Pages

Friday, May 17, 2013

ඇමරිකානු මිසයිල පද්ධතියට රුසියානු මිසයිල පද්ධතියකින් පිළිතුරු

නව යෝජිත රුසියානු ගුවන් හමුදා මූලස්ථානය නේටෝ හමුදාවන්ට තර්ජනයක් සිදු කිරීමේ අදහසින් ස්ථාපනයකරන ලද්දක් නොවන බවත් ඇමරිකාවෙ යෝජිත මිසයිල ආරක්ෂක පද්ධතියට පිළිතුරු ලෙසත් මෙය ස්ථාපනය කරන ලද්දක් නොවන බවත් රුසියානු විදේශ ඇමති සර්ජි ලාවෝර් පවසා සිටි.

රුසියාව සහ බෙලරස් යනු එක්සත් යුධ භූමියක් වන අතර එය රුසියානු ගුවන් යානා හෝ බෙලරස් ගුවන් යානා නැවතුමක් වීමේ වෙනසක් නොවන බවද මෙහි ප‍්‍රධාන අරමුණ දේශසීමා ආරක්ෂාකර ගැනීම පමණක් බවද පැවසේ. ලාවෝර්, ජර්මන් විදේශ අමාත්‍ය ගීඩෝ වෙස්ටර්විල් හා පෝලන්ත රෙඩොස්ලෙවේ සකෝස්කී සමග තිබුණු සාකච්ඡවේ දී පෙන්වාදී සිටියේ රුසියාවට සිරියාව නිසා ඇතිවිය හැකි බලපෑමයි.

2014 දී බෙලරස් හී ගුවන් යානා මිසයිල පද්ධති 4ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ෂෝගී වැඩි දුරටත් පවසා සිටියේය.

මෙය රුසියාවේ විශාල ආරක්ෂක සැලැස්මක එක් පරිච්ඡේදයක් පමණක් වන බව පැවසේගඑම කළාපයේ රටවල් හයක එකතුව තනි මිසයිල ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීම ඔවුන් ගේ ප‍්‍රධාන සැලසුම වේ. අර්මේනියාව, කිර්ගිස්තානය සහ ටජිගිස්තානය යන රටවල්ද මෙම එකතුව තුල වේ.

May 16, 2013 at 4:02 pm | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/94378/

0 comments: