Pages

Friday, May 24, 2013

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙමින් රට පුරා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන

ලොව බිහිවූ ශේ්‍රෂ්ඨතම ශාස්‌තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කරමින් අදට (24 වැනිදා) යෙදෙන වෙසක්‌ පුන් පොහෝ දිනය සැමරීම සඳහා ලොව පුරා බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් සැදැහැ සිතින් එක්‌වෙති.

අද (24 වැනිදා) රට පුරා වෙහෙර විහාරස්‌ථානවල ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් පිංකම් පැවැත්වෙන අතර කොළඹ නගරය ඇතුළුව රට පුරා සෑම නගරයකම වෙසක්‌ කලාප පවත්වමින් තොරණ, වෙසක්‌ පහන්කූඩු, දන්සල් ආදී ආමිස පූජාවන් පවත්වනු ලැබේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙසක්‌ තොරණ 36 ක්‌ හා වෙසක්‌ කලාප 06 ක්‌, සර්වඥ ධාතු ප්‍රදර්ශන පැවැත්වේ. මෙවර වෙසක්‌ උත්සවයේ විශේෂත්වය වනුයේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්‌වා දාන, ශීල හා භාවනා වැඩසටහන් මෙන්ම වෙසක්‌ සැරසිලි, දන්සල්, පහන්කූඩු ප්‍රදර්ශන ඇතුළු පිංකම් රැසක්‌ පැවැත්වීමය.

පෑලියගොඩ, දෙමටගොඩ, තොටළඟ, පිටකොටුව, බෞද්ධාලෝක මාවත, කොළඹ හුණුපිටිය, කොස්‌ගස්‌හන්දිය, කැලණිය, කඩවත, කිරිබත්ගොඩ යන ප්‍රදේශවල මෙවර ද වෙසක්‌ තොරණ ප්‍රදර්ශනය කෙරේ.

මෙයට අමතරව ක¹න, ජාඇල, රාගම, සපුගස්‌කන්ද, බියගම, මීගහවත්ත, මහබාගේ, මහරගම, බොරලැස්‌ගමුව, මුල්ලේරියාව, වැලිකඩ, තලංගම, නවගමුව, හෝමාගම, අතුරුගිරිය, කොල්ලුපිටිය, නාරාහේන්පිට, කිරුළපන, කුරුඳුවත්ත, ගල්කිස්‌ස, මොරටුව, දෙහිවල, පිළියන්දල, මොරටුමුල්ල, අඟුලාන, කොටහේන යන ප්‍රදේශවල ද අද සිට තොරණ ප්‍රදර්ශනය කෙරේ.

එමෙන්ම පහන්කූඩු ප්‍රදර්ශන, භක්‌ති ගීත, සර්වඥ ධාතු ප්‍රදර්ශන ඇතුළු බෞද්ධාගමික විශේෂාංග ඇතුළත් වෙසක්‌ කලාප 07 ක්‌ පැවැත්වේ. ගංගාරාම බුද්ධ රශ්මි, බෞද්ධාලෝක මාවත, දියවන්නා, ලේක්‌හවුස්‌, දෙහිවල ගල්කිස්‌ස, කඩවත මහර, කැලණිය යන වෙසක්‌ කලාප අද සිට දින ගණනාවක්‌ පැවැත්වෙයි.

කොළඹ හා අවට වෙසක්‌ තොරණ හා වෙසක්‌ කලාප අවට ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් දෙදහසක්‌ පමණ යොදවන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

එමෙන්ම යාපනය හා කිලිනොච්චියේ ද වෙසක්‌ කලාප පිහිටුවා ඇති අතර වෙසක්‌ තොරණ, පහන්කූඩු හා බුද්ධ වන්දනා ඇතුළත් ප්‍රදර්ශන එහි ඇතුළත් වෙයි.

රට පුරා වීදි බෞද්ධ ධජ පතාක වලින් සරසා ඇති අතර පහන්කූඩු හා විදුලි බුබුළුවලින් මාවත් ආලෝක කර ඇත.

රනිල් ධර්මසේන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2013/05/24/news01.html

0 comments: