Pages

Wednesday, May 29, 2013

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථන

බෞද්ධ ධර්මානුකූල ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළ යුතුයි - ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

මේක අනවබෝධයක්‌ - ඇමැති ජෝන් සෙනෙවිරත්න


අන්‍යාගමීකරණය හා ගව ඝාතනය නතර නොකළොත් අපිත් ජීවිත පූජා කරනවා - අක්මීමන දයාරතන හිමි


අක්මීමන දයාරතන හිමි - "උන්වහන්සේ ගව ඝාතනයට විරුද්ධව, අන්‍යාගමිකකරණයට එරෙහිව ප්‍රබලව කටයුතු කළා. මට මතකයි වරක්‌ උන්වහන්සේ ඇඹිලිපිටියේ සිට හොර හරක්‌ ගේන ලොරියක්‌ අල්ලා පොලිසියට භාරදුන්න හැටි. ඒවගේම මරණයට කැපවූ ගවයන් විශාල පිරිසකගේ ජීවිතය උන්වහන්සේ විසින් බේරාගත්තා."

"ඉන්දරතන හිමියන්ගේ මෑණියන් අද දුක්‌විය යුතු නැහැ. අම්මේ ඔබ බෝධි සත්ව පුතෙකුගේ අම්මා කෙනෙක්‌."

"සිංහල රාවය හැටියට අපවත්වුණු ඉන්දරතන හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය පැය දෙක තුනක්‌ කොළඹ තියලා නිදහස්‌ චතුරස්‍රයේ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය තියන්න සැරසෙන කොට පොලිසිය හොර රහසේම ඉටි කොලයක ඔතලා රත්නපුර මල් ශාලාවකට රැගෙන ආවා. මේක හරි කැතයි. උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් ආදාහන පූජෝත්සවය නිදහස්‌ චතුරස්‍රයේ කරන්න හොඳ නැතිලු. මේ රටේ පාලකයන්ට අපි කියනවා මේ සාපයෙන් මිදෙන්න නම් උන්වහන්සේගේ ගව ඝාතනය, නතර කරන්න, අන්‍යාගමිකකරණය නතර කරන්න කටයුතු කරන්න කියලා. උන්වහන්සේගේ මේ ඉල්ලීම් ඉදිරියේදී ඉටු කිරීමට රජය අපොහොසත් වුණොත් ඉදිරියේදී අපිත් ජීවිත පූජා කරන්න සූදානම් කියලා කියනවා."

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි - බොහෝ දෙනකු ඉන්දරතන හාමුදුරුවන්ගේ ජීවිත පූජාව හෑල්ලුවට ලක්‌ කළා. විශේෂයෙන් මරක්‌කල හාමුදුරුවරු මේ දේ කළේ. ගව ඝාතනය නතර කරන්න, අන්‍යාගමිකකරණයට එරෙහිව පනතක්‌ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කියලා කියපු දේ කළේ නැහැ. අන්තිමට උන්වහන්සේ පාගමනින් ගිහින් විරෝධතා දැක්‌වූවා. නමුත් රජය මේ දේ ගනන් ගත්තේ නැහැ.

මේ රටේ මුස්‌ලිම් අන්තවාදය තමයි මේ දේ කරන්නේ. ඒ වගේම මේ රට තුළ දරුණු ඉස්‌ලාම්වාදයත්, මුස්‌ලිම්වාදයත් ක්‍රියාත්මක වෙනවා.

අනිත් කාරණාව තමයි දවසින් දවස මේ රටේ ආක්‍රමණයන් ඇතිවීම. මේ සර්ව ආගමික පූට්‌ටුවක්‌ දැන් ඇවිල්ලා තිබෙනවා. මේකෙන් අපේ හාමුදුරුවන්ගේ කොන්ද කඩනවා. වහාම මේ සර්ව ආගමික පූට්‌ටුව නතර විය යුතුයි. අපි කියන්නේ මේ රටට ගැලපෙන ව්‍යවස්‌ථාවක්‌ බෞද්ධ ධර්මානුකූලව සකස්‌ කරන්න කියලා. මේ අල්ලක්‌ වගේ බිම දැන් ගණිකා මඩමක්‌ වෙලා.

මේ රටේ සිංහල ජාතිය දවසින් දවස විනාශ වෙනවා. ඒ නිසා සිංහලයින් අධිෂ්ඨානය කරන්න ඕන ඉන්ද්‍රරතන හාමුදුරුවන් ගව ඝාතනය නතර කිරීම, අන්‍යාගමිකකරණය ඇතුළු ප්‍රශ්නවලට උත්තර හොයන්න වෙන්නේ ජීවිත පූජාවෙන් නම තවත් එවැනි ජීවිත 1000 ක්‌ පූජා කරන්න වුණත් අපි සූදානම්. ජීවිත පූජාව කියන්නේ අපිට මහ ලොකු දෙයක්‌ නොවෙයි.

මේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ මරණයේ වගකීමෙන් හාමුදුරුවරුන්ට ගැලවෙන්න බැහැ. අපි දැන් කියන්නේ ගොඩනැගිලි හදන්න නතර කරන්න කියලයි. දැන් ගොඩනැගිලි හැදුවා ඇති. රටට අවශ්‍ය දර්ශනයක්‌ ඇති මිනිස්‌සු හදන එකයි.

පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි,

"ඉන්ද්‍රරතන හිමියන්ගේ මේ ජීවිත පූජාව බොහෝ අය දිවි නසා ගැනීමක්‌ කියලා අර්ථ කථනය කරන්න වුණා. නමුත් උන්වහන්සේ මේ කළේ ජීවිත පූජාවක්‌. මේ ධර්මද්වීපයේ ගව ඝාතනය නතර වේවා. අන්‍යාගමිකකරණය නතර වේවා කියලයි කිව්වේ. මේ රටේ සියයට අසූපහක්‌ ගව ඝාතනයට විරුදAධයි.


තාක්‌ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක - 
ඉන්ද්‍රරතන හිමියන් උතුම් පරමාර්ථයන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළත් සමහර පුද්ගලයන් එසේ ජීවිත පරිත්‍යාග කළ අරමුණ පිළිබඳව සොයා බලන්නේ නැතිව උන්වහන්සේට පෙට්‍රල් ලබා දුන්නේ කවුද? මාධ්‍යවේදීන්ගේ සදාචාරය පිළිබඳව මෙන්ම උන්වහන්සේගේ මානසික තත්ත්වය සොයා බලන තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා.

ඉන්ද්‍රරතන හිමියන් සමඟ අප දීර්ඝ කාලයක්‌ කටයුතු කර තිබෙනවා. මාවිල්ආරු ප්‍රශ්නය ඇතිවූ අවස්‌ථාවේදී උන්වහන්සේ අපත් සමඟ එම ප්‍රදේශයට වැඩම කර උරෙන් උර ගැටී කටයුතු කළා. ඒ ආකාරයට උන්වහන්සේ අපත් සමඟ දීර්ඝ කාලයක්‌ කටයුතු කර තිබෙනවා. සමහර පුද්ගලයන් විමසා සිටියා හාමුදුරුවන්ලා විවිධ කටයුතුවලට සම්බන්ධ වුවත් උන්වහන්සේලා ජීවිත පරිත්‍යාග කරන්නේ නැහැ නේද කියන එක. එහෙම අහපු අය දැන් කියන්නේ කුමක්‌ද?

ත්‍රස්‌තවාදීන් ජීවිත පරිත්‍යාග කළ විට, ඒ සඳහා ඔවුනට ප්‍රශ්න තිබෙන බව ප්‍රකාශ කළ පුද්ගලයන් දැන් ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගයත් සමඟ බෞද්ධයන්ටත් ප්‍රශ්න තිබෙන බව පිළිගත යුතු වෙනවා. ඉන්ද්‍රරතන හිමියන් ජීවිත පරිත්‍යාග කළ එම ප්‍රශ්නය මහා ගිනි කන්දක්‌ බවට පත්වී පුපුරා යැමට පෙර ඊට විසඳුම් ලබා දිය යුතු බව මම ප්‍රකාශ කරනවා.

ඇමැති ජෝන්ගේ කතාවට විරෝධය
මෙම ආදාහන පූජෝත්සවයේදී රාජ්‍ය පරිපාලන ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා කතා පැවැත්වීමට සූදානම් වූ අවස්‌ථාවේදී ඔහුට දැඩි ජනතා විරෝධයක්‌ එල්ල විය. විනාඩි දහයකට වඩා කාලයක දැඩි විරෝධයක්‌ එල්ල විය. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද රැස්‌ව සිටි පිරිස සන්සුන් කිරීමට උත්සාහ ගත්තද එම විරෝධය නතර වූයේ නැත.

පසු යළිත් වරක්‌ ඕමල්පේ සෝභිත හිමියන් ඉදිරිපත්වී අප ඇමැතිවරයාගේ අදහසටත් කන්දෙමු යනුවෙන් කරන ලද ඉල්ලීමට අනුව නොසන්සුන් වූ පිරිස සන්සුන්වී කතාවට සවන් දීමට සූදානම් වූ විට යළිත් සභාව ඇමතූ ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා මෙසේ කීවේය.

ජෝන් සෙනෙවිරත්න - මම හිතන්නේ මේක අනවබෝධය නිසා ඇතිවූ තත්ත්වයක්‌. මෙම අවස්‌ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමැතියි ඉන්ද්‍රරතන හිමියන්ට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුරයක්‌ ලබාදීමට අවස්‌ථාව ලබා දුන්නෙත් මම කියන එක. ඉන්ද්‍රරත්න හිමියන් මා හමුවී පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු බව ප්‍රකාශකොට සිටියා. ඒ පිළිබඳව මම අපේ පක්‍ෂයට දැන්වූ විට පක්‍ෂයෙන් මට දන්වා සිටියේ භික්‌ෂූන් වහන්සේලාට තරග කිරීමට අවස්‌ථාව ලබා දෙන්නේ නැහැ කියන එකයි. මම ඒ පිළිබඳව උන්වහන්සේට දන්වා සිටි විට උන්වහන්සේ හෙළ උරුමයෙන් ලිපියක්‌ රැගෙන ආවා. ඒ අනුව උන්වහන්සේට එම මැතිවරණයට තරග කිරීම සඳහා අවස්‌ථාව ලැබුණා. උන්වහන්සේගේ ජයග්‍රහණය සඳහා මට හැකි සෑම සහයෝගයක්‌ම ලබා දුන්නා. ඒ අනුව උන්වහන්සේට එම මැතිවරණයෙන් ජයගෙන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක්‌ කිරීමට අවස්‌ථාව උදාවුණා.

තවත් අවස්‌ථාවකදී උන්වහන්සේ මා හමුවී ගවයන් මරණයෙන් මුදාගැනීමට උන්වහන්සේට ඇති අවශ්‍යතාවය පිළිබඳව මට දන්වා සිටියා. ඒ අනුව ගවයන් මරණයෙන් ගලවා ගැනීම සඳහා කටයුතු කරන කොළඹ ප්‍රදේශයේ කාන්තාවක්‌ මම උන්වහන්සේට හඳුන්වා දුන්නා. එම සංවිධානය යටතේ උන්වහන්සේ ගව ඝාතනයට එරෙහිව විශාල වැඩ කොටසක්‌ කළා.

තවත් අවස්‌ථාවකදී මම උන්වහන්සේව කොළඹ පෞද්ගලික රෝහලක නතර කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළා. මම ඒ ආකාරයෙන් උන්වහන්සේට ප්‍රතිකාර ලබාදී කටයුතු කළේ උන්වහන්සේ දැඩි ලෙස ගැස්‌ට්‍රයිටීස්‌ රෝගයෙන් පීඩා වින්ද නිසයි.
http://www.divaina.com/2013/05/29/news18.html

දසදහස්‌ සංඛ්‍යාත ජනයාගේ සෝ සුසුම් මැද ආදාහන පූජෝත්සවය සිදුකෙරේ

ඉන්ද්‍රරතන හිමියන් ජීවිතය පූජා කළේ ජාතිය අවදි කරන්නයි - ඕමල්පේ සෝභිත හිමි

ගව ඝාතනයට විරෝධය පලකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී ජීවිතය පූජා කළ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (28 දා) සන්ධ්‍යාවේ කහවත්ත, පොරෝණුව දකුණු පනාවැන්න ක්‍රීඩාංගණයේදී දස දහස්‌ සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ සාධුකාර මධ්‍යයේ සිදුකෙරිණි.

ශ්‍රී දේහය දකුණු පනාවැන්න ක්‍රීඩාංගණයට රැගෙන ඒමට ප්‍රථම කහවත්ත පොරෝණුව ශ්‍රී සුගතාරාම විහාරයේ තැන්පත් කර තිබූ අතර, එහිදීද ගිහි පැවිදි විශාල පිරිසක්‌ ඉන්ද්‍රරතන හිමියන්ගේ ශ්‍රී දේශයට අවසන් ගෞරව දක්‌වන්නට වූහ.

ඉන් අනතුරුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර පස්‌වරු 1.15 ට පමණ ශ්‍රී සුගතාරාම විහාරයෙන් දකුණු පනාවැන්න ක්‍රීඩාංගණය කරා රැගෙන එන ලදී.

අපවත්වී වදාළ ඉන්ද්‍රරතන හිමියන්ගේ මව් වන මැගිලින් නෝනා මහත්මිය හඬාවැලපෙමින් බෞද්ධ ජනතාව සමග පැමිණෙන අයුරුද අපට දැකගත හැකි විය.

උන්වහන්සේට ගෞරවය පුද කරමින් මග දෙපස කහවන් සැරසිලි හා ශෝක බැනරයන් ප්‍රදර්ශනය කර තිබුණි.

ශ්‍රී දේහය දකුණු පනාවැන්න ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් පසු ආදාහන පූජෝත්සව සභාව ආරම්භ විය.

එහිදී අදහස්‌ දැක්‌වූ රාමඤ්ඤ නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ඕමල්පේ සෝභිත හිමිපානෝ මෙසේ පැවැසූහ.

"ඉන්ද්‍රරතන හිමියෝ මේ කළේ දිවිනසා ගැනීමක්‌ නොවෙයි. උන්වහන්සේ මේ කළේ මේ රට වෙනුවෙන් මේ ශාසනය වෙනුවෙන් ජීවිත පූජාවක්‌. උන්වහන්සේ මේ රටේ ගව ඝාතනය නතර කරන්න කියලා විරෝධය පළ කළේ අද ඊයේ නොවෙයි. මට මතකයි උන්වහන්සේ වරක්‌ ඇඹිලිපිටියේ ඉඳලා අනුරාධපුරයට ඒ කියන්නේ කිලෝමීටර් 335 ක්‌ පයින් ගිහින් මෙම ගව ඝාතනය නතර කිරීමට පණිවිඩය අරන් ගියා. එසේ මෙසේ ගමනක්‌ නොවෙයි මේ ගමන දින 18 ක්‌ තිස්‌සේ ගියා.

"ඊළඟට උන්වහන්සේ හලාවත මුන්නේශ්වරම් කෝවිල ඉදිරිපිටට ගිහිල්ලා සත්ව බිලි පූජාව නතර කරන්න කියලා විරෝධය පළකළා. උන්වහන්සේ එදා ඒක නතර කළේ නැත්නම් ගිනි තබාගන්නවා කියලා විරෝධය පළකළා. උන්වහන්සේ ඒ කියපු ගවඝාතනය නතර වුණේ නැහැ. බෞද්ධයන් අන්‍යාගමිකකරණයට ලක්‌වෙන එක නතර වුණේ නහැ. රජය වුණත් ඒ ගැන ගණන් ගත්තේ නැහැ. අන්න ඒ නිසයි උන්වහන්සේ මෙවැනි ජීවිත පූජාවක්‌ කළේ. මේක මුළු රටටම ආදර්ශයක්‌.

"රජය මේ රට ආශ්චර්යමත් රටක්‌ කරා රැගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නම් ඉන්ද්‍රරතන හාමුදුරුවන්aගේ පණිවිඩයක්‌ද ක්‍රියාවට නැංවිය යුතුයි. ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කෙස්‌ගහක වරදක්‌ කරලා නැහැ. උන්වහන්සේට අද ඇඟිල්ල දිගු කරන අය දෙයක්‌ සිතිය යුතුයි. උන්වහන්සේ මේ කළේ මෝඩ ක්‍රියාවක්‌ නොවෙයි. ජාතිය අවදි කිරීමක්‌."

සිංහල රාවය ජාතික සංවිධානය සභාපති අක්‌මීමන දයාරතන හිමි - "ඉන්ද්‍රරතන හාමුදුරුවෝ කියන්නේ සිංහල රාවය ජාතික සංවිධානයේ සිටි ප්‍රබලව කටයුතු කරපු කෙනෙක්‌. බුදුරජාණන් වහන්සේවත් දුෂ්ට විදිහට විවේචනය කරපු සුභද්‍ර වගේ භික්‌ෂුන් වහන්සේලා එදා හිටියා. අද ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ක්‍රියා පිළිවෙත ඉවසන්න බැරි අය ඉන්නවා. උන්වහන්සේ සිය දිවි නසාගත්තේ නැහැ. උන්වහන්සේ ජීවිතය පූජා කළා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කේ. ඩී. ප්‍රේමසිරි කහවත්ත සිට
http://www.divaina.com/2013/05/29/news21.html


සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html]

0 comments: