Pages

Tuesday, May 14, 2013

දෙමළ, මුස්ලිම් ජනයා මේ වන විටත් පදිංචි කරලා... මැතිවරණයට පෙර යුද්ධය නිසා ප‍්‍රදේශ අතහැර පැමිණි සිංහල ජනතාව නැවත පදිංචි කරන්න - සිංහල රාවය

උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට  පෙර යුද්ධය නිසා එම ප‍්‍රදේශ අතහැර පැමිණි සිංහල ජනතාව නැවත එම ප‍්‍රදේශ වල පදිංචි  කරවීමට රජය ක‍්‍රියා කළ යුතු බව සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.

යුද්ධය අවසන් වීමෙන් පසු එම ප‍්‍රදේශ අල ජීවත් වූ දෙමළ සහ  මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සිදු කළත් එකදු සිංහල පවුලක් හෝ නැවත පදිංචි කරවීමට රජය ක‍්‍රියා නොකිරීමෙන් සිංහල ජනතාවගේ මානව හිමිකම් කඩ වී ඇති එම සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ පැවසූහ.

‘යුද්ධය නිසා යාපනය දිස්ත‍්‍රික්කයේ පමණක් සිංහල පවුල් 17000 ක් පමණ තම ගම්බිම් අතහැර දමා පැමිණියා. කිලිනොච්චිය සහ වවුනියාව යන දිස්ත‍්‍රික්ක ගත්විට ඒ ප‍්‍රමාණය තවත් වැඩියි.

එහෙත් යුද්ධය අවසාන වූවට පසුව එම ප‍්‍රදේශ යුද්ධය නිසා අතහැර පැමිණි දෙමළ හා  මුස්ලිම් ජනතාව බහුතරයක් එම ප‍්‍රදේශ  වල නැවත පදිංචි කරවීමට කටයුතු කළත් එකදු සිංහල පවුලක්වත් මේතාක් පදිංචි කර නැහැ.

මෙවැනි පසුබිමක් තුළයි රජය උතුරු පළාත් මැතිවරණය පැවැත්වීමට සූදානක් වෙන්නේ උතුරු පළාත් සභා ජන්දයෙන් ජන්ද අයිතිය අහිමිවීමෙන් සිංහල ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් සිදුවෙනවා. ඒ වගේම එදා යුද්ධයෙන් ලබාත නොහැකි වූ ඊළම මේ හරහා බන්දේසියක තබා පිරිනැමීමටයි මේ සූදානම් වෙන්නේ.

දෙමළ සහ මුස්ලිම් අයිතිවාසිකම්  ලබා දෙනවාට අප විරුද්ධ නැහැ. අපි කියන්නේ ඔවුන් වගේම  සිංහලයන්ටත් අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි. අපට තිබෙන ගැටලූව ඔවුන් වෙනුවෙන් කතා කරන අය සිංහලයන් වෙනුවෙන් එක වචනයක් හෝ කතා නොකිරීමයි’ යයිද උන් වහන්සේ පැවසූහ.

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කාර ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද පවසන්නේ උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම නොව කල යුත්තේ පළාත් සභා ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම බවයි.

කෙසේ වෙතත් ලබන සැප්තැම්බරයේ උතුරු මැතිවරණය පැවැත්වෙන්නේ නම් ඊට පෙර අවම වශයෙක් ඉඩම් හෝ පොලිස් බලතල අහෝසි කල යුතු බවද පවසන උන් වහන්සේ එසේ නොකර පවත්වන මැතිවරණයකින් දෙමළ ජාතික සන්ධානය ජයගෙන බෙදුම්වාදී අන්තයට නැවතත් රට ඇදගෙන යනු ඇතැයිද පැවසූහ.

රට වෙනුවෙන් බොදු බලය… උතුරේ මැතිවරණයට සිංහල රාවය, රාවණ බලය විරෝධය
May 14, 2013 at 11:54 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94291/

0 comments: