Pages

Sunday, December 28, 2014

විධායක ජනපති ක්‍රමය ඉවත් කළ පසු ලාංකිකයන්ට පුදුම සුවයක් දැනේවි - මාදුළුවාවේ සෝභිත හිමි

Sobitha-himiජාතික දේහය වෙලාගත් විධායක ජනාධිපති ක්‍රමය කියන පිළිකාව ගලවා ඉවත් කිරීමෙන් පසු ජාති ආගම් භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකිකයාටම පුදුමාකාර සුවයක් දැනේවි යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමි පැවැසීය. හිමියන් මෙසේ පැවැසුවේ පෙරේදා (23) පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැති සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමි,
සාධාරණ සමාජයක් වටා ඒකරාශී වන පිරිස නව යුගයක ආරම්භයකට සූදානම් වෙනවා. දෙකෝටියක් ජනතාව අතරින් වඩාත්ම සතුටු වන පුද්ගලයෙක් මම. එදා පුංචි කාමරයක කිහිපදෙනෙක් එක්ව රට වැටී සිටින අගාධයෙන් ගොඩගන්න ක්‍රමය සාකච්ඡා කළා. ඒ කතාවේ ප්‍රතිඵලයට අද මුළු මහත් ජනතාවම ඒකරාශී වෙලා.
මේ අරගලය ආරම්භ කළේ අපේ රටේ නිදහස්ව නිවහල්ව බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න. 1978 සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතළකම දුටු ඇන්.ඇම්. පෙරේරා, කොල්වින්, එස්.ඒ. වික්‍රමසිංහ, විධායක ජනාධිපතිකම ඉවත් කරන්න පණ දෙන ඇමැතිකම නොදෙන වාසුදේව එයට එරෙහිව පෙනී සිටියා.
විධායක ජනාධිපතිකම කියන පිළිකාව එන්න එන්න මුළු ජාතික දේහය පුරාම පැතිරිලා. දැන් රාජ්‍ය පරිපාලනයට මැතිවරණයට ‍පොලීසියටත් පැතිරිලා. ‍පොලිස් සේවය, වහල් සේවයක් වෙලා. මැතිවරණයක් වෙනුවට ඡන්ද මංකොල්ලයක් වෙන්නේ. අපේ සල්ලිවලින් එතුමා ඡන්ද කරනවා. මැතිවරණයේදී සියලු අපේක්ෂකයන්ට සාධාරණත්වයක් වෙන්නේ නැහැ. ‍පොලීසිය කොපමණ විනාශ වෙලාද කියනවා නම් මන්ත්‍රීවරු තර්ජනය කරලා රිමාන්ඩ් එකේ අය ගේනවා. මැතිවරණ කොමසාරිස්ට කර කියාගන්න දෙයක් නැහැ. 
අල්ලස් කොමිසමේ තියෙන කෝටි ප්‍රකෝටි ගණන් ගහපු ෆයිල් පවා පිළිකාව වෙලාගෙන ඒ නිසා මේ පිළිකාව ඉවත් කළොත් පුදුමාකාර සුවයක් අපිට දැනෙනවා.
ඒකෙ තිබුණ එකම හොඳ දේ වුණා. 17 වන සංශෝධනයත් පිළිකාව වෙලාගෙන. පුදුම අල්ලස් පුදුම දූෂණයක් නාස්තියක් වෙනවා. මෙහිදී අපි ආගම් ජාති කිසිදු භේදයකින් තොරව එකතු වෙලා සාධාරණ සමාජයක් කුඩය යටට එතැනින් රටේම ජයග්‍රහණයකට යන්නයි සූදානම.
අපි යන්නේ ජනතාවගේ බලය පමණක් ඇතිවයි. මෙය ‍පොදුජන ජයග්‍රහණයක්. මෛත්‍රීපාල ජයග්‍රහණය ජනතා ජයග්‍රහණයක් කරන්න නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් බදු ගහන්න එපා. නාස්තිය අඩු කරන්න. අයවැයෙන් කළේ බලු කෑමවල, ලැම්බෝගිනි කැසිනෝකාරයාගේ බදු අඩු කළා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන දිනනවා කියන්නේ සමස්ත රටේම ජයග්‍රහණයක්.
ලෝකෙ තියෙන ලොකුම ඇමැති මණ්ඩලය අපේ. ආපු ගමන් ඇමැතිකම දෙනවා. මේ රටට ඇමැතිවරු 25ක් හොඳටම ඇති. වැව් ටික ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැන් වැව්වල රොන්මඩ. වතුර පිරුණත් සතියකින් හිඳෙනවා. ඒ නිසා මුහුද ගොඩකරන එක නවත්වලා රොන් මඩ අස්කරලා වැව් හෝදමු. 
මේ මැතිවරණ ක්‍රමය අසාධාරණයි. එයත් වෙනස් කරමු. වඩාත් හොඳ ආණ්ඩු ක්‍රමයක් සඳහා යන ගමනේදී අපිට දුක්විඳින්න, මැරුම් කන්න වෙයි. රට ජාතිය හදමු. දුප්පතාගේ දුක නිවමු. ඒ වෙනුවෙන් ගෞරවනීය මරණයක් ළඟා කර ගනිමු.

රන්මලී සෝමසිරි
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42316:2014-12-25-07-21-48&catid=34:news&Itemid=62

1 comments:

Uthpala Dilhan said...

ඔව්! කොටින්ටත් මාර සුවයක් දැනේවි.. ටික දවසක් ගිහින් ලාංකිකියන්ට ගොඩාආආක් රිදේවි!