Pages

Saturday, May 25, 2013

මද්දුම බණ්ඩාර පරපුරේ හෙළ විරු තරුණ පුතේ,

මල්ලී,
උඹ සිංහල කොල්ලෙක් නේද?.. ආඩම්බරයි... මොකද දන්නවද?. අපේ සිංහල කොල්ලො හරි එඩිතරයි. නිර්භීතයි. ඉතිහාසයේ ඉදන්ම උන් එහෙමයි. අහලා තියනවා නේද මද්දුම බණ්ඩාර කොයි තරම් පුංචි වුණත් කිසිම බයක් නැතිව මරණයට මුහුණ දුන්න හැටි.. දුටු ගැමුණු කුමාරයා සතුරන්ගෙන් රට බේරගන්න රජ මාලිගාවෙන් පැනලා ඇවිත් කැලේට වෙලා සටන් පුහුණු වුණ හැටි.. වෙල්ලස්සේ කැරැල්ලට එකතු වෙන්න කිවුලෙ ගෙදර මොහොට්ටාලගේ පුතා ගෙදරින් පැනලා ගියේ, විදුරු මසෙන් ලේ ගලනකල් කිතුල් ලීයෙන් හදලා තිබුණු ජනේලය කටින් හපලාලු... අපේ සිංහල කොල්ලන්ට තිබුණු එඩිතර කම, රට ජාතිය ගැන තිබුණු හැගීම එහෙමයි.
ඒ හැගීම ඉතිහාසෙදි ඉවර වුණේ නැහැ. අපේ රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තෙත් අපේ සිංහල කොල්ලොම තමයි. පාලකයෝ කොහොම කිව්වත් මේ ජයග්‍රහණයේ තියෙන්නේ අපේ සිංහල කොල්ලන්ගේ ලේ, කදුළු, දහඩිය. පිට රට වලින් ගෙන්නපු කෆීර් යානා වලින්වත්, මල්ටිබැරල්, මෝටාර්, ස්නයිපර් වලින්වත්, පිට රටවලින් කෝටි ගණනින් ලැබුණු ආධාර වලින්වත් වැඩක් නැති වෙන්න ඉඩ තිබුණා තමන්ගේ රටට ජාතියට ආදරේ කරපු සිංහල කොල්ලො නොහිටියානම්...
මල්ලි,...
උඹලා එහෙම පරම්පරාවක කොල්ලෝ.. උඹලාගේ ඇගේ දුවන්නේත් ඒ සිංහල ලේම තමයි.
ඉතින්...
දැන් ආයෙමත් ඒ සිංහල ලේ තියන එඩිතර කොල්ලෝ මේ රටට ජාතියට ඕන වෙලා තියනවා. මේ රට අපේ සිංහල ජාතියට නැති වෙන්න නොදී රැක ගන්න, සිංහල අපේ උරුමය රැක ගන්න, අපේ බුදු දහම තවත් අවුරුදු දහස් ගාණකට මේ පින්බිමට ආරක්ෂා කරලා දෙන්න පුළුවන්, රට ජාතිය ගැන හැගීමක් තියන කොල්ලෝ...
මල්ලී,
උඹත් එහෙම කොල්ලෙක්ද?.. උඹේ රටට ජාතියට ආදරේ කරන, ආගමට ගරු කරන කොල්ලෙක්ද?.. ඒ වෙනුවෙන් කතා කරන්න, ඉස්සරහට එන්න බය නැති හොද කොන්දක් තියන කොල්ලෙක්ද?..
එහෙම නම් අපි හොයන්නේ උඹව තමයි. අපිට උඹව ගොඩක් වටිනවා මල්ලී...
කතා කරපං අපිට. අපේ අංකය 0715530009


මල්ලිලාට ලියුමක්... ඇරයුම -
http://www.facebook.com/photo.php?fbid=173498822814336&set=a.115580918606127.23427.100004626584602&type=1&ref=nf

0 comments: