිදුවී ඇත. සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට ආරම්භ වන ශීත කාලය ක්‍රමයෙන් දියුණු වෙමින් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවලදී ඉතා දරුණු බවට පත්වෙන අතර මුළු රටම හිමෙන් වැසී යන්නේ ය. ඒ කාලයේ හැම ගසක ම කොළ හැළී අතු ඉති පමණක්‌ ඉතිරි වන අතර පොළොවේ තණ කොළ ද මුළුමනින් ම වැනසී යන්නේ ය. ශීත නිවාරණය සඳහා යෝග්‍ය ඇඳුම් පැළඳුම්වලින් තොරව බැහැර යාමට හෝ වැඩපළ ආදියෙහි යෙදීමට හෝ නො හැකි කටුක අමිහිරි අවස්‌ථාවකට මුළු රටවැසියාට ම මුහුණ පෑමට සිදුවෙයි. 

ශීතකාලය ඉකුත් වී මැයි මාසයේ දී ඇරඹෙන ග්‍රීෂ්ම කාලය මුළු රට ම ප්‍රබෝධයටත් ප්‍රමෝදයටත් පත් කර වන්නේ ය. මේ කාලය තුළ ගස්‌ වැල් හොඳින් ලියලා සරුසාරව මලින් හා පලින් බරවී යයි. එළිමහනේ විනෝදයෙන් හා සතුටින් කාලය ගත කිරීමට මිනිසුන්ට ඉඩ ලැබී ඇත්තේ ද මේ මාස කිපය තුළ දී පමණකි. පාසල්වල දීර්ඝ නිවාඩු කාලය ඇරඹෙන්නේ ද, දෙමාපියන් සිය දූදරුවන් සමග විනෝද ගමන් චාරිකා ආදියෙහි යෙදෙන්නේ ද මේ කාලයෙහි ය. ක්‍රීඩා තරග, සමාජ උත්සව ප්‍රීති උත්සව බහුලව පවත්වන්නේ ද මේ කාලයේ ය. ධාන්‍ය වර්ග එළවළු හා භෝග ජාති සිටුවා අස්‌වැන්න නෙළාගන්නා සමය ද මේ කාලය වේ. දියුණු වූ විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර ගනිමින් මෙරට ගොවියන් විසින් මේ මාස කීපය තුළ නිෂ්පාදනය කරනු ලබන විශාල ධාන්‍ය ප්‍රමාණය කොපමණ ද යත් ලෝක ජනගහනයෙන් අඩකට තරම් ඒ ධාන්‍ය ප්‍රමාණවත් වේයෑයි කියනු ලැබේ.

මෙසේ ස්‌වභාව ධර්මයේ පවා දයාවිරහිත දරුණු කටුක අත්දැකීම් හමුවෙහි නො සැලී නො බියව එයට මුහුණ දෙමින් ජයග්‍රහණය අත්කර ගැනීමටත්, එතෙකින් නො නැවතී පෘථිවි සීමාව ද ඉක්‌මවමින් සඳමඩල පවා ජයගැනීමටත් මෙරට වැසියා සමත් වූයේ දේව බලයකින් හෝ වෙනත් කිසිවකුගේ වරප්‍රසාදයකින් හෝ නොව හුදු ආත්ම විශ්වාසය, උට්‌ඨාන වීර්යය හා බුද්ධි බලය නිසා ම යෑයි කිව යුතුයි. නොමිලයේ දීම, නිකම් දීම වැනි කපටි වැඩවලින් මේ රටවල අය රැවටීමට නො හැකි වී ඇත්තේ ද ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්යය ඔවුන් තුළ හොඳින් පවතින නිසා විය යුතුයි.

දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක නිර්මාණය කර ගෙන එහි වෙසෙමින් දිව්‍ය සම්පත් හා බ්‍රහ්ම සම්පත් විඳින්නේ ද, ප්‍රේත ලෝක හෝ අපාය තනාගෙන එහි ඉපදී ප්‍රේතයන් ලෙස තිsරිසනුන් ලෙස නිරාදුක්‌ විඳින්නේ ද, තිරිසන් ලෝක හදාගෙන තිරිසනුන් ලෙස ජීවත්වන්නේ ද මේ මහ පොළොවේ ජීවත්වන මිනිසා ම බව මීට වසර 2500 කටත් ඉහත දී අවබෝධ කොට ගෙන, ලෝකයාට තේරුම් කර දුන් උතුමා බුදුරජාණන් වහන්සේ බව මෙනෙහි කරන විට එදා උන්වහන්සේ ලොවට හෙළිකළ ඒ උතුම් පණිවුඩය මේ රටවල ක්‍රියාත්මක වන බව මා කියන්නේ නමින් බෞද්ධ එහෙත් බෞද්ධකමක්‌ නැති ශ්‍රී ලංකාව වැනි රටවල නාමමාත්‍ර බෞද්ධයන්ට අගෞරවයක්‌ හෝ මදි පුංචිකමක්‌ කරනු සඳහා නොවේ. 

කර්ම බලය ජය ගැනීම

සියලු දේ කර්මයට භාරදී කර්මය ලවා ඉටුකර ගැනීමේ දුර්වල කල්පනාව නිසාදෝ ලාංකික බෞද්ධයන් අද වැටී ඇත්තේ අන්ත පරිහානි තත්ත්වයකට ය. මේ හේතුව නිසා ලාංකික බෞද්ධයන් කර්මයෙන් පීඩා විඳිමින්, කර්මයෙන් පහර කමින් අවසානයේ දී කර්මය නිසා ම විනාශයට පත්වන සැටි අතිශයින් ෙ€දජනක ය. කර්මය පිළිබඳ උසස්‌ බෞද්ධ සිද්ධාන්තය කාලයක සිට වැරදි ලෙස සමාජයට තේරුම් කර දීමේ භයානක අවස්‌ථාවකට වර්තමාන ලාංකික බෞද්ධයන් මුහුණ පා ඇත යනු මගේ හැඟීමයි. ඒ නිසා අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස පැවැති ශ්‍රී ලංකාව වර්තමානයේ දී පුරන්ව ගියා පමණක්‌ නොව ලෝකයෙන් ණයට ඉල්ලාගෙන කෑමට පුරුදු වූ දුගී දුප්පත් අසරණ ජාතියක්‌ බවට පත් වීමට හේතු වූ බව ද කිව යුතුයි. අදීන ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක්‌ ගොඩනැගීමටත් රට ධර්මද්වීපයක්‌ කිරීමටත් මඟ පෙන්වූ උතුම් බෞද්ධ ඉගැන්වීමක්‌ මෙසේ වරදවා ගැනීම රටේ පරිහානියටත් විනාශයටත් හේතු වී ඇතැයි පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඇමරිකන්වරුන් හා කැනේඩියන්වරුන් කර්මය ජය ගෙන ඇත්තේ ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියා කිරීම නිසාය යනු මගේ හැඟීමයි. ඇත්ත වශයෙන් ම ඔවුහු උත්සාහවන්තව ධෛර්යයෙන් යුතුව නො මැළිව වැඩ කරති. අවංකව වැඩ කරති. නිකරුණේ කාලය ගත නො කරති. රැකියාවක්‌ කළහැකි හැම දෙනා ම රැකියාවක යෙදී සිටිති. මේ නිසා හැම පවුලකට ම හොඳ ආර්ථික තත්ත්වයක්‌ උසස්‌ ජීවන මට්‌ටමක්‌ ඇත. පෝෂ්‍යදායක ආහාර පාන ගැනීම නිසා ඔවුන් හොඳින් වැඩුණු නිරෝගී දේහ ඇති ශක්‌තිමත් පුරුෂයන් වන අතර දක්‌ෂකමින් හා බුද්ධිමත් බවින් ද ඉහළ මට්‌ටමක සිටින බව කිව හැකි ය. කේන්දරය ගැන විශ්වාසය තබා හොඳ කාලය ලබන තුරු බලා සිටීම, නැකැත් අනුව වැඩකටයුතු ආරම්භ කිරීම, දෙවි දේවතාවන් උදෙසා පුද පූජා පැවැත්වීම, බාරවීම වැනි මාර්ග ඔස්‌සේ ස්‌වකීය දෛවය උදාකර ගැනීමේ ක්‍රමය මේ රටවල අය නො දැන සිටීම ඔවුන් ගේ විශාල ජයග්‍රහණයකැයි මට හැඟේ. බුදු සමයේ එන

නක්‌ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා

අත්ථෝ අත්ථස්‌ස නක්‌ඛත්තං කිං කරිස්‌සන්ති තාරකා

නැකැත් බලා වැඩ කරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්‌ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක්‌ සලසත්a රෑ නො සලසත් මැයි. මෙවැනි වැදගත් බෞද්ධ ඉගැන්වීම්වල යථාර්ථය මේ රටවල ක්‍රියාත්මක වන බව මෙහි ලා සඳහන් කළ යුතුයි. 

සොරකම් කිරීම, 

අල්ලස්‌ දීම හෝ ගැනීම, හොර මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම වැනි නො කටයුතු මේ රටවල නැතිතරම් යෑයි කිව හැකි අතර නොයෙකුත් නම්වලින් හැඳින්වෙන ඉහළ වර්ගවලට අයත් මත්පැන් මේ රටවල ඕනෑතරම් සුලභව ඇතත් බීමත්ව අනුන්ට හිරිහැරයක්‌ වන සේ හැසිරීමේ පහත් ගතිය මොවුන් තුළ නැත. බීමත්ව මහ මඟ හැසිරීම හෝ රියපැදවීම බරපතළ දඬුවම් ලැබීමට හේතුවන වරදක්‌ ලෙස ද සලකනු ලැබේ. කැනඩාවේ ප්‍රබල ඇමැතිවරයකු පිළිබඳ වැදගත් සිද්ධියක්‌ 1989. 08. 04 දින පළ වූ ÔඔධRධභඔධ SඔARÕ නමැති දිනපතා පුවත්පතේ මුල් පිටුවෙහි වාර්තා වී තිබුණි. මා ඒ සිද්ධිය මෙහි ලා ඉදිරිපත් කරන්නේ මේ රටේ නීතිය කොතරම් දුරට සාධාරණව අපක්‌ෂාපාතව ඉටුවෙනවා දැයි තේරුම් ගැනීමට සාධකයක්‌ වශයෙනි. මේ ඇමැතිවරයා බීමත්ව රිය පැදවීමේ වරදට පොලීසිය මඟින් ඔහුට විරුද්ධව නඩු පවරන ලදි. අධිකරණයෙන් වරදකරුවකු ලෙස නියම කළ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ද තහනම් කරන ලදි. මෙහි දී ඒ ඇමතිවරයා තමා කළ වරදේ බරපතළකම පිළිගත්තේ දඩය ගෙවීමෙන් පමණක්‌ නොවේ. සිය ඇමැති පදවියෙන් ද ඉල්ලා අස්‌වීමෙනි. වැරදි සිදුවීම මිනිස්‌කමේ දුර්වල ගතියක්‌ මෙන් ම වරද පිළිගැනීම මහත්මා ගතියක්‌ බව එම ඇමතිවරයා සිය ක්‍රියාව තුළින් හොඳහැටි ඔප්පු කළේය. 

ගමන් බලපත්‍ර හොරට මුද්‍රණය කිරීම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැනි වංචනික ක්‍රියාවල යෙදී කීපවතාවක්‌ ම අසු වී වැරදිකරුවන් වී ඇත්තේ ද ඇතැම් ශ්‍රී ලාංකික කොටස්‌ වීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳව මෙරට වැසියන් දක්‌වන ආකල්පය එතරම් සතුටුදායක නො වන බව ද විශේෂයෙන් මෙහි ලා සඳහන් කළ යුතුයි. 

සත්ත්ව කරුණාව

ඇමරිකන්වරුන් මෙන් ම කැනේඩියන්වරුන් ද බල්ලන්, බළලුන් වැනි සතුන් කෙරෙහි දක්‌වන ආදරය හා හිතවත්කම මහ පුදුම එකකැයි කිවයුතුය. හැම නිවසක ම පාහේ හුරතලයට තනි නොතනියට ඇති කරන බල්ලා හෝ බළලා සිය පවුලේ ම කෙනකු හැටියට සැලකීමට තරම් ඔවුහු කාරුණික වෙති. තම නිවසේ එවැනි සතකු ඇති කිරීමේ දී විශේෂ අවසරයක්‌ ඒ සඳහා ලබාගත යුතු අතර නගර සභාවේ ලියා පදිංචි කරවීම ද අවශ්‍ය වේ. බල්ලා හෝ බළලා ලියාපදිංචි කිරීමේ දී තබන නමට අමතරව ගෙදර ප්‍රධානියා ගේ හෝ භාරකරුගේ වාසගම ද එයට එකතු කිරීම ඔවුන්ගේ විශේෂ වගකීමක්‌ ලෙස සලකන බව පෙනේ.

එපමණක්‌ නොව කැනඩාවේ ස්‌ථිර පදිංචිය ලබා ජීවත්වන ඇතැම් සිංහලයන් පවා තිරිසන් සතුන් කෙරෙහි දක්‌වන ආදරය කරුණාව හා හිතවත් භාවය බෙහෙවින් අගය කළ හැකිය. තම නිවසේ ඉතා ආදරයෙන් ඇති දැඩි කළ වසර 18 ක්‌ තම පවුලේ කෙනකු ලෙස එකට ජීවත් වූ බළලකු මිය යැම නිසා ඒ බළලාට පින්දීම සඳහා ටොරොන්ටෝ නගරයේ සිංහල බෞද්ධ නිවසක පැවති දානමය පින්කමකට සහභාගිs වීමට අපට ද අවස්‌ථාව ලැබුණි.

දන් වළඳා අවසානයේ පින් අනුමෝදන් කරවන මොහොතෙහි එම නිවසේ අඹු සැමි යුවළ කඳුළු පිරි දෙනෙතින් යුතුව ප්‍රකාශ කර සිටියේ මේ බළලා වසර 18 ක්‌ තමන් සමග ළෙන්ගතුව ජීවත් වූ බවත් ඒ සතා තුළ පැවති ගති ගුණ අනුව නිසැකවම ඉහත ආත්මයක තමන්ගේ දරුවකු ලෙස ඉපද සිටින්නට හැකි බවත්ය.

කැනඩාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්‌ඩිත ගෞරව ශාස්‌ත්‍රවේදී වැහිහේනේ පඤ්ඤාලෝක හිමි

ශ්‍රීපාදස්‌ථානයට ලැබෙන ආධාරවලින් ජනතාවට හා කෝවිල්වලට පරිත්‍යාග කරනවා - ශ්‍රීපාදස්‌ථානාධිපති හිමි

ලොවට පහළ වූ ගෞතම බුදුන් වහන්සේ එක කුලයකට, එක ජාතියකට, එක ආගමකට, එක ගමකට පිහිට වීමට පහළ වූ කෙනෙක්‌ නොව තුන් ලෝකාග්‍ර වූ, සකල ලෝකවාසීන්ට සෙත සැලසීම සඳහා පහළ වූ ශාස්‌තෲන් වහන්සේ නමක්‌ බව ශ්‍රීපාදස්‌ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක හා පැල්මඩුල්ල රජමහා විහාරාධිපති බෙංගමුවේ ශ්‍රී රතනපාල ධම්මදින්න නායක හිමියෝ පැවැසූහ.

ශ්‍රීපාදස්‌ථානාධිපති හිමියෝ එසේ පැවසුවේ වාර්ෂික ශ්‍රී පාද වන්දනාවාරය (2012/ 2013) නිමාවට පත් කරමින් ඊට සමගාමීව නල්ලතන්නිය පොලිස්‌ ස්‌ථානය ඉදිරිපිටදී ඉකුත් 26 වැනි දින පස්‌වරුවේ ප්‍රදේශයේ පාසල් හා දහම් පාසල් ළමයින් සඳහා රෙදිපිළි, පොත්පත්, වියළි ආහාර හා මුදල් ත්‍යාග බෙදාදීමේ විශේෂ උත්සවයේදී අනුශාසනාවක්‌ කරමිනි.

නුවරඑළිය, රත්නපුර දිස්‌ත්‍රික්‌කවල මහ දිසාපතිවරුන්ගේ හා ආරක්‍ෂක අංශයේ උසස්‌ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රීපාදස්‌ථානාධිපති නායක හිමියෝ මෙසේ ද කීහ.

අද මෙතැනට රැස්‌වී සිටින සියලුම දරුවෝ ලංකාව නමැති මාතාවගේ එකම පවුලේ දරුවෝ. මොවුන් විවිධ භාෂාවන් කතා කළාට විවිධ ආගම් ඇදහුවාට එකම පවුලක අයයි. එය ගෞතම බුදුන් වහන්සේගේ උතුම් ධර්මයේ සඳහන් වෙනවා. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර සමන් ගිරෙහි උන්වහන්සේගේ පාද ලාංඡනය සටහන් කර මුළු ලොවට සකල ලෝකවාසීන්ට සෙත සැලසීම තුළින් එය පැහැදිලි වෙනවා. ලක්‌ දෙරණම උන්වහන්සේගේ ධර්මයෙන් පහන් සංවේගයට පත් වුණා.

ශ්‍රීපාදස්‌ථානයට අධිගෘහිත ශ්‍රී සුමන සමන් දෙවියන් මාර්ගඵල ලාභී දෙවිකෙනෙක්‌. උන්වහන්සේ මතු බුදුවීමට පෙරුම් පුරන උත්තමයෙක්‌. මෙම චීවරය දරන බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් මෙන්ම සංඝයා වහන්සේලා වන අප එකම පිරිසකට එකම ආගමකට, ජාතියකට නායකත්වයක්‌ දරන අය කියා සිතන්න එපා. ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ, එසේ සඳහන් වන්නේ නෑ. උන්වහන්සේ දේශනා කළේ සකල ලෝකවාසීන්ට එක හා සමානව ධර්මය දේශනා කරන ලෙසයි. ජාතිවාදය පැතිරි ගිය කාලයක තමයි අපි ජීවත් වුණේ. භික්‍ෂුන් වහන්සේ ජාති, කුල, ආගම්වාදීන් නොවෙයි. එසේ සිතන්න එපා. අපි සියලුම දෙනා මනුස්‌ස ජාතීන් ලෙසයි සිතන්නේ.

මා ශ්‍රීපාද ස්‌ථානයේ භාරකාරත්වයට පත් වී වසර දෙකයි. මගේ සිතේ නිතරම තිබුණ්‌ සැමට සෙත සැලසීමේ අරමුණයි. එය පියවරෙන් පියවර ක්‍රියාත්මක කරනවා. ගුණ දහම් වලින් පෝසත්, යහපත්, සිතුම් පැතුම් වලින් පෝසත් නිරොගී සම්පන්න පරපුරක්‌ අපි බිහිකළ යුතුයි. එයයි රටකට අත්‍යාවශ්‍ය. අද අපි මේ ප්‍රදේශයේ දහම් පාසල් ළමයින්ට, ගුරුවරුන්ට. දමිළ දරුවන්ට වගේම ප්‍රදේශයේ පදංචි පිරිසට සුළු ආධාරයක්‌ ලබා දෙනවා. ශ්‍රීපාද ස්‌ථානයට නොයෙක්‌ පූජෝපහාර ලැබෙනවා. එසේ ලැබෙන දේවලින් මෙවර ප්‍රදේශයේ අයට හා හින්දු කෝවිල්වලට සුළු පරිත්‍යාගයක්‌ කරනවා. යහපත් සිතුවිලිවලින් සත්‍යවාදීව කරන උපකාර ධර්මානුකූලයි. අපි අසුභවාදීන් හෝ මිථ්‍යාදෘෂ්ටිකයන් නොවිය යුතුයි."

නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයෙන් මෙවර ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ශ්‍රීපාදස්‌ථානය බලා ගමන් කරමින් සිටියදී හදිසියේ මියගිය වන්දනාකරුවන් දෙදෙනෙකුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මෙහිදී ශ්‍රීපාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් විසින් මුදල් පරිත්‍යාගයක්‌ සිදු කිරීම විශේෂ සිද්ධියකි. තවද නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද වන්දනා වාර අවාර කාලයේ විවෘතව තබන එකම විහාරස්‌ථානය වන කල්පවෘක්‍ෂ මහා විහාරයේ විහාරාධිපති, දෙහිපේ නන්ද හිමියන්ට ශ්‍රීපාද ස්‌ථානාධිපති හිමියන් විසින් විශේෂ තිළිණයක්‌ ප්‍රදානය කරන ලදී.

නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයෙන් නල්ලතන්නියේ සිට ශ්‍රීපාද පත්මය දක්‌වා බර ඔසවාගෙන යන කම්කරුවන් ඇගයීමට ලක්‌කරමින් ඔවුන්ට වියළි ආහාර හා මුදල් පරිත්‍යාග කිරීම මෙහිදී සිදු කළේය. අඹගමුව ශාසනාරCසක බල මණ්‌ඩලයේ තෝරාගත් දහම් පාසල් කීපයක ළමයින් 100 කට, ගුරුවරුන්ට සුදු රෙදි හා මූල්‍ය ආධාර ලබා දීම මෙන්ම නල්ලතන්නිය හා මරේ යන ග්‍රාම නිලධාරි වයස්‌ දෙකේ දෙමළ පාසල් 07 ක සිසු සිසුවියන් 1500 දෙනකුට මෙදින සුදු රෙදි, පොත්පත් හා මුදල් ආධාර ලබාදීම විශේෂත්වයකි.

නල්ලතන්නිය ප්‍රදේශයේ පදිංචි සිංහල, දෙමළ තෝරාගත් පවුල් 500 ක සාමාජිකයන් සඳහා වියළි ආහාර බෙදාදීම මෙදින ශ්‍රීපාදස්‌ථානාධිපති නායක හිමියන් විසින් සිදු කරන ලදී.

ශ්‍රීපාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ විශේෂ ඉල්ලීමක්‌ අනුව මෙහිදී ප්‍රදේශයේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් හයදෙනකුට ශ්‍රීපාද ස්‌ථානය වෙත ඔවුන් කළ සේවය ඇගයීමකට ලක්‌ කරමින් ත්‍යාග ප්‍රදානයක්‌ ද සිදු කළේය.

මෙහිදී නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. ජී. ජී. කුමාරසිරි මහතා ද කතා කළේය. මෙම අවස්‌ථාවට අඹගමුව ප්‍රාදේශීය ලේකම් එච්. එම්. සී හේරත්, අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති දිනේෂ් වෙල්ලෙයන්, හැටන් කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සමන් රත්නායක, සහකාර පොලිස්‌ අධිකාරි ûû ප්‍රේමලාල් යන මහත්වරුන් හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ද සහභාගි වූහ.

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක
http://www.divaina.com/2013/05/29/news22.html