
මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්‌වමින් උන්වහන්සේ මෙසේ සඳහන් කළහ. විජයදාස රාජපක්‍ෂ මහතා කර ඇති ඉහත ප්‍රකාශය ශ්‍රී ලාංකීය සිංහල ජන වර්ගයට කළ අපහාසයක් ලෙසයි මා දකින්නේ. මේ මතය මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. මෙවැනි අදහස් සමාජගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි බෙදුම්වාදය ශක්‌තිමත් වීම සැලකිල්ලට ගෙන මෙය සිංහල දේශය බව අවබෝධකර දෙන්න කැමතියි. ඒ සඳහා ඕනෑම නාලිකාවක සිට විවෘත සංවාදයක යෙදීමට මා විජයදාස රාජපක්‍ෂ මහතාට ඉතා ඕනෑකමින් ආරාධනය කරනවා. එසේ නොමැති නම් ඉහත ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් එතුමා සමස්‌ත සිංහල ජාතියෙන් සමාව ගතයුතු යෑයිද ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.
ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව
http://www.divaina.com/2015/05/25/news02.html
0 comments:
Post a Comment