Pages

Monday, May 25, 2015

මාතලේ, හිරිගල් ගුහාවේ කැණීම්වලින් මැටි වළං කැබලි හා බෙල්ලන්ගේ කොටස්‌ හමු වේ

මාතලේ ඓතිහාසික හිරිගල් ගුහාව තුළ කැණීම්වලදී මැටි වළං කැබලි සහ බෙල්ලන්ගේ අවශේෂ කොටස්‌ කීපයක්‌ සොයා ගෙන ඇති බව සංස්‌කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා පසුගියදා (22 දා) පැවැසීය.

කන්ද උඩරට පුරා ඇවිලී ගිය 1848 නිදහස්‌ අරගලයේ දී මාතලේ නිදහස්‌ සටනට පුරෝගාමී වූ වීර පුරන්අප්පු ඇතුළු රණවිරුවෝ හාරදහසකට වැඩි පිරිසක්‌ රැඳී සිටි මාතලේ වීර පුරන්අප්පු පෙදෙසේ මෙම හිරිගල් ගුහාව ඇත.

හිරිගල් ගුහාවේ සිදු කළ කැණීම්වලදී සොයා ගත් අවශේෂ කොටස්‌ කාල නිර්ණය සඳහා පර්යේෂණ සිදු කළයුතු බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් බණ්‌ඩාර දිසානායක මහතා පැවැසීය.

හිරිගල් ගුහාව ආශ්‍රිත කලාපය සංරක්‍ෂණය සහ කැණීම් කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර හිරිගල් ගුහාව ආසන්නයේ වීර පුරන්අප්පු පරිසර උද්‍යානයක්‌ ආරම්භ කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බව ඇමැතිවරයා පැවැසීය.

මාතලේ - විශේෂ නිමල් ගුණතිලක
http://www.divaina.com/2015/05/25/news26.html

0 comments: