Pages

Monday, May 20, 2013

ජාතික ප‍්‍රශ්නයට එකතු වීමේ උත්සාහය ගත් තැනම අසාර්ථකයි – සුමන්තිරන්

ජාතික ප‍්‍රශ්නය සඳහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීමට ගත් උත්සාහය ගත් තැනම අසාර්ථක වූ බව දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

මෙම පොදු එකඟතාව ඇතිකිරීම සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිගැනීම දෙමළ ජනතා නිදහස් පෙරමුණු නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා ප‍්‍රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කළේය.

එසේ එකඟවීමට නම් දෙමළ සන්ධානය උතුරු පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකර සිටි යුතු බවට පොන්නම්බලම් මහතා ඉල්ලා සිටි නමුත් ඊට එකඟ විය නොහැකි බව සුමන්තිරන් මහතා පැවසීය.

ඒ අනුව මෙකී සාකච්ඡව තව දුරටත් සිදුනොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

May 20, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94510/

0 comments: