Pages

Monday, May 27, 2013

උතුරේ මැතිවරණය තිබ්බොත් විනාසයි! – ගෝඨා

ඉදිරියේදී පැවැත්වීමට යෝජිත උතුරු පළාත් මැතිවරණය දැනට තිබෙන පරිදි පැවැත්වීමෙන් පසු එය දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කිරීම තුළින් රටට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

The Island පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පවසන බව පුවත්පත වාර්ථා කරයි.

එහිදී අදහස් පළකරන ආරක්ෂක ලේකම්වරයා “ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මගේ වගකීම තමයි ඉඩම් හා පොලිස් බලතල සහිතව උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම මගින් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වන බවට රජයට අනතුරු හැඟවීම. විශේෂයෙන් පොලිස් බලතල තවමත් බෙදුම්වාදී න්‍යායපත්‍රයට වැඩ කරන බෙදුම්වාදීන් අතට පත් වීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක්. ආණ්ඩුව  ජාත්‍යන්තරව සහ දේශීයව එල්ල වන බලපෑම්බලට යටත් නොවී 13 වන ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ ඉතා විමසිල්ලෙන් පරීක්ෂාකර බැලිය යුතුයි.එසේ නොවුනහොත් උතුරු පළාත් සභාව ඊළාම් ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් යොදා ගනීවි.” යනුවෙන් පැවසීය.

තවදුරටත් අදහස් පළකරන ගෝඨාභය රාජපක්ෂ මහතා “අප එල්ටීටීඊය පරාජය කිරීම වෙනුවෙන් දැඩි කැපවීමක් , දැඩි පරිත්‍යාගයක් කරා.අප නැවත යුද්ධයකට මුල්වන ක්‍රියාවකට යන්න තරම් අනුවණ නොවිය යුතුයි.මම මේ පිළිබඳ මගේ අදහස ආණ්ඩුව මත පටවන්න්නේ නෑ.නමුත් අප පෙළන සියළු ව්‍යාධීන් වලට පිළියම  බලය බෙදීම කියල  හිතන අයට මම කියන්න කැමතියි  එය තවත් යුද්ධයකට මූල හේතුවක් බව. එබැවින් 13 වන සංශෝධනය පිළිබඳ පුළුල් සාකච්චාවක් ආරම්භ කර විවෘත්තව සාකච්චා කර තීරණයකට එළඹිය යුතුයි.යාපනය , මුලතිවු , මන්නාරම , කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලට  ඉඩම් හා පොලිස් බලතල ලැබීම ආරක්ෂාවට දැඩි තර්ජනයක්.එය රජය ගෙන යන ත්‍රස්ත විරෝධී විමර්ෂණවලට මෙන්ම නැවත පදිංචි කිරීම් සඳහාද බාධාවක්. “ යනුවෙන්ද පවසා තිබේ.

ඉන්දු ලංකා ගිවිසුම ගැන අදහස් පළකරන ආරක්ෂක ලේකම්වරයා  ” ඉන්දු ලංකා ගිවිසුම හරහා එල්ටීටීඊයට පැහැදිලිවම ඊළම කරා යන්න තිබුනා.සමහර විට ඔවුන්ට ඒ වෙලාවේ තේරුම් නොයන්න ඇති 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඔවුන් ඉල්ලා සිටින වෙනම පරිපාලනයක් කරා යා හැකි බව.එල්ටීටීඊය තුල තිබූ අධි මාන්නය සහ යුධ ශක්තිය ගැන තිබුන අධි තක්සේරුව නිසා ඔවුන් එය අතහැර යුද්ධයකට අවතීර්ණ උනා.” යනුවෙන්ද පැවසීය.

මීට පෙරද ගෝඨාභය රාජපක්ෂ මහතා 13 වන ව්‍යවස්ථා සංශෝධනය  අහෝසි කල යුතු බවට අදහස් පල කල අතර එය ජාතික බලවේග වල දැඩි ප්‍රසාදයට ලක් විය.

May 27, 2013 at 9:41 am | lanka C news

1 comments:

keerthi raterala said...

ගෝඨාභය මහතානෙනි,
ත්‍රස්තවාදියකු වූ ප්‍රභාකරන්ටත් වඩා, ප්‍රජාතන්ත්‍රවාදියකු වූ සම්බන්ධන්ට ඔබ තුමා භය වෙලා වගේ.