Pages

Wednesday, May 15, 2013

සිරි මහ බෝ රඳුන් අමු සොහොන් පිටියක් කර වසර 28යි... සිංහලයාගේ මතකය දෙසතියද?

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් ශ්‍රී මහා බෝධියට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට නිරායුධ අහිංසක සාමාන්‍ය බොදුනුවන් ඇතුළු සිවිල් වැසියන් 229  දෙනෙකු ම්ලේච්ච ලෙස ඝතනය කර වසර 28 සපිරේ.

1985 මැයි 14 වන දින අළුයම අනුරාධපුර බස් නැවතුමෙන් ආරම්භ කල කොටි ප්‍රහාරය ඉන් පසු රුවන් වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය ඇතුලත් පූජාභූමිය වෙත එල්ල විය. එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන් ව සිටි උවැසි උවැසියන් මෙන්ම භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක්ද අමු අමුවේ ඝාතනය විය.දස සිල් මාතාවන් 21 දෙනෙකු සහ භික්ෂූන් වහන්සේල 17 දෙනෙකු ඇතුලත්ව 229 දෙනෙකු ඝාතනය වූ අතර තවත් 385 දෙනෙකු තුවාල ලැබීය.

1985 මැයි 14 දා අලුයම පුත්තලම් ඩිපෝවට අයත් බස්‌ රථයක සිටි රියෑදුරා ද කොන්දොස්‌තරවරයාද මරා දැමූ කොටි ත්‍රස්තයන් විල්පත්තු අභය භූමිය හරහා අනුරාධපුරයට පැමිණ තිබිණ.හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සන්නද්ධ ව සිටි ඔවුන් ප්‍රහාරය අවසන් කර යමින් සිටියදී විල්පත්තු අභය භූමිය තුල සිටි වන ආරක්ෂකයින් 24 දෙනෙකුටද වෙඩි තබා මරා දමා තිබිණ.

එවකට ජේ ආර් ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා වූයේ ලලිත් ඇතුලත්මුදලි මහතාය.කොටි මෙලෙස සිංහල ජනතාවගේ ගෞරවාදරයට පත් පූජනීය ස්ථානවලට අමානුෂික ලෙස පහර දීමෙන් එකල අපේක්ෂ කලේ දෙමළ ජනතාවට එරෙහිව සිංහල සමාජය තුල කෝපය වර්ධන කිරීමත් ඒ හරහා ඇතුවන ගැටුම් හරහා එහි වාසිය තමන්ට ගැනීමටත්ය. ඒ සඳහා මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන් වීඩියෝ ගත කර ප්‍රචාරය කිරීමටද කොටි ත්‍රස්තයන් එකල ක්‍රියා කලහ.

මෙලෙසම 98 වර්ෂයේ කොටි ත්‍රස්තයන් දළදා මාළිගාවටද පහර දී දැඩි අලාභ හානියක් කලහ. ශ්‍රී මහා බෝධියට පහර දී වසර 24ක් ඉක්ම යන මැයි මාසයේම කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල්වල ගිල්වීමට ආරක්ෂක හමුදාවන් සමත්වීම විශේෂත්වයකි.

- යටියන ප්‍රදීප් කුමාර

‘මතක තබාගමු සැමදා-සමාව නොම දෙමු කිසිදා’ ශ‍්‍රී මහා බෝධියට කොටි ගසා වසර 28යි
May 15, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94327/

0 comments: