Pages

Saturday, May 11, 2013

විදෙස්‌ අරමුදල් පාලන නීති ගෙනෙන සූදානමක්‌

රටේ ජාතික ආරක්‍ෂාවට අකුල්හෙලන සංවිධානවලට ලැබෙන විදෙස්‌ අරමුදල් විමර්ශනය කිරීම සඳහා ඉන්දියාවේ මෙන් විදෙස්‌ අරමුදල් පාලන නීතිරීති ශ්‍රී ලංකාවට ගෙන ඒමට රජය තීරණය කර ඇත.

ඇතැම් සංවිධානවලට රුපියල් මිලියන 600 ක්‌ දක්‌වා මුදල් ලැබී ඇති අතර එකී මුදල් වැයකර ඇති ආකාරය හෙළි නොවීම මෙම තීරණ ගැනීමට හේතු වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම, අත්අඩංගුවේ සිටින දරුණු කොටි ත්‍රස්‌තවාදීන් 200 දෙනකු නිදහස්‌ කිරීම වැනි කරුණු අරඹයා විදේශයන්ගේ බලපෑම් එල්ලවීම යන කරුණු රැසකට මෙම සංවිධාන මැදිහත්වී ඇතැයි අනාවරණය වී තිබේ. මෙම සංවිධාන ආරක්‍ෂක බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/05/11/news20.html

0 comments: