Pages

Saturday, May 23, 2015

යාපනයේ ජීවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින්, සිසුවියගේ ඝාතනයට මුවාවී යාපනයේ ත්‍රස්‌තවාදය හිස එසවීමට තැත් කරනවා - JHU

Hartal Jaffna  (2)යාපනයේ පාසල් දැරියගේ ඝාතනයට මුවාවී ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් හිස එසවීමට උත්සාහ දරමින් සිටින බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.

එහෙයින් නීතිය අතට ගත් ප්‍රචණ්‌ඩකාරී පිරිස්‌වලට එරෙහිව නීතිය වහා ක්‍රියාත්මක කරන මෙන් පොලිසියෙන් හා අනෙකුත් ආරක්‍ෂක අංශවලින් ඉල්ලා සිටින බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවැසීය.

හර්තාල් ඇතුළු මෙම විරෝධතාව වෙනත් හස්‌තයකින් ක්‍රියාත්මක වන බව පැහැදිලි යෑයිද ඒ මහතා සඳහන් කළේය.

යාපනයේ ජීවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස බලපෑම් කර ඇති බව සඳහන් කළ හෙතෙම කිසිවකුට නීතිය අතට ගැනීමට කිසි ලෙස ඉඩදිය යුතු නැතැයිද කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/05/22/news14.html

Pic Source

සබැඳි ලිපි -
[

ශිවලෝගනාදන් වින්ද්‍යාගේ මළකඳ මතින් උසාවි, පොලිස්‌ සහ බන්ධනාගාර රථ, පොලිස්‌ නිලධාරීන් වැනි රජයේ දේපළවලට යාපනයේදී අන්තවාදීන් පහර දීමhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_33.htmlඋතුරේ ප්‍රචණ්‌ඩත්වය මෙහෙයවූ "පීපල්ස්‌ පවර්"http://denethharinna.blogspot.com/2015/05/blog-post_51.htmlඑදා එල්ටීටීඊය පටන් ගත්තේත් ඔහොම තමයි. උතුරේ පොලිසිවලට ගල් ගැසීම ඉතා බරපතළ තත්ත්වයක්‌! - MRhttp://denethharinna.blogspot.com/2015/05/mr.html
]

0 comments: