Pages

Friday, December 19, 2014

ඌරුමස් නොකන අයට වෙනත් මාංශ ආහාර නෑ. ආගමික අවශ්‍යතා වෙනුවෙන් නගරාධිපති බැඳී නැහැ. - 10%ක් මූසලුවන් සිටිනා ප්‍රංශය තීරණය කරයි. 7%ක් ඉන්න ලංකාවේ බලය වෙනුවෙන් ෂරියා

වයඹදිග ප‍්‍රංශයේ පාසලක ආහාරවේල සඳහා ඌරු මස් ආහාරයට නොගන්නා දරුවන්ට වෙනත් මස් ආදේශකයක් ලබානොදීමට පාසල් පරිපාලනය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

සාර්යේ ලේ ලා මාන්ස් නගර පාසල විසින් මෙම නීතිය ජනවාරි 1වනදා සිට ක‍්‍රියාත්මක කරන අතර එහි අධ්‍යාපනය ලබන මුස්ලිම් ශිෂ්‍යයන් 27 දෙනා මින් දැඩි අපහසුවට පත්ව ඇතැයි පැවසේ.  නගරාධිපති මාර්සෙල් මෝටි‍්‍රයු පවසා ඇත්තේ ආගමෙන් ස්වාධීනව තීරණය ගන්නා ආකාරය මෙය බවයි.

ආගමික අවශ්‍යතා සඳහා ආහාරවේල් ලබාදීමට නගරාධිපතිවරයා බැඳී නොමැති බව ඔහු පවසා තිබේ.  වාර්තාකරුවන් පවසන්නේ ආදේශක මස් වර්ගයක් ආහාර සඳහා ලබාදීමට සිදුවන්නේ නම් එයට අමතර මුදලක් වැය වන හෙයින් නගර පරිපාලනයද මෙම නීතිය අනුමත කර ඇති බවයි. මෙය තවත් පාසල් පරිපාලනයන් ගණනාවක් විසින්ද අනුමත කර තිබේ.

අවුඞ් හි ලෙසිඤ්ඤාන් කෝර්බියෙරේස් පොදු පාසලේ අධ්‍යක්‍ෂක එරික් ලෙ මෝල් පවසා ඇත්තේ ආගමික, දාර්ශනික, සංස්කෘතික අවශ්‍යතා සඳහා තමන් පාසල ආරම්භ නොකළ බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳව මුස්ලිම් ශිෂ්‍යයන් කෝපයට පත්ව ඇති අතර ඔවුන් පවසා ඇත්තේ තමන්ට වෙනත් මාංශ ආහාරයක් ලබාදීමට අමතර මුදලක් වැය නොවන බවයි.  මෙය සම්පූර්ණයෙන්ම අසාධාරණ ලෙස සැලකීමක් බව දෙමව්පියන් විසින්ද පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/126101/

Pic Source

0 comments: