බුදු තෙමඟුල ලෙසින් සමස්ත ලෝකවාසී බෞද්ධයන් විසින්ම අප්රමාණ භක්තියකින්ද අනන්ත පූජා පවත්වමින්ද සිහිපත් කරනු ලබන යම් දිනයක් වේ නම් ඒ වෙසක් පොහෝ දිනය බව නිසැකය.
දීඝනිකායේ මහාපදාන සූත්රයේ දැක්වෙන පරිදිම "බෝසත්හු තුසිතපුරයෙන් බැස තම මවගේ ගර්භාෂයට ඇතුළු වූවාහුද එවිට දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහිද, ඒ බල ඉක්ම වූ අප්රමාණ ආලෝකයක් පහළ විය. මහානුභාව සම්පන්න චන්ද්ර සූර්යයන් පවා ඒ ආලෝකය විනිවිදීමට අසමත් විය.
බුදු උපතක අසිරිය කෙබඳු දැයි ඒ තුළින් මොනවට පසක් නොවේද?
බුදු තෙමඟුලේ දෙවැන්න බුදුන් වහන්සේ විසින් අත්පත් කර ගන්නා ලද බුද්ධ ඥනයයි. "පදරුත් සියල් ලොව ඇති අතැඹුලසෙ දැනගති" යනුවෙන් ඒ බුදු මහිමය කවිසිත උදම් කළ අයුරු කෙතරම් රමණීයදැයි බලනු මැනවි.
බුදුවරු පහළ වන්නාහු ලෝ වැඩ සඳහාමය. සංසාර දුක් නමැති රෝගයට ඔසු සොයා සත්වගට ආයු, බල, වර්ණ ලබා දෙන්නාහු ඒ බුදුවරුමය. මැරෙන, උපදින, නැසෙන ලෝක ධර්මය පහදා දෙන්නාහු ඒ බුදුවරුම වෙති. එහෙත් ඒ බුදු බණට අප දෙසවන කෙතරම් සංවේදී දැයි විමසා බැලීමට වඩාත් උචිතම දිනයද මේ වෙසක් පොහෝ දිනයමැයි.
මහ තොරණ බැඳ මහ දන්සල් පවත්වා නොයෙක් සැරසිලි කරන බොදුනුවන්ගෙන් කීයෙන් කී දෙනෙක් බුදු වදන් පිළිගනිත්ද? කෙළෙස් මළ පිරි නගරවලද ගම්වලද නිමක් නැතිව නැඟෙන සාධු නාදයේ රාවය සප්ත මහා සාගරයේ රළ ඝෝෂාවටත් වඩා වැඩි විය හැකිය. එහෙත් දුකින් හඬන දුප්පතකුගේ දුක අසන්නට ඒ සාධු නාද නඟන සුපින්වත් දනන්ගෙන් කී දෙනෙක් සැදී පැහැදී සිටිත්ද?
බෞද්ධ පින්වතුනි, මේ උතුම් දිනයෙහි අප සමග උදහස් නොවනු මැනවි. පස් පවට බිය නැති දුස් පිළිවෙත් ඇති තැන බෞද්ධකම රැඳේ යෑයි ඔබ සිතන්නෙහිද? කිසාගෝතමීලාගේ පරපුරට අයත් ලියෝ අද නොවෙත්ද? පටාචාරාවන්ට "මෙහි එන්න නැඟණිය යෑයි කියන යහපත් දනෝ අද වෙත්ද? සුනීත - සෝපාක පරපුරේ දරුවෝ අනාථව නොසිටිත්ද?
ධර්මය හා අධර්මය අතර වෙනස කුමක්දැයි නොසිතා අධර්මයෙන්ම යස ඉසුරු ලුහුබැඳ සඳලුතලවල සාද තෙපුල් ලන පවිටෝ කොපමණ සිටිත්ද? භීෂණයේ අවිය අත නොහැර හිංසනය පතුරුවාලන නපුරෝ කොපමණ සිටිත්ද?
"සබ්බේ සත්තා භවන්තු සුතත්තා" යෑයි කෙරෙන සඡ්ජායනා හඬ කොපමණ නැඟුණත් බියෙන් තොරවූ සැපයක් කොතැන හෝ තිබේදැයි විමසා බලනු මැනවි.
දැන් අපි බුදු තෙමඟුලේ තෙවැන්න වෙතට යොමු වෙමු. ඒ බුද්ධ පරිනිර්වාණයයි. අපට නම් මරණය දුකකි. එහෙත් දුක නැසූ බුදු, පසේබුදු, මහරහත් උතුමන්ට පිරිනිවීම යනු සුවයකි. නිබ්බාණං පරමං සුඛං යනු ඒ බුද්ධ වචනයි. ගිනිගත් ලොවක, ගිනි දලු වලින්ම වැනසෙන ලොවක, අපමණ පීඩාවට පත්ව දුකම වඩන, තෘෂ්ණාවම වඩන අපට මොහොතක් සිත පිරිසිදුව, නිර්මලව, නිකලැල්ව පහවූ කෙළෙස් ඇතිව, විරාගීව කරුණා සීතල හදවතින් සිටිය හැකි නම් ඒ තරම් ශාන්තියක් මේ මිහිතලයේ නොමැති බව ඔබ සිතනු මැනවි.
බුදු තෙමඟුලෙහි අසිරිය දැසින් පමණක් නොව මනසින්ද දැකීමට අදිටන් කර ගනු මැනවි.
http://www.divaina.com/2015/05/03/editorial.html
Pic Source

1 comments:
බුදු දහම හරිහැටි නොදත් බෞද්ධයින් කරන වැඩ දැක්කා ම හිනා යනවා තමා
Post a Comment