Pages

Sunday, May 3, 2015

නේපාලයේ සත්ව බිලි පූජාව නතර කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වුණා - සත්ව අවිහිංසා සමිති

නේපාලයේ භූ චලනය ඇති වීමට මාස කීපයකට පෙර 250000 කට අධික සතුන් ඝාතනය කර ඇත්තේ ඉන්දීය සත්ව අවිහිංසා සමිතිවල දැඩි විරෝධය නොතකමින් යෑයි අනාවරණය වී ඇත. මෙම සත්ත්ව බිලි පූජාව සඳහා ඉන්දියාවේ සිට සතුන් ප්‍රවාහනය කිරීමද ඉන්දීය අධිකරණය තහනම් කර තිබුණි.

ගද්හිමායි නැමැති හින්දු දේවතාවිය වෙනුවෙන් මෙම බිලි පූජාව පවත්වා ඇත. සංචාරකයන් දක්‌වන්නේ ලොව විශාලතම බිලි පූජාව මෙය බවයි. අමු අමුවේ ඝාතනයට ලක්‌ වූ සතුන්ගේ ඇස්‌වලින් කඳුළු වැගිරී තිබූ අයුරු දැක්‌වෙන ඡායාරූප ලොව පුරා විකාශනය වී ඇත.

මෙලෙස බිලි පූජාවට ලක්‌ වූ සතුන්ගේ සිරුරු ගද්හිමායි හින්දු දෙවොල් භාරකරුවන් විසින් මස්‌ කොන්ත්‍රාත්කරුවකුට අලෙවි කර තිබේ.

http://www.divaina.com/2015/05/01/forign01.html

0 comments: