"වෙසක් පෝයට දන්සලක් වැන්දෙ නැති කොල්ලෙක් ඉන්නවනම් උගෙන් වැඩක් නැහැ" කියල මා කුඩා කාලයේදී අප සේනානායක විදුහලේ අපට සිංහල ඉගැන්වූ අපගේ ආදරණීය ගුණපාල සර් දවසක් කියූ අයුරු මට දන්සලක් දකිද්දී තාමත් මතක් වෙයි.
දනට පිනට දීමෙන් බොහෝ පින් එක් රැස් කරගත හැකි බව බෞද්ධයෝ විශ්වාස කරති. එසේ හෙයින් ඔවුහු පිනට මැලි නොවෙති. බඩගින්නේ ඉන්නා අයෙකුගේ කුස පිරවීම තරම් තවත් පිනක් මිහිපිට නැතැයි සිතන්නෝද අද බහුලව වෙසෙති. එනිසා බොහෝ දුක දරාගෙන වැය කොට මහන්සි වී දන්සැල් දීමට නොපසුබට වෙති. එමනිසා වෙසක් දාට පොසොන් දාට කුසපොත්ත ඉරී වැටී හැකිලුණු හෙවත් බඩයි පිටයි එකට ඇවිලුණු හාමතේ කලන්තය ඇල්ලු කුසගින්නේ වෙව්ලන අසරණයෝ තම සහපිරිවර සමග වෙසක් බලන්නට ඩොල්පින් කැරවෑන් හයිඒස් වෑන් වලින් යන අතර මැදදී වාහනය අයිනක නවතා පෝලිමට වැද හෝ පෝලිම් පැන දන්සල් වඳිති. රොතු පිටින් පවුල් පිටින් සහ තනියම පයින් ගොස් වෙසක් බලන අයත් යතුරුපැදි වලින් සහ පාපැදියෙන් යන අයත් තම කුසගින්න නිවා ගැනීමට පෝලිමට එක්‌ව දන්සල් වඳිති.
දන්සැල් අටක් වැන්ද ගැටව් තුන් දෙනෙක් ගැන මම මෙයට වසර දහයකට පමණ පෙර මෙම කොලම තුළින් ලිව්වා ඔබට මතක ඇතියිද නොදනිමි. එදා මට හමුවූ ඒ රත්නපුරේ සිට වෙසක් බලන්නට බයිසිකල් වලින් කොළඹ එන ගමන් බත් දන්සල්ම අටක් වැන්ද වෙරලුපේ සූදු මල්ලී බටුගෙදර අජාන් සහ ලෙල්ලුපිටියේ ෂාන් යන තිදෙනා තාමත් මට ඉඳහිට දුරකතනයෙන් කතා කරන අතර ඔවුන් දැන් හොඳ රස්‌සාවල් කරන හයේ හතරේ ඉළන්දාරින්ය.
කණ්‌ඩායම් කීපයක් විසින් කාරණා කීපයක් සඳහා මිනිසුන් දැන් දන්සල් පවත්වයි. මෙසේ දන්සල් දෙන කණ්‌ඩායම් කවුරුන්දැයි අපි මුලින්ම බලමු. ව්‍යාපාරිකයෙක් දේශපාලනඥයෙක් කලාපයේ චණ්‌ඩියෙක් හෝ වෙන්න චණ්‌ඩියෙක් සමාජ සේවකයෙක් වැනි තනි පුද්ගලයකු විසින් තම පෞද්ගලික මුදලින් දන්සල් දෙනු අප දැක ඇත්තෙමු. එසේම එක පවුලක් පවුල් කීපයක් එකට එකතුව හැදුනු කණ්‌ඩායමක් මගින්ද දන්සල් දෙනු ලබයි. මිතුරු කැලක් ක්‍රීඩා සමාජයක් හෝ වෙනත් සුබසාධක සංගමයක් ව්‍යාපාරික ආයතන රජයේ ආයතන වැනි අයද මෙසේ දන්සල් දීමට දැන් දැන් පෙළඹෙති.
ඉහත සඳහන් කළ අය දෙන දන්සල්වලටද විවිධ අරමුණු ඇත. අප කලින් කීවාසේ වැඩි දෙනෙකුගේ ඒකායන සහ ප්‍රධාන අරමුණ දනට පිනට දී කුසල් රැස් කිරීමයි. තවත් අය අරමුණු කරන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය නිසා හෝ එය තොරණ කූඩුවලින් හෝ ලබනු පිණිස සැතපුම් ගානක් එහෙ මෙහෙ ඇවිද මහන්සි වූ අයගේ පිපාසය හෝ කුසගින්න නැති කිරීමයි.
තම හයිය හෝ බලපුලුවන්කාරකම පෙන්වීමට දන්සැල් දෙන ඇත්තන් සහ කණ්‌ඩායම් ගැනද මම දනිමි. ඔවුන් බොහෝවිට දන්සල් දෙන්නේ තමාගේ පෞද්ගලික මුදලිනි. එසේත් නැත්නම් මෝරුන් ඇල්ලීමෙන් මුදල් හාල් එළවලු ආදිය තමා සන්තකයට ගෙන ඒවා තමාගෙන් දෙනවා මෙන් සමාජයට පෙන්වීමෙනි. පළාතේ වෙසෙන සල්ලි කාරයන්ගෙන් කප්පම් ක්‍රමයට මුදල් සහ වියළි ආහාර ද්‍රව්‍ය පින් පිණිස දන්සල් දෙන අයත් අද සමාජයේ එමටය.
දස දහස් ගණනින් මා දන්සැල් දැක ඇතත් වැඳ ඇතත් කිසිදාක කුඩා දන්සැල් නම් දැක නැත. ඒවා සියල්ල මහා දන්සැල්ය මහා බත් දන්සල මහා නුඩ්ල්ස් දන්සල මහා දුන්තෙල් බත් දන්සල ආදී වශයෙන් අද අපේ රටේ දකින්නට ලැබෙන සියල්ල මහා දන්සැල්ය.
සමහර පෞද්ගලික ආයතන විසින්ද දන්සැල් දෙනු ලබයි. ඔවුන් බොහෝ විට දෙනු ලබන්නේ අයිස්‌ක්‍රීම් කඩල තම්බපු මයියොක්‌කා රොටී තෝසේ වැනි සුපිරි කෑම ඇති දන්සල්ය. ඒවායේ කෑම බීම බෙදන්නේ ලස්‌සනට සුදෝසුදට ඇඳ පළඳ ගත් සුරූපි තරුණියන් සහ නෝනා මහත්තුරුය. ලස්‌සන පීරිසි බන්දේaසිවල තබා කෑම අල්ලන නෝනලා බොහෝවිට එම ආයතනයේ අයිතිකරුවන් සහ ඒ අයගේ ඤාතීන්ය. මෙසේ පෞද්ගලික ආයතන විසින් බොහෝවිට පැයක් දෙකක් පමණ අපූරුවට දන්සල් දෙන්නේ තම ආයතනයේ නම ප්‍රචාරය කරන ප්‍රවර්ධන වැඩක් වශයෙනි.
සමහර සුපිරි පන්තියේ දන්සල් වල දොරටු දෙකක් දකින්නට ඇත. ඉදිරිපස දොරටුව ඇත්තේ තොරන් බලන්නට යන එන නාඳුනන පිටස්‌තර අය සඳහාය. දිගම දිග පෝලිමේ පැයක් පමණ ඉදිරියට ඇවිත් කට්‌ට කා චාටර් වී කෑම ශාලාවේ මේසය ළඟ පුටුවක වාඩිවී සංවිධායකයන් බෙදා දෙන බත් පිඟාන වළඳා, පිටවන දොරෙන් එළියට පැමිණ අයිස්‌ක්‍රීම් කෝන් එකක්‌ද රැගෙන එය කකා ඔවුන්ට පිටව යා හැකිය. තවත් දොරටුවක් පිටුපස පැත්තේ තිබේ එය වීඅයිපී (VIP) ගේට්‌ටුවයි. සංවිධායකගේ හිතවතුන් නෑයන් විවිධාකාරයෙන් දන්සලට උදව් උපකාර කළ අයව මෙම ගේට්‌ටුවෙන් ඇතුළට ගනී. ඇතුළට ආ විගස නිදහසේ අසුන් ගැනීමට පුටු තබා ඇත. බත් තම්බන හැටි, ලූනු කපන හැටි, කොස් ලියන හැටි, කරවල උයන හැටි, ආදිය සියල්ල නරඹමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිට මද වේලාවකින් කෑම පිඟාන ළඟටම ආ පසු එය වැඳ තුති දී පිටව යාමට ඔවුන්ට අවසර ඇත. සමහර වීඅයිපී කලාප වල රහමෙරද නැත්තේ නොවේ.
බොරැල්ල කනත්ත හන්දියේ කිතුල්වත්ත බත් දන්සල මරදානේ ලොකට් පාරේ බත් දන්සල කිරුළපන නාගස්‌වත්ත හෙවත් කුනුමෝලේ දන්සල මහරගම කාන්ති කොඩිකාරලාගේ සුපර් මාකට් දන්සල මා වෙසක් දිනට අනිවාර්යයෙන්ම ඔලුව ඔබන දන්සල් කීපයකි.
දන්සල් දෙනවා කියා සම්මාදම් එකතු කර ඉන් ලැබෙන විශාල මුදලින් ඉතා කුඩා කොටසක් පමණක් යොදා කලුකෝපි දන්සලක් දෙන එසේත් නැත්නම් කිසිම දෙයක් නොදෙන හොර දන්සැල් කාරයෝ අදත් එදත් අනන්තවත් සිටිති. මෙසේ කරන්නේ පාහරයෝය, ජඩයෝය, නැත්නම් හොර තක්‌කඩියෝය.
අපද තරුණ කාලයේ දන්සල් වඳින්ට හරිම රුසියෝව සිටියෙමු. නමුත් කිසිදාක පෝලිමේ යන්නේ නැත. වඳින්නට අවශ්‍ය දන්සල වෙත ලංව එය අසල බිම වැටී ඇති පොලු කෑල්ලක් සොයාගෙන එය වන වනා පෝලිම වෙත ගොස් අපත් සංවිධායකයෙක් ලෙස පෝලිමේ අයට හැඟෙන්නට සලස්‌වා පෝලිම ක්‍රමවත්ව පිළිවෙලකට හදා දොර ලඟ ඉන්නා සංවිධායකයන්ගේ ඇස් වසා "ෂව්" එකෙන්ම ඇතුළට රිංගීම අපේ ක්‍රමවේදයයි (ෂව් එකෙන් යනවා යනු රගර් ක්‍රීඩාවේ එන තල්ලුවෙන් පොකුරට ඉදිරියට යාමයි) පෝලිම තුළ බොරු රණ්‌ඩුවක් හෝ කලබැගැනියක් මවා ඔවුන්ගේ ඇස් ඒ වෙතට යොමුකර ඒ ඇසිල්ලේ ඇතුළට රිංගන අවස්‌ථා ගැනද මට මතකය. එසේ කරන්නට ගොස් අසුවී අපේ පැපිලියානෙ ඉන්දික දිලුම් දහනායක ගිමන්ත චූලා වැනි සගයන්ව සංවිධායකයන් විසින් බෙල්ලෙන් අල්ලා එළියට තල්ලු කළ අවස්‌ථාවක් ගැනද මට මතකය.
මහා බත් සහ කෑම දන්සැල් අතර අපුරු අමුතු අරුම පුදුම දන්සැල්ද මම දැක ඇත්තෙමි. වරක් හෝමාගම පැත්තේ කොමියුනිකේෂන් හිමියෙක් එහි එන සෑම අයෙකුටම පැය දෙකක් තුළ රුපියල් 10 ගානේ රීලෝඩ් එකක් දන් දුන්නේය. පාදුක්‌ක පැත්තේ කුඩා කඩ හිමියෙක් ලාම්පුතෙල් බාගය බැගින් ඒ අවශ්‍ය කෙනෙකුට පිනට දුන්නේය. වරක් දෙකක් වැලිකඩ හිරගෙදර රැඳවියෝ තම දිවා ආහාරය නොගෙන එම ඉතිරිවන මුදලින් වැලිකඩ හිරගෙදර තොරණ අසලදී බත් දන්සලක් පැවැත්විය. බොහෝ කලකට පෙර මරදානේ මොහිදින් මස්‌ජිඩ් පාරේ මහා පරිමානයෙන් හෙරොයින් වික්‌ක මම්මනි නානා සහ මොහොමඩ් වෙසක් දා හවස් වරුවේ කුඩු පැකට් දන්සලක් පැවැත්වීය. එකල හෙරොයින් බොහෝම ලාභ නිසා රුපියල් දහයේ පැකැට්‌ටුවක් සහ තෝරා බීඩි දෙකක් එක් මත්ලෝලියෙක් වෙත නිකුත් කෙරුණි. කුඩ්ඩන් නැවත නැවත එන බව දන්නා නිසා මම්මනි කුඩු පැකට් එක දෙන ගමන් කුඩ්ඩාගේ අතේ පොඩි ඇඟිල්ලේ ඡන්දෙ දෙනකොට ගාන අයුරින් යම් තීන්ත වර්ගයක් ආලේප කළේය. මොවුන් දුන් දානයේ ආනිසංසයෙන් දෝ කොහෙද ඊට සති කීපයකට පසු මොහොමඩ් සතුරු පිස්‌තෝල උණ්‌ඩයක් ලය පසාරු කර යැම නිසා ලේ විලක් මැද වැටී මියගියේය. මම්මනි ඇඩ්ඩ්‍රස් නොමැතිව අන්තරස්‌දාන විය.
වෙසක් දාක රාත්‍රියේ හමුදාවෙ කොල්ලන් කණ්‌ඩායමක් උතුරේ සිට නිවාඩුවට දකුණට යනු පිණිස ගාල්ලට පැමිණි කල කොළඹ සිට ගාල්ලට පැමිණ සිටි ගණිකාවක් මුණ ගැසී ඇය කැමති කරවාගෙන කොටු පවුරේ අඳුරු තැනකට රැගෙන ගොස් පෝලිං ක්‍රමයට පැය ගණනක් ඇගේ සේවය ලබා ගෙන ගාස්‌තුව වශයෙන් සත පහක් වත් නොදී "දන්සලක් දුන්නයි කියල හිතාගනිං බං" කියා ඇයව නිරුවතේ අඳුරේම තනිකර ආ කතා පුවත මට පැවසුවේ එම රාගයේ කාම දන්සල අන්තිමට වැන්ද සරා නම් සාමාජිකයායි. ඔහු මට මෙසේද කීවේය. "බොස් ඕකි මටයි මගේ යාලුවටයි ගිය අවුරුද්දෙත් සෙට් උනා කොළඹදී... එදා ඒකී අපව පිටකොටුවෙ හරස් වීදියකට එක්‌කන් ගිහිල්ල තව කරෙක් දම්මල පිහියක් පෙන්නල සුද්දෙ දැම්මා මාලෙයි මුද්දයිත් ගලෝ ගත්ත. අද මට එයාව අහම්බෙන් සෙට් උනේ. එදා කරපු කැත වැඩේට තමයි මං අද අපේ උන්ට එයාගෙන් දන්සලක් දැම්මෙ"
බත් දන්සල් විවෘත කිරීමට ආරාධනා කරන්නේ සාමාන්‍යයෙන් ගමේ ප්‍රභූවරයෙකුට හෝ මුදල් හදල් ඇති ධනවතෙකුටය. නැත්නම් ලෝභ නැති දේශපාලනඥයෙකුටය ඒ ලොකු ඇන්ලොප් එකක් ලබා ගැනීමේ සුපිරිසිදු චේතනාවෙනි. පොල්තෙල් පහන පත්තු කිරීම, බත බෙදීම, මුලින්ම ඉඳුල් කිරීම, කතාවක් පැවැත්වීම ආදී විවිධ අංග ඇතුළත් නිසා ඒ ඒ දේ කරන අමුත්තා මුදල් කවර වෙන වෙනම දෙනු ලබයි. සමහරුන්ට මෙසේ දන්සල් දීම වාර්ෂිකව කරන මාස කීපයක් නිකම් සිටිය හැකි ආදායම් මාර්ගයකි.
රජයේ ආයතන විසින්ද දන්සල් දීමට දැන් කැමැත්තක් දක්‌වයි. එසේ වන්නේ එහි ප්‍රධානියා සමාජය ඇසුරු කරන දනට පිනට හිතැති සුහද අයෙක් වුනොත් පමණි. නැත්නම් වන්නේ ඕවා බොරු වැඩ අපරාදෙ සල්ලි කියා වැඩේට උදැල්ල දැමීමයි.
අපේ රටේ රාජ්‍ය මණ්‌ඩලයක සභාපති කෙනෙකුටද ළඟ එන වෙසක් එකට දන්සලක් දීමේ අපූරු සිතුවිල්ලක් පහල වී එය ක්‍රියාවට නගන්නට සූදානම්ව සිටී. ඒ මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්තාපන ක්‍ෂේත්‍රයේ මහගෙදර යන විරුදාවලිය ලත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයාටයි. මානව හිතවාදි දක්‌ෂ තරුණ දොස්‌තරවරයෙක් වන නිලංග සමරසිංහ නම් හේ තම දන්සල දෙන්නට තෝරා ගන්නේ වැලිකඩ බන්ධනාගාරයයි. මණ්‌ඩලයේ සේවය කරන සුවිශේෂී කණ්‌ඩායමක සහ මා සතුවද ඇති සුවිශේෂී දෙයක් වැලිකඩ සිරකරුවන්ට දානය කරන්නට එක්‌වන ලෙස ඔහු මටද ඇරයුම් කළේය. ඒ වෙන කිසිවක් නොව අප සතුව ඇති ඇහුම්කන් දීම දයාව සහවේදනය (eපච්එයහ) ගැටලු තේරුම් ගැනීම ඒවාට පිළියම් සහ විකල්ප පෙන්වාදීම වැනි කරුණු ඇතුළත් (ජදමබිeකසබට) උපදේශන සේවා ලබා දීමයි. එමනිසා මෙවර වෙසක් එකට අපි වැලිකඩ බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි නිසා සිරගතව සිටින රැඳවියන් පන්සීයක් වෙනුවෙන් මහා කවුන්සලිං දන්සලක් පවත්වන්නෙමු. මණ්‌ඩලයේ පර්යේෂණ පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂිකා භද්‍රානි මහත්මියත් ඇගේ ලේකම් භාග්‍යා මෙනවියත් බාහිර සේවා පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂ සඳුන් මහතාත් දැනටමත් මෙහි කටයුතු සැලසුම් කර ඇත. බත්, පාන්, කඩල, නුඩ්ල්ස් වලම ඇලී නොසිට දොස්‌තර නිලංගට මෙන් සිතී අප රටේ වෙසෙන යමක් අලුතින් සිතන්නට හැකි අන් අයත් මෙවැනි දේවල් වලට අත පොවනවා නම් බුදු රදුන් ඉපිද බුදුවී පිරිනිවන් පෑ මේ වෙසක් තෙමඟුල වඩාත් අර්ථවත් ලෙස සැමරිය හැකි බව මගේ අදහසයි.
මිත්‍ර ශ්‍රී කරුණානායක
http://www.divaina.com/2015/05/03/feature03.html

0 comments:
Post a Comment