Pages

Tuesday, May 28, 2013

රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව PEO TV ඔස්‌සේ නැරඹීමේ හැකියාව

SLT PEO TV සන්නිවේදන ක්‍ෂේත්‍රයේ නව ඉදිරි පියවරක්‌ සනිටුහන් කරමින් බෞද්ධ ඉගැන්වීම් සිය පාරිභෝගිකයන් වෙත ගෙන එමින් රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි නාලිකාව එළිදක්‌වයි. නව නාලිකාව බෞද්ධ දර්ශනය සහ ඉගැන්වීම් පිළිබඳ පෙරදැරි කරගත් අධ්‍යාපනික හා සංස්‌කෘතික වැඩසටහන් වලින් පෝෂිත කාලීන සමාජ මෙහෙවරක්‌ ඉටු කිරීමට කැප වූ නාලිකාවකි.

නව නාලිකාව එළිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ "බෞද්ධ දර්ශනයේ එන දැනුම සහ මානව දයාව පිළිබඳ ඉගැන්වීම් ජනතාව අතරට ගෙන යන මේ නව නාලිකාව අපේ පාරිභෝගිකයන් වෙත ලබාදීමට හැකිවීම ගැන අපි නිහතමානීව ආඩම්බරයට පත්වෙනවා. ඒ වගේම විවිධ වූ වැඩසටහන් රාශියක්‌ සමඟින් එන රංගිරි ශ්‍රී ලංකා නාලිකාව ප්‍රේක්‍ෂක ගෞරවාදරයට පාත්‍ර වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා".

"අද වෙන කවරදාටත් වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍යව තිබෙනවා. බෞද්ධ අනන්‍යතාවය වඩාත් තහවුරු කිරීමත් බෞද්ධ සංස්‌කෘතිය හා බැඳුනු ශ්‍රී ලාංකික ජන ජීවිතය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි නාලිකාව, ශ්‍රී ලංකාවේ ප්‍රථම සංස්‌කෘතික හා අධ්‍යාපනික රූපවාහිනි සේවාව ලෙස ඉතිහාසයට එක්‌වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ එකම IPTV සේවා සැපයුම් කරු වන SLT PEO TV සමඟින් අති නවීන තාක්‍ෂණය උපයෝගි කර ගනිමින් මෙම නව නාලිකාව විකාශය කිරීම සඳහා ලබාදෙන සහයෝගයට මාගේ කෘතඥතාවය පළ කරන්න කැමැතියි", යනුවෙන් රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සභාපති / අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමිපාණන් දේශනා කළ සේක.

නාලිකාව එලිදැක්‌වීමේ අවස්‌ථාවට එක්‌ වූ SLT PEO TV ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මල්රා- බලපිටිය මහතා ප්‍රකාශ කළේ, "රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි නාලිකාව සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වන අතර, ආගමික වැඩසටහන් පමණක්‌ම නොව සමාජයට ඵලදායි ආකාරයේ අධ්‍යාපනික හා අනෙකුත් වැඩසටහන් විකාශනය කිරීමට ගෙන ඇති ප්‍රයත්නය ඉතාමත් අගය කරමි", යනුවෙනි.

http://www.divaina.com/2013/05/28/velanda01.html

0 comments: