
ෙත්‍රෙයනිකායික මහා නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය සහ ගිහි ආරාධිත ප්‍රභූවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පිංකම පැවැත්වේ.
මේ අනුව මහා විහාරය සඟසතු කිරීම මහා විහාරය නියෝජනය කරන මහා සංඝරත්නයට අතපැන්වත් කිරීමෙන් සිදු කෙරෙන බවත්, මෙවැනි අසමසම වූ අසදෘස පිංකමක් නැවත කවදා සිදු කෙරේදැයි ප්‍රකාශ කළ නොහැකි බවත්, අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ ඊයේ (03 දා) මහා විහාර පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
මෙම පිංකමට සමගාමීව මේ මස 06 වැනිදා උඳුවප් පෝයදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ පසුදින දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වේ.
මෙම මාධ්‍ය හමුවට අනුරාධපුර අභයගිරිය විහාරාධිකාරී අනුරාධපුර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියෝද සහභාගි වූහ.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2014/12/04/news10.html
Pic Source
0 comments:
Post a Comment