Pages

Thursday, May 23, 2013

එක්‌සත් ජාතීන්ගේ වෙසක්‌ උත්සවය තායිලන්තයේ බැංකොක්‌ නුවරදී ඇරැඹේ

එක්‌සත් ජාතීන්ගේ වෙසක්‌ උත්සවය 10 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් තායිලන්තයේ බැංකොක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ ප්‍රාදේශීය මධ්‍යස්‌ථානයේ දී ඊයේ (21 දා) පෙරවරුවේ ආරම්භ විය. 

තායිලන්ත වැඩබලන සඟරජ මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වෙසක්‌ උත්සවයට උප අගමැති සහ ඔටුන්න හිමි කුමරු වන වජ්‍රලන්කොන් කුමාරයාගේ කුමරියද සහභාගි වූහ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ තායිලන්තයේ මහා චූලාලංකාර රාජකීය විශ්වවිද්‍යාලය එක්‌ව සංවිධානය කළ මෙම වෙසක්‌ උත්සවයට ශ්‍රී ලංකාව, කොරියාව, ජපානය, චීනය, වියට්‌නාමය ඇතුළු රටවල් 

87 ක සාමාජිකයෝ එක්‌ව සිටියහ.

රාමඤ්ඤ නිකායේ මහනායක නාපානේ පේමසිරි මාහිමි, එක්‌සත් ජාතීන්ගේ වෙසක්‌ උත්සවයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක බස්‌නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අකුරටියේ නන්ද නායක හිමි ඇතුළු මහා සංඝරත්නයද ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය, එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, අගමැති පෞද්ගලික ලේකම් අනුරාධ ජයරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

මෙම උත්සවයට සමගාමීව "අධ්‍යාපනය හා ලෝක ප්‍රජාව පිළිබඳ බෞද්ධ දෘෂ්ටිකෝණය" යන තේමාව ඔස්‌සේ ශාස්‌ත්‍රීය සම්මන්ත්‍රණය අද (22 දා) පැවැත්වේ.

වසන්ත ලියනගේ - ලසිත දුමින්ද තායිලන්තයේ සිට.
http://www.divaina.com/2013/05/22/news15.html

0 comments: