Pages

Thursday, May 28, 2015

සංගක්‌කාර සහ හේරත් ඉන්දියාවෙන් සම්මාන ලබති

ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට්‌ සම්මාන උළෙලේදී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර සමත්වී තිබේ.

2014-15 කාලසීමාවේ දක්‌වන ලද දක්‍ෂතා ඇගැයීම වෙනුවෙන් පවත්වන ලද අදාළ සම්මාන උළෙලේදී සංගක්‌කාරට අමතරව තවත් ශ්‍රී ලාංකා ක්‍රීඩකයකු වන රංගන හේරත් වසරේ ජාත්‍යන්තර පන්දුයවන්නා සම්මානයෙන් පිදුම් ලැබීමද කැපී පෙනුණි.

http://www.divaina.com/2015/05/28/sports07.html

කැබිනට්‌ රැස්‌වීමේ දී ඊයේත් 20 ගැන අවසන් එකඟතාවක්‌ නැහැ

මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (27 වැනිදා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදීද අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවී නැත.

එම සංශෝධනය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ විශේෂ කැබිනට්‌ අනුකාරක සභාව විසින් සකසනු ලැබූ විශේෂ වාර්තාවද ඊයේ කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හදිසියේ නොකරන ලෙස ඇමැති රාවුෆ් හකීම් මහතා ඉල්ලා ඇති අතර එය සංශෝධනය කළහොත් මතුවන ගැටලු පිළිබඳව ඇමැතිවරයා දීර්ඝ වශයෙන් කැබිනට්‌ මණ්‌ඩලයට අදහස්‌ දක්‌වා තිබේ.

මෙහිදී ඇමැති පාඨලී චම්පික රණවක මහතා අදහස්‌ දක්‌වමින් කියා ඇත්තේ 20 වැනි සංශෝධනය කඩිනමින් ගෙන එන ලෙසය. මෙහිදී තරමක්‌ උණුසුම් තත්ත්වයක්‌ද ඇතිවී තිබෙන අතර අවසන් එකඟතාවකට නොඑළඹෙමින් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම අවසන් වූ බව ඇමැතිවරයකු "දිවයින"ට කීය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක්‌ ඉදිරියේදී පවත්වනු ඇතැයිද එම ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී අවසන් තීරණයකට එළඹීමට නියමිතව තිබුණද ඒ අනුව ඊයේ දිනයේදී ද එය අසාර්ථක වී තිබේ.

අකිත පෙරේරා
http://www.divaina.com/2015/05/28/news33.html

Pic Source

20 නැතුව පාර්ලිමේන්තුව විසුරුවන්න දෙන්නේ නෑ - අතුරලියේ රතන හිමි

නව මැතිවරණ ක්‍රමයක්‌ සහිත 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත නොකර පාර්ලිමේන්තුව විසිරවීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (27 වැනිදා) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ජන හමුවකදී කීහ.

කැබිනට්‌ මණ්‌ඩලයෙන් 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත නොකළහොත් එය සම්මත කරගන්නා තුරු රට පුරා අරගල කරන බවද ඒ හිමියෝ පැවැසූහ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය 20 වැනි සංශෝධනය සම්මත කිරීමට සූදානම් වුවත් එජාපය මෙය මගහරිමින් සිටින බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.

http://www.divaina.com/2015/05/28/news32.html

රාජ්‍ය පොසොන් උත්සවයේ මෙවර තේමාව 'මිහිඳු බණ පිළිපදිමු'

"මිහිඳු බණ පිළිපදිමු" තේමා කොටගෙන මෙවර රාජ්‍ය පොසොන් පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට අනුරාධපුර පොසොන් උත්සව කමිටුව පියවරගෙන ඇත.

මැයි මස 30 වැනිදා සිට ජුනි මස 05 වැනිදා දක්‌වා මෙවර පොසොන් උත්සවයේ "පොසොන් සතිය" ලෙස කමිටුව මගින් ප්‍රකාශයට පත්කොට ඇත.

අනුරාධපුරය, මිහින්තලය ඇතුළු පුදබිම් කේන්ද්‍රකොට පැවැත්වෙන පොසොන් පුණ්‍ය මහෝත්සවයේ චාරිත්‍රානුකූල ආගමික වතාවත් ආරම්භ කෙරෙනුයේ 30 වැනිදා ඓතිහාසික පැන් පෙරහැරිනි.

තිසාවැවෙන් ලබාගන්නා පිරිසිදු පැන් කළගෙඩි ඉසුරුමුණි විහාරස්‌ථානයේ තබා ආගමික වතාවත් සිදුකොට 30 වැනිදා පස්‌වරුවේ පෙරහැරින් ජයශ්‍රීමා බෝ සමිඳුන් වෙත වැඩම කිරීම සිදු කෙරේ.


බෝමළුවේදී ආගමික වතාවත් ඉටුකොට ඒ ආසන්න මහමෙවුනාවේ සති පිරිත් මණ්‌ඩපයේදී එම පැන්කළ තබා පිරිත් පේ කිරීම සිදු කෙරේ. පොසොන් සතිය පුරා පිරිත් සඡ්ඣායනා පවත්වා අවසන් දින දොරකඩඅස්‌නෙන් පොසොන් නිමාව සිදුකරයි.


ආරක්‍ෂක බලඇණි මෙන්ම ස්‌වේච්ඡා සංවිධාන ක්‍රියාකාරීන් වෙනුවෙන් නවාතැන් පහසුකම් සැලසීම සඳහා මෙම පොසොන් සතිය තුළ පාසල් රැසක්‌ වසා තැබේ.

ජුනි මස 01 වැනිදා සිට 05 වැනිදා දක්‌වා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, සහිරා, මහ විදුහල, ස්‌වර්ණපාලි බාලිකා විදුහල, දේවානම්පියතිස්‌ස විදුහල, ශ්‍රාවස්‌තිපුර තිස්‌ස මහා විද්‍යාලය, කේ. බී. රත්නායක විදුහල යන විදුහල් වසා තැබීමට පියවර ගෙන ඇත.

අනුරාධපුර - සිරිල් බස්‌නායක
http://www.divaina.com/2015/05/28/news13.html

Pic Source

මඤ්ඤොක්‌කා කෑවා කියා පිළිකා හැදෙන්නේ නෑ - වෛද්‍ය චන්න ජයසූරිය

මඤ්ඤොක්‌කා කෑමෙන් පිළිකා හෝ වෙනත් රෝගයක්‌ ඇතිවන්නේ නෑ. පිළිකා රෝගීනට මෙය දිව්‍ය ඔසුවක්‌. මෑතදී කළ පරීක්‍ෂණවලින් මෙන්ම අත්හදාබැලීම්වලදී පෙනී යන්නේ මඤ්ඤොක්‌කා කෑම නිසා පිළිකා සෑදී සිටි රෝගීන් නිරෝගී තත්ත්වයට පත්වූ බවයි. එපමණක්‌ නොව මඤ්ඤොක්‌කා දලු මැල්ලුම ඉතාම ඖෂධීය ආහාරයක්‌. සතියකට වරක්‌ නොව දිනපතා කෑමත් ඉතාම ගුණදායකයි.

මඤ්ඤොක්‌කා කෑමෙන් පිළිකා හැදීමේ අවදානමක්‌ ඇති බවට පැතිර ගිය කතා සම්බන්ධයෙන් අවධානය යොමු කළ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසූරිය මහතා මේ අදහස්‌ පළ කළේය.

කිරිඳිවැල මඤ්ඤොක්‌කා වගාකරුවන්ගේ සංගමය විසින් කිරිඳිවැල විලේ- හෝටලයේ පැවැත්වූ විශේෂ වැඩමුළුවකට එක්‌වෙමින් වෛද්‍ය චන්න ජයසූරිය මහතා මෙම අදහස්‌ දැක්‌වීය.

අධික රුධිර පීඩනය මර්දනය කිරීමට මඤ්ඤොක්‌කා දළු මැල්ලුම ඉතා හොඳයි. මේවා කෑම අහිතකර නෑ. මේ සමග කලු හීනටි දේශීය හාල් වර්ගය අනුභව කරනවා නම් බොහොම හොඳයි. එමෙන්ම තල, මුරුංගා, කොමඩු ඇට සහිතව ආහාරයට ගන්නවා නම් ඉතාම ගුණදායකයි.

අද අපි ආහාරයට ගන්නා එළවළු බොහෝමයක්‌ කෘමිනාශකවලට ලක්‌වීම නිසා ඉතාම නරක තත්ත්වයන් උදාවෙලා තියෙනවා. මඤ්ඤොක්‌කා වගාවටත් වල්පැල නැසීමට කෘෂි රසායන යොදනවා. මඤ්ඤොක්‌කා අල ගැලවීමට පහසුවීමට කෘෂිරසායන යොදනවා. අන්න ඒ නිසයි වැරදි වැටහීමක්‌ ජනතාව අතර ඇති වුණේ. එසේ නොකර කරන මඤ්ඤොක්‌කා වගාවල අල ඉතාම ගුණදාකයි. අද ඉතා පහසුවට අපි ගන්නා ආහාර වේලක්‌ ''රයිස්‌'' කියා කියන්නේ. නමුත් එයට යොදන රසකාරක නිසා අත්වන ඉරණම කනගාටුදායකයි.

අද දිනෙන් දින රට වටා වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වෙලා. මේ සියල්ලටම හේතුවී ඇත්තේ ආනයනික කෘෂි රසායනික වර්ග බෝගවලට යෙදීමයි. වෛද්‍ය ග්‍රේෂන් පෙරේරා, වයි. ජී. සෙනෙවිරත්න, ප්‍රියන්ජලී මහත්මිය, ශාන්ත විෙ-සිංහ යන මහත්වරු කතා කළහ.

ඉතාම පැරණි මඤ්ඤොක්‌කා වගාකරුවන් කීපදෙනකුටම කුසලාන පිරිනැමීමද මෙම අවස්‌ථාවේදී වෛද්‍ය චන්න ජයසූරිය මහතා විසින් සිදුකරන ලදී. 

කිරිඳිවැල සෝමපාල නැලිගම, මුල්ලේරියාව - රංජිත් විමලසිරි- ප්‍රියන්ත මද්දුමආරච්චි
http://www.divaina.com/2015/05/27/provin06.html

Pic Source

ප.ලි -
හැබැයි ග්‍රැමොක්සෝන් ගහල ගලවන මඤ්ඤොක්‌කා කෑවොත් විනාසයි!

Wednesday, May 27, 2015

ශ්‍රී ලංකාව පුරා හඳුනාගත් වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌! දහනව දහකට අධික පිරිසක්‌ උතුරු මැද!

ශ්‍රී ලංකාව පුරා වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌ පමණ හඳුනාගෙන තිබෙනවා. මේ අතරින් දහනව දහකට අධික පිරිසක්‌ සිටින්නේ උතුරු මැද පළාත තුළ යෑයි උතුරු මැද පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍ය කේ. එච්. නන්දසේන මහතා පළාත් සභා රැස්‌වීමේ දී පැවසීය.

උතුරු මැද වකුගඩු රෝගය සම්බන්ධව පළාත් සභා රැස්‌වීමේදී තව දුරටත් කරුණු දැක්‌වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද වන විට මෙම මාරක වකුගඩු රෝගීන් සිටින්නෙ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළයි. අප මේ හඳුනා ගෙන ඇති සංඛ්‍යාවයි. එහෙත් එය මීට වඩා විශාලයි. පළාතේ සියලු දෙනාම රෝග පරීක්‍ෂාවට ලක්‌ කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. රෝග පර්යේෂණ අංශය තව තවත් දියුණු කළ යුතුයි. උතුරු මැද පළාත් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්‌ පත්කර තිබෙනවා. ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට ගම්මට්‌ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

රෝගවලට ප්‍රතිකාර කරනවා සේම රෝගය වළක්‌වාගැනීම සඳහා අපි සියලු දෙනා දැඩි අවධානයක්‌ යොමු කළ යුතුයි. රෝගයට හේතු කාරක බොහෝ තියෙනවා. අද කෘෂිරසායන භාවිතය නිසා අපි දරුවන්ට කන්න දෙන්නේ විෂයි.

විශේෂයෙන්ම අපේ අය දිනපතා පානය කරන ජලය ප්‍රමාණවත් නැහැ. මේ නිසා දෛනිකව පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩි කිරීමට පාසල් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීමටද කටයුතු කිරීම අවශ්‍ය වෙනවා යෑයිද පැවසීය.

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා
http://www.divaina.com/2015/05/27/provin04.html

සබැඳි ලිපි -
[

වකුගඩුවලට විනකටින ග්ලයිෆොසේට්‌ තහනම්! ආනයනය කළ තොග නිදහස් කරන්න කළ ඉල්ලීම ජනපති ඉවතලයි.http://denethharinna.blogspot.com/2015/05/blog-post_6.htmlතහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්‌'http://denethharinna.blogspot.com/2015/05/blog-post_59.htmlපොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

ලංකාව සිංහල බෞද්ධ රටක්! වසර 2300ක් එකම ආගමක් ඇදහු එය ජීවන දහම කරගත් ජාතියක් වේනම් ඒ සිංහලයන් පමණි! - JHU

මෙරට සිංහල බෞද්ධ රටක් බව ප‍්‍රකාශ කිරීමට කිසිවිටෙකත් මැළිවිය නොවිය යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණමිංහ විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

පසුගියදා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතා මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ප‍්‍රකාශ කර ඇත. එම ප‍්‍රකාශය කවර කාරණයක් මුල්කරගෙන කවර සංදර්භයක් තුළ ප‍්‍රකාශ කළේද යන්න පැහැදිලි නැති නමුත් එම ප‍්‍රකාශය මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතුවන අනුචිත ප‍්‍රකාශයක් පමණක් වන බව අපගේ අදහසයි.

මේ රට සිංහල බෞද්ධ රටක් බව ප‍්‍රකාශ කිරීමට අප කිසිවිටෙකත් මැළිවිය යුතු නොවේ. එමෙන්ම අබෞද්ධ අසිංහල අයද ඊට මැළිවිය යුතු නැත. ලැජ්ජාවීමට ද හේතුවක් නැත. මක්නිසාද මේ රටේ ශිෂ්ටාචාරය සංස්කෘතිය ඉතිහාසය හා සභ්‍යත්වය නිර්මාණය කළේ සිංහල බෞද්ධයින්ය. එහි අනන්‍යතාවය වසර සිය දහස් ගණනක් නොව එහි ඉන් ඈතට ද විහිදි යන්නකි. එය වසර 2500ක් නොව වසර 30,000ක් දක්වා ඈතට දිවයනන්නක් බව එය අපගේ වංශකතාවල පුරාවස්තු තුළ ඵෙතිහාසික ලේඛන හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂිවල පැහැදිලිව සටහන්ව ඇත. එකි ඉතිහාසය අද ද ජීවමානව පවති. සිංහල ජාතිය ලෝකයේ ඉපැරණි ජාතියකි. සිංහල බසද එසේමය. වසර 2300ක් එකම ආගමක් ඇදහු එය ජීවන දහම කරගත් ජාතියක් බවත් වේනම් ඒ සිංහලයන් පමණි. සිංහලකමත් බෞද්ධකමත් එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස අත්‍යන්තයෙන් බැඳුනකි.

එබැවින් සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලෙයින් රනින් ගලින් ඵෙතිහාසිකව සටහන්ව ඇත. ඒ ගැන වාද විවාද කිරීමෙන් ඵලක් නොවන අතර මෙවැනි ප‍්‍රකාශ පුහුදුන් ප‍්‍රකාශ ලෙස බැහැර කිරීම හැර වෙනකළ යුතු දෙයක් නැත. සිංහල බෞද්ධ අනන්‍යතාවය ගර්හාවට ලක්කිරීම ජනපි‍්‍රය විලාසිතාවකි. මෙවැනි වගකීම් විරහිත ප‍්‍රකාශ නිකුත් කරන්නන්ට ජනතා නියෝජිතයින් ලෙස ජනතාව හමුවට එන අවස්ථාවලදී අමතක නොවන ලෙස පාඩමක් ඉගැන්වීම සිංහල බෞද්ධ ජනතාවගේ වගකීමකි. මේ රට සිංහල බෞද්ධ රටක් යැයි කීම දෙමළ මුස්ලිම් ජනවර්ගයන්ට මදිපුංචිකමක් හෝ අවමානයක් නොවන බව අප ප‍්‍රකාශ කරන්නේ රටක ඵෙතිහාසික යථාර්තය ඔවුන්ද තේරුම්ගත යුතු බැවිනි. විජේදාස රාජපක්ෂ මහතා වැනි දැනඋගත් කෙනෙක් මෙවැනි ප‍්‍රකාශ කිරීමෙන් වැළකි සිටින්නේ නම් එය එතුමාගේ දේශපාලන ප‍්‍රතිරූපයට හා අභිවෘද්ධියට ද හේතුවන බවද කිවයුතුව ඇත.

ස්තුතියි! 

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, මාධ්‍ය ලේකම් - ජාතික හෙළ උරුමය
https://lankacnews.com/sinhala/news/132025/

Pic Source

පළාත් පාලන ආයතනවල වගකීම සහ කාර්යභාරය අද නිසිලෙස ඉටුවේද?

ප්‍රාදේශීය පරිපාලනය හෙවත් පළාත් පාලන සේවය ශ්‍රී ලංකාවට අලුත් ව්‍යාපෘතියක්‌ නොවේ. එය පුරාණයේ සිටම පැවත එන්නකි. පණ්‌ඩුකාභය රජ දවස සිට මෙය පැවත එයි. ගම්සභා සහ රට සභා යනුවෙන් මේවා මුලින් ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්‌ටමින් හැඳින්විය. එදා මේවායේ සේවාවන් සඳහා නිරත වූවෝ අද මෙන් මහජන ඡන්දයෙන් පත්වූවන් හෝ දීමනා වැටුප් ලබන්නන් හෝ නොවූහ. ප්‍රදේශයේ වැදගත් ප්‍රභූ පිරිසක්‌ මෙම අගනා සමාජ සේවයේ නිරත වූහ. ජල සම්පාදනය, වැව් අමුණුවලට ජලය සැපයීම හා රැස්‌කිරීම, ඇලවේලි ඉදිකිරීම මංමාවත් ඉදිකිරීම හා ඒවායේ නඩත්තුව වැනි කාර්යයන් මෙම අයගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

පැරණි ගම්සභා ක්‍රමය පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණයන්ගෙන් විනාශයට පත්ව තිබුණු අතර, බ්‍රිතාන්‍ය යුගයේ දී (සුදු පාලනයේ) යළි ගම්සභා ක්‍රමයට නව මුහුණුවරක්‌ ලැබුණි. බ්‍රිතාන්‍යයින් කලින් පැවැති සම්සභා ක්‍රමය කෘෂිකර්මාන්තයට යෝග්‍ය වන පරිදි 1856 දී නැවත ක්‍රියාත්මක කිරීම නිසා ජල කළමනාකරණ කටයුතුවලදී කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ පුනරුදයක්‌ යළි ඇතිවිය. ඔවුහු 1861 වර්ෂයේ දී මංමාවත් ආඥ පනත් මගින් මාර්ග තැනීමේ වැඩපිළිවෙලක්‌ සඳහා මාර්ග කාරක සභා ක්‍රමයක්‌ද ඇති කළහ. කොළඹ සහ මහනුවර නගර වෙනුවෙන් 1865 දී නගර සභා දෙකක්‌ද ස්‌ථාපිත කරන ලදී. කලින් ඡන්ද රහිතව පැවැති ක්‍රමය වෙනස්‌කර මහ නගර සභා පිහිටුවීමේ දී මහජන ඡන්දයෙන් සභිකයින් තෝරා පත්කරගනු ලබන අලුත් ක්‍රමයක්‌ හැඳින්වීය. ගම්සභා සඳහා මහජන ඡන්දයෙන් සභිකයින් තෝරා පත්කර ගැනීම ආරම්භ වූයේ 1924 වර්ෂයේ සිටය. පසුව පළාත් පාලන සේවය තවදුරටත් පුළුල් කරනු වස්‌ අර්ධ නාගරික ප්‍රදේශවල 1946 දී සුළු නගර සභා 24 ක්‌ පිහිටුවන ලදී. 1948 වන විට ප. පා. ආයතනවල විවිධ වෙනස්‌කම් රාශියක්‌ සිදුවිය. ඒ වනවිට මහනගර සභා 07 ක්‌ද නගර සභා 36 ක්‌ද සුළු නගර සභා 34 ක්‌ද ගම්සභා 401 ක්‌ද බිහිවී තිබිණි.

1970 දශකය තෙක්‌ පැවැති ගම්සභා, සුළු නගර සභා, නගර සභා සහ මහ නගර සභා 1980 දශකයේ දී දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා පනත යටතේ සංශෝධනයන්ට භාජන විය. මේ අනුව ගම් සභා සහ සුළු නගර සභා දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා යටතට ගෙන ඒවා උප කාර්යාල ලෙස හඳුන්වාදී සංවර්ධන සභා යටතේ පාලනය විය. 1988 දී දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා ක්‍රමය අහෝසිකර සුළු නගර සභා සහ ගම්සභා වෙනුවට ප්‍රාදේශීය සභා ක්‍රමයක්‌ බිහිකරන ලද්දේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට අනුව ප්‍රාදේශීය සභා පළාත් සභා යටතට පත්විය. එහෙත් මධ්‍යම ආණ්‌ඩුව මගින්ද මෙම ආයතන සඳහා ක්‍රියාකාරිත්වයේ අඩුවක්‌ නොකළේය.

මේ වනවිට දිවයින තුළ පළාත් පාලන ආයතන වර්ග 03 ක්‌ ක්‍රියාත්මක වෙයි. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යනුවෙන් ඒවා හැඳින්වෙයි.

2015 මාර්තු 15 දා සිට පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අවසන්වීම නිසා යළි මැතිවරණයක්‌ මගින් නියෝජිතයන් පත්කරන තෙක්‌ විශේෂ කොමසාරිස්‌ හා නිලධාරි පාලනයට යටත්කර තිබේ. නගර සභා, මහ නගර සභා වලට නාගරික කොමසාරිස්‌ / ලේකම්වරුන්ද ප්‍රාදේශීය සභාවලට ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ද බලධාරීන් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

කිසියම් ප. පා. ආයතනයක්‌ බලතල අනිසි ලෙස යොදවමින් සභාවේ කාර්ය කටයුතු ඉටුකිරීම පැහැර හරිමින් විෂමාචාර ලෙස ක්‍රියා කරන විට එවැනි අවස්‌ථාවන් පාලනය කිරීමට හා විරුද්ධව පියවර ගැනීමට පළාත් සභාවේ පළාත් පාලන විෂය දරණ අමාත්‍යවරයාට බලතල පැවරී තිබේ. රජයේ බලතල හා කාර්යයන් පළාත් පාලන විෂය දරණ අමාත්‍යවරයාද ලේකම්වරයාද ප. පා. කොමසාරිස්‌වරයාද වෙත වගකීම් පැවරෙන අයුරින් 1989 අංක 12 දරණ පළාත් සභා ආනුශංගික ප්‍රතිපාදන පනතින් පෙන්වා දෙයි.

පළාත් පාලන ආයතන වල ප්‍රතිසංස්‌කරණයන් සඳහා මේ වනවිට කොමිසන් සභා දෙකක්‌ පත්කර තිබිණි. පළමු කොමිසම පත්කරන ලද්දේ 1955 වර්ෂයේ ය. ඒ චොක්‌සි කොමිසමයි. දෙවැනිව චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසිsන් 1997 පැවැති ප. පා. මැතිවරණයෙන් පසු තවත් කොමිසමක්‌ පත් කළාය. ඒ ආචාර්ය එච්. ඒ. ජී. අභයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. එම කොමිෂන් සභා වාර්තාව 1999 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිනිය වෙත බාරදුනි. එහෙත් වාර්තාවේ සඳහන් කරුනු මේ දක්‌වා ඉටු වී නැත.

ප. පා. ආයතන මගින් ජනතාව අපේක්‍ෂා කරන්නේ, මාර්ග සංවර්ධනය, නව මංමාවත් ඉදිකිරීම්, නාන ළිං, බොන ළිං, පාලම්, බෝක්‌කු ඉදිකිරීම්, කාණු පද්ධති ඇතිකිරීම් හා ඒවා නඩත්තු කිරීම්, සෞඛ්‍ය සේවා, නිවාස යෝජනා ක්‍රම, පුස්‌තකාල සේවා, ක්‍රීඩා පහසුකම්, සුබ සාධන කටයුතු, වීදි පහන් ආලෝකය, කැළි කසල බැහැරලීම, පරිසර සංරක්‍ෂණය, සෞඛ්‍ය සංරක්‍ෂණය ආදී සේවාවන්ය. මීට අමතරව මාතෘධාරකාභිවෘද්ධි මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැම, පිස්‌සු බලු උවදුර, වඳුරු උවදුර, ආහාර හා ඖෂධ පනත ක්‍රියාත්මක කිරීම, පෝෂණ කාර්යයන්ද ඇතුළත්ය.

ඉහතින් සඳහන් කළ සේවාවන් ඇත්තටම ජනතාවට හරිහැටි සැපයෙන්නේද යන්න සොයා බැලීම වටී. මෙම සේවාවන්ගෙන් 10% ක්‌ වත් ඉටුකර ගැනීමට ජනතාවට සභිකයින් (මන්ත්‍රීවරුන්) පසු පස යැමට සිදුවේ. ඉහත සඳහන් සේවාවන් සැපයීම සඳහා අදාළ ප. පා. ආයතනය ජනතාවගෙන් බදු මුදල් අයකරගනී. වරිපනම් බදු, අක්‌කර බදු, බල පත්‍ර ගාස්‌තු, වාහන හා සත්ව බදු, බදු කුලී, කඩ කුලී, ඉඩම් විකිණීමෙන් බදු මුදල්, විනෝද බදු මුදල්, ක්‍රීඩා පිට්‌ටනි කුලියට දීම්, වැනි දේවල් ඊට අදාළවේ. මෙම ආදායම්වලට අමතරව පොළ ගාස්‌තු, සභාව සතු දේපළ කඩ කාමර, නිවාස කුලියට/ බද්දට දීමෙන්ද ආදායම් ලබාගනී. මීට තවත් අමතරව මධ්‍යම රජයෙන් සහ පළාත් සභාවෙන්ද නොයෙකුත් ව්‍යාපෘති සඳහා මූල්‍යමය ආධාර සහ යන්ත්‍ර උපකරණ ලබාදෙයි. මේ අනුව බලනවිට ප. පා. ආයතන දුප්පත් ආයතන නොවිය හැකිය.

ප. පා. පාලන ආයතන මගින් සිදුකරන පාලම්, බෝක්‌කු, පාරවල්, ළිං, ප්‍රජා ශාලා, නිවාස ව්‍යාපෘති, ආදිය කොන්ත්‍රාත් ක්‍රමයට සිදුවන්නේ බොහෝ දුරට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් හරහාය. කොන්ත්‍රාත්තුව කරවන්නේ ඔවුන්ය. එනිසා ඇස්‌තමේන්තු ගත මුදලට හෝ ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුවන අවස්‌ථාද ඇතිවිය හැකිය. ඔවුන් උප කොන්ත්‍රාත්කරුවන් ලෙස යටින් පෙනී සිට තම සාක්‌කු පුරවා ගනී.

මේ වනවිට ප. පා. ආයතනවල මන්ත්‍රීවරුන්ගේ සභාපතිවරුන් නොසිටින නිසා පරිපාලන හා සේවා කටයුතු නිලධාරීන් වෙත පැවරී තිබේ. මහජන සේවාවන් වලදී ටෙන්ඩර් පටිපාටි ක්‍රමය නිසි පරිදි අනුගමනය කිරීම අදාළ නිලධාරින් සතු කාර්ය භාරයකි.

පළාත් පාලන ආයතන මගින් සිදුවන කාර්යභාරය නිලධාරීන් මගින් සිදු කිරීමේ දී ඔවුන් තම සේවාවන් හරිහැටි හඳුනාගෙන එකී සේවාවන් විධිමත් අයුරින් ඉටුකිරීමට වගබලා ගත යුතු වන්නේය. මෙම ආයතනවල කාර්යභාරයන් ගැන සොයා බැලීමට පළාත් සභාවලට බලතළ පැවරී තිබේ. මේ බලතළ අතර නිසි උපදෙස්‌ දීම්, මඟ පෙන්වීම්, තාක්‍ෂණය හා මූල්‍ය සහායදීම් අධිකරණ කටයුතු වඩාත් වැදගත්වේ. පළාත් පාලන ආයතන ප්‍රධානීන් බලතල අනිසි ලෙස යොදවා පැවරී ඇති වැඩකටයුතු අවිධිමත්ව පැහැර හරිමින් විෂමාචාරව කටයුතු කරන්නේ නම් ඒ ගැන සුදුසු පරිදි ක්‍රියා කිරීම වැදගත්ය. විෂමාචාරව නිලධාරින් කටයුතු කරන්නේ නම් ඒ ගැන විරුද්ධව පියවර ගැනීමට ප. පාලන විෂය භාර ඇමැතිවරයාට 1989 අංක 12 දරණ, ආනුශංශික ප්‍රතිපාදන පනතින් ඉඩකඩ තිබේ.

පළාත් සභා සහ ප. පා. ආයතනවල බලතළ වගකීම්, කාර්ය පටිපාටි අෙන්‍යාන්‍ය වශයෙන් අවබෝධ කරගෙන එම කාර්යයන් ක්‍රමවත් අයුරින් ඉටුකිරීමට ඒකාබද්ධව කටයුතු කිරීම වැදගත්ය. හුදෙක්‌ ඒ දේශපාලනඥයින් මේ වනවිට ප. පා. ආයතනවල නොමැති නිසාය.

ආර්. එම්. ටී. බී. රත්නායක - විශ්‍රාමලත් ප්‍රාදේශීය සභා ලේකම්
http://www.divaina.com/2015/05/27/feature01.html

Pic Source