Pages

Sunday, May 10, 2015

20 ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

නව මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ වල නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල අවසන් එකඟතාවකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ වෙයි.


එහිදි නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ   20 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ලෙස එය ලබන 13 වන දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව ලබන 19 වන දින අදාළ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැළසුම් කර ඇති බව   වාර්තා වෙයි.

මේ අතර අද පස්වරුවේද පක්ෂ කිහිපයක නියෝජිතයින් සමඟ  නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබෙනවා.

අද දෙරණ

0 comments: