Pages

Thursday, March 31, 2016

මරාගෙන මැරෙන අලුත්ම ඇඳුම් කට්‌ටලය සමග හිටපු කොටියා කොටුවෙයි! පුපුරන ද්‍රව්‍ය වෙනතැනකට යැවීමට සූදානමින් ඉඳලා! රැගෙන ආවේ ප්‍රහාරයකට බව ස්‌ථිරයි! - හමුදා ප්‍රධානීහු

පුපුරන ද්‍රව්‍ය සහ ඇඳුම් කට්‌ටල
යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක්‌, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ ඇතුළු අවි ආයුධ තොගයක්‌ සමඟ පුද්ගලයකු යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය මගින් පෙරේදා (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එඩ්වඩ් පුලියන් නමැති පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි සාමාජිකයෙකි.මෙහිදී සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලය අලුතින් නිෂ්පාදනය කරන ලද එකක්‌ බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 ක්‌ අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්‌ කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ ක්‌ලේමෝ බෝම්බ 4 ක්‌ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්‌ඩ 100 ක්‌ සහිත පෙට්‌ටි දෙකක්‌, මැග්නට්‌ බෝම්බ දෙකක්‌ තිබූ බව පොලිසිය පවසයි.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රබල පෙළේ කොටි ත්‍රස්‌තවාදියකුට අයත් චාවාකච්ෙච්රියේ පිහිටි නිවසේ මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ සඟවා තිබී ඇත.

පොලිස්‌ නිලධාරීන් මෙම නිවස වටලද්දී හිටපු කොටි ත්‍රස්‌තවාදියා නිවසේ සිට නැත. ඒ අවස්‌ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳ පමණි.

තම නිවස පොලිසිය විසින් වටකළ බවට මොහු වෙත තොරතුරු ලැබීමෙන් පසු ඔහු එම ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. පලාගිය ත්‍රස්‌තවාදියා අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලිසිය කොට්‌ඨාස බුද්ධි අංශය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කීරිමෙන් පසු අක්‌කරායකුලම් ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කුමන ආකාරයේ ප්‍රහාරයක්‌ සඳහා මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය බෝම්බ ඇඳුම් කට්‌ටල ඇතුළු අවි ආයුධ රැගෙන ආවේද යන්න පිළිබඳව කිසිදු තොරතුරක්‌ මේ වනතුරු ලැබී නැත.

මෙම ආයුධ සඟවාගෙන සිටි කොටි ත්‍රස්‌තවාදියා අවුරුදු 13 දී කොටි සංවිධානයට එක්‌වූ අයකු බව පොලිසිය පවසයි.

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක්‌ මත යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය සතියකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කළ විමර්ශනවලදී මෙම කොටි ත්‍රස්‌තවාදියා සහ ආයුධ තොගය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

යාපනය කොට්‌ඨාස බුද්ධි අංශ නිලධාරීහු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පෙරේදා රාත්‍රි මෙම ත්‍රස්‌තවාදියාගේ නිවස වටකර එහි තිබූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලදි.

ත්‍රස්‌තවාදියා සැඟවී සිටි නිවස සහ එම ඉඩම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ දැඩි සෝදිසියකට ලක්‌කර තිබිණි.

පොලිස්‌ ආරංචි මාර්ග පවසන්නේ මෙම ආයුධ සඟවාගෙන සිටි ත්‍රස්‌තවාදියා එම අවි ආයුධ වෙනත් ස්‌ථානයකට රැගෙන යැමට සූදානමින් සිට ඇති බවයි. මීට දින දෙක තුනකට ඉහතදී කුඩා ලොරි රථයකින් මෙම පුපුරණ ද්‍රව්‍ය ගෙනැවිත් ඇති බවත් සැකකරු කරවල විකිණීමේ ව්‍යාපාරිකයකු ලෙස කලක සිට යාපනය චාවාකච්ෙච්රි ප්‍රදේශයේ පදිංචි වී සිටි පුද්ගලයකු බවත් හෙළිවී තිබේ. මොහු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරී ත්‍රස්‌තවාදියකු ලෙස සිටි අයෙකු බව ඔහුගේ නිවස අවට පදිංචිකරුවන් හෝ හිතවතුන් කිසිවකු දැන සිට නැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත භාරදී ඇති බව පොලිස්‌ මාධ්‍ය මධ්‍යස්‌ථානය ප්‍රකාශ කළේය.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ෆ්‍රැන්ක්‌ලීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්‌පති ඩී. කේ. පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යාපනය කොට්‌ඨාස බුද්ධි තොරතුරු ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූහ.

මෙම අවි ආයුධ සම්බන්ධයෙන් කෙරෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පෙරේදා රාත්‍රි කාලයේම යාපනය බලා පිටත්ව ගොස්‌ සිටියහ.

හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන
http://www.divaina.com/2016/03/31/news01.html

ශීතකරණවල තිබෙන මාළු කුට්‌ටි පිටතට ගනුයේ පිසීමට මිස නිකම් තැබීමට නොවන බව ඊයේ (30 දා) අලුයම යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගය පිළිබඳ අදහස්‌ දක්‌වන උතුරේ හමුදා ප්‍රධානීහු සඳහන් කරති.

ස්‌ථිර වශයෙන් ම මෙම පුපුරන ද්‍රව්‍ය තොගය චාවකච්චේරිය නිවසට රැගෙන ආවේ උතුරේදී හෝ දකුණේදී සිදුකිරීමට සැලසුම් කළ ප්‍රහාරයකට අනුව විය හැකි බව උතුරේ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක්‌ 'දිවයින' ට පැවැසීය.


මෙම පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි මන්නාරම ප්‍රදේශයෙන් විවාහයක්‌ කරගෙන සිටින පුනරුත්ථාපනය නොවූ ත්‍රස්‌තවාදියකු බව ද යුද හමුදාව අවධාරණ කරයි.

යුද හමුදාව ද මේ සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ කිරීමට නියමිතය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2016/03/31/news04.html

"නෑ... මෙය විනාශ කළ අය ලවා නැවත යථා තත්ත්වයට පත්කරනවා..." ජහපාලන ව්යාඝ්‍රයින් ඩෝසර් කළ වත්තල සුවතා මංතීරුව

wattala mabola (2)කවුරු හෝ දේශපාලනඥයෙක්‌ මං තීරුවක්‌ කඩා දමමින් තකතීරු වැඩක්‌ කර තිබේ. මංතීරුව කඩා දැමුවේ දේශපානලනඥයෙක්‌ බව අප ස්‌ථිර වශයෙන්ම කියන්නේ එවැනි අමන වැඩක්‌ කිරීමට හැකියාව ඇත්තේ දේශපාලනඥයන්ටම පමණක්‌ වන බැවිනි.

දැන් මේ කතාව හැමෝම දන්නා එකක්‌ වුව ඒ ගැන යම් මතක්‌ කිරීමක්‌ කළ යුතුය. වත්තල මාබෝල ශාරීරික සුවතා මංතීරුව පසුගියදා රැයක්‌ එළිවන විට ඩෝසර් කර ඉවත්කර තිබිණි.

එය 2013 වර්ෂයේ රුපියල් කෝටි අටක වියදමින් එවක ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් නිමකරන ලද්දකි. අක්‌කර 09 ක ප්‍රදේශයක්‌ පුරා එය විහිදී තිබේ. ප්‍රදේශයේ ජනතාව කියන්නේ තමන්ට මහත් ප්‍රයෝජනයක්‌ වු එම මංතීරුව හදිසියේ කඩා බිඳ දැමීමේ අවශ්‍යතාව කුමක්‌දැයි හරිහැටි පැහැදිලි නැති බවය.

එහෙත් රජයේ ප්‍රබල ඇමැතිවරයකු වන ජෝන් අමරතුංග මංතීරුව කඩා බිඳ දැමීමෙන් පසු මාධ්‍යයට දී ඇති පිළිතුර "කාරණය" කුමක්‌දැයි අපට පැහැදිලි කර දෙන්නකි. ගරු ඇමැතිවරයා කියන පරිදි නිවාස ව්‍යාපෘතියක්‌ සඳහා යාබද ඉඩම යොදාගැනීමට නියමිතව තිබේ. ඒ නිසා එම ඉඩමට යැම් ඊම් කිරීමේ පහසුව පිණිස මාර්ගය පුළුල් කිරීමේ අවශ්‍යතාව මත එම මංතීරුව ගලවා දැමීමට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ අධිකාරිය කටයුතු කර ඇති බවය.

මුල් දිනයේ "අතේ පැළවෙන" බොරු කියන්නේ කවරෙක්‌ දැයි ජනතාවටත් තේරුම් ගන්නට නොහැකි වීම පුදුමයට කාරණයක්‌ නොවේ. එහෙත් හැරෙන තැපෑලෙන්ම නාගරික සංවර්ධන අධිකාරියත් වත්තල නගර සභාවත් කියා තිබුණේ මේ මංතීරු ගලවා දැමීමට තමන්ගේ ආයතන කිසිසේත් සම්බන්ධ නොවූ බවය. වගකිවයුතු ඇමැතිවරයකු වශයෙන් අමරතුංග ඇමැතිවරයාට මුසාවක්‌ කීමේ අදහසක්‌ තිබුණා යෑයි අප කොහෙත්ම කියන්නේ නැත. එහෙත් කොතැනක හෝ ගල්පැළෙන බොරුවක්‌ එහා මෙහා වී ඇති බව පැහැදිලිය.

මෙවැනි සිදුවීමකදී නිගමන කිහිපයකට ආ හැකිය. පළමුවැන්න පරණ ආණ්‌ඩුවේ වැඩ අලුත් ආණ්‌ඩුවට දිරවන්නේ නැති බවය. දෙවැන්න විශාල අත යට ගනුදෙනුවක්‌ සමඟ වෙනත් ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේ සැලසුමක්‌ ඇති බවය. තුන්වැන්න මං තීරුව භාවිත කරන ජනතාව සමඟ පෞද්ගලික අමනාපයක්‌ හෝ ඔවුන් හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටීම ගැන කාට හෝ ඊර්ෂ්‍යාවක්‌ ඇති බවය.

අප තුන්වැනුව කී කාරණය ජෝන් අමරතුංග ඇමැතිවරයා වැනි හොඳ "ජවයක්‌" ඇති දේශපාලනඥයකු සිටින පළාතක කොහොමටවත් සිදුවන්නට බැරි බව සහතිකය. "නිරෝගීකම" ගැන හොඳ අවබෝධයක්‌ ගරු ඇමැතිවරයාට ඇති බවද අපට විශ්වාසය. එහෙත් අප පළමුව හා දෙවනුව කී කාරණා ගැන යම් තරමකට සැක සංකා තිබිය හැක.

ඇවිදින මංතීරුව පුළුල් කිරීමට අවශ්‍යතාවක්‌ තිබුණු බවද මේ කතාබහ අතර කියවෙයි. පුළුල් කිරීමට ගත හැකි සරල සහ වියදම් අඩුම ක්‍රියාමාර්ගය එය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කිරීමද යන්න ගැටලුවකි. ප්‍රදේශයේම ජනතාව කියන පරිදි "මේවා ජාතික අපරාධය". කෝටි ගණන් වියදම් කරමින් ඉදිකරන්නෙත්, කාට හෝ හිතුණු ගමන් ගලවා දමන්නෙත් ජනතාවගේ බදු මුදලින්ම ගොඩනැ`ගුණු ජනතා දේපලම බව මේ තකතීරු අමන වැඩේට අත ගැසූ කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථා සභාපතිවරයා කියන පරිදි මංතීරුව නැවත ඉදිකිරීමට නියමිතය. ඒ සඳහා මහජන මුදල් යොදවනවාදැයි මාධ්‍ය විමසන විට ඔහු පිළිතුරු දෙන්නේ, "නෑ... මෙය විනාශ කළ අය ලවා නැවත යථා තත්ත්වයට පත්කරනවා..." යනුවෙනි.

දැන් අපට දැනගැනීමට වුවමනා වන්නේ ඒ කාගේ මුදලින්ද යන්නට අමතරව මේ ජාතික අපරාධය කළ අමනයන් කවුරුන්ද යන්නය. පුදුමයකට මෙන් තවමත් ඒ ගැන හෙළි නොකිරීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක වේ.

http://www.divaina.com/2016/03/30/editor.html

Pics Source

අයිසිස්‌ ත්‍රස්‌තයෝ යේමනයේ පියනමක්‌ කුරුසියේ ඇණ ගසති!

යේමනයේ සිටි ඉන්දීය කතෝලික පියනමක්‌ වූ ටොම් වුස්‌වුනාලින් පැහැරගෙන ගිය අයිසිස්‌ ත්‍රස්‌තයෝ පසුගිය මහ සිකුරාදා දිනයේදී එම පියනම කුරුසියේ ඇණගසා මරාදමා ඇත.

ඒඩන් නුවර වැඩිහිටි නිවසට කඩාවැදුණු මෙම අයිසිස්‌ ත්‍රස්‌තයන් එහි සිටි කන්‍යා සොයුරියන් සිව්දෙනකුට වෙඩිතබා මරාදමා තිබේ. මෙම වැඩිහිටි නිවස මෙහෙය වන්නේ තෙරේසා මව්තුමියගේ පදනමයි.

යේමන් බලධාරීන් පවසන්නේ ඒඩ්න් නගරයෙන් පිටත ස්‌ථානයකදී පියනමව කුරුසියක ඇණගසා ඇති බවයි.

http://www.divaina.com/2016/03/30/forign05.html

Pic Source

Wednesday, March 30, 2016

SLT සුපිරි ධාරිතාවක් සහිත SEAME- WE 5 සමඟ යා වෙයි!

12417536_1132880376756583_2913158944916673651_nලෝක සංනිවේදනය වේගවත් කරන SEAME- WE 5 කේබලය අද (29) උදෑසන බෝල්ඩ් මර්විරික් නැව මගින් සිංගප්පූරුවේ සිට මාතර වැල්ලමඩම ප්‍රදේශයට මුහුද යටින් රැගෙන එනු ලැබුවා.

ඒ අනුව අග්නිදිග ආසියානු, මැදපෙරදිග සහ බටහිර යුරෝපා කලාපීය රටවල් 17 ක ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් 15ක සහයෝගීතාවයෙන් අරඹනු ලබන මෙම අති නවීන SEAME- WE 5 සමග ශ්‍රී ලංකා ටෙලිකොම් හට එක්වීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ හා සමගාමීව අති නවීන තාක්‌ෂණයෙන් පිරිපුන් නව දත්ත මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමටද කටයුතු ආරම්භ කොට තිබෙනවා.

ඉකුත් 2014 වසරේදී ඇතිකරගත් අන්තර් ජාතික එකඟතාවක්‌ මත මෙම අධිවේගී ජාත්‍යන්තර කේබල් පද්ධතියේ ප්‍රතිලාභයන් ශ්‍රී ලාංකිකයන් හට සමීප කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව ලැබෙනවා.

මාතර ඉදි කරන ලද SEAME- WE 5 කේබල් පද්ධතියේ ශ්‍රී ලංකා මෙහෙයුම් මධ්‍යස්‌ථානය විවෘත කිරීම සහ මෙරට පළමු සහ එකම Tier 4 ready දත්ත මධ්‍යස්‌ථානය වෙත මුල්ගල තැබීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කොළඹ ජනපති නිල නිවසේ සිට අන්තර්ජාල තාක්‌ෂණය ඔස්‌සේ සිදු කෙරුණා. 

කිලෝ මීටර 20,000 ක පමණ දිගැති මෙම SEAME- WE 5 කේබල් පද්ධතිය සිංගප්පූරුවේ සිට මැදපෙරදිග කලාපය, ප්‍රංශය හා ඉතාලිය හරහා බටහිර යුරෝපය දක්‌වා විහිද යයි.

මෙම POP-to-POP (Point of Presence) සේවා සම්පාදනය කරනු ලබන්නේ ලොව පුරා රටවල් එකිනෙක හා සම්බන්ධ කරමින් තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ අනාගතය උදෙසා නව මං පෙත් විවරකරවමින්. 

මේ වනවිට ඇතිව තිබෙන තොරතුරු තාක්‌ෂණික ප්‍රබෝධය හරහා අනාගතයේදී බිහිවන අන්තර්ජාලගත නවෝත්පාදනයන් කෙරෙහි පහසුකම් සැලසීමේ අරමුණින් මෙම නව සමුද්‍රීය භූගත කේබල් පද්ධතිය සකසා තිබෙනවා.

මෙම SEAME- WE 5 කේබල් පද්ධතිය අති නවීනතම  Multiple 100 GBPS තාක්‌ෂණයෙන් නිර්මාණය කර තිබෙනවා.

තත්පරයකට ටෙරා බයිට්‌ 24 ක දත්ත හුවමාරු කිරීමේ හැකියාවැති මෙම නව පද්ධතියේ දත්ත හුවමාරු ශක්‍යතාව එක්‌ තත්පරයකදී HD (HD high-definition) චිත්‍රපට 4800 භාගත කිරීමේ හැකියාව හා සමපාත කළ හැකියි. 

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ඇරඹීමට නියමිත නව දත්ත මධ්‍යස්‌ථානය මෙරට ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනයන් හට සිය දත්ත පද්ධති පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපයයි.

එමගින් එම ආයතන නිතිපතා වැය කරනු ලබන විශාල ධනස්‌කන්ධයක්‌ ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.

තොරතුරු තාක්‌ෂණ සේවා සැපයීමෙහිලා ශ්‍රී ලංකා ටෙලිකොම් සතු විශේෂඥ පළපුරුද්ද සමඟ දත්ත ගබඩා කිරීමෙහිලා වැඩි ඉඩ ප්‍රමාණයක්‌, අදාළ දත්තවල නීත්‍යානුකූලබව හා රහස්‍යභාවය සුරැකීම හා පූර්ණ වශයෙන් සහතික කරන ලද ඉහළ මට්‌ටමේ ආරක්‌ෂාවක්‌ මෙහිදී පාරිභෝගිකයා වෙත සහතික කෙරෙයි.

තවද පාරිභෝගිකයන් හට තමන්ගේ අවශ්‍යතාව පරිදි සේවාවන් ලබාගත හැකි අතර ගාස්‌තු අය කිරීම සිදුවන්නේ ඔවුන්ගේ දත්ත පරිභෝජනයේ ප්‍රමාණය අනුව පමණක්‌ වීමද ඔවුන්හට සැලසෙන සුවිශේෂ වාසියක්.

http://offair.nethfm.com/article/36132

Tuesday, March 29, 2016

හාම්පුතාගෙන් පඩි ඉල්ලුවාම අතක්‌ දෙකට කැඩෙන්න ගහලා! කුවේටයේදී වධයට ලක්‌වූ ටෙස්‌ලාගේ කතාව...

රන් කහවනු සොයා වැලිකතරේ රැකියාවට ගොස්‌, සිත්පිත් නැති අධමයින්ගේ අනේකවිධ වධ හිංසාවලට ලක්‌ව වම් අතේ අස්‌ථි බිඳගෙන හිස්‌ අතින් සිය මව් රටට පැමිණි කාන්තාවක්‌ පිළිබඳව අනුවේදනීය කතාවක්‌ කරන්දෙණිය පනාපිටිය ගම්මානයෙන් 'දිවයින'ට වාර්තා වේ.

මෙසේ වධහිංසාවලට ලක්‌ව සිය මව් රටට පැමිණ ඇත්තේ කරන්දෙණිය, පනාපිටිය නො. 24/1 ලිපිනයේ පදිංචි එම්. ජී. ටෙස්‌ලා තරංගනී මහත්මියයි.

ප්‍රථම විවාහය දෙදරා ගොස්‌ පිරිමි දරුවකු සමඟ අතරමං වූ ටෙස්‌ලා තම එකම දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා දහසක්‌ අපේක්‍ෂාවන් පොදි බැඳගෙන ගෘහ සේවිකාවක්‌ වශයෙන් මැදපෙරදිග රටක රැකියාවකට යැමට තීරණය කර ඇත. අනතුරුව මෙරට ප්‍රධාන පෙළේ ඒජන්සියක්‌ මගින් ගෘහ සේවිකාවක්‌ වශයෙන් කුවේට්‌ රටට රැකියාවකට ගිය ඇයට එහිදී අත්විඳින්නට සිදුවූ දුක්‌ ගැහැට ඇයගේම වචනවලින් මෙසේ පෙළගස්‌වමි.

මම 2014 නොවැම්බර් මස 21 දින කොළඹ මරදානේ ඒ ඇන්ඩ් බී ට්‍රැවල්ස්‌ විදේශ රැකියා ආයතනය මගින් කුවේට්‌ රටේ නිවසක ගෘහ සේවිකාවක්‌ වශයෙන් ගියා. මට එම නිවසේ දරුවන් 5 දෙනෙක්‌ බලාගැනීමට සිදුවුණා ඒ ගෙදර මාස 3 ක්‌ වැඩ කළ පසු ගෙදර හාම්පුතා විසින් වෙනත් ගෙදරකට මාව විකුණුවා. මාස තුනේ වැටුපත් මට දුන්නේ නෑ.

ඒ ගෙදර මම මාසයක්‌ වැඩ කළ පසු පඩි දෙන්න විදියක්‌ නෑ කියල ගෙදර හාම්පුතා මාව වෙනත් ගෙදරකට විකුණා මුදල් ගත්තා. ඒ ගෙදරත් මාස 2 ක්‌ වැඩ කළාට පසු ඒ ගෙදර හාම්පුතත් මාව වෙනත් ගෙදරකට විකුණා මුදල් ලබා ගත්තා.

හතරවැනි ගෙදර මම මාස 7 ක්‌ තිස්‌සේ රෙදි පිරිසිදු කිරීම, ගෙවත්ත පිරිසිදු කිරීම ඇතුළුව විශාල වැඩ කොටසක්‌ සිදු කළා. මාස 7 ක්‌ තිස්‌සේ ඒ ගෙදර වැඩ කළත් පඩි නොදුන් නිසා මම පඩි ඉල්ලූ හැම වෙලාවකම හාම්පුතත් ඔහුගේ බිරිඳත් මට පහර දුන්නා. මම හැමදාම හඬාවැටී මගේ අහිංසකකම ගැන ඒ ගෙදර අයට කිව්වා. මගේ එකම දරුවගෙ අධ්‍යාපන කටයුතු සඳහා පඩි ඉල්ලා සිටිවිට ඒ ගෙදර හාම්පුතාගේ පොලිසියේ සේවය කරන පුතා මාව කාමරයකට දමා මට හම් පටියකින් පහරදී මගේ අත ඔහුගේ කකුලේ දණහිසට තබා දෙකට කැඩුවා.

මා වේදනාවෙන් කෑගහන කොට ගෙදර හාම්පුතත් ඔහුගේ බිරිඳත් බැන්ඩේඡ් එකකින් අත වෙලා වේදනා නාශක බෙහෙත් කරල් කිහිපයක්‌ බීමට දී ගුවන් ටිකට්‌ පත හදාදී මාව ලංකාවට එව්වා.

ලංකාවට එන විට අත කඩා දින 5 ක්‌ ගත වුණා. ඒ වන විට අත හොඳටම නිල්පාට වී දැඩි වේදනාවක්‌ දැනුණා. ලංකාවේදී අස්‌ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට අත පෙන්වූ විට අතේ වැලමිටෙන් පහල අස්‌ථි දෙකම බිඳී ඇති බව පවසා බළපිටිය මූලික රෝහලට ඇතුළත් වෙන ලෙස දැනුම් දුන්නා.

ගාල්ල කරාපිටිය රෝහලේදී සැත්කමක්‌ මගින් ප්ලේට්‌ එකක්‌ දාල සතියකට පසු රෝහලෙන් ටිකට්‌ කපා මාස 3 ක්‌ යනතුරු විවේකීව සිටින ලෙසට උපදෙස්‌ දුන්නා.

මා විදේශගත වුණේ මගෙත්, අම්මගෙත් සියලුම රන් බඩු විකුණලයි. ලංකාවට ආවට පස්‌සෙත් අත සුවකර ගන්න මේ වන විට රුපියල් ලක්‍ෂයකට වඩා වියදම් කළේ අම්ම නමට ඇති අපි පදිංචි නිවස උකසට තබලයි. මට සිදුවූ දුක්‌ ගැහැට ගැන කියන්න අවස්‌ථා කිහිපයකදී රැකියා ඒජන්සියටත්, විදේශ සේවා කාර්යාංශයටත් ගියා. ඒ අය කියන්නෙ මේ සිද්ධිය පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂි අවශ්‍යයි කියලයි. මම රට ගියේ තනිවමයි. මට කොහෙන්ද ඇසින් දුටු සාක්‍ෂි. මම විදේශ රැකියාවට ගියේ රක්‍ෂණය වෙලයි. විදේශ සේවා කාර්යාංශය මට රක්‍ෂණයෙන් වත් වන්දියක්‌ ලබා ගැනීමට කටයුතු කරන්නේ නෑ, මගේ දරුවට උගන්වන්න විදියක්‌ නැතිව දැන් මා අන්ත අසරණ තත්ත්වයටයි පත් වී ඉන්නේ.

විදේශ කටයුතු අමාත්‍යතුමියනි, මේ රටේ ඒජන්සිවලට මුදල් ගෙවා රක්‍ෂණය වී විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය හරහා විධිමත් අයුරින් විදේශ රැකියා සඳහා යන අපේ රටේ කාන්තාවන්ට සිදුවන ම්ලේච්ඡ වධහිංසා පිළිබඳව නිසි පියවර ගැනීම ඔබගේ යුතුකම හා වගකීම වනු ඇත.

සටහන සහ සේයාරූ  ඇල්පිටිය - විදානආරච්චි කීර්තිරත්න, කරන්දෙණිය - ජී. මහකුමාරගේ
http://www.divaina.com/2016/03/29/provin01.html

පාකිස්‌තානයේ ලාහෝර්හි කිතු සැමරුම් උත්සවයේදී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 65 ක්‌ දක්‌වා ඉහළට. 300 කට තුවාල!

පාකිස්‌තානයේ ලාහෝර්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 65 ක්‌ දක්‌වා වැඩිවී ඇත. 

තවත් 300 කට අධික පිරිසක්‌ තුවාල ලබා තිබේ. පාකිස්‌තාන් කිතු බැතිමතුන් ක්‍රිස්‌තුස්‌වහන්සේ මලවුන්ගෙන් උත්ථානය වීම සැමරීම සඳහා ක්‍රීඩාංගණයක සංවිධානය කර තිබූ උත්සවයට මෙම බෝම්බකරු කඩා වැදී ඇත. 

මියගිය අය අතර ළමුන් හා කාන්තාවන් රැසක්‌ද වේ. මෙම ත්‍රස්‌ත ප්‍රහාරය දියත් කර ඇත්තේ ජමාද් අහරාර් නමැති තාලිබාන් කණ්‌ඩායම බව හෙළි වී ඇත. 

අපේ අරමුණ වූයේ ක්‍රිස්‌තියානින් ඝාතනය කිරීමයි යෑයි එම ත්‍රස්‌ත කණ්‌ඩායමේ ප්‍රකාශක ඉෂ්නුල්ලා ඊෂාන් පවසා තිබේ.

එහෙත් මේ ප්‍රහාරය ගැන ජනතා විරෝධය මතුවී ඇත.

http://www.divaina.com/2016/03/29/forign02.html

එකිනෙකට සම්බන්ධ නැති පොලිස්‌ ඒකක හයක්‌. බෙල්ජියමේ ආරක්‍ෂාව බිඳ වැටුණේ පෙඩරල් ව්‍යවස්‌ථාව නිසයි!

බෙල්ජියමේ ආරක්‍ෂාවට බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇත්තේ එරට පෙඩරල් ව්‍යවස්‌ථාව අනුව පොලිස්‌ ඒකක හයක්‌ ක්‍රියාත්මක වීම නිසා යෑයි අනාවරණය වේ.

බෙල්ජියම් පොලිස්‌ සේවාව ප්‍රංශ, ජර්මන් හා ඕලන්ද යන ඒකකවලින් සමන්විත වී ඇති අතර එම පොලිස්‌ බළකායන් අතර සබඳතාවන් නැතැයි ද හෙළි වී ඇත. බෙල්ජියමේ පොලිස්‌ සේවාව 12300 කින් යුක්‌ත වේ. 

යුරෝපයේ ධනවත් රටක්‌ වූ බෙල්ජියමේ පොලිස්‌ සේවාව පෙඩරල් සහ ප්‍රාදේශීය පොලිසිය යනුවෙන් කොටස්‌ දෙකකට වෙන් කර තිබේ.

http://www.divaina.com/2016/03/29/forign01.html

Pic Source

සබැඳි ලිපි -
[
බෙල්ජියම ප්‍රහාරය - කුඩා දරුවන්ට රසකැවිලි බෙදා සතුට සමරති! අපට එරෙහි හැම රටකටම ගහනවා - අයිසිස්‌http://denethharinna.blogspot.com/2016/03/blog-post_83.html
]

Monday, March 28, 2016

ඉරාකයේ පාපන්දු තරගයට මරාගෙන මැරෙන ISIS ප්‍රහාරයක්‌: තිහක්‌ මරුට!

ඉරාකයේ පාපන්දු තරගයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු මරණයට පත්වී ඇත. 

මෙම ප්‍රහාරයේ වගකීම අයිසිස්‌ සංවිධානය භාරගෙන ඇත. ඉරාක අගනුවරට කිලෝ මීටර් 45 ක්‌ ඈතින් පිහිටි නගරයක පාපන්දු තරගයක්‌ අවසානයේ ත්‍යාග බෙදමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 65 දෙදෙනකු තුවාල ලබා තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් එම නගරයේ නගරාධිපතිවරයාද මරුමුවට පත්ව ඇත.

http://www.divaina.com/2016/03/28/forign03.html

Pic Source

වත්තල 'ජොගිං පාත්' එක මහරෑ හොරෙන් කඩයි!

වත්තල ප්‍රදේශයේ ඉදිකර තිබූ ශරීර සුවතා මං තීරුව පෙරේදා (26 දා) රාත්‍රි හදිසියේම කඩා ඉවත් කර ඇත.

පෙරේදා සන්ධ්‍යාවේ මෙම මංතීරුවේ ව්‍යායාම්වල නිරත වූ ප්‍රදේශවාසීන් ඊයේ (27 දා) උදෑසන ඒ සඳහා යළි පැමිණි අවස්‌ථාවේ එම මංතීරුව කඩා විනාශ කර තිබෙන අයුරු දැක සංවේගයට පත්ව ඒ පිළිබඳව සිය විරෝධය දක්‌වා තිබේ.

ඉතා රහසිගතව රාත්‍රි කාලයේ මෙම මංතීරුව ඉවත් කිරීම පසුපස කිසියම් යටි අරමුණක්‌ පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ පිළිබඳව වත්තල පොලිසියෙන් විමසූ අවස්‌ථාවේ කියා සිටියේ ඒ පිළිබඳව කිසිවක්‌ තමන් නොදන්නා බවයි. 

කිසියම් පිරිසක්‌ පෙර දින රාත්‍රියේ පැමිණ මෙම මං තීරුවේ ඇසුරුම් ගල් ඉවත් කර ඇති බවත් නාමපුවරු හා වෙනත් ඉදිකිරීම් රැසක්‌ විනාශකාරී ලෙස කඩා ඉවත් කර ඇති අතර එම මංතීරුවේ ආලෝක පද්ධතිය සහිත පහන් කුලුනු කිහිපයක්‌ ද කඩා දමා ඇති බවත් පොලිසිය පවසයි.

පෙරේදා රාත්‍රියේ පැමිණි මෙම නාඳුනන පිරිස්‌ මංතීරුව ගලවා ඉවත් කිරීමෙන් පසුව එහි ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකු යොදවා තිබීම පිළිබඳව ප්‍රදේශවාසීහු සිය විමතිය පළකර සිටිති.

ඉකුත් පාලන සමයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම මංතීරුව ඉදිකර ඇති අතර එහි නඩත්තු කටයුතු වත්තල නගර සභාව වෙත පැවරී තිබිණි.

පෙරේදා රාත්‍රි මෙම මංතීරුව හිටිහැටියේ ගලවා ඉවත් කළේ සංවර්ධන කටයුත්තක්‌ සඳහා බවට රාවයක්‌ ඇතත් එම මංතීරුව සහිත භූමිය අයත් වන්නේ පෞද්ගලික ආයතනයකට බව ද අනාවරණය වේ. 

ධම්මික සල්වතුර
http://www.divaina.com/2016/03/28/news01.html

සම්බුදු පහස ලද නාගදීප බොදු උරුමයේ බුදු රුවක් තැනුමට බාධා ඇයි? කුරගල, මුහුදු මහ වෙහෙර ආදී බොදු පුද බිම් අන්තවාදීන් ආක්‍රමණය කිරීමේ තවත් දිගුවක්ද?

රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලිතව දැනුමදී ඇතැයි නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ "දිවයින"ට ඊයේ (27 වැනිදා) පැවැසූහ.වැඩිදුරටත් කරුණු දැක්‌වූ නායක හිමියෝ උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බවත් යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් තහවුරුවන බව කියා සිටිති.

යාපනයේ ධීවරයින් ඇතුළු සියලුම දෙනා මෙම බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබියදී යාපනය මහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකරන ආකාරය බරපතළ සැකයක්‌ උපදවන බවද උන්වහන්සේ පැවැසූහ.

කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බවත් එමනිසා ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමුවී මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.

ප්‍රියදර්ශන ලියනගේ යාපනය නාගදීපයේ සිට
http://www.divaina.com/2016/03/28/news08.html

Pic Source

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

Sunday, March 27, 2016

කායානුපස්‌සනාවේ අරුත නොදැක්‌කොත් අපත් තිරිසන් සත්වයාත් එකම තැනකය! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

කායානුපස්‌සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක්‌ ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වියයුතුයි. ඒ විතරක්‌ නෙවෙයි අනිත්‍ය වශයෙන් දකින සිතත්, අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුනොත් ඔබට සිතාගැනීමටවත් බැරි සියුම් තැන්වලින් මාරයා ඔබ තුළින්ම ක්‍රියාත්මක වෙනවා. 

සමහර පිංවතුන්ලා සිටිනවා, ඒ අය රූපයේ අනිත්‍යභාවය දකිනවා, භාවනා කරනවා. නමුත් එම පිංවතුන් තම ශරීරය පිරිසිදුව තබාගන්නේ නැහැ. පිළිවෙලකට පිරිසිදුව ඇඳුම් පැළඳුම් අඳින්නේ නැහැ. තමන්ගේ කාමරය කුටිය අපිළිවෙලටයි තබාගන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇසුවහම ඒ අය කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා. සමහර පිංවතුන්ලා සිටිනවා, කකුලේ එල්ලී ලේ බොන කූඩැල්ලා, කිනිතුල්ලා ගලවාදමන්නේ නැහැ. ඒ සතුන්ම ලේ බීලා වැටෙනකම්ම ශරීරයේ එල්ලාගෙන සිටිනවා. මදුරුවෙක්‌ ශරීරයේ වසා සිටියොත් එලවාදමන්නේ නැහැ. මෙතැනදී මේ පිංවතුන්ලා තමා තුළ වැඩෙන අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයකටයි, අන්තයකටයි කොටුවී සිටින්නේ. ඉහත ස්‌වභාවයන්, කායානුපස්‌සනාවේ නාමයෙන් ඔබ තුළ මෝදුවන මාර ධර්මයක්‌ම බව තේරුම්ගත යුතුයි. 

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑමට මොහොතකට පෙරාතුව, ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, ඔබවහන්සේ පිරිනිවන්පෑමට පසුව සම්බුද්ධ ශරීරයට කුමන ආකාරයෙන් කටයුතු සිදුකළයුතුද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා, ආනන්ද සක්‌විති රජකෙනෙකුගේ ශ්‍රී දේහයට දක්‌වන යම් ගෞරවයක්‌ ඇත්ද, එවැනිම ගෞරවයක්‌ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දේහයට දක්‌වන්නය කියලා. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය තුන්ලෝකයාටම දේශනාකළ සම්බුදුපියාණන්, පුරා හතලිස්‌ පස්‌වසරක්‌ම රූපයේ අනිත්‍යභාවය,අසුබභාවය, පිළිකුළම ලෝකයාට මතුකොට පෙන්වූ සම්බුදු පියාණන් තම මියගිය සම්බුද්ධ සිරුරට සක්‌විති රජකුගේ දේහයට දක්‌වන ගෞරවයන් දක්‌වන්න යෑයි ප්‍රකාශ කරන්නේ පිරිනිවීගිය සම්බුද්ධ රූපය තුළිනුත්, දෙව් මිනිසුන් සහිත ලෝකයාට ගෞරව පුද වන්දනා කිරීමට සලස්‌වා මෙලොව පරලොව යහපතට අදාළ කාරණා සලසාදෙන්නයි. තම ශ්‍රී දේහය උපයෝගී කරගෙන අන්තිම නිමේෂයේදීත් ලෝකයාට අනිත්‍ය සංඥාව මතුකොටදීමටයි. අන්තයන්ට කොටු නොවූ අනිත්‍ය සංඥාවේ අර්ථයයි අපි ඉහතින් දකින්නේ.

යම් පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවහොත් 'ඔබ වහන්සේ අපවත් වුණාට පස්‌සේ, ඔබ වහන්සේගේ මළ සිරුර සුදු රෙදිකඩක ඔතා, වළක්‌ කපා වළට දමන්නටද?' කියලා භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කරන්නේ 'මහත්තයෝ මේ රූපයෙන් යම් උතුම් කර්තව්‍යයක්‌ මනුෂ්‍යයෙකුට කරගන්නට තිබෙනවානම් භික්‍ෂුව ඒ කර්තව්‍යය කරගෙනයි සිටින්නේ. ඒ නිසා මේ රූපයෙන් දැන් භික්‍ෂුවට සත පහකවත් වැඩක්‌ නැහැ. මහත්තයාට අවශ්‍යනම් භික්‍ෂුවගේ මළ සිරුර උපයෝගීකොට මෙළොව පරළොව පිනට කුසලයට අදාළ කටයුතු කරගන්න' කියලා. අනිත්‍ය කියන සංඥාවේ නාමයෙන්, භික්‍ෂුව ඔහුට ප්‍රකාශ කළොත් භික්‍ෂුවගේ මළ සිරුර සුදුරෙදි කඩක ඔතා වළ දමන්න කියලා, අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයට භික්‍ෂුව කොටුවුණා වෙන්න පුළුවන්. මම තුළ අනිත්‍ය සංඥාවද, අනිත්‍ය සංඥාව තුළ 'මම'ද සිටියා වෙන්න පුළුවන්. මෙවැනි 'අනතුරු'වලදී සංස්‌කාරයන්ට අදාළව වෙන්න තිබෙන දේ වෙන්න හැරලා, සිත අතහරින්න අප දක්‍ෂ වෙන්න ඕනේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනාකොට ඇති පරිදි, සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවැරදිව පුහුණුකළොත් උපරිම හත්වසරකින් ධර්මාවබෝධය ලබන්න හැකිය කියන අර්ථය කල්ප සියක්‌ කෝටි ගණනක්‌ භවයේ ගතවෙලත් තවම අපට බැරිවුණේ කායානුපස්‌සනා ධර්මයන්ට අදාළව අපේ සිත වැඩෙන විට ආශ්වාදයට මුවාවී මාරයා ඉතා සියුම් තැන්වලින් පහරදෙන නිසාය. 

පිංවත් ඔබ නිරතුරුවම දෙතිස්‌ කුණපය දකිමින් ජීවත්වන්න. ඔබ ජීවිතය සමග පමණක්‌ ජීවත්වුණොත්, ඔබ ජීවත්කරන්නේ දෙතිස්‌කුණපයක්‌ය කියන කාරණය ඔබට අමතක වෙනවා. දඹදිව කොසොල් රාජ්‍යයේ සිරිමා කියල රූමත් තරුණ ගණිකාවක්‌ හිටියා. ඇයගේ තරුණ රූමත්භාවයට යාබද රාජ්‍යයන් පවා වශීවෙලයි සිටියේ. ඇය හදිසියේම මියපරළොව යනවා. බුදුරජාණන්වහන්සේට සිරිමාගේ මරණය ආරංචිවෙලා රජතුමාට පණිවුඩයක්‌ යවනවා, සිරිමාගේ මළ සිරුර අමුසොහොනේ සතුනට කන්න නොදී දින හතක්‌ ආරක්‍ෂා කරන්නය කියලා. සත්වෙනි දවසේ රටේ ජනතාවට දැනුම්දෙනවා රූමත් සිරිමාව දකින්න අමුසොහොනට එන්න කියලා. බුදුරජාණන්වහන්සේත් අමුසොහොනට වැඩම කරනවා. කොසොල් රජතුමාට බුදුරජාණන්වහන්සේ දැනුම්දෙනවා, ඉදිමී, නිල්පැහැගැන්වී, කුණු ඕජාව ගලමින්, පණුවන් නලියමින්, නිලමැස්‌සන්ට නිවහනක්‌වූ සිරිමා රූමතියගේ මළසිරුර වෙන්දේසි කරන්නය කියලා. රජතුමා මසුරන් දහසක ලංසුවකින් පටන් ගන්නවා. නමුත් අවසානයේ ලංසුව කහවනු එකක්‌ දක්‌වා අඩුකරනවා. සිරිමාවගේ රූපයකට කිසිම ලංසුවක්‌ නොදෙන නිසා අවසානයේ රජතුමා කියනවා නොමිලේ සිරිමාගේ රූපය අරගෙන යන්න කියලා. ඒත් කිසිවෙක්‌ ඉදිරිපත් වෙන්නේ නැහැ. මීට සතියකට පෙර කහවනු දහස්‌ ගණනකට මිල නියමවූ රූමත් සිරිමාගේ සිරුර අවසානයේ මළකුණු කන තිරිසන් සතුන්ට පමණක්‌ වටිනා දෙයක්‌ වුණා. සිරිමා රූමතිය ජීවතුන් අතර සිටියදී, ධනවත් සිටුවරුන්, කුළවතුන් එම රූපයේ රසවින්දා. සිරිමා මියගියවිට එම රූපය තිරිසන් සතුන් රස කරමින් රසවින්දා. කායානුපස්‌සනාවේ අර්ථය නොදන්න නිසාම තිරිසන් සතා කරනා දෙයම අපි තවමත් කරමින් සිටිනවා.ජීවත්ව සිටින රූපය මනුෂ්‍යයා රසවිඳිනවා. මියගිය රූපය තිරිසන් සතා රසවිඳිනවා. කායනුපස්‌සනාවේ අර්ථය රූපය මළත් නොමළත් ජරාවටම පිළිකුලටම අයත් දෙතිස්‌ කුණුපයක්‌ම බව පිංවත් ඔබට අවබෝධකොට දෙනවා. 

(දෙතිස්‌ කුණුපයට අදාළ කොටස මෙයින් නිමවේ)

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/03/27/nimna05.html

උතුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දෙමළ නිළධාරීන් අපිව නොසලකා හරිනවා. වතුර, කෑම, බේත්, මූලික පහසුකම් මුකුත් අපට නෑ, අපි අසරණයි හාමුදුරුවනේ!


අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

<--- සේපාලිකා අම්මා හාමතේ හඬ වැළපෙන අයුරු...

විඳින අපට නම් සුන්දර සැඳෑවකි. එහෙත් ඔවුන්ට කෙසේ දැයි අපි නොදනිමු. සඳ එළියෙන් බැබළෙන තුරුලතා අතරින් ප්‍රාදූර්භූත වන ගුප්ත, මූසල බව නෙත ගැටෙන මුහුණු පුරා ද විසිරී ඇත. සඳ කිරණ වැටුණු ලොකු කුඩා කිසිදු මුහුණක එළියක්‌ නම් නැත. මතුව එන්නේ අවිනිශ්චිත බියමය. සතුරු බිය... රෝග බිය... ගමන් අපහසුතා... අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම ආර්ථීක අතින් ද බෝගස්‌වැව ප්‍රදේශවාසීන් අගාධයේ පතුලටම කිඳා බැස ඇත. කතාබහ කළ සෑම ගම්වැසියෙක්‌ම ඒ බව අපට කීවේ හැඬූ කඳුළින්ය.

'අපි මේ ඉඩම්වල පදිංචියට ඇවිත් අවුරුදු හතරක්‌ වෙනවා. වගා කරන්නයි, ජීවත් වෙන්නයි කියලා ඉඩම් අක්‌කරයක්‌ දීලා තියෙනවා. ඒත් මහත්තයො වගා කරන්න සල්ලි ඕන. අපි ළඟ සල්ලි නෑ. එහෙම ලොකු සල්ලියක්‌ තිබුණා නම් මේ කැලේට වෙලා මෙහෙම දුක්‌විඳින්නේ නෑ...' බෝගස්‌වැව පදිංචිකරුවකු වන සමන් කතාවට ආරම්භයක්‌ ලබාදුන්නේය.

යුද්ධයෙන් මියෑදුණු කොටි ත්‍රස්‌තවාදීන්ට කරන උපහාරයක්‌ ලෙස ප්‍රභාකරන් ඔවුන්ගේ පවුල් මහා වීර පවුල් ලෙස නම් කළේය. එල්.ටී.ටී.ඊ. ය විසින් මහා වීර පවුල් පමණක්‌ පදිංචි කරවීමට ගම්මාන ඇති කළේය. උතුර, නැගෙනහිර ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු අපේ හමුදාව ද යුද්ධයෙන් මියෑදුණු හමුදා සමාජිකයන්ගේ පවුල් සිංහල මහා වීර පවුල් ලෙස නම් කර බෝගස්‌වැව ප්‍රදේශයේ පදිංචි කළේය. උතුර, නැගෙනහිර යා කරන පිවිසුම් දොරටුව වන බෝගස්‌වැව ප්‍රදේශයේ ඇති කළ මේ සිංහල මහා වීර ගම්මාන නැවත යුද්ධයක්‌ ඇති නොවෙන්නට දැමූ බැරියර් එකක්‌ ලෙස ද පෙන්වාදිය හැකිය. එක පෙළට ගම්මාන පහකි. බෝගස්‌වැව 1, බෝගස්‌වැව 2, නාමල්ගම, සැලළිහිණිගම සහ නන්දිමිත්‍ර ගමය. බෝගස්‌වැවෙන් ආරම්භ වී නන්දමිත්‍ර ගමෙන් අවසාන වන මෙම නිවාස ව්‍යාපෘතියට යටත්ව භූමි ප්‍රමාණය අක්‌කර තුන්දහසකට වැඩිය.

ආරක්‍ෂක අංශවල සැලසුම වී තිබුණේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ ගම්මානවල සිංහල පවුල් හාරදහසක්‌ පදිංචි කරවීමය. අංග සම්පූර්ණ පාසලක්‌, සෑම ගමකටම පන්සලක්‌, ජලය, විදුලිය, සෞඛ්‍යය, මාර්ග පහසුකම් ආදියෙන් ඉතාමත්ම දියුණු ප්‍රදේශයක්‌ ලෙස නඟාසිටුවීමට පිඹුරුපත් ද සැකසී තිබිණි. පැවති රාජපක්‍ෂ ආණ්‌ඩුව සමයේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කරමින් එහි පළමු අදියර ලෙස නිවාස දහසක්‌ ඉදිකර සිංහල මහා වීර පවුල් දහසක්‌ පදිංචි කරවීය. උතුරෙන්, දකුණින්, වයඹින්, බස්‌නාහිරින් ලංකාවේ හතර දිග්භාගයේම රණවිරු පවුල් මේ ගම්මානවලට පැමිණ පදිංචි වී සිටිති. සෑම නිවසකටම විදුලිය, ජලය, ගම්මාන හරහා වැටුණු පුළුල් මාර්ගයේ වැඩ ද පටන්ගෙන ලහි, ලහියේ කරගෙන ගියේය. එහෙත් ආණ්‌ඩුව වෙනස්‌වීමත් සමග බෝගස්‌වැව නිවාස ව්‍යාපෘතිය එකතැන නතර වීය. ගමට ලබාදෙන වතුර කැපිණි. පරාක්‍රමපුර සිට කිලෝ මීටර් විසි පහක්‌ යන තෙක්‌ තාර නොවැටුණු වැලි පාර වල්වැදී ගියේය.

කාෂ්ටක පොළවෙන් මතු වන දූවිල්ලට දැන් ඒ මඟෙහි ගමන් කිරීම ද අසීරුය. දූවිලි බැඳුණු මග දෙපස තුරුලතා පාණ්‌ඩු පැහැයෙන් ලෙළ දෙන්නාහ. වාහනයක ගමන් කළ ද අප ඇඳ සිටි ඇඳුම් දූවිලි වර්ෂාවට අවර්ණ විය.

දූවිලි බැඳුණු හිස කෙස්‌ විදුලි එළියට අමුතුම පැහැයකින් දිස්‌න දුන්නේය. නාස්‌ පුඩු අතරින් ඇතුළු වන දූවිලි සැර ඉහ මොළ රත් කරන්නට විය. සැඳෑ අඳුර ගලන ගොම්මනේදීවත් මඟ වසා ගත් දූවිල්ල අපට දරාගත නොහැකි විය.

'මේ පාරෙ බස්‌ එකක්‌ යන්නේ දවසට දෙතුන් වතාවයි. ගොඩක්‌ම අපි ගමන් බිමන් යන්නේ පයින්...' දිවි මගෙහි කටුක බව කියන සමන්ගේ කතාවට ගමේ කාන්තාවක්‌ ද එකතු විය. ඇය සුමනාවතී ය. මේ දිනවල පවතින අධික රස්‌නයත් සමඟ අව් කාෂ්ටකයේ දූවිලි වලාවන්ට මැදි වූ මඟෙහි ගමන් කරන විට දැනෙන කටුක බව සුමනාවතී අම්මාගේ බොඳවන දෑස්‌වලින් අපට පෙනේ.

'අපේ දරුවන්ගේ ඔලුවල ගෙඩි. පෙනහලුවල දූවිලි බැඳිලා. පාරේ යන සමහර වෙලාවට හුස්‌ම ගන්න බෑ කියලා දරුවො අඬනවා...' ඇයගේ වචන පැටලිණි. ඉකි බිඳුම වේගවත් විය. 

'මේ බලන්න මහත්තයො මේ කිරි සප්පයා ඉපදෙනකොටම හදවතේ ආබාධයක්‌...' සුමනාවතී අම්මා තවත් මවක්‌ පපුවට තුරුලු කරගෙන සිටි කිරි කැටි බිලින්ඳියක්‌ අපට පෙන්නුවාය.

රෝස මලක්‌ වැනිය. කිරි කැටි දියණිය මවගේ පපුවට තුරුලු වී සුව නින්දකය.

'දුවට මොකද වෙලා තියෙන්නේ...' දරු පැටියා තුරුලු කරගෙන සිටි අම්මට අපි කතා කළෙමු. ඇය අචලාය.

'දුව ඉපදුණේ පහුගිය ජනවාරි 29 වැනිදා. එයා ඉපදෙනකොට පෙනහලුවල ආබාධයක්‌ තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්‌සේ කොළඹ රිඡ්වේ රෝහලේදී දුවව ඔපරේෂන් කළා. වෛද්‍යවරු කියපු විදිහට ඔපරේෂන් එක සාර්ථකයි. ඒත් හොඳට පරිස්‌සම් කරන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපේ ගේ මැටි. පොළොවට සිමෙන්තිවත් දාලා නෑ. ඒ මදිවට පාරේ දූවිල්ල ගෙට එනවා. දුවව පරිස්‌සම් කරගන්න එක අපිට ලොකු ප්‍රශ්නයක්‌ වෙලා. දුවට බෙහෙත් ගන්න අද උදේ වව්නියා ඉස්‌පිරිතාලෙට ගියහම හවස්‌ වෙනකම් තියාගෙන හෙට දවසේ බෙහෙත් ටික විතරයි දුන්නේ. ඉතුරු ටික ගන්න අනිද්දට එන්න කිව්වා. මගේ මහත්තයා කරන්නේ ලොතරැයි විකුණන රස්‌සාව. මේ දරුවගේ ප්‍රශ්නය නිසා මහත්තයා දැන් මාස දෙකකින් රස්‌සාවට ගියේ නෑ. අපිට තව ඉස්‌කෝලෙ යන දරුවො දෙන්නෙක්‌ ඉන්නවා...'

ඔයාල මෙහෙට පදිංචියට ආවේ කොහේ ඉඳලාද...? අපි ඇයගේ කතාවේ දිසාව වෙනස්‌ කළෙමු.

'පොළොන්නරුවේ ඉඳලා...' ඇයගෙන් කෙටි පිළිතුරකි.

ඇය සමඟ කතා කරමින් සිටින අතරේ පුංචි පුතෙක්‌ අප අසලට පැමිණීයේය. ඔහු සුරාඡ් දේශාන්ය. බෝගස්‌වැව විද්‍යාලයේ පහ වසර පන්තියේ අකුරු කරන දක්‍ෂ දරුවෙකි. ඔහු කියන විදිහට පන්තියේ ළමයින් හතළිස්‌ අටක්‌ අතරින් ඔහු හත්වැනියාය. 

ඇයි පුතා තවම ඉස්‌කෝලෙ යුනිෙෆෝම් එක පිටින්...?

'ඉස්‌කෝලෙ ඇරිලා ගෙදරට ආපු ගමන් තමයි අම්ම එක්‌ක පන්සලට ආවේ...'

ඇයි අද පරක්‌කු වුණේ...? අපගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ඇඹරිණි. පිළිතුරක්‌ නැති පුංචි මුහුණ දෙස අපි බලා සිටිමු. මොකක්‌ හෝ ගැටලුවක්‌ තිබෙන බව අපට වැටහිණි.

'පුතාට බස්‌ එකේ එන්න තිබුණු රුපියල් දහය ඉස්‌කෝලෙදී නැති වෙලා. පස්‌සෙ පුතා පයින්ම ගෙදර ඇවිත්. ඉස්‌කෝලේ ඉඳලා අපේ ගමට කිලෝ මීටර් දොළහක්‌ විතර තියෙනවා. ගෙදරට එනකොට හවස පහ විතර වුණා...' පුංචි පුතා වෙනුවෙන් අපට උත්තර දුන්නේ ඔහුගේ මවය.

සුදු කමිසය පාණ්‌ඩු පාටය. මුහුණ මැළවී ගොස්‌ය. එහෙත් ඒ දරුවගේ පින් පාට සිනාව දැනුදු මට මැවී පෙනේ.

පුතාගේ තාත්තා අම්මා මොකද කරන්නේ...? අපි පුංචි පුතුට නැවතත් චූටි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කෙළමු.

'තාත්තා කුලී වැඩ. අම්මාගේ බඩේ ඔපරේෂන් එකක්‌ කරලා. ඒ නිසා අම්මට වැඩක්‌ කරන්න බෑ...'

'පුතාට නංගිලා මල්ලිලා ඉන්නවාද...'

'මල්ලි කෙනෙක්‌ ඉන්නවා. අනේ අංකල් අපේ අම්මට තවමත් හොඳ නෑ. අපිට අම්මාව හොඳ කරලා දෙන්න...' ඒ සුරාඡ්ගේ අහිංසක ඉල්ලීමය.

සුරාඡ්ගේ පන්තියේ ළමයින් හතළිස්‌ අටකි. ළමයින්ට ඉඳ ගැනීමට අකුරු ලියන්නට ඩෙස්‌ බංකු ඇත්තේ පහළොවක්‌ පමණි. සුරාඡ් කියන විදිහට බෝගස්‌වැව විද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින් සංඛ්‍යාව හාරසිය ගානකි. එහෙත් මීට අවුරුද්දකට ඉහතදී එම පාසලේ ළමයින් අටසීයකට වැඩි ප්‍රමාණයක්‌ අධ්‍යාපන කටයුතුවල නියෑලුණු බව ලැබෙන ආරංචි මාර්ගය. මිනිසුන් ප්‍රදේශය අතහැර යැමත් සමඟ පාසලේ ළමයින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී.

'ගොවිතැන් කටයුතු කරන්න වතුර දීලා තිබුණා. වගා කරන්න ණය පහසුකම් දුන්නා. මාසෙකට සැරයක්‌ වියළි ආහාර මල්ලක්‌ දුන්නා. අපිට තිබුණේ මහන්සි වෙලා වගා කරන්න. අපි වගා සංග්‍රමය පටන් ගත්තා. පලතුරු, එළවළු, ධාන්‍ය බෝග හැම දේම වගා කළා. මේක පින් පොළවක්‌ මහත්තයො. මයියොක්‌ක දණ්‌ඩක්‌ විසි කළත් පැළ වෙනවා. අපි වෑපිරු බීජවලින් අස්‌වැන්නත් ගත්තා. අටු කොටුත් පිරෙව්වා. මිනිස්‌සු රජයෙන් දීපු ගෙවල් දොරවල් ලොකු කරලා හදන්න පටන් ගත්තා. උතුරු වසන්තය යටතේ මේ ගම්වල හැම ගෙදරකටම ලයිට්‌ දුන්නා. පාරවල් හැදුණා. බලා හිටිද්දී ප්‍රදේශය දියුණු වුණා. මේ ආණ්‌ඩුව පත් වුණාට පස්‌සේ පාර හදන එක නතර වුණා. ඊට ටික දවසක්‌ යනකොට ගමට දුන්නු වතුර ටික නතර වුණා. වගා කරන්න විදිහක්‌ නැතිව ගියා. ඒ මදිවට වගා කරන්න දුන්නු ආධාර, වියළි ආහාර සහනාධාර සේරම නතර කළා. අපිට වෙච්ච අසාධාරණය මේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වහම කියනවා 'උඹලාව මෙහෙට ගෙනත් දාපු උන්ට ගිහින් කියාපල්ලා' කියලා. හරියට අපි අතපලලෙන් වැටුණු ගානටයි කතා කරන්නේ. අපි එහෙම වෙන්න ඕන මිනිස්‌සු නෙමෙයි. යුද්දෙට දරුවො පූජා කළේ මෙහෙම දුක්‌විඳින්නත් නෙමෙයි. කොටින්ගෙන් වෙඩි කාගෙන උන් එක්‌කම හැපුණේ උපදින දරුවන්ට නිදහස්‌ රටක්‌ ඇති කරන්න. ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ හාමතේ මැරෙන්න. මේ ගම්වල ඉඳලා නගරයට දුරයි. ඒ නිසා නගරයට ගිහින් කඩේකවත් වැඩක්‌ පලක්‌ කරලා එන්න බෑ. අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා. අපි විඳින දුක රටට කියන්න මම වව්නියාවට ගිහින් බැනර් උස්‌සගෙන හිටියා. ඒ අහන්නේ නැති තැන පාර මැද නිදාගත්තා. ඒත් අපේ දුක බලන්න කවුරුවත් ආවේ නෑ. මේ ප්‍රදේශවල කිසිම මාධ්‍යවේදියෙක්‌ අපේ ප්‍රශ්න රටට කියන්නෙත් නෑ. අනේ හාමුදුරුවනේ අපිට පිහිට වෙන්න... අපි ජීවිතයේ හොඳටම දුක්‌විඳපු මිනිස්‌සු. අපිට තවත් දුක්‌ විඳින්න බෑ. අපේ දරුවන්ට ගොවිතැන් බතක්‌ කරගන්න ගමට දුන්නු වතුර ටික අරගෙන දෙන්න. මේවා අපිට කියාගන්න කෙනෙක්‌ නැතුවයි හිටියේ. මේ අඬනවා නෙමෙයි. පපු කැහුත්තේ තියෙන වේදනාවයි පිටවෙන්නේ...' වියපත් මවගේ විලාපයත් සමග මුසු වූ උද්වේගකර ඒ වචන සැලළිහිණිගම විහාර භූමියට රැස්‌ව සිටි සියලුම දෙනා හැඬෙව්වාය. සැබෑවටම ඒ කතාවට ඇඬෙන්නේය. 

අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට ගියහම කිසිම සැලකිල්ලක්‌ නෑ. ඒ ආයතන තුළ ඉන්න බහුතරය දෙමළ. නිලධාරීන් නිසා එන්නන්, යන්නන් 'මෙන්න බුදුනෙ මල් මම වැන්දා ගියා' කියන කතාවක තමයි කියන්නේ. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ මිනිස්‌සු පනහට, පනහ පදිංචි කරන්න ඕන. ඒ වගේම අතරමඟ නතර වෙච්ච බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕන. රටේ භාණ්‌ඩාගාරයේ සල්ලි නෑ කියලා කරගෙන ආපු සංවර්ධනය නතර කරන්න බෑ. ගම්වල මිනිස්‌සු කන්න නැතිව මැරෙන්න යනවා. වතුර ටිකක්‌ නැතිව ලෙඩ්ඩු වෙනවා. රටේ සල්ලි නෑ කියන ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට පිනට වාහන දෙන්න යනවා. මේවා තමයි පුදුම කතා. මේ කියන හරුප කතාන්දර බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන. බෝගස්‌වැව සැලළිsහිණිගම විහාරස්‌ථානාධිපති තණමල්විල පියනන්ද ස්‌වාමීන් වහන්සේ අප සමග අදහස්‌ දක්‌වමින් එසේ පැවසූහ.

පක්‍ෂ පාට වැදගත් නොවේ. මනුස්‌සකමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතුය. මිනිසා, මිනිසාට ප්‍රේම කළ යුතුය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මිනිසා මිනිසාට වෛර කිරීමකි. දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බළකොටුව පිහිටා ඇත්තේ ද බෝගස්‌වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසි දහසක්‌ රහතන් වහන්සේලා සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්‌වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. එවැනි ඓතිහාසික භූමියක අද ජීවත් වන සිංහල මිනිසුන් හාමතේ මැරෙන්න යන්නේය. එහෙත් බෝගස්‌වැව මිනිසුන් ගෙවල් ඉල්ලන්නේ නැත. බඩු මලු ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් දියුණු කරගැනීමය. ගමේ පාසල දියුණු කර ගැනීමය. ලබා දීපු වගා සහනාධාරය නැවත ක්‍රියාත්මක කරලීමය. පර වුණු ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට එය හොඳටම ප්‍රමාණවත් බව ගම්වාසීහු අපට කීහ.

ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කරගැනීමට ජීවිත පරිත්‍යාග කළ විරුවන්ගේ පවුල් සඳහා සුබසාධනය සැලසීම රටක, ජාතියක වගකීමකි. අනිවාර්ය යුතුකමකි. එමෙන්ම උතුර, නැගෙනහිර යනු වසර තිහකට වැඩි කාලයක්‌ ම්ලේච්ඡ ගෝත්‍රික යුද්ධයකට මැදි වූ විවිධ ජාතීන් ජීවත් වූ ප්‍රදේශයක්‌ය. ඒ මිනිසුන්ගේ පෑරුණු සිත් සුවපත් කිරීමට මෙතෙක්‌ දියත් කෙරුණු කිසිදු වැඩපිළිවෙළක්‌ නැත. මානසික කළමනාකරණය සඳහා කිසිදු උපදේශන වැඩපිළිවෙළක්‌ නැත. එවැනි බේද භින්න වූ පරිසරයක ජනාවාස ඇතිකිරීම සිහිබුද්ධියෙන් කළ යුත්තකි. එසේ නොවන්න දුක්‌විඳින්නේ ජාතික විරුවන්ගේ ඥාතීන්ය. බෝගස්‌වැව රණවිරු ජනපදකරණයේ පදිංචි මිනිසුන් අද අත්විඳිමින් සිටින්නේ ඒ කටුක අද්දැකීමය. ඒ අසරණ මිනිසුන් දේශපාලනිකව, භූගෝලීයව මෙන්ම ආර්ථික වශයෙන්ද නන්නත්තාර වී සිටින්නේය. දැන් ඒ මිනිසුන්ට කිසිදු හව්හරණක්‌ නැත. දේශපාලන ගෝත්‍රිකයන් ඒ අසරණයන් අරබයා කඹ ඇදිල්ලකය. රටක්‌ වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ සියලු ජාතීන් අතර සංහිඳියාවයි. එහෙත් මේ රටේ කාලකණ්‌ණි දේශපාලනය විසින් රටේ මිනිසුන් කුලල් කා ගන්නා තැනට තල්ලු කරනවා විනා එකමුතු කිරීමක්‌ නොකරන්නේය. ඉතිහාසය පුරාම අප අත්විඳිමින් සිටින්නේ ඒ ගෝත්‍රික දේශපාලන ක්‍රියාකාරකම්ය. වෙනසක්‌ නැත. අද අත්දකිමින් සිටින්නේ ද ඒ ගෝත්‍රික ප්‍රතිපත්තියමය.

රට නිදහස්‌ කරගැනීමට තම දරුවන් දන් දුන් මවුපියන් අසරණ තත්ත්වයට පත්කිරීම යනු රටක්‌ වශයෙන් අප කර ගන්නා ආනන්තරීය පාපකර්මයක්‌ බව ද දේශපාලන ඇත්තන් සිතේ ධාරණය කර ගත යුතුය.

තරංග රත්නවීර, සිරිමන්ත රත්නසේකර | ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
http://www.divaina.com/2016/03/27/nimna01.html

සබැඳි ලිපි -
[

ගමේ ග්‍රාම සේවකගේ ඉඳලා ඉහළ නිලධාරීන් සේරම මේ සිංහල මිනිස්‌සුන්ට කෙණෙහිලිකම් කරනවා. පර දෙමළ ජාතිවාදයෙන් බැටකන කෝකිලාවේ සුජාත සිංහලයෝ!http://denethharinna.blogspot.com/2016/03/blog-post_20.htmlමුත්තුආරම ගම්මානයෙන් සිංහල ජනතාව පළවා හැරීමට සාකච්ඡාවක්‌ පවතිනවා. මේ ආක්‍රමණය කඩිනමින් පරාජය කළ යුතුයි - ඥනසාර හිමිhttp://denethharinna.blogspot.com/2016/03/blog-post_17.htmlබොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියතිhttp://denethharinna.blogspot.com/2016/03/tna_15.htmlමේ ආණ්ඩුව ආ දා පටන් තර්ජණ වැඩිවුණා.. පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවාhttp://denethharinna.blogspot.com/2016/03/tna.html
]

ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී ඇත.

අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක්‌ වී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක්‌ මේ වනවිට අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමග එක්‌ව සිටින බවයි.

ගලේවෙල පදේශයෙන් ගොස්‌ අයි. එස්‌. අයි. එස්‌ සංවිධානයට බැඳුණු පුද්ගලයකු පසුගියදා හමුදා ප්‍රහාරයකින් ඝාතනයට ලක්‌විය.

අයි. එස්‌. සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් සෙවීම සඳහා ක්‍රමවත් විමර්ශනයක්‌ ආරම්භ නොකිරීමෙන් ඉදිරියේදී ජාතික ආරක්‍ෂාවට ද විශාල තර්ජනයක්‌ එල්ල විය හැකි බව ත්‍රස්‌ත මර්දන විශේෂඥයෝ කියා සිටිති. 

මේ සම්බන්ධයෙන් 'දිවයින' කළ විමසීමකදී ත්‍රස්‌තවාදය මර්දනය සම්බන්ධයෙන් විශේෂ දැනුමක්‌ ලබා සිටිනා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ මෙසේ කියා සිටියේය.

"අයි එස්‌ අයි එස්‌" ත්‍රස්‌ත සංවිධානය ශ්‍රී ලංකාවටත් විශාල තර්ජනයක්‌ වන සංවිධානයක්‌ බවට පත්වෙමින් තිබෙනවා.

මේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් ගැන සෙවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී. අයි. ඩී.) හෝ ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය (ටී. අයි. ඩී.) වෙත භාර දිය යුතුයි. 

ඒ වගේ ම මේ සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක්‌ බවට පත් කළ යුතුයි. විවිධ රැකියා සඳහා යෑයි කියමින් මැද පෙරදිග බලා ගිය ශ්‍රී ලාංකිකයන් ගැන පුළුල් විමර්ශනයක්‌ කිරීම ඉතාම වැදගත්. මැදපෙරදිග රටවල රැකියාවන්ට ගිය පුද්ගලයන් ඒ රටවල අදාළ ස්‌ථානවල රැකියා කරනවාද නැද්ද යන්න සොයා බැලිය යුතුයි. ඒ මගින් අපට තොරතුරු ලබාගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිගට ගිය පුද්ගලයන් නිවැරැදිව එම ස්‌ථානවල සිටිනවාද යන්න පිළිබඳව.

ඒ වගේම විවිධ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව ගුවන් තොටුපළේ සිට සොයා බැලීම කළ යුතුයි.

මේ සැක කටයුතු පුද්ගලයන් රට තුළට ඇතුළු වී ක්‍රියා කරන ආකාරයන් පිළිබඳව දැඩි විමර්ශනය කිරීම වැදගත් යෑයි ත්‍රස්‌ත මර්දන විශේෂඥයා වැඩි දුරටත් කියා සිටියේය. 

අයිඑස්‌ ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ වෙබ් අඩවි 60 ක්‌ තහනමට ලක්‌ වී නැති අතර එම වෙබ් අඩවි වෙත තවදුරටත් ප්‍රවිෂ්ට වීමට මෙරට අයි එස්‌ අනුගාමිකයන්ට හැකි බව ඉහළ පෙළේ හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

මේ හැර මාලදිවයිනේ සිට රෙදි මිලයට ගැනීමේ වේශයෙන් පැමිණෙන පිරිස්‌ ගැන ද අවධානය යොමු වී ඇත.

මාලදිවයින රජය මේ වනවිට අයිඑස්‌ ක්‍රියාකාරීන් රැසක්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ හරහා විදේශගත වීමට සැලසුම් කර තිබූ බව හෙළි විය.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන්නේ කොලන්නාව, සාලමුල්ල, දෙහිවල, කුරුණෑගල සහ නැගෙනහිර පළාතේ ද අයිඑස්‌ අනුගාමිකයන් සිටින බවයි. අයිඑස්‌ අනුගාමිකයන් ශ්‍රී ලංකාව තුළ සිටින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගියදා විමර්ශන වාර්තාවක්‌ රජයට ඉදිරිපත් කරමින් අනතුරු අඟවා තිබිණි.

මේ අතර සිරියාවේ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට සම්බන්ධ වී මෙරට අනුගාමිකයන් 45 ක්‌ සිටින බවට වාර්තා වී ඇත. 

කීර්ති වර්ණකුලසූරිය හා හේමන්ත රන්දුණු
http://www.divaina.com/2016/03/27/news01.html

Pic Source

සබැඳි ලිපි -
[

අයි එස්‌ සංවිධානය සමඟ සබඳකම් පවත්වන අය නැගෙනහිර සිටිනවා - බුද්ධි අංශhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_30.html"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.html
]

Thursday, March 24, 2016

බෙල්ජියම ප්‍රහාරය - කුඩා දරුවන්ට රසකැවිලි බෙදා සතුට සමරති! අපට එරෙහි හැම රටකටම ගහනවා - අයිසිස්‌

අයිසිස්‌ සංවිධානයට එරෙහිව සටන් වදින සෑම රටකටම ඉදිරියේදී පහර දෙන බව එම සංවිධානය ඊයේ අරාබි හා ප්‍රංශ භාෂාවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඉදිරියේදී අඳුරු දිනයක්‌ උදාවන බවත් එවිට වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් ඉස්‌ලාමික රාජ්‍ය සංවිධානය කියයි.

බ්‍රසල්ස්‌ ප්‍රහාර පිළිබඳව සිය සතුට පළ කරමින් අයිසිස්‌ සාමාජිකයන් ඊයේ (23දා) සිරියාවේ තම පාලන ප්‍රදේශවල කුඩා දරුවන්ට රසකැවිලි බෙදා දී ඇත.පෙරේදා (22 දා) පෙරවරුවේ බ්‍රසල්ස්‌ නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 34 ක්‌ මියගොස්‌ තවත් 250 ක්‌ තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරය නිසා මියගිය අය සිහිකරමින් බෙල්ජියම දින තුනක ශෝක කාලයක්‌ ප්‍රකාශයට පත් කර ඇත.

අඟහරුවාදා ප්‍රහාරයට දින හතරකට පෙර පැරිස්‌ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන අබ්දෙසලාම් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත්වූ මෙම අයිසිස්‌ සාමාජිකයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තවත් ප්‍රහාරයකට සැලසුම් සකස්‌ කරමින් සිටි බවට ය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැරිස්‌ නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 130 ක්‌ මරණයට පත් වූහ.

චතුර පමුණුව
http://www.divaina.com/2016/03/24/news01.html

මහ ඇමතිට, රටේ හිටපු නායිකාවකට සහ ඇමතිවරයකුට ඊළාම්වාදී ඩයස්පොරවෙන් මිලියන ගණනින් මුදල්!

Ltte Diasporaරටේ පැවති පාලනය වෙනස් කිරීම සදහා LTTE ඩයස්පොරාව මැදිහත් වූ අයුරු සහ බිලියන ගණනින් මුදල් වියදම් කළ අයුරු පිළිබදව මේ වන විට තොරුතුරු රැසක් අනාවරණය වෙමින් පවතිනවා.

ColomboToday.com ලන්ඩන් නුවර නියෝජිතයෙකු සමග අදහස් දක්වමින් එරටට සංක්‍රමණය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සදහන් කළේ ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ ඩයස්පොරාව කිසිදු සංවර්ධන හා සුබසාධන ක්‍රියාවක නිරත නොවන අතරම යළිත් එම ජනතාව යුද්ධයකට ඇද දැමීමට විදේශ රටවල ජීවත්වන ද්‍රවිඩයන්ගෙන් එකතු කරගන්නා මුදල් යොදවන බවයි.

ඊළාම් ඩයස්පොරා ප්‍රධානීන් කිසි ලෙසකින්වත් ඊළම පිළිබදව අදහස අතහැර නොමැති බවත් මේ මොහොතේ දේශපාලන ක්‍රියාමාර්ගයක් පිළිබදව වැඩි විශ්වාසය තබා ඇති ඔවුන් ඩොලර් මිලියන ගණන් මුදල් යොදවමින් රාජ්‍ය නොවන සංවිධාන හරහා රහසිගතව උතුරේ ද්‍රවිඩ තරුණයන් අතර ඊළාම් මතවාදය ප්‍රවර්ධනය කරමින් සිටින බවද ඔහු අනාවරණය කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී ඊළාම් ඩයස්පොරා ප්‍රධානී, ගෝලීය ද්‍රවිඩ සංසදයේ එස් ජේ එම්මානුවෙල් පූජකවරයා විසින් ද්‍රවිඩ සන්ධානයේ බලය ඇති පළාත් සභාවක ප්‍රධාන ඇමතිගේ පෞද්ගලික ගිණුම ඩොලර් බිලියන ගණනින් පුරවා ඇති අතර ඩයස්පොරා පැවරෑ කාර්යය ඔහු මේවන විටිත් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටී. ඔහු ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ද නැවත වරක් ප්‍රසිද්ධියේ ඊළම පිළිබදව ප්‍රකාශ නිකුක් කරීමට කටයුතු කරමින් සිටින්නේ ඩයස්පොරාව හරහා උතුරේ ප්‍රචලිත කරමින් සිටින බෙදුම්වාදී මතවාදවලට උත්තේජනයක් සැපයීම සදහා වන බවද ඩයස්පොරා ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

හිටපු නායිකාවකට සහ ඇමතිවරයෙකුට ඩයස්පොරාවෙන් මුදල්:

මීට අමතරව රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළීම සදහා ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මෙහෙයුමේ ප්‍රධාන චරිතය රගපෑ රටේ හිටපු නායිකාවකට සහ කලක් ඇගේ සමීප සගයෙකුව සිටි දකුණු පළාතෙන් පාර්ලිමේන්තුවට පත්වූ (සමලිංගිකයෙන් යැයි කුප්‍රසිද්ධ) ඇමතිවරයකුටද ඊළාම් ඩයස්පොරාවෙන් මිලියන ගණනක් මුදල් ලබා දී ඇති බව රාජ්‍ය බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ රනිල් පාර්ශවය සහ මෛත්‍රී පාර්ශවය අතරද මේ වනවිට දැඩිලෙස කතා බහට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඇමතිවරයා ‍සහ හිටපු නායිකාව ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණද ඉක්මවා යමින් දෙමළ ඩයස්පොරා ප්‍රධානීන් සමග පෞද්ගලික මට්ටමෙන් අතිශය සමීප සබදතාවයක් පවත්වන අතර ඔවුන් දෙදෙනා පසුගිය කාලයේ ලන්ඩන් නුවර සංචාරයක කළ අවස්ථාවලදී ඩයස්පොරා ප්‍රධානීන් ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් හමුවී සාකච්ඡා පවත්වා ඇති බවද ලන්ඩන්හී අප නියොජිතයන්ගෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

http://www.colombotoday.com/14714-2/

ඉස්ලාම් ත්‍රස්ත බිය ලංකාවටත් දැනෙයි. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තර කරයි!

katunayake airportබෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ඊයේ එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ලොව පුරා ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාවද තර කර ඇති බව වාර්තා වනවා.

අද දහවල් පැමිණීමට නියමිත ගුවන් යානයකට ද ආරක්ෂාව ලබා දී තිබෙන අතර ගුවන් තොටුපොළට ආ දුරකථන ඇමතුමක් පිළිබදව ද පොලීසිය සහ බුද්ධි අංශ සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

http://www.colombotoday.com/2359455454/

ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇමති පිරිසකට සෞදියෙන් ඩොලර් මිලියනයක අල්ලසක්!

msl266ශ්‍රී ලංකාව තුළ ශරීයා මූල්‍ය නීතිය නීතිගත කිරීම සදහා අවශ්‍ය කටයුතු කිරීම සදහා මුස්ලිම් අමාත්‍යවරයෙකුට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට සෞදි අරාබියෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක සන්තෝෂමක් ලබා දී ඇති බව අභ්‍යන්තර දේශපාලන තොරතුරු මාර්ගවලින් අනාවරණය වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සෞදි අරාබියේ IDB ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සදහා මහ බැංකු අධිපති අර්ජුණ මහෙන්ද්‍රන් සෞදියේ සංචාරයක නිරතවෙමින් සාකච්ඡා පවත්වා ඇත. ඉස්ලාමීය සංවර්ධන බැංකුව ඉස්ලාම් ආගමික ශරීයා නීතිය පදනම්කරගෙන මූල්‍ය කටයුතු සිදුකරන ආයතනයක් වන අතර එහි සියලු මෙහෙයුම් සිදුවනුයේ ශරීයා නීතිය පදනම්වයි. ශරීයා නීතිය පදනම්ව සිදුකරන මූල්‍ය කටයුතු වලදී ගනුදෙනුකාර පාර්ශව එම නීතියට අනුගත වීම එහි මූලධර්මයක් වන අතර මූල්‍ය ආයතනද ශරීයා නීතියට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවේ. අදාළ ණය මුදල ලබා ගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතව සිටින අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ශරීයා මූල්‍ය නීතියට අනුකූලවන පරිදි ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවේ.

මෙයට විරෝධය පලකරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියට ආගමික නීති හදුන්වාදීමට එරෙහිව බොදු බල සේනා සංවිධානයද ඉකුත්දා ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබුණු අතර ඒ පිළිබදව විමසමින් ජනාධිපති අතිරේක ලේකම් එස් කොඩිකාර මහතා විසින් 2016 මාර්තු 01 දාතමින් යුතුව ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

කෙසේ හෝ මෙම ණය මුදල ලබාගෙන ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව මෙහෙයවීමට සෞදිය ක්‍රියාත්මක වෙමින් සිටින අතර ඒ හරහා ඉස්ලාමීය ශරීයා නීතියට ශ්‍රී ලංකාවේ පදනම දැමීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. එහි මූලික පියවර ලෙස ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය පෙළඹවීම සදහායි අදාළ මුස්ලිම් ඇමතිවරුන්ට ඩොලර් මිලියනයක අල්ලස ලබා දී තිබෙන්නේ. ඒ අනුව ඉතා ඉක්මනින් එම ණය මුදල ලබා ගැනීමේ වැදගත්කම පාර්ලිමේන්තුවේදී පෙන්වා දීමටද අදාළ ඇමතිවරුන් සූදානම්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.

බොහෝ දුරට එම ප්‍රකාශය නැගෙනහිර පළාත නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට ඉඩ ඇති බවට ‍වැඩිදුරටත් එම තොරතුරු මාර්ග අනාවරණය කරයි. කෙසේ වෙතත් ‍සෞදි ඉස්ලාමීය සංවර්ධන බැංකුවෙන් ණය ලබා ගැනීම සාධාරණීකරණය කිරීමට ඉදිරිපත්වීම හරහා ඩොලර් කුට්ටි පිටින් ගිල්ල ඔවුන්ගේ නිරුවත ඉතා නුදුරේදීම රට වැසියන්ට දැකබලා ගැනීමට හැකිවනු ඇත.

http://www.colombotoday.com/245698626212-2/

Wednesday, March 23, 2016

අපි ත්‍රස්තයන්ට පහර දෙනවිට අපට එරෙහි වූ යුරෝපයේ අද ඉරණම! බ්‍රසල්ස් ප්‍රහාර නිසා ISIS ප්‍රීතිවන බවට වාර්තා

3272A59D00000578-3503928-image-m-62_1458635459082බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපළේ අද (22) සිදුවූ පිපිරුම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට එරට බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම ප්‍රහාරවලින් අඩුම තරමින් 26 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි එරටින් ලැබෙන නවතම වාර්තා සඳහන් කරන්නේ. තුවාල ලැබූවන් පිරිස 81 ක් දක්වා වාර්තා වී ඇති බවත් එම වාර්තා සඳහන් කරනවා.

බෙල්ජියමේ අගමැති චාල්ස් මිචෙල් සඳහන් කර ඇත්තේද මෙම ප්‍රහාර මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් බවයි. 

බ්‍රසල්ස් නුවරට ප්‍රහාර එල්ල වීමත් සමග ප්‍රංශය පුරා අතිරේක පොලිස් බල ඇණි යොදවා ආරක්ෂාව තර කර තිබෙනවා. ලන්ඩන් සහ නිව්යෝක් නුවරද ආරක්ෂාව තර කිරීමටත් ඒ හා සමාන ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් සඳහන්.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැති අතර  ප්‍රහාරය පිළිබඳව අයි.එස්. කැරලිකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රීතිවන බවද දැන ගන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෙල්ජියමේ උමං දුම්රිය ස්ථානයෙත් පිපිරීමක් 

බෙල්ජියමේ යුරෝපා හවුලට අයත් ආයතනයක් ආසන්නයේ පිහිටි උමං දුම්රිය ස්ථානයක ද තවත් පිපිරීමක් සිදුව තිබෙනවා.

ඉන් දසදෙනෙකුවත් මිය යන්නට ඇති බවයි විදෙස් වාර්තා මේ වන විට වාර්තා කර ඇත්තේ.

මේ වන විට පිපිරීම් සිදුවූ ගුවන්තොටුපොළේ සහ දුම්රිය ස්ථානයේ සියලු පිරිස් ඉවත් කරමින් සිටින බවත් විදෙස් වාර්තා පවසනවා.

එරට සියලු ගුවන් ගමන් සහ දුම්රිය වාර නවතා ඇති බවත් සඳහන්.  සියලු ගුවන්තොටුපළවල් සහ දුම්රිය ස්ථානයන්වල හදිසි සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ මේ වන විට බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සියලු ප්‍රවාහන සේවා අඩපන වී ඇති බවයි.

ගුවන් තොටුපලේ  පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ  අරාබි භාෂාවෙන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද විදෙස් වාර්තා පවසනවා.

මෙම පිපිරීම් සිදුව ඇත්තේ 2015 වසරේ සිදු වූ පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සලාහ් අබ්ඩිසලාම් අත්අඩංගුවට ගෙන දින 4කට පසුවයි. ඒ අනුව මෙම ප්‍රහාර බොහෝ දුරට ත්‍රස්ත ප්‍රහාර විය හැකි බවටයි එරටේ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

http://nethfm.com/article/100882

Monday, March 21, 2016

සයිබර් අන්ඩර්වර්ල්ඩ් හෙවත් අන්තර්ජාලයේ පාතාල ලෝකය...

අද පවතින ජන සම්මතයට අනුව පාතාල ලෝකය යනු අප සමඟ බහුතරයක්‌ දෙනා සඳහන් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි තමන්ගේ මිනීමැරුම් අවි ගනුදෙනු මත් ජාවාරම කප්පම් මංකොල්ල හොරසල්ලි හොරකම් සල්ලාලකම් කොන්තරාත්තු ආදී අවර වැඩ සිදුකරන නීතියට එපිටින් යන තම අයුතු ගනුදෙනු ඉටුකරගන්නා උප සංස්‌කෘතියයි. දැන් දැන් මෙම සංවිධානාත්මක කල්ලි මෙන්ම කේවල චරිතද අන්තර්ජාලයට රිංගාගෙන විවිධ අපරාධ සහ අපචාර වැඩ කිරීමට පටන්ගෙන තිබේ. සයිබර් සංස්‌කෘතියේ මෙය හඳුන්වන්නේ අන්තර්ජාල අපරාධ හෙවත් සයිබර් ක්‍රයිම් කියායි. (cyber crime)

සයිබර් යන වචනය අද සමාජයේ අති බහුල ලෙස පාවිච්වි වුණද එහි සැබෑ අර්ථය නිරූපණය වන තනි වචනයක්‌ සොයා ගැනීමට නැත. එහෙයින් සයිබර් යනු පරිගණකය ආශ්‍රීත හෝ ඊට සම්බන්ධ සේවා කාර්යයන් උපාංග මෘදුකාංග වෙබ් අඩවි අන්තර්ජාලය ස්‌කයිප් විද්යුත් තැපෑල වයිබර් වට්‌ස්‌ඇප් සහ එවැනි වෙනත් ජාල යන සියල්ලටම කියන මුළු පරිගණක සංස්‌කෘතියම හඳුන්වන එක වචනය යයි කීවාට වරදක්‌ නැත.

අප කලින් කී පරිදි දැන් මේ සයිබර් අවකාශය තුළටද අන්තර්ජාලය හරහා පාතාලයෝ හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි රිංගාගෙන මහ පරිමාණයේ ගේම් දීම ආරම්භ කර ඇත. ඒ අනුව මුදල් වංචා කිරීම (fraud) කප්පම් ගැනීම (ransoms and black mail) අයථා ලිංගික ආස්‌වාදය (cyber sex) ලැබීම මිනීමැරීමට කොන්තරාත්තු ගැනීම අවි ආයුධ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය ජාවාරම අනුන්ගේ අන්තර්ජාල ගිණුම්වලට හොරෙන් රිංගීම හැකින් (hacking) හොර නම් වලින් පෙනී සිටීම (fake and false identity) අනුන්ගේ අනන්‍යතාවයන් ආදේශ කර ගැනීම අනුන්ගේ ගිණුම්වලින් මුදල් ඇදීම වැනි භයානක අපරාධ සිදුකරනු ලබයි. 

මෙවැනි අපරාධ වැළැක්‌වීම පිණිස ලොව පුරාම මෙන්ම අප රටෙත් විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන තිබුණද ඒවායේ ඇසට වැලි ගසමින් මෙම අපරාධකාරයෝ තම කාර්යයන් ලෙසටම පිළිවෙළට අහුනොවී කරගෙන යති.

නිගර් ක්‌ලෑන් nigger clan හෙවත් කල්ලන්ගේ කල්ලිය ලෙස ඉන්ටර්පෝල් එක (ජාත්‍යන්තර පොලීසිය) පවා හඳුනාගෙන සිටින හොරු රැලක්‌ සිටීයි. ඔවුනට නායකත්වය දෙන්නේ සැමුවෙල් ජොන්සන් ලෙස අන්වර්ථ නාමයකින් පෙනී සිටින කෙන්යානු කල්ලෙකි. එම නමෙන් ඊමේල් ෙෆ්ස්‌බුක්‌ ස්‌කයිප් ගිණුම් හදාගෙන ඉන්නා ඔහු වැඩිපුරම ගැවසෙන්නේ අරාබිය අවට සහ මැදපෙරදිග රටවලයි. ඔහුගේ කල්ලියේ සමාජිකයන් ලෙස තවත් කල්ලන් කීපදෙනෙක්‌ සහ ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක්‌ අප රටේද සිටිති. මෙම කල්ලියේ ප්‍රධානම ගේම වන්නේ අන්තර්ජාලයේ සැරිසරන මෝඩ මිනිසුන් සහ ගැහැනුන් මුලාකර ගොනාට අන්දා කෝටි ගණන් ලක්‍ෂ ගණන් මුදල් වංචා කර ඒවා තම ගිණුම්වලට ඇද ගැනීමයි. සියලුදෙනාම නොවුණත් ඉතා කුඩා ප්‍රතිශතයක්‌ මොවුනට අසුවී තම ලක්‍ෂ ගණන් මුදල් වලට කෙළවා ගනිති.

රාත්‍රී කාලයට අවේලාවට අසම්මත සහ අමුතු ලෙස අන්තර්ජාලයේ සැරිසරණ මැටි පන්තියේ පුද්ගලයන් හෝ ගැහැනුන්ගේ සයිබර් භාවිතය පිළිබඳව මාස ගාණක්‌ තීක්‍ෂණව බලා සිටිමින් ඒ අයව විමර්ශනයට ලක්‌ කරන මෙම කල්ලෝ නිසි වෙලාව බලා කුමක්‌ හෝ ලොකු ඇමක්‌ එකී පුද්ගලයාට අත හරී. සමහරවිට ඒ ලොතරැයි දිනුමක්‌ ගැනයි. නැත්නම් කාගේ හෝ මියගිය සුද්දෙකුගේ අති විශාල ධනස්‌කන්ධයක්‌ හෝ බූදලයකි. එසේත් නැත්නම් ඇමෙරිකාව කැනඩාව යුරෝපය වැනි රටකට වීසා ලබා දීමේ යෝජනාවයි. තම ඊමේල් ඉන්බොක්‌ස්‌ එකේ හෝ වෙනත් ගිණුමකට පැමිණ ඇති මෙවැනි දේ දකින බහුතරයක්‌ මනුෂ්‍යයා සිනාවී එම යෝජනා අලුයමළු කෙළ පිඬක්‌ සේ ඉවත ලෑවත් තවත් සමහර හරක්‌ මේ ඇත්තක්‌ද සමහර විට වෙන්නත් පුළුවන් නේද කොයිකටත් උත්සාහයක්‌ අරන් බලමු යන සිතුවිල්ලෙක්‌ කල්ලා සමඟ දෙවන පියවරට යයි. ඒ එම යෝජනාවට ප්‍රති උත්තර යෑවීමෙනි. මෝඩයන් හඳුනා ගැනීමේ පුදුම ඉවක්‌ ඇති මේ කල්ලිය තම සේවාලාභියාට මිහිපිට සුර පුර මවාපාමින් ඩොලර් යුරෝ පවුංවලින් පවන් ගසමින් තෙවන සිව්වන පියවරේදී තවත් යෝජනා ගෙන එයි. ඒ තම හිතවත් ඒ මිය ගිය සුදු ජාතිකයාගේ මහත් ධනස්‌කන්ධය ඉතා හොර රහසේ පෙට්‌ටියක අසුරා සඟවා කුරියර් සේවාවක්‌ (විශේෂ ශීඝ්‍රගාමි ගුවන් තැපැල් සේවාවක්‌) මගින් ලංකාවට එන බවත් එය රේගුවෙන් නිශ්කාශනය කර නිදහස්‌ කර ගැනීමට ගුවන් තොටේ රේගු නිලධාරියාට යම් අල්ලසක්‌ දිය යුතු බවත් ඔබ හමුවීමට එන ඒ නිලධාරියාට ලක්‍ෂ පහක හෝ හයක මුදලක්‌ දිය යුතු බවත් එසේ මුදල් දී පැයක්‌ ඇතුළත එම නිලධාරියාම කෝටි ගාණක මුදල් නෝට්‌ටු ඇති රහස්‌ පෙට්‌ටිය ඔබ නිවසටම ගෙනත් දෙන බවත්ය. එසේම ඔහු කියන්නේ තමන්ට රේගු නිලධාරියාව මුණ ගැසීමට බයක්‌ චකිතයක්‌ ඇත්නම් හෝ කාලවේලාව නැත්නම් මෙන්න මේ බැංකු ගිණුමට මුදල් බැර කරන ලෙසයි. කල්ලාගේ ඇම කා ලක්‌ෂ පහ හය එකී හොර ගිණුම් වලට බැර කරන අමන මෝඩයෝ ලංකාවේ මෙන්ම ලෝකය පුරාවටම සිටිති. අප රටේ රාජ්‍ය බැංකුවල මුස්‌ලිම් නම් වලින් පවත්වාගෙන යන මෙකී ගිණුම් කීපයක්‌ ගැනම සාක්‍ෂි සහිත විස්‌තර අප සතුව තියෙන අතර ඒවා පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ අයිටී ක්‍රයිම් අංශය හෙවත් තොරතුරු තාක්‍ෂණ අපරාධ අංශයටත් පොලිස්‌ මූලස්‌ථානයේ රහස්‌ පොලීසියටත් වරක්‌ දන්වා සිටි අතර ඒ තැන් දෙකෙන්ම කියා සිටියේ එවැනි අපරාධ තම අංශවලට අදාළ නැති බවත් කරුණාකර අවශ්‍ය නම් මහ බැංකුවේ මූල්‍ය අපරාධ අංශයට ගොස්‌ හෝ ලිතව දන්වන ලෙසත්ය. අපට එතරම් පිස්‌සුවක්‌ නැති නිසා වැඩේ එතැනින් නවතා දැමුවෙමු.

ඉහත කී කල්ලන් මෙන්ම තවත් බොහෝ සයිබර් හොරු සහ අන්තර්ජාල අපරාධකාරයෝ ලොව පුරාම ව්‍යාප්තව සිටිති. ඒ අතර ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක්‌ද නැත්තේ නොවේ. 

කැනඩාවේ උපන් දැනටත් ටොරොන්ටෝ නගරයේ ස්‌කාබෲ හි ජීවත් වන ශ්‍රී ලාංකික දමිල තරුණයෙක්‌ වන රූබන් සහ ඔහුගේ අතිජාත මිතුරු මීගමුවෙන් කැනඩාවට ආ සංජය කරන්නේ හියුමන් ට්‍රැෆිකින් හෙවත් රටින් රටට මිනිස්‌ ජාවාරමයි. ඇත්තම කීවොත් මුන් දෙන්නා කරන මිනිස්‌ ජාවාරම් කෙංගෙඩියක්‌ නැත. සංජය දක්‍ෂ පරිගණක දත්ත ඉන්ජිනේරුවකු වන අතර රූබන් නිර්මාණශීලී කවියෙකි. ඡායාරූප ශිල්පියෙකි. එමෙන්ම හොඳට ලියන්නට පුළුවන් ලේඛකයෙකි. ඔහුට මිනිසුන් හොඳටම අන්දවන්නටද පුළුවන. මේ දෙන්නා කරන්නේ අන්තර්ජාලයේ බොහෝ විට ඊමේල් තුළින් කැනඩාවේ වීසා අරන් දෙනවා. රස්‌සාවකුත් සොයා දෙනවා කියා පණිවුඩ මුදා හැරීමයි. එසේ ඔවුන් හරහා කැනඩාවට ආවා යයි කියන තරුණ තරුණියන්ගේ ඡායාරූප සහ ජීවිත කතාද අන්තර්ජාලයට මුදා හරී. මේ දෙදෙනා අඳුන්වා දෙන කැනඩා සංක්‍රමණයේ සිස්‌ටම් එක වන්නේ වැඩමුළුවකට සම්මේලනයකට හෝ අධ්‍යාපන දේශනයකට සහභාගිවන මුවාවෙන් දින කීපයකට තාවකාලික සංචාරක වීසා ලැබ කැනඩාවට ගොස්‌ පාස්‌පෝර්ට්‌ ඉරා දමා එහි ගල් වීම හෝ කැමා වීමේ ක්‍රමවේදයයි. මෙය ඇත්තටම අද අපේ උන් මෙන්ම සමස්‌ත ආසියානුවන්ද අනුගමනය කරන හොර එහෙත් සාර්ථක එක්‌ ක්‍රමයක්‌ වුවද සංජය සහ රූබන් කරන්නේ එසේ කළ හැකි බවට සිහින පෙන්වා මෝඩයන්ගේ දෙනෙත අභියස කැනඩා තුසිතයක්‌ මවා පෙන්වා ඔවුන් මුලා කොට කුට්‌ටියක්‌ ගලවා ගැනීමයි. මේ තමයි ඔබලා සහභාගී වන සම්මේලනය මේ තමයි ඔබ දින තුනක්‌ ලැගුම් ගන්නා හෝටලය මේක තමයි. ඔබ වෙනුවෙන් දින තුනකට වෙන් කර ඇති ශාලාවේ ඇති ආසනය මෙන්න මෙතනින් තමයි. අපි ඇවිත් ඔබව ඔටාවා නගරයට හෝ ඇල්බටා නගරයට අරගෙන යන්නේ ආදී දේ ඡායාරූප සහිතව පෙන්වමින් තව තවත් ඔවුන්ව සිහින ලෝකයේ අතරමං කරයි. මෙසේ දින දෙක තුනක්‌ යද්දී රූබන්ලා අර මෝඩයාට කියන්නේ අපි කැනඩාවෙන්ම වීසා ගස්‌සල එවන්නම්. ඒ සඳහා යන ඩොකියුමෙන්ටේෂන් සහ පේපර් වර්ක්‌ (ලියකියවිලි වැඩ) සඳහාත් වීසා ගාස්‌තු සඳහාත් රුපියල් අනු දාහක්‌ හෝ ලක්‍ෂයක්‌ යන නිසා ඒ මුදල ඉක්‌මණින් අහවල් ගිණුමට දාන්න කියායි. බොහෝ නොවුණට රූබන්ලාගේ මෙම බොරුවට ඇන්දෙන සෑහෙන පිරිසක්‌ අප රටේ සිටිති.

රූබන්ලා සංජයලා පමණක්‌ නොව මෙසේ ඇමෙරිකාවට, යුරෝපයට, ජපානයට කොරියාවට වීසා අරන් දෙනවා කියා අන්තර්ජාලය මගින් මෝඩයන් රවටා මුදල් කොල්ලකන විදේශිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ද අද එමටම සිටිති. සමහරු ලංකාවේම සිටිමින් බොරුවට පිටරටක සිටින බව සකස්‌ කරන ලද ඡායාරූප අන්තර්ජාලය තුළින් පෙන්වා මිනිසුන් රවටා මුදල් ගනිති.

අවි ජාවාරම සහ මත් කුඩු වෙළෙඳාමද අද අන්තර්ජාලය හරහා ජයටම සිදුවෙයි. බොහෝ මාෆියා කල්ලි අවි ආයුධ ගැන විස්‌තරත් ඒවායේ ඡායාරූපත් එකිනෙකා අතර හුවමාරු කරගන්නේ වයිබර් හෝ වට්‌ස්‌ඇප් තාක්‍ෂණයෙන් ඉන්බොක්‌ස්‌ පණිවුඩ හරහාය. ජී. පී. ආර්. එස්‌. සහ ලොකේෂන් ට්‍රැකින් මෘදුකාංගය හරහාද ඔවුන් රහසේ හමුවීම් ස්‌ථාන තෝරාගැනීම් ආදිය සැලසුම් කරති නීතියෙන් බේරෙන්නේද මොවුන් මෙම නව තාක්‍ෂණය උපයෝගී කරගෙනයි.

චැට්‌ වීඩියෝ කෝල් වට්‌ස්‌ඇප් වයිබර් හෝ ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ අද සයිබර් සෙක්‌ස්‌ කලාව ලොවපුරා තදටම ව්‍යාප්ත වෙමින් පවතී. හුදෙක්‌ම මෙය තම ආස්‌වාදය සඳහා උපරිම විශ්වාසය මත සිදුවන ක්‍රියාවලියක්‌ නිසාත් ඒවා අතිශය පෞද්ගලික ඕනා එපාකම් පිරිමසාගැනීම් නිසාත් ඒ පිළිබඳ අපට ගැටලු නැත. නමුත් උපරිම විශ්වාසය මත තම සහකරු හෝ සහකාරිය ඉදිරියේ කැමරාවට නිරුවත් වූ කළ එම සිදුවීම කැමරාවකින් පටිගත කරගෙන හෝ ඡායාරූපගත කර අන්තර්ජාලයට මුදා හරිනවා. යූටියුබ් එකට දානවා. ෙෆ්ස්‌බුක්‌ එකේ දානවා. ඔබගේ සැමියාට හෝ බිරිඳට එසේත් නැත්නම් ගෙදර අයට පෙන්වනවා කියා බය කර තර්ජනය කර කප්පම් ගැනීම නම් තරයේ හෙළා දැකිය යුතු පිළිකුල් කළ යුතු පාතාල අපරාධයකි.

හොර ගිණුම් හදාගෙන අන් අය රැවටීම අනුන්ගේ ගිණුම් වලින් මුදල් ඇදීම අන්තර්ජාල ඇබ්බැහිකම අන්තර්ජාලය නිසා ඇති වන අහිතකර බලපෑම් ආදී නොයෙක්‌ දේ සමඟ ඉදිරියේදී හමුවෙන්නට බලාපොරොත්තුව අදට මෙම ලිපිය අවසන් කරමු.

මිත්‍ර ශ්‍රී කරුණානායක
http://www.divaina.com/2016/03/20/feature05.html