Pages

Thursday, May 23, 2013

සෙවණගල ඥනවිමල හිමියන්ට පහරදුන් බස්‌ රියෑදුරු හා කොන්දොස්‌තරගේ බලපත්‍ර තහනම්. බස්‌රියේ ගමන් වාරද අත්හිටුවනවා - ගමනාගමන කොමිසම

කොළඹ සිට ඇඹිලිපිටිය බලා ගමන්ගත් පුද්ගලික බස්‌ රථයක්‌ තුළදී කහවත්ත ප්‍රදේශයේ දී භික්‌ෂුන් වහන්සේ නමකට පහරදුන් බව කියන බස්‌රථ රියෑදුරු හා කොන්දොස්‌තරගේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති නිල හැඳුනුම්පත් අවලංගු කළ බව එම කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා "දිවයින" ට පැවසීය. 

මෙම රියෑදුරු හා කොන්දොස්‌තරගේ තොරතුරු සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට දැනුම්දීමටද තමන් ක්‍රියා කළ බවද හේ කීය. 

කොළඹගේආර පනහඩුව ශ්‍රී විමල ධර්මායතනාධිපති සෙවණගල ඥනවිමල හිමිපාණන්ට මෙම පහරදීම පැල්මඩුල්ල හා ගොඩකවෙල අතරදී සිදුවී තිබුණේ 2013/05/09 වැනිදාය. 

පහරදීම සිදුවූ පෞද්ගලික බස්‌ රථයේ ධාවන වාර අත්හිටුවීමටද ජාතික ගමනාගමන කොමිසම තීරණය කර ඇත. 

එම බස්‌රථය සම්බන්ධව පෙර වැරැදි තිබේ නම් ඔප්පු වුවහොත් ස්‌ථිර ලෙසම බස්‌රථය ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සචිත්‍ර ඇල්වලගේ
http://www.divaina.com/2013/05/22/news26.html

0 comments: