තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් නිවැරදි වූ දහම දර්ශනය සිහිපත් කරමින්, ලොව වසන සියලු බෞද්ධ ජනයා තෙමඟුල් අසිරිය සිහිපත් කරන උතුම් වෙසක් පුන් පොහොය අදින් උදාවන්නේය. බෞද්ධ චින්තනයෙන් පිරිපුන් වූ අය සිද්ධාර්ථ කුමාර උත්පත්තිය, බුදුවීම, පිරිනිවන්පෑම සිහිපත් කරන්නා වූ තෙමඟුල් අසිරියේ උදාවයි වෙසක් පොහොය. ලක්‌දිව පිරිපුන් බෞද්ධ රාජ්‍යයක් උදා කළා වූ අනුබුදු මිහිඳු හිමිපාණන්ගේ පියාණන් වූ දඹදිව ධර්මාශෝක මහරජතුමාගේ කාලයේ බුද්ධ වර්ෂ භාවිතය ආරම්භය පැවැති අතර, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ වෙසක් මස පුන් පොහොය ආරම්භයක් ලෙසින් සලකා අද වන විට බුද්ධ වර්ෂ 2557 ක් වන්නේය. වර්තමානයේ භාවිත වන්නේ ක්‍රිස්‌තු වර්ෂ 2013 වන අතර, එය ක්‍රිස්‌තුස් වහන්සේගේ උපන් දිනය ආරම්භයක් වශයෙන් සලකා ගෙන ය. එයටත් වසර 544 ක්‌ට පෙර ලොව පුරා සම්බුදු දහම බෞද්ධ දර්ශනය ස්‌ථාපිත වී පැතිරී භාවිතයෙහි සිදුව ඇත. බුදුරජාණන් වහන්සේ වසර 80 ක් ආයු වළ¹ ඇත. ඒ නිසා බුද්ධ වර්ෂය ආරම්භය ගෙන ඇත්තේ බුද්ධ පරිනිර්වාණයේ සිට වන බවත් ය. සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සිදු වී වසර 2637 ක් වන්නේය. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය ලබා ඇත්තේ විසිනව වසරක් ගිහි සැප විඳ ගිහි ගෙයින් නික්‌මී, සය වසරක් දුෂ්කර ක්‍රියාවෙන් පසුවය. එනම් සම්මා සම්බුද්ධත්වයට පත් වී මෙම වෙසක් පුන් පොහෝ දිනයට වසර 2602 ක් සපිරෙන්නේය.
ඉපැදීම, ජීවත්වීම, මියයැම සිදුවන බව මිනිසුන් වන සියලු දෙනාගේ අවධානයට අතීතයේ සිටම දන්නා වූ සිදුවීම් රැසක් ය. එම කරුණු ගැඹුරින් සිතා බලන අයට පෙනී යන්නේ ඉපැදීමත්, මියයැමත් අද මනුෂ්‍යත්වය ඉපැදී සිට, මිය යැමෙන් පසු බොහෝ විට වෙනත් සත්ත්ව කොට්‌ඨාසයන්වල ඉපැදීම සිදුවන බවත් ය.
තවදුරටත් ගැඹුරු අධ්‍යයනයක විමසීමේදී, පින් කිරීමෙන් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉපැදීමත්, පව් කිරීමෙන් එසේ නැතිනම් සමාජ විරෝධී කටයුතු කිරීමෙන් අපාය නම් වූ දුක්ත තත්ත්වයකට නැවත ඉපැදීම සිදුවන බවය. බෞද්ධ වන සියලු දෙනාම පොදුවේ මෙම කරුණු දන්නා බව නොරහසකි.
ඉපැදීම මියයැම නැවත ඉපදීම මියයැම සිදුවන ක්‍රියාවලිය බෞද්ධ දර්ශනය තුළින් භව ගමන් මඟ, සංසාර භවයේ ගමන් මඟ වශයෙන් බෞද්ධ වූ සෑම දෙනා දන්නේය. මේ අනුව මිනිසෙක් වශයෙන් ඉපැදීමේ, අති දීර්ඝ වූ ඉතිහාසයක් බුද්ධ චරිතය විමසා බැලීමෙන් මනාව පැහැදිලි වේ. ඒ සඳහා වූ දීර්ඝම අතීත කතාව ආරම්භ වන්නේ ශ්‍රී දීපංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ උත්පත්තිය සිදුව තිබූ කාලයයි. ශ්‍රී දීපංකර බුදුරජාණන් වහන්සේ, පන්සියක් මහ රහතුන් වහන්සේ සමඟ මහමඟ වඩින අවස්‌ථාවක, පා ගමනින් වඩිනා ශ්‍රී දීපංකර බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ සැකසීමට මාර්ගය පිරිසිදු කරමින් සිටිනා පිරිස අතරට පැමිණියා එම කාර්යයන්ට දායක වීමට කැමැති එක්‌තරා තාපසතුමෙක් එතුමාණන්ගේ නම සුමේධ තාපසතුමා. වර්ෂා ජලයෙන් සේදී මඩ වී තිබූ එම ගමන් මඟ පස් පුරවා සැකසීම කළ අයගෙන් තමාට කළ හැකි ප්‍රමාණය ඉල්ලාගෙන පස් පිරවීම් කළා. එසේ පස් පිරවීම කරමින් සිටියත් ශ්‍රී දීපංකර බුදුරජාණන් වහන්සේ පන්සියක් මහා සංඝරත්නය සමගින් ළඟ ළඟ වඩිනා විට, සුමේධ තාපසතුමාට තම කොටස අවසන් කිරීමට කාලය මදි වී තිබුණා. අඩි තුන හතරක පමණ ප්‍රමාණයක් තවමත් මඩ සහිත ස්‌වභාවයක් තිබූ හෙයින් සුමේධ තාපසතුමා ළඟ ළඟින්ම ඉදිරියෙන් වඩිනා ශ්‍රී දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිසට පාදයෙහි මඩ නොගෑවී වැඩීමට හැකි වන පරිදි එම මඩ වී ඇති බිම දිගා වී තම පිට උඩින් යා හැකි වන සේ ඒදණ්‌ඩක් සේ දිගා වී ප්‍රාර්ථනාවක් කළා. "මෙම කුසල් කාර්ය බලයෙන් මා හට මතු බුදුබව ලැබීමට මෙම පින්බලය ශක්‌තියක් වේවා·" ශ්‍රී දීපංකර බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් මෙම ප්‍රාර්ථනාව අවබෝධ වී මතු බුදු වීමට නියත විවරණ ශ්‍රී දීපංකර බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ බිම දිගා වී සිටිනා සුමේධ තාපසතෙමේ හට ලබා දුන්නා.
එම ආරම්භයේ සිට සිද්ධාර්ථ ගෞතම බුදු පදවිය ලැබෙන තෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් සුමේධ තාපසතෙමේ නම් වූ අප මහා බෝසතාණන් වහන්සේ සංසාර භව ගමනේ ඉපැදීමත්, මරණයත් සිදුවෙමින්, නොයෙක් නොයෙක් සත්ව කොට්‌ඨාසවල ඉපැදී මැරෙමින්, සංසාර භව ගමන පැමිණ ඇති බව බුද්ධ චරිතය පන්සිය පනස් ජාතකය අධ්‍යනය කරන්නා වූ සියලු දෙනාටම අවබෝධ වන්නේය.
ශ්‍රී දීපංකර බුදු පාමුලදී සුමේධ තාපස වශයෙන් ලොව්තුරා බුද්ධත්වය බලාපොරොත්තුව ලබාගත් නියත විවරණ තුළින් ආරම්භ කළ බලාපොරොත්තුව සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා අනේක විද දුක්‌කම්කටොලු විඳිමින් අප මහ බෝසතාණන් වහන්සේ අවබෝධ කර ගත් බුද්ධත්වයෙන් පසු මනුෂ්‍යයන් වූ සැමට, පළමු කොටම ප්‍රායෝගික උපදෙසක් පෙන්වා දුන්නාය. එය සියලු දෙනාගේම දිවි පැවැත්මේදී ආදර්ශයක් වන්නේය. එනම් කෙලෙහි ගුණ දැක්‌වීමේ උතුම් ක්‍රියා පිළිවෙතයි. සිද්ධාර්ථ තාපසයාණෝ, අප මහ බෝසතාණන් වහන්සේ, වර්තමාන දඹදිව බුද්ධගයාවෙහි බෝධීන් වහන්සේ ඇති ස්‌ථානයේ එදා පැවැති ඇසතු බෝ ගස මුල කුසතණ අට මිටක් අතුරා හිඳ ගත්තේ, බුද්ධත්වය අවබෝධ වීමෙන් මිස, යළි නොනැගිටිමි යන ස්‌ථිර වූ අධිෂ්ඨානය පෙරදැරි කරගෙනය. එම බලාපොරොත්තුව සඵල කර ගැනීමට, ඇසතු බෝධීන් වහන්සේගේ සෙවන ලදහ. පිට වේදනාවට පත්වන විට පිට හේත්තු කර ගැනීමට, බෝමුල හිඳගත් මහ බෝසතාණෙන්ට උපකාරයක් සිදුවිය. මද සුළඟට සිලි සිsලි නාදයෙන් බෝපත් සෙලවීමෙන් මනසට බලාපොරොත්තු සැහැල්ලුව ලබා ගැනීමට පහසුවක් විය. බෝගස තමන් වහන්සේ වෙත පැමිණ මෙම පහසුව හෝ උපකාරය කළේ ද නැත. බෝධියට සිතක් ද නොමැත්තේය. එය එසේ වුවත් තමන් වහන්සේ ලබා ගත්තා වූ පහසුව වෙනුවෙන්, සතියක් දින හතක් පුරාවට බෝධිය වෙනුවෙන් කෘතවේදී බව පළ කළහ. බුද්ධත්වය සමගින් තුන් ලෝකයෙහිම මිනිසුන්, දෙවියන් බ්‍රහ්මයන් වෙනුවෙන් බුදුවරයෙක් වශයෙන් ඉටු කළ හැකි සේවාව වසර 45 ක් පමණක් විය. එයින් දෙවන සතිය ගෞතම බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන් කෙළෙහි ගුණ දැක්‌වීමේ අගය මුළු ලොවටම ආදර්ශයෙන් පෙන්වා දෙමින්, බෝධීන් වහන්සේ පූජාභාජනයට පත් කළ සේක. ඒ නිසාම ඇසතු බෝධිය ජය ශ්‍රී බෝධිය නම් විය. බුදු දෙනෙතින් දින හතක් සතියක් පුරාවට ලද ගෞරවය හේතුවෙන්, බුද්ධ ගයාවෙහි ඇති ජය ශ්‍රී මහා බෝධිය මෙන්ම, එම මුල් බෝධියෙන් දක්‍ෂිණ ශාඛාවක්, ශ්‍රී ලංකාද්වීපයෙහි රෝපණය කිරීමෙන්, සංඝමිත්තා මහ තෙරණින් වහන්සේගේ ආගමනය නිසාවෙන්, අනුරාධපුරයෙහි මහමෙව්නාවෙහි රෝපිත ජය ශ්‍රී මහ බෝධියට, එදා සිට අද දක්‌වාම කෝටි ගණනින් වූ සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානයෙන් පිදුම් ලබන්නේය.
තිලෝගුරු බුදුපියාණන් වහන්ස, ඔබ වහන්සේ පෙන්නා දුන්නා වූ යහ මඟ අපගේ ජීවිතයට එක්‌කර ගනිමින් ලොවටම කියා දුන්නා වූ පළමු ආදර්ශය අපගේ ජීවිතයට එකතු කර ගනිමින්, කෙළෙහිගුණ දැක්‌වීමේ අගය අනුව කටයුතු කරමු.
මානවතිලක වර්ෂාහැන්නැදිගේ
http://www.divaina.com/2013/05/27/feature01.html

0 comments:
Post a Comment