Pages

Monday, May 27, 2013

පාලකයන්ගේ දෑස් දැන්වත් ඇරේවා - JHU

පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ අපවත්වීමෙන් පසු පාලකයන්ගේ දෑස් දැන්වත් ඇරේවා යයි ජාතික හෙල උරුමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ මීට පෙරද ආවේගශීලී අවස්ථා කිහිපයකදීම ඉන්ද්‍රරතන හිමියන් ජීවිතය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බවයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

බෞද්ධයන්ගේ දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් දැන්වත් පාලකයින්ගේ ඇස් ඇරේවා

පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දා බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ‍්‍රී දළදා මාළිගාව අභියස ගව ඝාතනය ඇතුළු බෞද්ධයන් අන්‍යාගම්කරණය කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් සිරුරට ගිනි තබා ගෙන ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් පසු උන්වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් අප බලවත් කම්පනයටත් සංවේගයටත් පත් වීමු. පුජ්‍ය ඉන්ද්‍රරතන හිමියන්ගේ ජිවිතය බේරාගන්නට නොහැකි බව උන්වහන්සේ බැලීමට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අප ගිය විට දැකගන්නට ලැබුණි.  පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජික හිමිනමක් ලෙසත් පැල්මඩුල්ල ප‍්‍රාදේශිය සභාවේ ජාතික හෙළ උරුමයේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයෙන් ලෙසත් මීට මාස කිහිපයකට පෙර කටයුතු කළේය. පුජ්‍ය ඉන්ද්‍රරතන හිමියන් ජාතික හෙළ උරුමයට එක්වීමට පෙරත් ගව ඝාතනය පිටු දැකීම සඳහා ක‍්‍රියාකාරී විය. ගව මස් කඩ වසා දැමීම, හොර හරක් ලොරී ඇල්ලීම, ගවයින්ට අභය දානය දීම සඳහා උන්වහන්සේ ක‍්‍රීයාශීලීව දිවා ? නොබලා කටයුතු කලා පමණක් නොව සත්ව අවිහිංසාවාදී සංවිධාන සමඟ ඒකාබද්ධ වෙමින් රටේ සෑම තැනකටම ගමන් කළේය. තව ද හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පුජාවට එරෙහිව ද උන්වහන්සේ විශාල හඩක් නැගු අතර එවැනි දේ වළක්වා ගැනීම සඳහා අවැසි නම් තමන් ජිවිතය වුව පුජා කිරීමට සුදානම් බව අවස්ථා ගණනාවක දීම උන්වහන්සේ ප‍්‍රකාශ කර ඇත.

ගව ඝාතනය පිටු දැකීම සඳහා පමණක් නොව බලහත්කාරයෙන් බෞද්ධයන් අන්‍යාගම්වලට හරවා ගැනීමට එරෙහිව ද උන්වහන්සේ කටයුතු කළහ. ඒ සඳහා නොබියව බෞද්ධ ජනතාව පෙළ ගස්සමින් නායකත්වය ගත් උන්වහන්සේ එවැනි අන්තවාදී මුලධර්මවාදී කල්ලි කණ්ඩායම් බෞද්ධ ජනතාවගේ ගම්මානවලින් පළවාහැරීමට ද පසුබට වුයේ නැත. මේ නිසා ප‍්‍රාදේශිය දේශපාලනඥයින්ගේ, බලධාරීන්ගේ, නිළධාරීන්ගේ පමණක් නොව පොලීසියේ හා ආරක්‍ෂ අංශවල උදහසට පවා උන්වහන්සේ ලක් විය. දිගින් දිගටම සිදුවන ගව ඝාතනය හා සත්ව හිංසාව පිළිබඳවත් බෞද්ධයින් අන්‍යාගම්කරණය කිරීම සම්බන්ධයෙනුත් දැඩි සිත් වේදනාවකින් පසු වූ උන්වහන්සේ ආවේගශීලී වූ අවස්ථා ගණනාවක දී කියා සිටියේ මේක නතර කිරීම සඳහා පාලකයින්ගේ ඇස් අරවන්න මම  ඕනම පුජාවක් කරන්න සුදානම්. ඒ වෙනුවෙන් ජිවිතය වුනත් අත්හරින්න සුදානම් යැයි ප‍්‍රකාශ කළ උන්වහන්සේ සංවිධාන විනයකට කටයුතු කිරීමට ද එතරම් කැමැත්තක් පළ නොකළ අතර එය තමන්ගේ සමාජ ක‍්‍රියාකාරීත්වයට බාධාවක් බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම තමන් සියළුම ජාතික, ආගමික, සමාජ සංවිධාන සමඟ කටයුතු කරන නිසා එක සංවිධානයක් තුළ පමණක් ක‍්‍රියාකාරී වීමට ද කැමැත්තක් පළ කළේ නැත. පළාත් පාලන මන්ත‍්‍රීධුරය ද පහුරක් කර ගනිමින් ඉදිරියට යන්නට උන්වහන්සේ උත්සහ කළ ද එම මන්ත‍්‍රීධූරය

මන්ත‍්‍රීධූරය නිෂ්ඵල බව පෙනී ගිය බැවින් ප‍්‍රාදේශීය සභාවේ කටයුතු වලට සහභාගී වීමෙන් වැළකී සිටියේය. මෑත කාලයේ මහත් ආන්දෝලනයට ලක් වූ හලාල් විරෝධි සටනේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාකාරී භූමිකාවක උන්වහන්සේ  නිරත විය.

පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් දිගින් දිගටම වගකිව යුතු අංශවලටත්, බලධාරීන්ටත්, නිළධාරීන්ටත් මේ පිළිබඳ දැනුවත් කළ ද ඒ සියළු දෙනා ගොළුවන් සහ බිහිරන් සේ කටයුතු කළේය. අවසානයේ ඒ කිසිවකින් පිළිසරණක් නැති තැන උන්වහන්සේ ජිවිතය පුජා කර අධීෂ්ඨානයක් කිරීමට තීරණයක් ගෙන ඇත. එම තීරණයේ ප‍්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ දළදා මාළිගය අභියස තම සිරුරට ගිනි තබා ගෙන තම ජිවිතය උතුම් අරමුණක් සඳහා පුජා කර ඇත. එය ජාතික, ආගමික, ශාසනික අරමුණක් සඳහා වූවක් බව උන්වහන්සේ අවසානයට ලියා තබා ඇති ලිපි වලින් මනාවට පැහැදිලි වේ. එයට වැරදි අර්ථකථන දෙමින් එය නොගැළපෙන ක‍්‍රියාවක් ලෙස අර්ථ දක්වන ඇතමුන්ට උදාර අරමුණු පෙරදැරී කරගෙන ජිවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියා කරන අවස්ථා පිළිබඳ බෝධි සත්ව චරිතය නැවත කියවන ලෙස ද මේ මහා උතුම් පුජාව අවමානයට පත් නොකරන ලෙස ද ඉල්ලා සිටින අතර දැන්වත් මේ රටේ බෞද්ධයන්ගේ දැවෙන ප‍්‍රශ්න වෙනුවෙන් පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් දළදා වහන්සේ අභියස සිට ජිවිතය පුදා අධිෂ්ඨාන කළ ගව ඝාතනය තහනම් කිරීම ඇතුළු උදාර වූ ජාතික, ආගමික අරමුණු වෙනුවෙන් මේ වෙසක් සමයේ පාලකයින්ගේ ඇස් ඇරේවායි ප‍්‍රාර්ථනා කරන අතර රට, දැය, සමය වෙනුවෙන් උත්තම ජිවිත පුජාවක යෙදුණු පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට නිවන් සුව ලැබේවායි ප‍්‍රාර්ථනා කරමු.


ඉන්ද්‍රරතන හිමි මීට පෙරත් අවස්ථා කිහිපයකදීම ජීවිත පූජාවට ඉදිරිපත් වුණා

May 27, 2013 at 4:07 pm | lanka C news

http://lankacnews.com/sinhala/news/94778/

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: