Pages

Sunday, May 26, 2013

ගව ඝාතනය වහා නතර කල යුතුයි - විමල්

ශ‍්‍රී ලංකාව තුළ ගව ඝාතනය දැන්වත් තහනම් කළ යුතුයයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිපානන් ගව ඝාතනය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩ අසලදී සිය සිරුරට ගිනිතබා ගැනීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම පඣ නාය අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

ඔම සම්පුර්ණ නිවේදනය මෙසේය.

පසුගිය වෙසක් පුන් පොහෝ දින අපට ඉතාමත් සංවේගජනක පුවතක් අසන්නට ලැබිණි. ඒ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් වන පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිපානන් ගව ඝාතනය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩ අසලදී සිය සිරුරට ගිනිතබා ගැනීමේ පුවතයි. ඒ පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ සිය බලවත් සංවේගය පළකර සිටින්නෙමු. මේ සිදුවීමත් සමග පහත සඳහන් කරුණු කෙරෙහි රටක් ලෙස අපගේ දැඩි අවධානය යොමු විය යුතුව ඇත.

ගව ඝාතනය මෙරට බෞද්ධ ජනයා මෙන්ම හින්දු භක්තිකයන්ද දැඩි සේ පිළිකුල් කරන්නකි. එය අනුමත කරන්නේ ශ‍්‍රී ලාංකීය සමාජයේ ඉතාමත් සුළු පිරිසකි. හින්දු භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දියාව තුළ ගව ඝාතනය තහනම් කර ඇති අතර එරට හින්දු භක්තිකයෝ තම කෘෂිකාර්මික දිවි පෙවෙතට උපකාරී වන්නා වූ ගවයාට තෛපොංගල් වැනි උත්සවවලදී කෘතවේදීත්වය පුද කිරීමට තරම් කාරුණික වෙති.

එසේ තිබියදී එවැනිම වූ කෘෂිකාර්මික ආර්ථික රටාවකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාව තුළ දිගින් දිගටම ගව ඝාතනය සිදුවීම බලවත් කනගාටුවට කරුණකි.

එබැවින්, ඉහත කී සංවේගජනක සිදුවීම පාදක කරගෙන හෝ වහාම ශ‍්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමන්ගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.

May 26, 2013 at 9:46 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94717/

2 comments:

keerthi raterala said...

අැයි වීරවංශ අැැමතිතුමෝ බය හිතුනද?

Anonymous said...

ඔව් ඔව් කුණු විමලයෝ. ඉක්මනට තහනම් කරවාගනින් මහින්ද අයියට කියලා. නැත්නම් අපි තෝව ආහාරයට ගන්නවා තොත් හොඳ හරකෙක් නිසා.