Pages

Wednesday, March 30, 2016

SLT සුපිරි ධාරිතාවක් සහිත SEAME- WE 5 සමඟ යා වෙයි!

12417536_1132880376756583_2913158944916673651_nලෝක සංනිවේදනය වේගවත් කරන SEAME- WE 5 කේබලය අද (29) උදෑසන බෝල්ඩ් මර්විරික් නැව මගින් සිංගප්පූරුවේ සිට මාතර වැල්ලමඩම ප්‍රදේශයට මුහුද යටින් රැගෙන එනු ලැබුවා.

ඒ අනුව අග්නිදිග ආසියානු, මැදපෙරදිග සහ බටහිර යුරෝපා කලාපීය රටවල් 17 ක ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් 15ක සහයෝගීතාවයෙන් අරඹනු ලබන මෙම අති නවීන SEAME- WE 5 සමග ශ්‍රී ලංකා ටෙලිකොම් හට එක්වීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ හා සමගාමීව අති නවීන තාක්‌ෂණයෙන් පිරිපුන් නව දත්ත මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමටද කටයුතු ආරම්භ කොට තිබෙනවා.

ඉකුත් 2014 වසරේදී ඇතිකරගත් අන්තර් ජාතික එකඟතාවක්‌ මත මෙම අධිවේගී ජාත්‍යන්තර කේබල් පද්ධතියේ ප්‍රතිලාභයන් ශ්‍රී ලාංකිකයන් හට සමීප කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත හැකියාව ලැබෙනවා.

මාතර ඉදි කරන ලද SEAME- WE 5 කේබල් පද්ධතියේ ශ්‍රී ලංකා මෙහෙයුම් මධ්‍යස්‌ථානය විවෘත කිරීම සහ මෙරට පළමු සහ එකම Tier 4 ready දත්ත මධ්‍යස්‌ථානය වෙත මුල්ගල තැබීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් කොළඹ ජනපති නිල නිවසේ සිට අන්තර්ජාල තාක්‌ෂණය ඔස්‌සේ සිදු කෙරුණා. 

කිලෝ මීටර 20,000 ක පමණ දිගැති මෙම SEAME- WE 5 කේබල් පද්ධතිය සිංගප්පූරුවේ සිට මැදපෙරදිග කලාපය, ප්‍රංශය හා ඉතාලිය හරහා බටහිර යුරෝපය දක්‌වා විහිද යයි.

මෙම POP-to-POP (Point of Presence) සේවා සම්පාදනය කරනු ලබන්නේ ලොව පුරා රටවල් එකිනෙක හා සම්බන්ධ කරමින් තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ අනාගතය උදෙසා නව මං පෙත් විවරකරවමින්. 

මේ වනවිට ඇතිව තිබෙන තොරතුරු තාක්‌ෂණික ප්‍රබෝධය හරහා අනාගතයේදී බිහිවන අන්තර්ජාලගත නවෝත්පාදනයන් කෙරෙහි පහසුකම් සැලසීමේ අරමුණින් මෙම නව සමුද්‍රීය භූගත කේබල් පද්ධතිය සකසා තිබෙනවා.

මෙම SEAME- WE 5 කේබල් පද්ධතිය අති නවීනතම  Multiple 100 GBPS තාක්‌ෂණයෙන් නිර්මාණය කර තිබෙනවා.

තත්පරයකට ටෙරා බයිට්‌ 24 ක දත්ත හුවමාරු කිරීමේ හැකියාවැති මෙම නව පද්ධතියේ දත්ත හුවමාරු ශක්‍යතාව එක්‌ තත්පරයකදී HD (HD high-definition) චිත්‍රපට 4800 භාගත කිරීමේ හැකියාව හා සමපාත කළ හැකියි. 

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ඇරඹීමට නියමිත නව දත්ත මධ්‍යස්‌ථානය මෙරට ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනයන් හට සිය දත්ත පද්ධති පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපයයි.

එමගින් එම ආයතන නිතිපතා වැය කරනු ලබන විශාල ධනස්‌කන්ධයක්‌ ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.

තොරතුරු තාක්‌ෂණ සේවා සැපයීමෙහිලා ශ්‍රී ලංකා ටෙලිකොම් සතු විශේෂඥ පළපුරුද්ද සමඟ දත්ත ගබඩා කිරීමෙහිලා වැඩි ඉඩ ප්‍රමාණයක්‌, අදාළ දත්තවල නීත්‍යානුකූලබව හා රහස්‍යභාවය සුරැකීම හා පූර්ණ වශයෙන් සහතික කරන ලද ඉහළ මට්‌ටමේ ආරක්‌ෂාවක්‌ මෙහිදී පාරිභෝගිකයා වෙත සහතික කෙරෙයි.

තවද පාරිභෝගිකයන් හට තමන්ගේ අවශ්‍යතාව පරිදි සේවාවන් ලබාගත හැකි අතර ගාස්‌තු අය කිරීම සිදුවන්නේ ඔවුන්ගේ දත්ත පරිභෝජනයේ ප්‍රමාණය අනුව පමණක්‌ වීමද ඔවුන්හට සැලසෙන සුවිශේෂ වාසියක්.

http://offair.nethfm.com/article/36132

0 comments: