තමන් වහන්සේ ඇතුළු පිරිස ඇමෙරිකා සංචාරය සඳහා ගියේ දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
මේ සංචාරය නෝර්වේ ජාතිකයකුගේ ආරාධනාවක් මත සිදු කෙරුණු බවත්, දෙමළ ඩයස්පෝරාවත් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තම සංවිධානයට විශාල අවශ්‍යතාවක් තිබූ බවත්, මේ සංචාරය ඊට ඉවහල් වූ බවත්, ඒ හිමියෝ කීහ.
මේ ඇමෙරිකා සංචාරයට ගියේ ආරක්ෂක අංශ හා ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ව අනුදැනුම මත බවද ඥානසාර හිමියෝ පැවැසූහ.
රටින් පිට මෙරටට ආදරය කරන දේශප්‍රේමීන් සිටින බවත්, අවාසනාවකට ඔවුන් මේ සමාජයේ නොමැති බවත්, යුද්ධයකින් ජයග්‍රහණයක් හෝ පරාජයක් නොමැති හෙයින් දෙමළ සහෝදරයන් සමඟ එක්ව මෙරට සංවර්ධනය කිරීමට තමන්ට අවශ්‍ය බවත් ඥානසාර හිමියෝ පැවැසූහ.
වර්තමාන ආණ්ඩුව තෙක් පැවැති සෑම ආණ්ඩුවක්ම එල්.ටී.ටී.ඊ.ය සමඟ සාකච්ඡා පැවැත්වූ අතර ජිනීවා පවා යමින් සාකච්ඡා පැවැත්වූ බවත් එය ප්රජාතන්ත්රවාදී අයිතියක් බවද ඒ හිමියෝ කීහ.
රටක නායකත්වයක් ගත් සිවිල් සංවිධානයක් ලෙස තමාට දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇති බවත්, තමන් නෝර්වේ ආණ්ඩුවෙන් මුදල් ගත් බව පැවැසීම කුමන පදනමකින් පැවැසූවක්ද යන්න තමන් නොදන්නා බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
- Mawbima
May 11, 2013 at 8:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94154/

1 comments:
one who climbed to Kithul tree for toddy had something to say
Post a Comment