Pages

Saturday, May 25, 2013

නිර්මාංශ අලෙවි ප‍්‍රමිති කෙටුම්පත සැකසෙයි

නිර්මාංශ ආහාරපාන වෙළෙඳ පොළේ අලෙවි කිරීමේදී අදාළ වන්නා වූ ප‍්‍රමිති සහතිකයක් නිකුත් කිරීමට අදහස් කළේ කිසිදු ආගමික තත්ත්වයක් පදනම් කර නොගෙන බව පර්යේෂණ තාක්ෂණ හා පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ නිර්මාංශ ආහාරපාන ලෙස හිමිකම් පෑමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සඳහා සැකසූ ප‍්‍රමිති කෙටුම්පත් පිළිබඳ මහජන අදහස් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ පැවති සමුළුවකදීය.

අලූතෙන් හඳුන්වාදීමට යන නව ප‍්‍රමිති කෙටුම්පත මගින් නිර්මාංශ ආහාර්පාන පරිභෝජනය කරන්නන් දිරිමත් කිරීමටත්, මස්මාංශ භාවිතයෙන් හටගන්නාවූ අනිටු ප‍්‍රතිවිපාකවලින් සමාජය ගලවාගැනීම සඳහා මඟපෙන්වීමක් කිරීමටත් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

නිවැරදි ප‍්‍රමිතියට අනුව සකස් කළ නිර්මාංශ ආහාරපාන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීමට අදාළ නිර්ණායක නව ප‍්‍රමිති කෙටුම්පතේ අඩංගු වන බවද ඒ මහතා සඳහන් කළේය.
 

May 25, 2013 at 1:10 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/94690/

0 comments: