Pages

Saturday, May 18, 2013

පුල්මුඩේට එක සිහලෙක් බඳවා ගන්නවත් තහනම්. අවාසනාවට හැටන් වෙසක් බොදු කමිටුවේ භාණ්ඩාගරික කමටත් මුසලුවෙක්

වෙසක් උත්සවය නිමිති කරගෙන හැටන් පොලිසීය මගින් හැටන් ප‍්‍රදේශයේ වෙසක් කලාපයක් ඇති කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද සංවිධායක කමිටුවේ භාණ්ඩාගාරික ලෙස මුස්ලිම් පුද්ගලයෙකු පත්කිරීම පිළිබඳ හැටන් ප‍්‍රදේශයේ බොහෝ බෞද්ධ ජනතාවගේ දැඩි අප‍්‍රසාදය පළ වී ඇත.

මෙම වෙසක් කලාපය සංවිධානය කිරීම සඳහා සංවිධායක කමිටුවක් පිහිටුවා ගැනීමේදී තෝරාගත් පිරිසක් පමණක් කැඳවා මෙසේ එහි වගකීව යුතු තනතුරක් වූ භාණ්ඩාගාරික තනතුර මෙසේ අදාළ පුද්ගලයාට ලබාදීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳ දැඩි කලකිරීමට පත්ව සිටින ප‍්‍රදේශයේ බෞද්ධ ජනතාව පවසනුයේ බෞද්ධයන්ගේ ප‍්‍රධානතම ආගමික උත්සවයක් වන වෙසක් උත්සව කටයුතුවලදී එහි භාණ්ඩාගාරික තනතුර සඳහා පත්කර ගැනීමට බෞද්ධයෙකු හැටන් ප‍්‍රදේශයේ නොමැතිද යන්න ප‍්‍රශ්නයක් වී ඇති බවය.

හැටන් නගරය සාමයේ නගරයක් බව සැබෑවක් වුවත් ප‍්‍රදේශයේ මෙවැනි උතුම් කටයුතුවලදී අදාළ පාර්ශ්වයට එකී සංවිධායක කටයුතු භාරදී අන් අයගේ සහයෝගය ලබාගැනීමට කටයුතු කළ යුතුය. නමුත් මෙවැනි දෙයක් කිරීම තුළින් ප‍්‍රදේශයේ බෞද්ධ ජනතාව මේ තුළින් කොන්කිරීමට ලක්කර තිබේ.

එමෙන්ම මෙහි සංවිධායක කටයුතු සඳහා ප‍්‍රදේශයේ ජනතාවගේ මෙන්ම විවිධ රාජ්‍ය හා පුද්ගලික ආයතන වලින් ආධාර ලබාගැනීමේදී එම ආධාර මුදල් අදාළ භාණ්ඩාගාරිකගේ පුද්ගලික ගිණුමට බැර කිරීමට උපදෙස් ලබාදීමද දැඩි විමතියකට හේතුවී ඇත.

මෙම වෙසක් කලාප සඳහා ආධාර මුදල් එකතු කිරීමට හැටන් පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පිරිසක් නගරයේ පුද්ගලික හා රාජ්‍ය බැංකු ශාඛා වෙත ගොස් ආධාර මුදල් ඉල්ලූ විට ආධාර මුදල් අදාළ භාණ්ඩාගාරිකගේ ගිණුමට බැර කරන ලෙස එම බැංකු ශාඛාවලින් ඉල්ලා ඇත.

බොදු අප‍්‍රසාදය මැද වෙසක් කලාපයේ භාණ්ඩාගාරික තනතුර මුස්ලිම් අයෙකුට
May 18, 2013 at 1:09 am | lanka C news

[
සබැඳි ලිපි - 

1 comments:

Anonymous said...

Konda kadunu ape ewun.....Sahajeewane dan ihatath udin...