Pages

Wednesday, May 22, 2013

අපි විහාරමහාදේවි පරපුර ආයෙමත් ගොඩ නගමු!

“කාන්තාව දුර්වලයි“ ඒක නේද සමාජයේ තියන පිළිගැනීම?. ඒත්... ඇත්ත ඒක නෙවෙයි. කාන්තාව හරිම ශක්තිමත්. 
ජීවිතේ ගැන අවදානමක් දරමින් තවත් ජීවිතයක් තමන්ගේ ශරීරය ඇතුළේ උහුලාගෙන ඉන්න පුළුවන් ශක්තිය තියෙන්නේ, මනුෂ්‍යයෙකුට ඔරොත්තු නොදෙන තරමේ මහා වේදනාවක් දරලා දරුවෙක් මේ ලෝකයට බිහි කරන්න ශක්තියක් තියෙන්නේ කාන්තාවකට. තමන්ගේ ශරීරයේ ලේ වලින් අඩක්ම කිරි බවට හරවලා දරුවන්ව පෝෂණය කරද්දිම තමන්ගේ පවුල වෙනුවෙන් දහඩිය හෙලන්න ශක්තිය තියෙන්නේ කාන්තාවන්ට. ජීවිතේට මුහුණ දෙන්න, දුක් වේදනාවන් දරාගන්න, කාන්තාවන්ට පිරිමින්ට වඩා ශක්තියක් තියනවා. ඉතින් කාන්තාව ශක්තිමත්... හැම කාන්තාවක් ලගම ඒ ශක්තිය තියනවා. 
ඒ වගේ ශක්තිමත් කාන්තාවෝ ඉතිහාසයේ ඉදන් මේ වෙනකල් කොයි තරම් නම් ජීවත් වෙන්න ඇතිද?. ඒ කාන්තාවන් තමන්ගේ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කොයි තරම් සේවයක් කරන්න ඇතිද?. 
ඒත් තාමත් කියවෙන්නේ කාන්තාව දුර්වලයි කියලා. ඇයි ඒ?.. ඒකට එක හේතුවක් තියනවා. කාන්තාවන් තමන්ගේ ශක්තිමත් බව පෙන්නන්නේ හරිම අඩුවෙන්. ලෝකය වෙනුවෙන්, රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන් වැඩක් කරන්නට ඉදිරිපත් වෙන්නේ හරිම අඩුවෙන්. ඒකයි ඒ.
එහෙම ඉදිරිපත් වුණු කාන්තාවෝ හිටියා. ඒ අය අදටත් පූජනීය ශක්තිමත් කාන්තා චරිත. වීරවරියෝ.
දුටු ගැමුණු කුමාරයාට ධෛර්යය දීලා රට වෙනුවෙන් යුද්ධ කරන්න යවපු විහාර මහා දේවියව කවදාවත් අමතක වෙලා යාවිද? සොලීන්ගෙන් පලා යන වලගම්බා රජුව ආරක්ෂා කරගන්න අස් රියෙන් බැහැලා සතුරන්ට බිලිවුණු සෝමා දේවිය මොන තරම් ශක්තිමත් කාන්තාවක්ද? රාජ පරම්පරාවේ කාන්තාවන් විතරක් නෙවෙයි එදා හිටපු ගම්බද කාන්තාවන් පවා තමන්ගේ ශක්තියෙන් රටට වැඩක් කළා. තමන්ගේ ස්වාමියාට බත්පත ගෙනියන අතර මගදී ගල් එකතු කරලා දොළ පාරක් හරස් කරලා පුංචි වැවක් හදපු අපේ සිංහල කාන්තාවන් ගැන අහලා ඇති නේද?
එදා ඒ අයගේ හිතේ තිබුණු ධෛර්යය ශක්තිය මේ රටට ජාතියට කොයි තරම් නම් වැදගත් වුණාද? ඉතින් එදා වගේම අදත් ඒ ශක්තිය ධෛර්යය මේ රටටත් ජාතියටත් උවමනා වෙලා තියනවා.
මේ සිංහල ජාතියට තමන්ගේ උපන් රට අහිමි වෙමින් යන කාලයක්... සිංහල ජාතියට පිළිසරණක් නැතිව අසරණ වුණු කාලයක්.. ඒ සිංහල රටත්, සිංහල ජාතියත් වෙනුවෙන් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයක් ඇතිවුණු කාලයක්. 
ඉතින්... ඒ ජාතික ව්‍යාපාරයට.. රටත් ජාතියත් ආගමත් ආරක්ෂා කරගන්න හඞ නගන ජාතික ව්‍යාපාරයට ශක්තියත් ධෛර්යයත් කොයි තරම් නම් උවමනාද?. එදාටත් වඩා අද ඒ උවමනාව තදින්ම දැනෙනවා. 
ජාතික ව්‍යාපාරයට තමන්ගේ ධෛර්යය දෙන්න පුළුවන්, මහා ශක්තියක් වෙන්න පුළුවන් නිර්භීත කාන්තාවන් අදත් අපේ රටේ ඉන්නවා. විහාරමහාදේවී පරපුරෙන් පැවත එන, සෝමාදේවියට වගේ නිර්භීත හිතක් තියන, හැබෑම සිංහල ලේ තියන, අක්කලා නංගිලා අම්මලා ඇති තරම් මේ රටේ ඉන්නවා.
රටට, ජාතියට, බුදු දහමට වෙලා තියන මේ විනාශය ඒ අය තාමත් අවබෝධ කරගෙන නැතිව ඇති. තමන්ව මේ රටටත් ජාතියටත් ඕන බව තාමත් ඒ අයට දැනිලා නැතිව ඇති.. ඒත් ඔවුන් ඉන්නවා.
අපි මේ හොයන්නේ ඒ විහාරමහා දේවි පරපුර... අපි මේ කතා කරන්නේ ඒ අයට.. අපේ නිර්භීත අම්මලාට, අක්කලාට, නංගිලාට.
අපිට ඔයාලාව අවශ්‍යයි... ඒ නිසා එන්න.. මුළු ගැන්විලා ඉන්නේ නැතිව, හැංගිලා ඉන්නේ නැතිව ඉදිරියට එන්න. ඔයාත් සෝමා දේවිය වගේ, විහාරමහා දේවිය වගේ හැබෑම සිංහල කාන්තාවක් කියලා පෙන්නන්න. 
ඔයා, මොඩ්ලින්, ෆැෂන්ස්, බියුටි කල්චර් වලින් දිළිසෙන සරුව පිත්තල ලෝකයක අතරමං වුණු බොළද හරසුන් ආත්මයක් තියන කෙල්ලෙක් නෙවෙන බව පෙන්නන්න. බුද්ධිමත්, බය නැති, මේ රටට ජාතියට වැඩක් කරන, සමාජයට අවශ්‍ය, වටිනා කෙනෙක් බව ලෝකයට පෙන්නන්න. මේ ජාතික ව්‍යාපාරයට ශක්තිය දෙන්න ඉදිරිපත් වෙන්න. 
ඔයාට දැනේවි ඔයා ඔයාගේ රටට බරක් නොවුණු, ජාතියට ණය නැති දුවෙක් කියලා. ඔයාට ලොකු ආඩම්බරයක් අභිමානයක් දැනේවි. 
ඒ ආඩම්බරය, අභිමානය ගොඩ නගා ගන්න අපිත් එක්ක අත්වැල් බැදගන්න.
ඔයා.... හැබෑවටම නිර්භීත හිතක් තියන, තමන්ගේ ජාතියට ආගමට ආදරේ කරන, හැබෑම සිංහල කාන්තාවක් නම්... 
කතා කරන්න අපිට.. 071 55 3000 9 අංකයට.
අපි විහාරමහාදේවි පරපුර ආයෙමත් ගොඩ නගමු.

ඇරයුම - 
http://www.facebook.com/photo.php?fbid=172456722918546&set=a.115580918606127.23427.100004626584602&type=1&theater

0 comments: