Pages

Tuesday, May 28, 2013

ගව ඝාතනය නැති කිරීමට, අන්‍යාගම්කරණයට එරෙහි පනත සම්මත කිරීමට පියවර නොගත්තොත් එළැඹෙන මැතිවරණවලදී රජයට අපේ සහාය නැහැ - උඩවත්තේ නන්ද හිමි

ඉල්ලීම් ඉටුකරගන්න ජීවිත පූජාවෙන් කැපවෙනවා.

ගව ඝාතනය නැවැත්වීමටත් බලහත්කාරයෙන් ආගම්වලට හරවාගැනීම තහනම් කරන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමටත් පියවර නොගතහොත් ලබන මැතිවරණයකදී ආණ්‌ඩුවට සහාය නොදෙන බව ජනාධිපතිතුමාට කියා සිටින බව සිරුරට ගිනි තබා ගනිමින් දිවි නසා ගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් වෙනුවෙන් මහනුවරදී ඊයේ (27 දා) පැවැති රැස්‌වීමකදී හිටපු ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය උඩවත්තේ නන්ද නාහිමියෝ පැවසූහ.

මහනුවර බොදු එකතුව සංවිධානය මගින් රැස්‌වීම කැඳවා තිබූ අතර මහනුවර ජෝර්ඡ් ඊ. ද සිල්වා උද්‍යානයේදී පැවැත්වුණු රැස්‌වීමෙන් පසුව ගිහි පැවිදි විශාල පිරිසක්‌ මහනුවර නගරයේ වීදිවල පා ගමනක යෙදුණාහ.

රැස්‌වීමේදී අදහස්‌ දැක්‌වූ පූජ්‍ය උඩවත්තේ නන්ද නාහිමියෝ ගව ඝාතනය නැවැත්වීමටත් බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීම තහනම් කෙරෙන පනත සම්මතට කිරීමට පියවර ගන්නා මෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද පැවසූහ.

මෙම ඉල්ලීම් දෙක ඉටු නොවුණහොත් එම ඉල්ලීම් ජීවිත පූජාවෙන් හෝ ලබා ගැනීමට කටයුතු කරන බවත් නන්ද නාහිමිපාණෝ පැවසූහ.

මේ රටේ පාලකයන් බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ පිරිසක්‌ බැවින් බෞද්ධ රටකට සමාජයකට උචිත පාලනයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවත් මේ රටේ ගවයන්ගේ ලේ ගලා යැමටත් බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමටත් ඉඩ නොතැබිය යුතු යෑයිද පූජ්‍ය උඩවත්තේ නන්ද නාහිමිපාණෝ තවදුරටත් පැවසූහ.

බෝවත්තේ ඉන්දරතන ස්‌වාමීන් වහන්සේ ජීවිතය පූජා කළේ ප්‍රධාන වශයෙන් මෙම ඉල්ලීම් දෙක මුල්කරගෙන බැවින් එම ඉල්ලීම් ඉටු නොවුණහොත් උන්වහන්සේ ගත් මග ගැනීමට තවත් භික්‍ෂුන්වහන්සේලා සිටිනු ඇතැයිද නන්ද නාහිමිපාණෝ පැවසූහ.

පූජ්‍ය ලියන්වල සාසනරතන නාහිමිපාණෝ අදහස්‌ දක්‌වමින් බෝවත්තේ ඉන්දරතන ස්‌වාමීන්වහන්සේ සිය සිරුරට ගිනි තබා ගනිමින් සිදු කළේ පාරමිතාවක්‌ ඉටු කිරීමකැයි පැවසූහ. බෝවත්තේ ඉන්දරතන ස්‌වාමීන් වහන්සේ සිදු කළේ සිය දිවි නසා ගැනීමක්‌ නොව මෙරටට සිදුවිය යුතු කරුණු කීපයක්‌ ඉටු කර ගැනීමට කළ උත්සාහයක්‌ හා කැපවීම් ඉටු නොවීම කෙරෙහි ස්‌වකීය හදවත් තුළ ඇතිවූ හැඟීම ප්‍රදර්ශනය කිරීමක්‌යෑයිද ශාසනරතන හිමියෝ පැවසූහ.

ජාතික හෙල උරුමය මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්‌වර්ණතිලක මහතා අදහස්‌ දක්‌වමින් බෝවත්තේ ඉන්දරතන ස්‌වාමීන් වහන්සේ කළ ජීවිත පරිත්‍යාගය මෙතෙක්‌ මෙරට සිදු නොවූ සිදුවීමක්‌ බවත් උන්වහන්සේaගේ විශේෂ පණිවුඩයක්‌ මෙරට වැසියන්ට ලබාදුන් බවත් පැවසීය. ඉන්දරතන ස්‌වාමීන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාවෙත ලියා තබන ලද ලිපියකින් ද පැහැදිළි වන්නේ මේ රටේ සිදු නොවිය යුතු ගව ඝාතනය නැවැත්විය යුතු බව උන්වහන්සේගේ මතයවීයෑයිද තුෂාර ස්‌වර්ණතිලක මහතා කීවේය.

ඉන්දරතන ස්‌වාමීන් වහන්සේ ගත් ක්‍රියාමාර්ගයෙහි වැදගත්කම මහනුවර සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්හට අවබෝධ නොවී ඇති බව පැවසූ තුෂාර ස්‌වරණතිලක මහතා, අද (28) දිනයේ සිට මහනුවර නගරයේ සියලු ව්‍යාපාරික ස්‌ථානවල බෝවත්තේ ඉන්දරතන ස්‌වාමීන් වහන්සේ වෙනුවෙන් කහ කොඩියක්‌ ප්‍රදර්ශනය කරන ලෙස අවධාරණයෙන් කියා සිටින බවද පැවසීය.

පාගමනට අනතුරුව බෝවත්තේ ඉන්දරතන ස්‌වාමීන්වහන්සේ සිරුරට ගිනි තබා ගත් මහනුවර පන්සල පාරේ බෝධිය අසළදී උන්වහන්සේට පින් පැමිණවීමක්‌ මතක වස්‌ත්‍ර පූජාවක්‌ සමඟ පැන් වැවීමක්‌ද සිදුවිය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/05/28/news26.html

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: