
එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය සහ ජනතා විමුක්‌ති පෙරමුණ පවසන්නේ ඉදිරි මහ මැතිවරණය දැනට පවතින දිස්‌ත්‍රික් අනුපාත ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවයි. පසුගිය සතියේ පැවැති ජාතික විධායක සභා රැස්‌වීමේදීද මේ ගැන සාකච්ඡාකොට තිබේ. එහිදී එජාප, ජවිපෙ, නව සමසමාජ සහ මුස්‌ලිම් කොන්ග්‍රස් පක්‍ෂවල නියෝජිතයන් දැනට පවතින ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය යුතු බව පවසා ඇති බවට වාර්තාවේ.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස් සන්ධානය 20 වැනි සංශෝධනය මගින් ක්‍රියාත්මක කෙරෙන නව මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්විය යුතු බව පවසා ඇත.
මේ පිළිබඳව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ජාතික හෙළ උරුමය අලුත් ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව ප්‍රකාශ කරන බවයි. ශ්‍රීලනිපයද එම මතයේ සිටින බවද ඔහු පවසා ඇති බවට වාර්තාවේ.
ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවයි.
http://lankafocusnews.com/?p=40297
0 comments:
Post a Comment