Pages

Wednesday, December 31, 2014

තමන්ගේ නිර්මාණ නිසාම ජීවිතය අහිමි කරගත් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරුවෝ

ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ පහතින් දැක්වෙන්නේ ඒ වගේ තමන්ගේම නිර්මාණ නිසා ජීවිතය පවා අහිමිකරගත් නව නිපැයුම්කරුවන් කිහිප දෙනෙක් ගැනයි.

1. Henry Smolinski

AVE-Mizar-1973-N68X-XLඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක බඳ කොටස සම්බන්ධ කර නිර්මාණය කල AVE Mizar යානයේ නිර්මාතෘ ඔහුයි. නමුත් අවාසනාවකට ඔහු ගමන් ගත් AVE Mizar යානය අනතුරට ලක්වීමෙන් හෙන්රි සහ ඔහුගේ සහායකයා 1973 දී මියගියා.

2. Franz Reichelt
ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවෙකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කලේ පියාඹන පැරිෂුටයක් නිර්මාණය කිරීමටයි. ඇඳුමක් ලෙස ඇඳගෙන ඉහළ තැනක සිට පියාඹාගෙන එන්නට මේ අපූරු පැරිෂුටයට හැකියාව තියෙනවා. නමුත් අවාසනාවකට එම පැරිෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුළුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මියගියා. 1912 වසරේ පෙබරවාරි මාසයේදී සිදුවූ මේ අනතුරේ වීඩියෝ පටයයි පහතින් දැක්වෙන්නේ.

3. Horace Lawson Hunley

hunley1ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී ඔහු නාවුක ඉංජිනේරුවරයෙක්. ඔහු තමයි අතින් ක්‍රියාත්මක වන ප්‍රථම සබ්මැරීනයේ නිර්මාතෘ ඔහුයි. නමුත් 1863 සිය සබ්මැරීනය අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු 7 දෙනෙක් වූ කාර්යමණ්ඩලය ජීවිතක්ෂයට පත්වුණා.

4. Marie Curie
madame-curieමාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කල රසායන විද්‍යාඥවරියක්. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිලිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමිවනවා. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇතිවන Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත්වුනා.

5. Valerian Ivanovich Abakovsky
originalඅධිවේගී රේල් කාරය (Aerowagon) නිර්මාණය කල මොහු රුසියානු ජාතික නිපැයුම්කරුවෙක්. ගුවන් යානා එංජිමක් හා තටු සහිත මේ යානය සෝවියට් නිළධාරීන් රැගෙන යාම සඳහා භාවිත කල වේගවත් මෝටර් රථයක්. කෙසේ වෙතත් එම මෝටර් රථය පුපුරා යාමෙන් ඇබකොව්ස්කි ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

http://techguru.lk/2014/12/25/inventors-killed-their-own-inventions/

Tuesday, December 30, 2014

කුරුණෑගලදී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙලා දකිනවා - මහාචාර්ය සරත් විජේසූරිය

කුරුණෑගල කුඹුක්ගැටේ දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙලා දකින බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියයි.

‘කෝටි ගණන් වියදම් කර රට ජාතිය ආගම ගැන කිසිත් නොදන්නා ඉන්දියාවේ නළුවන් ගෙන්නලා අහිංසක මිනිස්සුන්ගේ ඇස් නිලංකාර කරන්න හදනවා. ඒත් එක්කම රට ගැන හිතන සංවේදී කලාකරුවන්ට මැරයෝ දම්මලා ගස්සනවා. අපි ජනතාවට කියන්නේ බුද්ධිමත්ව හිතන්න කියලයි. මේ ජරා දේශපාලනය ලංකාවෙන් තුරන් කළ යුතුයි.‘

http://www.lankadeepa.lk/index.php/articles/286466

සබැඳි ලිපි -
[

කොළොන්නාවේ ප්‍රචණ්‌ඩත්වය වළක්‌වන්න වැඩපිළිවෙළක්‌ යොදන්න - පැෆරල්http://denethharinna.blogspot.com/2014/12/blog-post_96.html
ජය විශ්වාස නම් ඇයි මැරකම්! පොදු අපේක්‍ෂකගේ බුලත්සිංහල මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_26.html
මහරජතුමනි, ජය විශ්වාස නම් ඇයි මැරකම්? මැරකම් කර පාවෙන ඡන්ද විරුද්ධ පිලට පා නොකරන්න. මෛත්‍රීගේ තවත් කාර්යාලයක් සුන්. අයෙකුට බරපතලයි!http://denethharinna.blogspot.com/2014/12/blog-post_30.htmlමෛත්‍රීගේ රැස්වීමේ වේදිකාව ගිනිතැබූ චූදිතයන් බලෙන් මුදවාගත් මුතුහෙට්‌ටිගම සහ රියැදුරු වහාම අත්අඩංගුවට ගන්න - බද්දේගම මහෙස්‌ත්‍රාත්http://denethharinna.blogspot.com/2014/12/blog-post_14.htmlවීදියේ විරෝධයට පහර දුන් තවත් සිව් දෙනෙක්‌ දැලේ. නගරාධිපති මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරයේ!http://denethharinna.blogspot.com/2014/12/blog-post_20.htmlකොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_80.htmlමෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]

මහා ලොකු බෞද්ධයෙක්‌ යෑයි කියා ගන්නා ජනපති අද මැතිවරණය කරන්නේ කැසිනෝ, මත් කුඩු, අරක්‌කු, එතනෝල්කාරයන්ගේ මුදල් වලින් - රතන හිමි

පාර්ලිමේන්තුව අද වුවත් රැස්‌කිරීමේ පූර්ණ බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථා වෙන්ම පැවරී තිබෙනවා. 13 වැනි ව්‍යවස්‌ථාවෙන් මතු වී තිබෙන රටට භයානක එම වගන්ති ඉවත් කර පසුගිය උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අප ජනාධිපතිවරයාට එදා කියා සිටියා. එම වගන්ති සංශෝධනය නොකර ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. අපේ හඬට එතුමා එදා කන්දුන්නේ නැහැ.

එහෙම කටයුතු කළ ජනාධිපතිවරයා අද රැස්‌වීම්වල අවලාද නගනවා. මෛත්‍රී පාලනයක්‌ රටේ බිහිවීමෙන් කොටින්ගෙන් තමන් නිදහස්‌ කර ගත් මාතෘ භූමිය යළිත් කොටින්ට අත්පත් කර දී නැවත බෙදුම්වාදී යුද්ධයකට රට ආපස්‌සට හරවා වි කියා. ඔය අවලාද නොනගා වහාම පාර්ලිමේන්තුව රැස්‌කර බෙදුම්වාදයකට මූලික වන ඉඩම් බලතල, පොලිස්‌ බලතල වැනි වගන්ති 13 වැනි ව්‍යවස්‌ථාවෙන් ඉවත් කර ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ යෑයි හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ ඊයේ (29 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්‌යායේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

තවදුරටත් කතාකරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද පැවසූහ. 

මහා ලොකු බෞද්ධයෙක්‌ යෑයි කියා ගන්නා ජනාධිපතිවරයා අද මැතිවරණය පවත්වන්නේ කැසිනෝ, මත් කුඩු, අරක්‌කු, එතනෝල්කාරයන්ගේ මුදල් වලින්. එදා අන්‍යාගම් පනත උපදේශක සභාවේ සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි තිබුණේ. උපදේශක සභාව පවත්වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. එක දවසකවත් එතුමා එම සභාවට පැමිණියේ නැහැ. බෞද්ධයෙක්‌ යෑයි කියා ගන්නා ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පවා එතුමා අසමත් වුණා.

බෞද්ධයන්ගේ උතුම් පුදබිමක්‌ ශ්‍රීපාදය. මේ පුණ්‍ය භූමියේ අද හෝටල් ඉදිකිරීමට මෙම මහා බෞද්ධයා කටයුතු කරගෙන යනවා. මේ පූජා භූමිය වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ පැවතියේ. අද ඒක නාගරික සංවර්ධන අධිකාරියට පවරලා දීලා. එහි පාරවල් ඉදිකරලා, උඩින් දුවන කාර් හයිකරලා, හෝටල් ඉදිකර සංචාරක පුරයක්‌ කරන්නයි මේ බෞද්ධ ජනාධිපතිවරයාගේ සැලැස්‌ම. අපේ රටේ ඉන්දියාවේ මෙන් නොවේ, රටට, ජාතියට මෙහෙවරක්‌ කළ අයයි දෙවිවරුන් ලෙස දේවාත්මය ලබල ඉන්නේ. සමන් දෙවියන් ඒ එක්‌ දෙවි කෙනෙක්‌. පවතින මේ ආණ්‌ඩුවට දෙවියන්ගේ දේව කෝපයට පවා ලක්‌ විය හැකියි සිදු කරන මේ බෞද්ධ විරෝධී කටයුතු නිසා. 

රජසැප විඳින කොටි නායකයනට මෛත්‍රීපාලනයක්‌ යටතේ නඩු පවරනවා. ජනාධිපතිතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුණොත්, එල්ටීටීඊය සමග එකතු වී යළිත් බෙදුම්වාදයකට පාර කපනවා කියල. අපි ළඟ නොවෙයි නගුලේෂ්වරම්, පද්මනාදන්, රාම්, රුද්‍රකුමාරන්ලා ඉන්නේ. ජනාධිපතිතුමාගේ රජ මැදුරේ රජ සැප විඳිමිනුයි ඒ අය ඉන්නේ. අපි වගකීමෙන් කියනවා මෛත්‍රී පාලනයකදී ඔය කොටි නායකයන් ජනාධිපතිතුමා වගේ හුරතල් කරන්නේ නැතිව, ඔවුන්ට එරෙහිව තියෙන චෝදනා විභාග කර අධිකරණයේ නඩු පවරණ බව. ඒ වගේම, එම සංවිධානයේ මූල්‍ය හා අනෙක්‌ සියලුම වත්කම් රජයට අත්පත් කර ගැනීමට ක්‍රියාකරන බව. ඒ වගේම නැවත පදිංචි නොකළ සිංහල හා මුස්‌ලිම් ජනතාව එහි නැවත පදිංචි කරන බව.

මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික මහතා කියා සිටියේය. හකීම් මහත්තයා, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට සම්බන්ධ වුණේ, ස්‌ථාවර රටක්‌ බිහි කිරීමේ මෛත්‍රී ප්‍රතිපත්තිය අනුවයි. ඒ හැර ඒ අයගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමක්‌ මෙතැන සිද්ධවෙන්නේ නැහැ. හකීම් මහත්තයා ආණ්‌ඩුවට ඉදිරිපත් කළ යෝජනා මෛත්‍රී පාලනයක්‌ තුළදී ක්‍රියාත්මක නොකරන බව බොහොම වගකීමෙන් අපි කියනවා යෑයි වැඩිදුරටත් පැවසීය.

මහරගම - උදේනි චන්ද්‍රසිරි
http://www.divaina.com/2014/12/30/news12.html

කොළොන්නාවේ ප්‍රචණ්‌ඩත්වය වළක්‌වන්න වැඩපිළිවෙළක්‌ යොදන්න - පැෆරල්

කොළොන්නාව ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය වළක්‌වා ගැනීමට සුදුසු ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ යොදන ලෙස පැෆරල් සංවිධානය පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටී.

කොළොන්නාව ප්‍රදේශයේ ඉකුත් දින කිහිපය තුළ වෙඩි තැබීම් සිද්ධි දෙකක්‌ ඇතුළුව ප්‍රචණ්‌ඩ ක්‍රියා කිහිපයක්‌ වාර්තා වූ බවද ඉකුත් පළාත් පාලන මැතිවරණ සමයේදී එම ප්‍රදේශයේ සිදුවූ සිද්ධියකින් වටිනා ජීවිත අහිමි වූ බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

එම නිසා ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය පිළිබඳ සලකා බලා විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක්‌ එම ප්‍රදේශයට යොදන ලෙසත් ප්‍රචණ්‌ඩව හැසිරුණු පිරිස්‌ අත්අඩංගුවට ගන්නා ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටී.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2014/12/30/news21.html

Pic Source

සබැඳි ලිපි -
[

ජය විශ්වාස නම් ඇයි මැරකම්! පොදු අපේක්‍ෂකගේ බුලත්සිංහල මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_26.html
මහරජතුමනි, ජය විශ්වාස නම් ඇයි මැරකම්? මැරකම් කර පාවෙන ඡන්ද විරුද්ධ පිලට පා නොකරන්න. මෛත්‍රීගේ තවත් කාර්යාලයක් සුන්. අයෙකුට බරපතලයි!http://denethharinna.blogspot.com/2014/12/blog-post_30.htmlමෛත්‍රීගේ රැස්වීමේ වේදිකාව ගිනිතැබූ චූදිතයන් බලෙන් මුදවාගත් මුතුහෙට්‌ටිගම සහ රියැදුරු වහාම අත්අඩංගුවට ගන්න - බද්දේගම මහෙස්‌ත්‍රාත්http://denethharinna.blogspot.com/2014/12/blog-post_14.htmlවීදියේ විරෝධයට පහර දුන් තවත් සිව් දෙනෙක්‌ දැලේ. නගරාධිපති මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරයේ!http://denethharinna.blogspot.com/2014/12/blog-post_20.htmlකොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_80.htmlමෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]

ජය විශ්වාස නම් ඇයි මැරකම්! පොදු අපේක්‍ෂකගේ බුලත්සිංහල, අඟුරුවාතොට මැතිවරණ කාර්යාල වලට ප්‍රහාර

පොදු අපේක්‍ෂකගේ බුලත්සිංහල මැතිවරණ කාර්යාලයකට කිසියම් පිරිසක්‌ ඊයේ (29 වැනිදා) අලුයම ප්‍රහාරයක්‌ එල්ල කර ඇති බවට බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

බුලත්සිංහල හතරේ කණුව ප්‍රදේශයේ තිබූ පොදු අපේක්‍ෂක කාර්යාලයකට පහරදී මෙසේ සැරසිලිවලට හානි සිදුකර තිබේ. සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත. මේ පිළිබඳව බුලත්සිංහල පොලිස්‌ ස්‌ථානාධිපති නාලක නුවන්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කරයි.

තෙබුවන - නයනදුල සෙන්දනායක
http://www.divaina.com/2014/12/30/news20.html

Pic Source

අඟුරුවාතොට බටගොඩ කාර්යාලයට කළුතෙල් ප්‍රහාරයක්

විපක්ෂයේ  පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අඟුරුවාතොට බටගොඩ පිහිටි පක්ෂ කාර්යාලයට පහරදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල කළැයි අඟුරුවාතොට පොලීසියට පැමිණිලි කැර ඇත.
මුහුණ වැසෙන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැළැද කළු කබා හැද යතුරු පැදි දෙකකින් පැමිණි හය දෙනකු ප්‍රහාරය එල්ල කළැයි පැමිණිල්ලේ සඳහන්වේ.

http://www.lankadeepa.lk/index.php/articles/286341

සබැඳි ලිපි -
[

මහරජතුමනි, ජය විශ්වාස නම් ඇයි මැරකම්? මැරකම් කර පාවෙන ඡන්ද විරුද්ධ පිලට පා නොකරන්න. මෛත්‍රීගේ තවත් කාර්යාලයක් සුන්. අයෙකුට බරපතලයි!http://denethharinna.blogspot.com/2014/12/blog-post_30.htmlමෛත්‍රීගේ රැස්වීමේ වේදිකාව ගිනිතැබූ චූදිතයන් බලෙන් මුදවාගත් මුතුහෙට්‌ටිගම සහ රියැදුරු වහාම අත්අඩංගුවට ගන්න - බද්දේගම මහෙස්‌ත්‍රාත්http://denethharinna.blogspot.com/2014/12/blog-post_14.htmlවීදියේ විරෝධයට පහර දුන් තවත් සිව් දෙනෙක්‌ දැලේ. නගරාධිපති මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරයේ!http://denethharinna.blogspot.com/2014/12/blog-post_20.htmlකොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_80.htmlමෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]

මහරජතුමනි, ජය විශ්වාස නම් ඇයි මැරකම්? මැරකම් කර පාවෙන ඡන්ද විරුද්ධ පිලට පා නොකරන්න. මෛත්‍රීගේ තවත් කාර්යාලයක් සුන්. අයෙකුට බරපතලයි!

කර්නල් අයිසීයූ එකේ! මහියංගනයේ මෛත්‍රීගේ කාර්යාලයට පහර දුන් මැරයෝ පැන යති!

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහියංගන සොරබොර ජනපදයේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පෙරේදා (28 වැනිදා) රාත්‍රි කඩාවැදුණු මැර පිරිසක්‌ එහි සිටි හිටපු හමුදා කර්නල්වරයකු ඇතුළු තිදෙනකුට අමානුෂික ලෙස පහර දී කාර්යාලය ද විනාශ කර හතර අතට වෙඩි තබමින් පලාගොස්‌ ඇත.

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ හිටපු යුද හමුදා කර්නල් චන්ද්‍රසේන මහතා මහියංගනය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.


පහළොස්‌දෙනකුගෙන් පමණ සමන්විත වූ සන්නද්ධ මැර පිරිස පැමිණ ඇත්තේ වාහන තුනකින් බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

ප්‍රහාරයට පැමිණි පිරිස අතර සිටි මහියංගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු, වෙළෙඳ සංගමයේ නිලධාරියකු, බස්‌ සංගමයේ නිලධාරියකු ඇතුළු සිව්දෙනකු හඳුනාගෙන තිබේ.

මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පෙරේදා උදේ වරුවේ විවෘත කළ අතර ඊට එදිනම රාත්‍රි ප්‍රහාර එල්ල කිරීම විශේෂ සිදුවීමකි.

ප්‍රහාරය එල්ල වන විට කාර්යාලයේ සිටි කුඩා දරුවන් දෙදෙනකු හා පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා මහියංගන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය හා සුවදුක්‌ පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (29 දා) දහවල් මහියංගන මූලික රෝහල වෙත පැමිණියේය.

මෙසේ තුවාල ලබා ඇත්තේ යුද්ධයේදී බෝම්බ ප්‍රහාරයකට ලක්‌වී ආබාධිත තත්ත්වයේ පසුවන (කකුලක්‌ අහිමි) විශ්‍රාමික කර්නල් එම්. චන්ද්‍රසේන මහතායි. මැර පිරිස තමාට අමානුෂික අන්දමින් පහර දී තම දරුවා වන අභිලාස්‌ මාමුනගේ (15) හට පොලු මුගුරුවලින් පහර දුන් බවත් තම බොරු කකුල ද මැරයන් විසින් පැහැරගෙන ගිය බවත් චන්ද්‍රසේන මහතා පවසයි. අනෙකුත් තුවාලකරු වන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ අපේක්‍ෂක රෝහණ ප්‍රසන්න විඡේසේකර (40), සංදීප ගොවිදුනාත (11) කුඩා දරුවා සහ ආරියදාස මංචනායක (56) යන අයයි.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ සවස්‌ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි. මහියංගනය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු සහ මහියංගන - රංජිත් කරුණාවීර
http://www.divaina.com/2014/12/30/news07.html

Pic Source

සබැඳි ලිපි -
[

මෛත්‍රීගේ රැස්වීමේ වේදිකාව ගිනිතැබූ චූදිතයන් බලෙන් මුදවාගත් මුතුහෙට්‌ටිගම සහ රියැදුරු වහාම අත්අඩංගුවට ගන්න - බද්දේගම මහෙස්‌ත්‍රාත්http://denethharinna.blogspot.com/2014/12/blog-post_14.htmlවීදියේ විරෝධයට පහර දුන් තවත් සිව් දෙනෙක්‌ දැලේ. නගරාධිපති මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරයේ!http://denethharinna.blogspot.com/2014/12/blog-post_20.htmlකොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_80.htmlමෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]

Sunday, December 28, 2014

අපේක්‍ෂකයකු වෙනුවෙන් සැරසිලි කිරීම, ඡායාරූප හෝ එකී කොඩි එල්ලීම පනත යටතේ වරදක්‌! ජනාධිපතිවරණයේදී පොලිසියේ කාර්යභාරය

ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 17 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල හිමිව තිබුණේ ජාතික මැතිවරණ කොමිසමටය. එහෙත් එකී වැදගත් සංශෝධනය දැනට ව්‍යවස්‌ථාපිතව අවලංගු කර ඇති බැවින් එම කොමිසමට පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීම මැතිවරණ කොමසාරිස්‌වරයාට හිමි වෙයි.

ජනාධිපතිවරණයකදී අපේක්‍ෂකයකු වෙනුවෙන් සැරසිලි කිරීම, ඡන්ද අපේක්‍ෂකයකුගේ ඡායාරූප හෝ එකී කොඩි එල්ලීම සැරසිලි, ඡායාරූප, විනාශ කිරීම විරුද්ධ පාක්‌ෂිකයන් විසින් 1981 අංක 15 දරන ජනාධිපතිවරයකු තෝරා ගැනීම පිළිබඳ පනත යටතේ වරදක්‌ ලෙස සඳහන් කෙරේ.

නීතිය අනුව අවසර ඇත්තේ රැස්‌වීමක්‌ පැවැත්වෙන රැස්‌වීම් භූමියේ සැරසිලි කිරීම සහ අපේක්‍ෂකයාගේ ඡායාරූප එම ස්‌ථානයේ පමණක්‌ ප්‍රදර්ශනය කිරීමය.

ජනාධිපති අපේක්‍ෂකයා ගමන් කරන රථයේද ඔහුගේ ඡායාරූපය කොඩි හෝ සැරසිලි කිරීම්වලට නීතියෙන් අවසර ඇත. ජනාධිපති අපේක්‍ෂකයාගේ ප්‍රධාන මැතිවරණ කාර්යාලවලද සැරසිලි කිරීම, කොඩි එල්ලීම සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම්වලට අවසර තිබේ.

බොහෝ අවස්‌ථාවල එම නීති කඩකිරීම් සිදු කෙරෙන බව පසුගිය ජනාධිපතිවරණ දෙස බැලීමේදී දකින්නට ලැබිණි. මැතිවරණ ආඥ පනතට අනුව දූෂණ ක්‍රියා, අයුතු බලපෑම් සහ ඡන්ද දායකයන්ට අල්ලස්‌දීම් වැනි ක්‍රියාද වැරදි හැටියට දක්‌වා තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී කිසියම් ජනාධිපති අපේක්‍ෂකයෙක්‌ වෙනුවෙන් සහාය දක්‌වන ක්‍රියාකාරින් වටහා ගත යුතු කාරණයක්‌ නම් ඉහත සඳහන් වැරදි සිදුකරන්නන් මහෙස්‌ත්‍රාත්වරයකුගේ වරෙන්තුවක්‌ නොමැතිව අත්අඩංගුවට ගතහැකි බවය.

ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ පනත යටතේ මේ නීති වඩාත් දැඩිකර තිබෙන බව සඳහන් කළ යුතුය. දූෂණ ක්‍රියා පිළිබඳව එම විශේෂ පනත මගින් පුළුල් නිර්වචනයක්‌ද දක්‌වා ඇත.

ඡන්දදායකුගේ ඡන්දය ලබාගැනීම සඳහා යෑයි සිතිය හැකි අන්දමින් තේ කෝප්පයක්‌ හෝ බුලත් විටක්‌ දීම වුවද අල්ලස්‌ දීමක්‌ වශයෙන් එකී ව්‍යවස්‌ථාපිත අර්ථ නිරූපණය අනුව නිර්වචනය කළ හැකිය.

ජනාධිපතිවරණ කටයුතුවල නියෑලෙන පොලිස්‌ නිලධාරීන්ට එම කටයුතු කිරීමේදී පෞද්ගලික ආරක්‍ෂාව, ඡන්ද පොළේ ඡන්ද රාජකාරිවල නියෑලෙන රජයේ නිලධාරීන්ගේ මෙන්ම ඡන්දය දැමීම සඳහා පැමිණෙන ඡන්ද දායකයා ආරක්‍ෂා කිරීමත් ඡන්ද පෙට්‌ටි සහ අනෙකුත් රජයේ දේපළ ආරක්‍ෂා කිරීම සඳහාත් බලය පාවිච්චි කිරීමට නීතිය මගින් ඒ අනුව අවසර දී තිබේ.

එම බලය පෞද්ගලික ආරක්‍ෂාවේ අයිතිය පාවිච්චි කිරීම ව්‍යවස්‌ථාපිත සීමාවන්ට (ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ වගන්ති 92) යටත් විය යුතුය. එංගලනත්යේ අගවිනිසුරුවරයකු වූ ලේයන් සාමිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ ''එම බලය යුක්‌ති සහගත බලයක්‌ විය යුතුය'' යන්නයි.

මෙම මැතිවරණ රාජකාරිවල නිරත වන පොලිස්‌ නිලධාරීන් ක්‍රියාත්මක කළ යුත්තේ බලධාරීන් ලබාදෙන නීත්‍යානුකූල නියෝග පමණි. යම් විටෙක උසස්‌ නිලධාරියෙක්‌ නීති විරෝධි නියෝගයක්‌ ලබාදුනහොත් එය ක්‍රියාත්මක නොකිරීමට පොලිස්‌ නිලධාරීන් බැඳී නොමැත.

හමුදා හෝ පොලිස්‌ නිලධාරියකු ක්‍රියාත්මක කළ යුත්තේ උසස්‌ නිලධාරීන් දෙන නීත්‍යානුකූල නියෝග පමණකි. නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළහොත් ඉන් ලැබෙන අයහපත් ප්‍රතිඵල වලට මුහුණ දිය යුත්තේ එකී නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළ පොලිස්‌ හෝ හමුදා නිලධාරීන්ය. ඊට උදාහරණ දැක්‌වෙන නඩු තීන්දු රැසක්‌ ඇත. නිදසුනක්‌ වශයෙන් වියට්‌නාමයේ ආයුධ විරහිතව සිටි කාන්තාවන් සහ දරුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ලුතිනන් වරයකු වූ කෙලී නමැත්තාට එරෙහිව තිබූ සමූහ මිනිස්‌ ඝාතන නඩුව ජාත්‍යන්තර අධිකරණයේදී විභාග කර ඔහුව වැරදිකරු කර ඔහුට දඬුවම් ලබාදෙන ලදී.

ශ්‍රීලංකාවේ ''කොරයාට එරෙහිව රැජින'' සහ ''විඡේසූරියට එරෙහිව රජය'' යන නඩු තීන්දු ද උදාහරණ වශයෙන් මෙහිදී සඳහන් කළ හැකිය.

සියළුම පොලිස්‌ නිලධාරින් තමන්ගේ ඉහළ නිලධාරින් දෙන නියෝගයක්‌ ක්‍රියාවට නැඟීමට පෙර එම නියෝගය නීත්‍යානුකූල නියෝගයක්‌ද යන්න සළකා ක්‍රියාකළ යුතු බව ඉහත නඩු තීන්දු ආශ්‍රයෙන් මනාව සැළකිල්ලට ගතයුතු වීම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ආරක්‍ෂාවට යෝග්‍ය වන බව සඳහන් කළ යුතුය.

ඉහළ නිලධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම තම බලය පාවිච්චි කිරීමේදී මෙය ඉතා සැළකිල්ලට ගත යුතුය. නියෝග ක්‍රියාත්මක කිරීමේ කාර්යන්හි දී නීතියට අනුව මෙන්ම නිවැරදිව නීතිය ඉදිරියේ තම ක්‍රියාවන් යුක්‌ති සහගත කළ හැකි ආකාරයට සටහන් තැබීමේ කුසලතාවද පොලිස්‌ නිලධාරීන් සතු විය යුතුය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 17 වැනි සංශෝධන ක්‍රියාත්මක වූවා නම් එහි 104-5 වගන්ති අනුව මැතිවරණ කටයුතු කිරීමේදී පොලිස්‌ නිලධාරීන් කරන කිසිවකට එරෙහිව සිවිල් උසාවිය හෝ අපරාධ උසාවියේ නඩු පැවරිය නොහැකි බව සඳහන්ව තිබේ. එසේ වුවද සිදු කරන ලද ක්‍රියාව නීත්‍යානුකූල හා සද්භාවයෙන් කළ බවට ඔප්පු කිරීමේ වගකීමද සාක්‍ෂි ආඥ පනතේ ප්‍රතිපාදන අනුව පොලිස්‌ නිලධාරීන් මත පැවරේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ කිසිම වාහනයකින් ඡන්ද දායකයන් ප්‍රවාහනය කළ නොහැක. වාහනයකින් යාත්‍රාවකින් හෝ බෝට්‌ටු වලින් ඡන්ද දායකයන් ප්‍රවාහනය කිරීම යම් දේශපාලන සංවිධානයක්‌ විසින් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබුණහොත් එම වාහන අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ බලය 1984 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ආඥ පනතේ 82-5 උප වගන්තියෙන් පොලිසියට බලය පවරා ඇත.

ජනාධිපතිවරණ කාලසීමාවේ සිදු කෙරෙන විශේෂ ඝනයට ගැනෙන සමහර වැරදි වලදී මහේස්‌ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගැනීමට නොහැකි වන අතර අදාළ ආඥ පනතේ වගන්ති අනුව ඇප ලබාගැනීම කළ හැක්‌කේ මහාධිකරණයෙන් පමණි.

දණ්‌ඩ නීති සංග්‍රහයේ 169 වැනි වගන්තිය හා එහි අනු වගන්තීන් යටතේ ඡන්දය දීම මෙන්ම ඡන්දය නොදී සිටීම පිළිබඳ නිර්වචනයක්‌ කර තිබේ. ඡන්ද දායකයකුගේ කැමැත්ත වෙනස්‌කර වෙනත් කෙනෙකුට ඡන්දය ලබාදීම සඳහා මනාපය වෙනස්‌ කිරීමට තැත් කිරීමද මේ අනුව වරදක්‌ වේ.

ඡන්දය නොදී සිටින පුද්ගලයකුට ඡන්දය ලබාදෙන ලෙස අයුතු බලපෑම් කිරීම අල්ලස්‌දීම හෝ තර්ජනය කිරීම බරපතළ වරදකි.

ඡන්දය ලබාගැනීමේ සහ ඡන්දය දෙන පුද්ගලයන්ගේ කැමැත්ත වෙනස්‌ කිරීමේ අදහසින් අයුතු බලපෑම් කිරීම්, නීත්‍යානුකූල නොවන ලෙස මැතිවරණ සළකුණු ප්‍රදර්ශනය කිරීම්, අපේක්‍ෂකයාගේ ඡායාරූපයක්‌, සළකුණක්‌, ලකුණක්‌, කොඩියක්‌ හෝ පතාකයක්‌, සැරසිල්ලක්‌ වැන්නක්‌ බෙදා හැරීම හෝ ප්‍රදර්ශනය කිරීමත් සපුරා තහනම්ය.

ආගමික උත්සව වලදීද මෙවැනි ප්‍රචාරක ක්‍රියා තහනම් වේ. ඡන්දය දීම සඳහා පෙළඹවීම වෙනුවෙන් සංග්‍රහ කිරීම, යම් කෑමක්‌ බීමක්‌ සැපයීම, ආධාර කිරීම හා ඒ සඳහා වන වියදමෙන් කොටසක්‌ දැරීම වැනි කටයුතු ද නීතිය අනුව තහනම් වේ. මෙම සියලුම වැරදි මැතිවරණ නීති උල්ලංඝනය වන අතර මෙම උල්ලංඝනය කිරීම් වලට එරෙහිව පොලිසිය විසින් අපක්‍ෂපාතීව හා නිර්භීතව තම නිල කාර්යය ඉටු කිරීම ජනතාව අපේක්‍ෂා කරනු ලබන්නකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් මහජනතාවගේ ඡන්දය දීමේ අයිතීන් තම හිතට එකඟව හා නිර්භීතව පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය ආරක්‍ෂිත වාතාවරණයක්‌ පොලිසිය විසින් සපයනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ වන ශ්‍රී ලංකාවේ ජනතාව ඒකාන්තයෙන්ම තබා ඇති බලාපොරොත්තුව වේ. එකී බලාපොරොත්තුව සුන් කිරීම ශ්‍රී ලංකා පොලිසිය විසින් කළ යුතු නොවේ.

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ගුණසේන තේනබදු - කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ අපරාධ නීති පිළිබඳ දර්ශනපති
http://www.divaina.com/2014/12/27/feature01.html

විධායක ජනපති ක්‍රමය ඉවත් කළ පසු ලාංකිකයන්ට පුදුම සුවයක් දැනේවි - මාදුළුවාවේ සෝභිත හිමි

Sobitha-himiජාතික දේහය වෙලාගත් විධායක ජනාධිපති ක්‍රමය කියන පිළිකාව ගලවා ඉවත් කිරීමෙන් පසු ජාති ආගම් භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකිකයාටම පුදුමාකාර සුවයක් දැනේවි යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමි පැවැසීය. හිමියන් මෙසේ පැවැසුවේ පෙරේදා (23) පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැති සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමි,
සාධාරණ සමාජයක් වටා ඒකරාශී වන පිරිස නව යුගයක ආරම්භයකට සූදානම් වෙනවා. දෙකෝටියක් ජනතාව අතරින් වඩාත්ම සතුටු වන පුද්ගලයෙක් මම. එදා පුංචි කාමරයක කිහිපදෙනෙක් එක්ව රට වැටී සිටින අගාධයෙන් ගොඩගන්න ක්‍රමය සාකච්ඡා කළා. ඒ කතාවේ ප්‍රතිඵලයට අද මුළු මහත් ජනතාවම ඒකරාශී වෙලා.
මේ අරගලය ආරම්භ කළේ අපේ රටේ නිදහස්ව නිවහල්ව බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න. 1978 සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතළකම දුටු ඇන්.ඇම්. පෙරේරා, කොල්වින්, එස්.ඒ. වික්‍රමසිංහ, විධායක ජනාධිපතිකම ඉවත් කරන්න පණ දෙන ඇමැතිකම නොදෙන වාසුදේව එයට එරෙහිව පෙනී සිටියා.
විධායක ජනාධිපතිකම කියන පිළිකාව එන්න එන්න මුළු ජාතික දේහය පුරාම පැතිරිලා. දැන් රාජ්‍ය පරිපාලනයට මැතිවරණයට ‍පොලීසියටත් පැතිරිලා. ‍පොලිස් සේවය, වහල් සේවයක් වෙලා. මැතිවරණයක් වෙනුවට ඡන්ද මංකොල්ලයක් වෙන්නේ. අපේ සල්ලිවලින් එතුමා ඡන්ද කරනවා. මැතිවරණයේදී සියලු අපේක්ෂකයන්ට සාධාරණත්වයක් වෙන්නේ නැහැ. ‍පොලීසිය කොපමණ විනාශ වෙලාද කියනවා නම් මන්ත්‍රීවරු තර්ජනය කරලා රිමාන්ඩ් එකේ අය ගේනවා. මැතිවරණ කොමසාරිස්ට කර කියාගන්න දෙයක් නැහැ. 
අල්ලස් කොමිසමේ තියෙන කෝටි ප්‍රකෝටි ගණන් ගහපු ෆයිල් පවා පිළිකාව වෙලාගෙන ඒ නිසා මේ පිළිකාව ඉවත් කළොත් පුදුමාකාර සුවයක් අපිට දැනෙනවා.
ඒකෙ තිබුණ එකම හොඳ දේ වුණා. 17 වන සංශෝධනයත් පිළිකාව වෙලාගෙන. පුදුම අල්ලස් පුදුම දූෂණයක් නාස්තියක් වෙනවා. මෙහිදී අපි ආගම් ජාති කිසිදු භේදයකින් තොරව එකතු වෙලා සාධාරණ සමාජයක් කුඩය යටට එතැනින් රටේම ජයග්‍රහණයකට යන්නයි සූදානම.
අපි යන්නේ ජනතාවගේ බලය පමණක් ඇතිවයි. මෙය ‍පොදුජන ජයග්‍රහණයක්. මෛත්‍රීපාල ජයග්‍රහණය ජනතා ජයග්‍රහණයක් කරන්න නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් බදු ගහන්න එපා. නාස්තිය අඩු කරන්න. අයවැයෙන් කළේ බලු කෑමවල, ලැම්බෝගිනි කැසිනෝකාරයාගේ බදු අඩු කළා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන දිනනවා කියන්නේ සමස්ත රටේම ජයග්‍රහණයක්.
ලෝකෙ තියෙන ලොකුම ඇමැති මණ්ඩලය අපේ. ආපු ගමන් ඇමැතිකම දෙනවා. මේ රටට ඇමැතිවරු 25ක් හොඳටම ඇති. වැව් ටික ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැන් වැව්වල රොන්මඩ. වතුර පිරුණත් සතියකින් හිඳෙනවා. ඒ නිසා මුහුද ගොඩකරන එක නවත්වලා රොන් මඩ අස්කරලා වැව් හෝදමු. 
මේ මැතිවරණ ක්‍රමය අසාධාරණයි. එයත් වෙනස් කරමු. වඩාත් හොඳ ආණ්ඩු ක්‍රමයක් සඳහා යන ගමනේදී අපිට දුක්විඳින්න, මැරුම් කන්න වෙයි. රට ජාතිය හදමු. දුප්පතාගේ දුක නිවමු. ඒ වෙනුවෙන් ගෞරවනීය මරණයක් ළඟා කර ගනිමු.

රන්මලී සෝමසිරි
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42316:2014-12-25-07-21-48&catid=34:news&Itemid=62

ස්‌වර්ගයට යන බව පවසා බොකෝ හරම් ත්‍රස්‌තයන් එවූ 13 හැවිරිදි බෝම්බකාරිය අත්අඩංගුවට

බෝම්බ කබායක්‌ පැළඳ සිටි 13 හැවිරිදි නයිජීරියානු දැරියක්‌ පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. ඇය පොලිසියට පවසා ඇත්තේ තම මව්පියන් විසින් තමාව බොකෝ හරම් ත්‍රස්‌තයන්ට බාරදුන් බවයි.

තමා ලවා මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌ එල්ල කිරීමටද මවුපියන් ත්‍රස්‌තවාදීන් වෙත කැමැත්ත පළකර ඇතැයිද ඇය කියා සිටියාය.

බෝම්බය පුපුරුවා ගත් පසු තමා ස්‌වර්ගයට යන බව ත්‍රස්‌තවාදීන් පැවසූ බවද ඇය පොලිසියට හෙළිකර ඇත.

http://www.divaina.com/2014/12/27/forign02.html

Thursday, December 25, 2014

මෛත්‍රීගේ රැස්වීමේ වේදිකාව ගිනිතැබූ චූදිතයන් බලෙන් මුදවාගත් මුතුහෙට්‌ටිගම සහ රියැදුරු වහාම අත්අඩංගුවට ගන්න - බද්දේගම මහෙස්‌ත්‍රාත්

වඳුරඹ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පැහැරගෙන යැම සම්බන්ධයෙන් සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම හා ඔහුගේ රියැදුරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (24 දා) වරෙන්තු නියෝගයක්‌ නිකුත් කළේය. සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වඳුරඹ පොලිසිය මගින් වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය. 

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරක්‍ෂක පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ඉසුරු රුවන්සිරි, මනෝ- ප්‍රියන්ත හා ඉෂාර චතුරංග නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

වැඩිදුර වාර්තා ගොනු කරමින් කරුණු දැක්‌වූ පොලිසිය, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය උදෙසා වඳුරඹ නගරයේ සංවිධානය කර තිබූ ජන රැලියේ වේදිකාවට හා වාහනවලට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පොලිස්‌ ස්‌ථානයේ රඳවා සිටියදී සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා තවත් පිරිසක්‌ සමග පැමිණ එම සැකකරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවත් සිද්ධියට අදාළව සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා හා ඔහුගේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම හා ඔහුගේ රියෑදුරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නියෝග නිකුත් කරමින් අනෙක්‌ සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හරිමින් පැමිණිල්ල ලබන 29 දා යළි කැඳවන ලෙසත් නිsයෝග කළේය.

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද 
http://www.divaina.com/2014/12/25/news01.html

Pic Source

සබැඳි ලිපි -
[

වීදියේ විරෝධයට පහර දුන් තවත් සිව් දෙනෙක්‌ දැලේ. නගරාධිපති මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරයේ!http://denethharinna.blogspot.com/2014/12/blog-post_20.htmlකොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_80.htmlමෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]

වීදියේ විරෝධයට පහර දුන් තවත් සිව් දෙනෙක්‌ දැලේ. නගරාධිපති මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරයේ!

වීදියේ විරෝධය නාට්‍ය කණ්‌ඩායමට හම්බන්තොට නගරයේදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙක්‌ හම්බන්තොට පොලිසිය මගින් ඊයේ (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ හම්බන්තොට නගරාධිපති එරාඡ් ප්‍රනාන්දු මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඉකුත් 21 වැනිදා දහවල් ගායන ශිල්පි ජයතිලක බණ්‌ඩාර මහතා ඇතුළු සිවිල් සංවිධාන කීපයක සාමාජිකයන් හම්බන්තොට නගරයේදී සාමකාමීව වීදි නාට්‍යයක්‌ ප්‍රදර්ශනය කර අත්පත්‍රිකා බෙදා හැර තිබිණි.

එහිදී සැකකාර නගරාධිපතිවරයා ඇතුළු පිරිසක්‌ දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී ජයතිලක බණ්‌ඩාර මහතා ඇතුළු පිරිසකට අමානුෂික ලෙස පහර දී තිබේ.


එහිදී තුවාල ලැබූ ජයතිලක බණ්‌ඩාර ඇතුළු කීප දෙනකු රෝහල්ගත කර තිබූ අතර තවත් කීපදෙනෙක්‌ බාහිර ප්‍රතිකාර ලබා ගත්හ.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර හම්බන්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/12/25/news21.html

Pic Source

සබැඳි ලිපි -
[

කොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_80.html
මෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]

කොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌

ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් කොළොන්නාව නගරයේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසක්‌ වෙත පෙරේදා (23 වැනිදා) කඩාවැදුණු පාතාල කණ්‌ඩායමක්‌ ඔවුන්ට කඩු පොලුවලින් පහරදී තිදෙනකුට තුවාල කර පලා ගොස්‌ ඇත.

පෝස්‌ටර් අලවමින් සිටි ආධාරකරුවන්ට පහරදී කපා කොටා තුවාල කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක සාමාජිකයන් බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

මෙම පාතාල කල්ලිය කොළොන්නාව ප්‍රදේශයේ බලවත් දේශපාලනඥයකුගේ ආධාරකරුවන් ලෙස කටයුතු කරන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.


තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/12/25/news13.html

Pic Source

සබැඳි ලිපි -
[
මෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]

මෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබති

ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේ ඊයේ (24 වැනිදා) සවස පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීම සඳහා සැරසිලි කරමින් සිටි පිරිස අතරට කඩා වැදී ඇති පාතාල කණ්‌ඩායමක්‌ ටී 56 ගිනි අවි යොදාගෙන හතර අතට වෙඩි තබා මුළු ප්‍රදේශයම භීතියට පත්කර පලා ගොස්‌ ඇත.මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඊයේ (24 වැනිදා) අලුයම 1.00 ට පමණය. වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි සිදුවී නැති අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ජනතාව ඇමතීමට නියමිතව තිබූ වේදිකාවට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල වී ඇත.

මෙම වේදිකාවට සහ ප්‍රදේශයේ ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් යොදවා සිටියදීත් මේ ආකාරයට පාතාල කණ්‌ඩායම් පැමිණ වෙඩි තැබීම් සිදු කර නිරුපද්‍රිතව පලා යැම පිළිබඳව ප්‍රදේශවාසීහු දැඩි අප්‍රසාදය පළ කර සිටිති.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීම සඳහා කොලොන්නාවේ විශාල පිරිසක්‌ පෙරේදා රාත්‍රි කාලයේ සිට උමගිලිය ක්‍රීඩාංගණයේ සැරසිලි කරමින් සිට ඇත.

ඒ අවස්‌ථාවේ කළු පැහැති ජීප් රථ දෙකකින් සහ වෑන් රථයකින් පැමිණ ඇති විසිදෙනකුගෙන් පමණ සමන්විත පාතාල කණ්‌ඩායමක්‌ හතර අතට වෙඩි තබා තිබේ.

සිද්ධිය වූ ස්‌ථානයේ වැටී තිබී ටී 56 හිස්‌ පතරොම් උණ්‌ඩ 18ක්‌ පොලිසිය මගින් සොයා ගෙන ඇත.


කොලොන්නාව, ප්‍රදේශයේ එක්‌තරා දේශපාලනඥයකු සමග සිටින දෙමටගොඩ පාතාල කල්ලියක නායකයා ඇතුළු සගයන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.


ඊයේ සවස්‌ වනතුරුත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යයි.

හේමන්ත රන්දුණු, ඔරුවල - සරත් ද සිල්වා
http://www.divaina.com/2014/12/25/news03.html

Pic Source

Sunday, December 21, 2014

පන්සල් වනසමින්, දරුවන් ගලේ අඹරවමින්, මිනිසුන් කිඹුලන්ට දමමින් බොදුනුවන්ට කර ම්ලේඡ්ච අපරාධ වෙනුවෙන් පාප් සමාව ඉල්ලයි ද?

2013 වසරේ දී රාජකීය ආසියාතික සංගමය (මම දැනට එහි සභාපති ධුරය දරමි) විසින් ආචාර්ය විටෝ පර්නිඕලා පියතුමාට සංගමයේ රන් පදක්‌කම පිරිනමන ලදී. එතුමා විෂය ක්‍ෂේත්‍ර කිහිපයකට අදාළ ග්‍රන්ථ ලියා ඇති වුවද පදක්‌කම පිරිනැමීමේදී අපේ සංගමයේ විශේෂ අවධානය යොමු වූයේ කතෝලික පල්ලියේ ඉතිහාසය පිළිබඳ එතුමා විසින් රචිත කාණ්‌ඩ 19 කින් යුත් ග්‍රන්ථ මාලාව වෙතය. එතුමාගේ ශාස්‌ත්‍රීය කටයුතු ගැන බෞද්ධ ඇගයීම විදහා දැක්‌වීම සඳහා පදක්‌කම පැළඳ වීමට මම ප්‍රධාන පෙළේ භික්‍ෂූන් වහන්සේ නමකට ආරාධනා කළෙමි. අවුරුදු 100 වයසැති පර්නිඕලා පියතුමා පදක්‌කම දෙස බලමින් එය අගය කළේ කුඩා දරුවකු සේය. කතෝලික ධර්මය පිළිබඳ තොරතුරු විශේෂයෙන්ම මුල් යුගයේ ඇති වූ අමානුෂික සිද්ධීන් හා අපරාධ වාර්තාගත කොට ඇත්තේ මධ්‍යස්‌ථ ආකාරයෙන් බව මාගේ කතාවේ දී සඳහන් කළෙමි. එමෙන්ම 1978-2005 කාලයේ පාප්තුමාව සිටි 11 වන ජෝන් පෝල් පාප්තුමා කතෝලික පල්ලිය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් සියක්‌ වාරයකට වඩා සමාව අයෑද සිටිය ද ලංකාවේ කරන ලද අපරාධ ගැන අපෙන් සමාව නොගත් බවත් මම සඳහන් කළෙමි.

පෘතුගීසීන්ගේ ලංකා ගමනයට 500 වසරක්‌ පිරීමට පෙර අපේ දෘෂ්ටි කෝණයෙන් ලංකාවේ පෘතුගීසි යුගය හැදැරීම සඳහා ලංකාව පුරා වෙසෙන පුද්ගලයින් සියයකින් පමණ සමන්විත අධ්‍යයන කවයක්‌ මගේ ඉල්ලීම පරිදි ආසියාතික සංගමය මඟින් පිහිටුවන ලදී. මීට පෙර කරන ලද අධ්‍යයන කතෝලික පල්ලියේ හෝ උග්‍ර ලෙස පෘතුගීසිවාදී මතයක්‌ දරන පෘතුගාලයේ ගුල්බන්කියන් පදනමේ අනුග්‍රහයෙන් කරන ලද ඒවාය. අපේ අධ්‍යයන කවයේ සාමාජිකයකු වූ පෘතුගීසි යුගය ගැන ලංකාවේ නිෂ්පාදිත එකම චිත්‍රපටය වූ සංදේශයේ කලා අධ්‍යක්‍ෂ ආරියවංශ වීරක්‌කොඩි කියා සිටියේ පෘතුගීසීන් විසින් කරන ලද අපරාධ එම චිත්‍රපටයේ නිරූපණය නොකරන ලෙස ඔහුට අණ දී තිබුණු බවය.

ලංකා ශිෂ්ටාචාරය පෘතුගීසීන් විසින් කොතෙක්‌ දුරට විනාශ කරන ලද ද යත් ලංකා භික්‍ෂූන් විසින් 11 වන සියවසේ දී සියමට හා බුරුමයට හඳුන්වා දෙනු ලැබු බුදු දහම එම රටවලින් අපේ රටට ගෙන්වා ගැනීමට සිදු විය. අපේ රටේ සිදු වූ විනාශය පෘතුගීසි ඉතිහාසඥයන් වූ ක්‌වේරෝස්‌, ටි්‍රනිඩාඩ් සහ මනුඑල් ඩී සෝසා යන කතෝලික පූජකවරුන් විසින්ම වාර්තා ගත කොට ඇත. අපේ බෞද්ධ සිද්ධස්‌ථාන විනාශ කළ කෲර ආකාරය පිළිබඳ විස්‌තර මේ වාර්තාවල අන්තර්ගතය, එකල උත්කර්ෂවත් ලෙස වැජඹුණු අපේ සිද්ධස්‌ථානවල ඉතිරි වී ඇති නිහඬ නටබුන් අධ්‍යයනය කිරීම හා ඡායාරූප ගත කිරීම අපේ අධ්‍යයන කවයේ එක්‌ අරමුණක්‌ විය.

අපට සිදු වූ විනාශයට පෙර ලංකාව පෘතුගාලයට වඩා හාත්පසින් වෙනස්‌ වූ බව පෘතුගීසි ලේඛනවලින් පෙනේ. 1500 වන විටත් පෘතුගාලයේ ගොඩනැගිලිවල සරල බව, කුඩා ප්‍රමාණය හා රළු බව සඳහන් වී ඇත. 1552 දී ක්‍රිස්‌තියානි පූජකවරයෙකු වූ මොරයස්‌ සිංහල විහාරයකට ගිය විට පවසා ඇත්තේ මෙසේය. එය පෘතුගාලයේ ආර්ච්ඩිකන් පල්ලියට වඩා සෞභාග්‍යයෙන් හා රාජකීය පෙනුමෙන් අනර්ඝය, ලංකාවේ සමහර විහාර ලිස්‌බන් නගරයේ පොහොසත්ම පල්ලියට වඩා සමෘද්ධිමත්ය. කැරට්‌ ගණනාවකින් යුත් රන් වලින් විහාර ආලේප කර ඇත.

විනාශ කරන ලද සිද්ධස්‌ථාන අපේ රටේ සංස්‌කෘතික ඉතිහාසයේ නාමාවලියක්‌ වැනිය. කෝට්‌ටේ රජවාසල, කැලණියේ රජමාළිගාව හා ප්‍රධාන විහාර, සුනේත්‍රාදේවී පිරිවෙන, තොටගමුව, දෙවුන්දර, අත්තනගල්ල, වැලිගම, කෑරගල, වීදාගම සහ අනික්‌ විහාර මේ අතර වේ. විනාශ කළ සිද්ධස්‌ථාන සහ ඒවා මත ඉදිකරන ලද පල්ලි පිළිබඳ කෙටි ලැයිස්‌තුවක්‌ කේවේරොස්‌ සඳහන් කොට ඇත. කැලණිය, දෙවුන්දර, වීදාගම සහ සුනේත්‍රාදේවි පිරිවෙන් වැනි ස්‌ථානවල අදට දක්‌නට ලැබෙන භූමි ප්‍රමාණය මුලින් තිබූ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසකි. කඩුව හරහා ආගමට හැරවීම ලංකාවේ කතෝලික ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක්‌ විය. කතෝලික ග්‍රන්ථවලින්ම ඔවුන්ගේ කෲරකම් ගැන මනා අවබෝධයක්‌ ලබා ගත හැකිය. පූජකතුමෙකු වූ ක්‌වේරොස්‌ මහ හඬින් කියා සිටියේ "ආයුධ ගන්න. ආයුධ ගන්න, ලංකාවේ මිත්‍යා දෘෂ්ටිය (බුදු දහම) රජ කරනු දැකීමට ලංකාවේ කතෝලිකයන්ට ඉඩ සලස්‌වන්න එපා" යන්නය. මනුඑල් ඩී සෝසා මෙසේ ලීවේය. "පෘතුගීසි ජයග්‍රහණයේ උච්චතම අවස්‌ථාවේ දී, ඔහු (පෘතුගීසි සේනාධිපතියා) ඇඹරුම් ගලට තම දරුවන් විසිකිරීමට බෞද්ධ මව්වරුන්ට බල කොට දරුවන් මිරිකී යන ආකාරය බැලීමෙන් පසු ඔවුන්ගේ බෙලි ගසා දැමුවේය. ඔවුන් වාර්තා කර ඇති ආකාරයට ළමයින් කුකුළන්සේ හඬලන තුරු පෘතුගීසී සොල්දාදුවෝ කඩු වලින් ඔවුන්ට වේදනා දුන්හ. මල්වාන පාළමේ දී කිඹුලන්ගේ කෑම සඳහා සිංහලයින් කොතරම් වීසි කළාද යත්, සොල්දාදුවෙකුගේ නලා හඬ ඇසුණ විගස කිඹුලෝ ඒකරාශී වෙති.

ඩි සලනෝවා පියතුමා සිංහලයින් ආගමට හැරවීම ඉතා දුෂ්කර බවත්, කෙතරම් යත්න දැරුවත්, බල කරන්නේ නැතුව ඔවුන් ආගමට හැරවිය නොහැකි බවත් අවධාරණය කළේය. කෲර බලහත්කාරිය සහ පාප්තුමන්ගේ අණ සංයෝග විය යුතු බවට ටි්‍රනිඩාඩ් පියතුමා ලුහුඬින් ප්‍රකාශ කළේ මෙසේය. "පෙර දිග ආක්‍රමණයේ දී ඔවුන්ගේ සිවිල් බලය හා කතෝලික බලය කෙතරම් දුරට ඉතා කිට්‌ටුවෙන් ක්‍රියාත්මක වූවාද යත් එක්‌ බලයක්‌ පමණක්‌ යොදනු ලැබුවේ කලාතුරකිනි. ඇයි ද යත් ආයුධවලින් ආක්‍රමණය කළ හැක්‌කේ ක්‍රිස්‌තු භාෂිතයෙන් ඔවුන්ට දෙන ලද නියෝග මතය. එමෙන්ම ආයුධ පාවිච්චි කිරීමේදී කතෝලික ආගම දෙසීම තරමක්‌ දුරට ප්‍රයෝජනය විය."

මේ කෲර ක්‍රම නොසෑහේ නම් ආගම වෙනස්‌ කරන අයට විශේෂ වරප්‍රසාද දෙන ලෙස පෘතුගාලයේ රජතුමා විසින් අණ කරන ලදී. තවද ක්‍රිස්‌තියානි නොවන සෑම ප්‍රතිමාවක්‌ම කූඩු කරන ලෙසත් එවැනි ප්‍රතිමා නෙලන්නන්ට බරපතළ දඬුවම් දීමටත් අණ දෙන ලදී. කතෝලික "ශුද්ධ ජලය" ඉසීමෙන් හා යාග කිරීමෙන් බෞද්ධ සිද්ධස්‌ථාන පල්ලිවලට පරිවර්තනය කළ ආකාරය ටි්‍රනිඩාඩ් පියතුමා විස්‌තර කොට ඇත.

ක්‍රිස්‌තියානි ධර්මය හා බුදු දහම පිළිබඳ පවත්ව ලද විවාදයකට කෝට්‌ටේ රජ කළ බුවනෙකබාහු රජතුමා සහභාගි වුවද එයින් කතෝලික ආගම ගැන පැහැදුනේ නැති බව ඔහු කියා සිටියේ මෙසේය. "මගේ රට වැසියන්ට ඔබේ ආගම උගන්වන්න. ඔවුන් එය පිළිගතහොත් මම සතුටු වෙමි. ඔවුන් ආගම වෙනස්‌ කළහොත් මම එයට කිසිදු බාධාවක්‌ නොකරමි. මේ ගැන වාර්තා කරන පෘතුගීසී ලේඛකයකු සඳහන් කළේ රජු එසේ කියා සිටියේ තම රට වැසියන් ක්‍රිස්‌තියානි ආගමට නොහැරෙන බව ඔහු ස්‌ථීර වශයෙන් දැන සිටි නිසා බවය. පෘතුගීසි තරුණයන් ක්‍රිස්‌තියානි ක්‍රමයට යාඥ කරනු දුටු සිංහලයින්ට එය සිනාවට කරුණක්‌ වූ බව ක්‌වේරොස්‌ සඳහන් කළේය. 1547 දී එම කරුණම ගැන කැමින්හා සඳහන් කළේ සෙන්කඩගල රජ ක්‍රිස්‌තියානි පූජකවරුන් ගැන මෙන්ම ක්‍රිස්‌තියානි ධර්මය ගැනද තදින් සිනා සුණේය යන්නයි.

තමා විශ්වාස නොකළ ආගම්වලට පවා සිංහලයින් දැක්‌වූ බෞද්ධ සහනශීලීභාවය පිළිබඳ හොඳම උදාහරණය නම් පෘතුගීසි කතෝලිකයන් මුස්‌ලිම්වරුන් පන්නා දැමූ විට පෘතුගීසීන්ට ළංවිය නොහැකි වන සේ රජතුමා ඔවුන් ඈත ගම්මානවල පදිංචිකරවීමය. ඕලන්ද ප්‍රොතෙස්‌තානුවන් පැමිණ කතෝලික ධර්මය ඇදහීම තහනම් කළ විට රජතුමාගේ පාලන ප්‍රදේශවල කතෝලිකයන්ට පදිංචිවීමට ඉඩ සළසා ආරක්‍ෂාව සපයන ලදී. මේ හේතුව නිසාම ළඟදී පැමිණෙන පාප්තුමා ලවා ජෝසෆ් වාස්‌ ශාන්තුවරයකු බවට පත් කිරීමට නියමිතය.

ආගමට හැරවීමේදී අනුගමනය කරන ලද කෲර පිළිවෙත ලංකාවේ වාසය කළ කතෝලික සේනාධිපතියන් විසින් තම රීසියේ කළ එකක්‌ නොව පාප්තමන්ලා විසින් නිකුත් කරන ලද විශේෂ ආඥවන් (ඡ්ච්ක ඊමකකි) අනුව කරන ලද ඒවාය. 1494 දී කරන ලද ටෝඩසිලාස්‌ ගිවිසුමෙන් එකල පාප්තුමා ලෝකය දෙකට බෙදා ලෝකයේ ඊනියා මිත්‍යා දෘෂ්ටිකයන් ක්‍රිස්‌තියානි ආගමට හැරවීම සඳහා එක්‌ කොටසක්‌ ස්‌පාඤaඤයටත් අනෙක්‌ කොටස පෘතුගාලයටත් භාර දුන්නේය. 1454 දී නිකුත් කරන ලද පාප්තුමාගේ ආඥවෙන් පෘතුගීසී රජුට අණ කර සිටියේය. "මිත්‍යා දෘෂ්ටිකයන් මෙන්ම ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ සතුරන් කුමන දේශයක වාසය කළත් කුමන රජකුට හෝ කුමරකුට අයිති වුවත් ඔවුන් අල්ලා යටත් කර ගන්න. ආක්‍රමණය කොට ඔවුන්ගේ රාජධානි, රටවල්, ඉඩම්, ගම්බිම් හා උන් සතු වස්‌තූන් කොල්ලකා ගන්න. සියලු වැසියන් වහල්ලු බවට පත් කරන්න "පාප්තුමා හරහා කරන ලද මෙම දිව්‍යමය ආඥවේ කෲර අරමුණ සක්‌සුදක්‌ සේ පැහැදිළිය. ලංකාවේ ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල සිදුවූ විනාශය හා මිනිස්‌ ඝාතන මෙම ආඥවල ප්‍රතිඵල විය.

1970 ගණන්වල මුල් කාලයේදී යුද හමුදාවේ තරුණ පිරිසක්‌ විසින් පිහිටුවන ලද රජයක්‌ විසින් පෘතුගාලයේ පැරැණි බල ව්‍යqහය වෙනස්‌ කරන ලදී. ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ නාමයෙන් සියවස්‌ ගණනාවක්‌ කරන ලද වධහිංසා හා මිනිස්‌ ඝාතන ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක්‌ ලිස්‌බන් නගරයේ ඉදිකර ඇත. 1990 ගණන් වන විට පෘතුගාලයේ හා ස්‌පාඤaඤයේ කතෝලික බලය අඩු වෙමින් පැවතිණ.

අතීතයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධව තිබූ ආකල්ප වෙනස්‌ කිරීමට 1990 ගණන්වල කතෝලික පල්ලිය උත්සාහ දැරීය. 1978-2005 දක්‌වා සේවය කළ දෙවන ජෝන් පෝල් පාප්තුමා කතෝලික අපරාධවලට සිය වරකට වඩා සමාව ඉල්ලා සිටියේය. එනම් මධ්‍යම ඇමෙරිකාව ආක්‍රමණය කිරීමේදී පල්ලියේ නාමයෙන් සිදුවූ අපරාධවලට අප්‍රිකානු වහල් වෙළෙ¹මට පල්ලිය සම්බන්ධ වීම ආගමට හැරීම ප්‍රතික්‍ෂේප කළ අය පුච්චා දැමීම කාන්තාවන්ට නිග්‍රහ කිරීම, යුදෙව්වන් කළ සමූල ඝාතනයට සම්බන්ධයක්‌ තිබීම අනෙක්‌ සංස්‌කෘතීන් සහ ආගම්වල කරන ලද හානිය යනාදිය යි.

සමාව අයෑද සිටි අන් සිද්ධීන් නම් රෝමානු කතෝලික ධර්මය හා බිසන්ටයින්වල පෙරදිග ක්‍රිස්‌තියානුන් අතර ඇතිවූ උග්‍ර භේදය, මුස්‌ලිම්වරුන්ට විරුද්ධව කළ කුරුස යුද්ධය, මාර්ටින් ලූතර් හා ප්‍රොටෙස්‌ටන්ත ධර්මයට නිග්‍රහ කිරීම, රුවන්ඩා සමූල ඝාතනයේ දී කතෝලික පූජකවරුන්ගේ කාර්යභාරය යනාදියයි. කතෝලික පල්ලිය විසින් ඕස්‌ටේ්‍රලියාවේ, නවසීලන්තයේ සහ දකුණු ශාන්තිකරයේ දිවයින්වල මුල් වැසියන්ට කරන ලද ල-ජා සහගත අසාධාරණකම්වලට දෙවැනි ජෝන් පෝල් පාප්තුමා සමාව අයෑද සිටියේය. 1054 දී ඕර්තොඩොක්‌ස්‌ ක්‍රිස්‌තියානි පල්ලිය හා ඇති වූ මත භේද භින්නයට පසු පාප්තුමා පළමු වරට ශ්‍රීසියට ගිය ගමනේදී මෙන්ම පළමුවරට මුස්‌ලිම් පල්ලියට ගිය ගමනේදී මුස්‌ලිම්වරුන්ගෙන් හා ඕර්තොඩොක්‌ස්‌ ක්‍රිස්‌තියානි නිකායෙන් සමාව ඉල්ලා සිටියේය. 2005-2013 දක්‌වා සේවය කළ ංඩස වන බෙනඩික්‌ට්‌ පියතුමා යුරෝපය ශීඝ්‍රයෙන් ක්‍රිස්‌තියානි ආගමික බැඳීමෙන් තොර ලෞකික තත්ත්යකට අවතීර්ණ වන බව අවබෝධ කර ගත්තේය. තමා උපත ලත් ජර්මනියේ මග්ඩෙබර්ග් නගරයේ අද ක්‍රිස්‌තියානු ජනගහනය 8% ක්‌ පමණක්‌ බවත් තව දශක කිහිපයකින් වැඩි කතෝලික පිරිසක්‌ රැඳෙන්නේ පැරැණි යටත් විජිත රටවල බවත් කියා සිටියේය. මේ පිරිස පෘතුගීසීන් හා කතෝලිකයන් විසින් බලහත්කාරයෙන් ආගමට හැරවූ අය බව මෙහීදී සඳහන් කළ යුතු ය. ප්‍රංශයේ පල්ලිවල අප්‍රිකානු පූජකයින් වයස්‌ගත සුදු ජාතිකයන්ට ආගම දේශනා කරන ආකාරය බීබීසි වාර්තාමය වැඩසටහනකින් දක්‌නට ලැබුනු අතර මෙයින් ප්‍රංශයේ තරුණ පිරිස ක්‍රිස්‌තියානි ආගම පිළිබඳ දක්‌වන ආකල්පයද තහවුරු විය. බ්‍රිතාන්‍යයේ කරන ලද විමසීමකදී හෙළි වී ඇත්තේ සියවසක්‌ ඇතුළතදී ක්‍රිස්‌තියානි ධර්මය බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වන බවකි. යුරෝපයේ පල්ලියට යන පිරිස ශීඝ්‍රයෙන් අඩුවීමට පිළියමක්‌ යෙදීමේ අරමුණින් බෙනඩික්‌ පාප්තුමා මුල් යුගයේ කතෝලික කේන්ද්‍රස්‌ථානය වූ පෘතුගාලයේ හා ස්‌පාඤaඤයේ සංචාරයක යෙදිණි. මේ රටවල පිරිස්‌ ද පාප්තුමාගේ සංචාරයට විශේෂයෙන්ම ඒ සඳහා වැය වූ මුදල් සම්භාරය ගැන විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියහ. පෘතුගාලය ඇතුළු බටහිර යුරෝපයේ රටවල පසුගිය අවුරුදු 30 තුළ ඇති වූ ආකල්පමය වෙනස ගැන ලාංකිකයෝ නොදනිති. මෑතකදී ලංකාව ගැන ග්‍රන්ථයක්‌ ලියූ එකම පෘතුගීසි ලේඛකයා වන ෆෙලාරෙක්‌ස්‌ මෙසේ සඳහන් කරයි. "අද සිංහල කතෝලිකයන් පුදුම වන්නේ දැනට පෘතුගාල වැසියන් පල්ලියට නොයැම ගැනය.

කතෝලික පූජකවරුන් විසින් කරන ලද ළමා අපචාර පිළිබඳ චෝදනා රාශියකට මුහුණදීමට බටහිර පල්ලියට දැන් දැන් සිදු වී ඇත. පල්ලිය විසින් පාලනය කරනු ලැබූ නිවාස වල සිරකර තැබූ 30000 ක්‌ පමණ වූ කාන්තාවන් වෙනුවෙන් අයර්ලන්තයේ අගමැති සමාව අයෑද සිටියේය. පල්ලියේ පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබූ ආදීවාසී ළමුන් වෙනුවෙන් ඕස්‌ටේ්‍රලියාව සමාව අයෑද සිටියේය. බටහිර රටවල සිදුවූ අයථා ක්‍රියා සම්බන්ධයෙන් පල්ලියට විරුද්ධව ගනු ලැබූ නීතිමය ක්‍රියාවලට සාර්ථක ප්‍රතිඵල දැනටමත් ලැබී ඇත.

වතිකානුවේ ආසියානු ප්‍රචාරක මාධ්‍යයේ (ඒසියා නිව්ස්‌) ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ තෙවන සහශ්‍රයේදී ආසියාවේ කාර්යභාරය නම් මුළු ආසියාවම කතෝලික ආගමට හැරවීමය. එහෙත් අතීතයේ දී මුළු ආසියාවම බුදු දහමින් බබලනු ලැබීය. එම පාප්තුමා විසින් රචිත ග්‍රන්ථයෙහි ඔහුගේ විශේෂ විවේචනයට බුදු දහම භාජනය වූයේ බුදු දහමෙහි මැවුම් කරුවෙකු නොමැති නිසාය. බෞද්ධ අදහස්‌ බටහිර ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන බවත් මොහු අවධාරණය කර ඇත.

එවිට මැල්කම් රංජිත් බිෂොප්තුමා කියා සිටියේ ළමා අපචාර පිළිබඳ කතෝලික පූජකවරුන්ට කරන චෝදනා ගැන ජාත්‍යන්තර මාධ්‍ය විසින් ගෙන යන සංවිධිත ද්වේෂසහගත ප්‍රචාර විශ්වාස නොකරන්න කියාය. එම ලිපියේම බිෂොප්තුමා ංඩස වන බෙනඩික්‌ට්‌ පාප්තුමාගේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට ලාංකික කතෝලිකයන් යාච්C¹ කළ යුතුයෑයි යනුවෙන් ඉල්ලා සිටියේය.

කතෝලික පල්ලියෙන් හා පෘතුගීසීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෲරතර ක්‍රියා අන්තර්ගත පාසල් පොත්වල අඩංගු කොටස්‌ කපා දැමීමටද රංජිත් පියතුමා ප්‍රයත්න දැරීය. දෙමළ මෙන්ම සිංහල ජනයා අතර කතෝලිකයන් සිටින නිසා කොටි ප්‍රශ්නයේදී පල්ලියට මැදිහත් විය හැකි බව කියා සිටියේය. එල්ටීටීයට කතෝලික පූජකවරුන් දුන් සහාය ඔහුට අමතක වී ඇත. ඔහුගේ මතය නොතකා රජය යුදමය වශයෙන් එල්ටීටීය පරාජය කළේය.

අනෙක්‌ රටවලට කළාක්‌ මෙන් අපේ රටේ සිදුවූ අපරාධවලට කිසිදු පාප්තුමෙකු සමාව ඇයද නැත. ළඟදී ලංකාවට පැමිණීමට නියමිත නව පාප්තුමා එවැනි සමාවක්‌ ගනියිද යන්න ප්‍රශ්ණයකි. අතීතයේ කරන ලද අපරාධ එසේ නොවු බව කීමට උත්සාහ කළ මැල්කම් රංජිත් අද කාඩිනල් කෙනෙකි. වතිකානුව හා ශ්‍රී ලංකා රජය අතර ප්‍රධාන අතර මැදියා එතුමාය. ඒ නිසා නව පාප්තුමා සමාව ඇයදීමට සුදානම් වුවත් මැල්කම් රංජිත් කාඩිනල් තුමා එයට ඉඩ නොදෙනු ඇත.

ආචාර්ය සුසන්ත ගුණතිලක
http://www.divaina.com/2014/12/21/feature18.html

Pic Source