Pages

Friday, May 17, 2013

උතුරේ හමුදාව ඉවත් කරනු! – වාසු | ඇයි හමුදාව සැකද? – ගෝඨා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා ඡන්දය නිදහස් හා සාධාරණ ඡුන්දයක් යයි පිළිගැනීමට නම් දැනට උතුරේ සිටින සියළුම හමුදා සෙබළුන් බැරැක්කවලට සීමා කල යුතු යයි අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

දැනට උතුරේ සහ නැගෙනහිර හමුදාව ගැවසෙන ආකාරයටම ඉදිරියේත් හමුදාව ගැවසුනහොත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැතුනු බවට ජාත්‍යන්තරයට පැවසිය නොහැකි වනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසන්නේ උතුරේ ආරක්‍ෂාවට හානි වන අයුරින් කිසිම විටෙක හමුදාව ඉවත් නොකරන බවත් උතුරේ සංවර්ධන කටයුතුවලට පමණක් හමුදාව දායක වන බවත්ය.

‘ආරක්‍ෂාව සම්බන්ධයෙන් හමුදාව ගැන සැකයක් ඔය කියන අමාත්‍යවරුන්ට තියෙනවාද කියලා මම අහන්න කැමතියි. නැතුව හමුදාව උතුරෙන් ඉවත් කරන්න කියන්නේ හමුදාව දේශපාලනය කරන නිසාද? 13 වන සංශෝධනය කියන්නේ අපේ රටට බලෙන් පටවපු කෙළියක්. 13 වන සංශෝධනය කියවා බලන්න. පළාත් මහ ඇමති යටතට පොලිස් බලතල ලැබෙනවා. මම අහන්න කැමතියි පොලීසිය දේශපාලනය යටතට ගෙන ඒම හරිද කියලා. මේ ඇමතිවරුන්ට  ඕනෑ මේ වගේ ප‍්‍රකාශ කරලා මහා ලොකු වීරයන් වෙන්න.

ටී.එන්.ඒ. එක අවුරුදු විස්සක් ඔය ගැන කතා කලේ නෑ. දැන් මේ වෙලා තියෙන්නේ ජනතාවට  ඕන දේ නෙමෙයි. සම්බන්දන්ලා, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ලා කියන දේයි සිදුවෙමින් තියෙන්නේ. ඒත් පාකිස්තානයට ඒ විදිහට සාමය ලැබුණාද? ලෝකයේ අනෙත් රටවලට ශය කියන සාමය ලැබුණාද? නැහැ. හමුදාව බැරැක්කවලට දාන කතාව පිස්සුවක්’ යයිද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.

May 17, 2013 at 11:31 am | lanka C news

0 comments: