Pages

Tuesday, May 28, 2013

ඉන්දරතන හිමියන්ගේ අරමුණු ඉටු කිරීමට තවත් බිලි කීයක් අවැසිද?

බෞද්ධයන් සිය දිවි නසාගාන්නා තැනට රට පිරිහිලා – බලයට පත් වූ සෑම රජයක්ම වග කිව යුතුයි.

ලක් ඉතිහාසයේ කෙදිනකවත් නොවූ විරූ අයුරින් සිංහල බෞද්ධ උරුමය පිරිහී ඇති යථා තත්වය අවබෝධ කරලීමට ශාසන කීර්ති, සද්ධර්ම වාගීශ්වර පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ උත්තම ජීවිත පූජාව මනාව හේතු කාරණා වී ඇත.

මෑත කාලයේ බෞද්ධයින්ගේ ඉල්ලීම් සාදාතනික බීරි අලින්ට වීණා වැයුමක් පමණි.  බෞද්ධයා සදාකාලිකවම තමන් දෙන ලොසින්ජර් ගිලින්නන් සේ තබා ගැනීම පාදඩ දේශපාලකයන්ගේ ඒකායන අරමුණයි. බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම පොතකට සීමාවී බෞද්ධ විරෝධී සංකල්ප බහුවාර්ගික බහු ආගමික වේශයෙන් බෞද්ධයන් නිර්වින්දනය කර ඇත.

අනගාරික ධර්මපාලතුමන් පෙර කී ලෙසටම අද සිංහල බෞද්ධ පරම්පරාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් කර හමාරය. වර්තමානයෙ ඉන්දරතන හිමියන් හැරුනුකොට වෙනත් කවරෙකුවත් එවැනි උගුඩුවෙකු නොවේ යැයි එකත් පසෙකින් කිවහැක්කේ කාටද?

වාද විවාද වලින් පලක් නැත. දැන් ක්‍රියා කිරීමට කාලයයි. බෝධිසත්ව චර්යාව මනාව ප්‍රකට කල අපේ කාලයේ අසම සම ජාතික වීරයෙකු බෞද්ධ විරෝධී ප්‍රතිපදාවේ බිල්ලක් වී හමාරය. යුතුකම ඉන්දරතන හිමියන්ගේ උත්තම අරමුණු ඉටු කිරීම නොවේද?

දැන්වත් ක්‍රියා කරමුද?

එසේ නොවේනම් එම අරමුණු ඉටු කිරීමට  තවත් බිලි කීයක් අවැසිද???

- සමීර චන්ද්‍රසිරි / හෙළ විජය ජාතික ව්‍යාපාරය

May 28, 2013 at 12:01 am | lanka C news

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: