Pages

Friday, January 31, 2014

ආර්ථික ‍යුද්ධයෙන් මෙන්ම අවි යුද්ධයෙන්ද චීනය ඇමෙරිකාව අභිබවා යයි??? ඇමරිකා ආධිපත්‍ය අවදානමේ???

චීනය විසින් ශබ්දයේ වේගයට අධික වේගයකින් අවි හිසක් ඉලක්කය වෙත ගෙන යා හැකි ග්ලයිඞ් රථයක් අත්හදා බැලීම සමග සිය අවි තාක්ෂණික ආධිපත්‍යය බිඳ වැටීමේ අවදානමක් පවතින බවට ඇමරිකාවේ කනස්සල්ල පළවී ඇතැයි වාර්තා වේ.

අත්පත්කරගැනීම්, තාක්ෂණය සහ සංවිධානය පිළිබඳ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ෆ‍්‍රෑන්ක් කෙන්ඩාල් පවසා ඇත්තේ පෙන්ටගනයේ වියදම් කප්පාදුව ඇමරිකානු මිලිටරි ආධිපත්‍යයට සෘණාත්මක ලෙස බලපාමින් ඇති බවයි.

කොංග‍්‍රස් මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුව ඉදිරියේ අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

ආරක්ෂක දෙපාර්තමේන්තුව දශක ගණනාවකට පසු දැඩි අභියෝගයකට ලක්ව ඇති බවත් ජනාධිපති ඔබාමාගේ නව උපායමාර්ගක ප‍්‍රවේශය වැටී ඇති ආසියා පැසිපික් කලාපයෙන් එම තර්ජනය පැන නැග ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

ශබ්දයේ වේගය ඉක්මවීම එඒ සඳහා මනා නිදසුනක් බව පවසන කෙන්ඩාල් දක්වා ඇත්තේ ඒ වෙත ආයෝජනය කරන ප‍්‍රමාණය මත එහි වර්ධනය තීරණය කෙරෙන බවයි.

පසුගිය ජනවාරි 9වනදා චීනය විසින් සාර්ථකව අත්හදා බලා ඇති වූ-14 ග්ලයිඞ් රථය මගින් අවි හිසක් පැයට සැතපුම් 7680ක පමණ වේගයකින් ගෙනයා හැකි අතර එය දැනට ඇමරිකාව සතු මිසයිල ආරක්ෂණ පද්ධති හරහා නැවතිය නොහැකි වනු ඇතැයි පැවසේ.

ඇමරිකාවට වඩා කුඩා අයවැයක් සතු චීනය අවි තාක්ෂණික වර්ධනයන් සඳහා වැඩි මුදලක් වෙන් කරද්දී ඇමරිකාව ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසට යමින් ඇතැයි ඔහු පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/109478/

Pic Source

වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම එකම පාලනයක් බවට සනාථයි!

මාර්ගවල කානු පිළිසකර කළ සේවකයන් පිරිසක් විසින් වව්නියාවේ මරක්කරම්පලෙයි ප‍්‍රදේශයේදී සොයාගත් ඉපැරණි කාසි තොගය පොලොන්නරුව හෝ දඹදෙණි යුගයට අයත් මසුරන් (මස්ස)  බවට සාක්ෂි දරන බව උතුරු පළාත් සභාවේ පුරාවිද්‍ය නිලධාරී පී. ජී. වික‍්‍රමසිංහ මහතා පවසයි.

මෙම සේවකයන් පිරිසට කාසි පිරවූ කලයක් පසුගියදා හමුවී ඇති අතර එහි කාසි 120ක් පමණ තිබී ඇත.

මීට වසර ගණනාවකට පෙර මෙම කාසි තොගය වළදමා  ඇති බවත් එම ස්ථානයට නුදුරින් සදකඩ පහණක හා ගල්කණු කීපයක නටබුන් හමුවු බවත් උතුරු පළාත් පුරාවිද්‍යා නිලධාරීහු කියති.

එම ස්ථානයේ තවදුරටත් කළ කැණීම් වලදී තවත් කාසි 60 ක් පමණ සොයාගත් අතර මේ වන විට කාසි 180ක් පමණ සොයාගෙන ඇති බවද ඔවුහු පවසති.

http://lankacnews.com/sinhala/news/109494/

Pic Source

සබැඳි ලිපි -
[
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

අද බොහෝ විදෙස් පිරිස් ‍ බුදු දහම වැළදගමින් සිටිනවා. සමාජය වෙනුවෙන් දිවි කැපකරන සමස්ත භික්ෂු සමාජයටම හිස නමා ආචාර කළ යුතුයි - ග්‍රේරු

තම ආධ්‍යාත්මික විමුක්තිය ගැන විතරක් නොසිතා තම මහණ ජීවිතය සාසනික හා සමාජ මෙහෙවර උදෙසා කැපකරන සමස්ත භික්ෂු සමාජයටම සිරස නමා ආචාර කළ යුතු යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කර සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අමරපුර සිරි සද්ධම්ම මහා නිකායේ බස්නාහිර පළාත් උප ප්‍රධාන සංඝනායක ධූරයට පත් පූජනීය අතුරුලියේ ආනන්ද නාහිමි පාණන් වහන්සේට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝස්සවයට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත  අතිපූජ්‍ය දවුල්ලෙන ශ්‍රී ඥාණේස්වර  මාහිමිපාණන් වහන්සේ  සහ  අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහානායක සිරි සද්ධම්මවංසපාල ගණාචාරිය සිරි සුගත සාසනවසාලංකාර මහෝපාධ්‍යය අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මාහිමිපානන්  වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සදහා  බෙල්ලන්විල රජමහා විහාරාධිපති කොට්ටේ සංඝ සභාවේ ලේකකාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන,  වැවුරුකන්නල බුදුරජ මහා විහාරාධිපති ආචාර්ය අතිපුජ්‍ය දික්වැල්ලේ තිස්ස අනුනායක හිමිපානන් වහන්සේ  ඇතුළු මහා සංඝරත්නයේ මූලිඛත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්විණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මොහාන් ලාල් ග්‍රේරු මහතා.

රටේ අනාගතය තීරණය වන්නේ හොද නරක දෙක මතයි. ගිහි සමාජයට හොද නරක තේරුම් කරදී අනාගත පරපුර යහපත් පුරවැසියන් බවට පත් කිරිමේ වගකීම හා යුතුකම  පැවරී ඇත්තේ මහා සංඝරත්නයටයි. එයට අවශ්‍ය උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා සාසනට දායාද කිරීමේ දි පිරිවෙන් අධ්‍යාපනය හරහා  අතුරලියේ ආනන්ද නාහිමියන් වැනි  තෙරුන්වහන්සේලාගෙන් වන සේවය අපරිමිතයි.

සාසනයේ උන්නතිය රදාපවතින්නේ භික්ෂුන්වහන්සේලා නිසයි. පිදිය යුත්තන් පිදීමේ උසස් මානව ගුණාංගක් වගේම මෙම තනතුර අපේ හමුදුරුවන් වහන්සේගේ සාසනික මෙන්ම සමාජ මෙහෙවරට ලොකු ශක්තියක් වන අතර උන්වහන්සේ විසින් කරගෙන යන විදේශීය ධර්ම දූත සේවාවන් සදහා ලොකු පිටිවහලක් වේවි කියා අප විශ්වාස කරනවා.

මහ සඝරුවන විසින් පවත්වන විදේශීය  ධර්මදූත සේවාව ඉතා වැදගත්. ජාත්‍යන්තරයේ අවධානය සුභවාදී ලෙස අප රටට ලැබෙන්න අපේ භික්ෂුන් වහන්සේලා කරගෙන යන ධර්ම ප්‍රචාර කටයුතු ඉවහල් වෙනවා. ඒ වගේම බෞද්ධ දර්ශන  ගැන පැහැදුන බොහෝ විදෙස් පිරිස් අද ‍ බුදු දහම වැළදගමින් සිටිනවා. එහි ගෞරවයත් පිනත් අයිති වන්නේ මේ උත්තරීතර සංඝයාවහන්සේලාටයි.

http://lankacnews.com/sinhala/news/109451/

Pic Source

රස ගුණ පිරි වස

ආහාර රසකරනය ලංකාවේ ජනතාවට නුහුරු දෙයක්‌ නොවේ. තුනපහේ නොහොත් ලුණු ඇඹුල් හා පස්‌කුලු බඩු යොදා ගනිමින් කළ මේ රසකරනය නිසා ආහාරයේ සුවඳ මෙන්ම ගුණය ද ආරක්‌ෂා විය. වැඩි වර්ධනය විය. එසේම ජීර්ණයට පහසු කරවිය. රුචිකත්වය ඇති කිරීමට ද විස නැසීමට ද ප්‍රධාන වූ කහ මේ කුලු බඩු අතරින් අග්‍රස්‌ථානය ගනී. වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ ආහාරයට කරන ලද මේ සාත්තුව නිසා සිංහලයන්ගේ නිරෝගීකම මැනවින් ආරක්‌ෂා වීය. මෙයට පදනම් වූයේ ආයුවේද ශස්‌ත්‍රයයි. නමුත් යටත් විජිතකරණයෙන් පසුව ලංකාවට හඳුන්වාදෙනු ලැබූ විවිධ ආහාර වර්ගයන් රසකර ගැනීමට කෘත්‍රිම ලවණයන් යෙදීම ජනප්‍රිය වූයේ අසූව දශකයෙන් පමණ පසු බව කිවයුතුය. එයට හේතුව නවීන විද්‍යාවේ ආහාර තාක්‌ෂණය දියුණු වීමයි. ආහාර නරක්‌ නොවී කල් තබා ගැනීමට ද ආහාරයේ පෝෂණ සංගුණකයන් වැඩි වර්ධනය කිරීමට ද රසය වැඩි කිරීමට ද මේ කෘත්‍රිම රසකාරක යොදන බව නවීන ආහාර තාක්‌ෂණවේදීන් පවසයි. ස්‌වභාවිකව හමුවන රසකාරක යොදනවාට වඩා කෘත්‍රිමව සකස්‌ කර ගන්නා ලද රසකාරකවලට ජනතාව පුරුදු පුහුණු කරවීමෙන් වානිජ ව්‍යාපාර දියුණු කරලීමට හැකි බව ප්‍රබල සමාගම් තේරුම් ගත්හ. ඒ අනුව ඔවුහු රසායන ද්‍රව්‍ය කර්මාන්තය ව්‍යාප්ත කරලීමට මුදල් යෙදවූහ..

වට්‌ටානා පරිප්පු හෝ කව්පී ඇතුලු අඩුවැඩිය යොදා සකස්‌ කරන වඩය දෙමළ මිනිසුන් ගේ රස කෑමකි. එහි අන්තර්ගතයට අද නොයෙකුත් දෑ එකතු කර තිබේ. ස්‌වභාවිකව ලැබෙන ලුණු වෙනුවට මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ (ඵීඨ) නම් ආහාර රසකාරකයක්‌ මෙයට එකතු කරති. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දී මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ වෙයි. ජපානයේ දී 1909 දී කිකුනෙ අකිඩා විසින් නිර්මාණය කරන ලද මේ ලවණය පසුව 1917 දී සුසුකි සමාගමේ මහා පරිමාණ නිෂ්පාදනයක්‌ වශයෙන් එළිදක්‌වන ලදී. දැන් රටවල් විශාල ගණනක ආහාර රසකාරකයක්‌ ලෙසට මෙය භාවිතා කරමින් ඇත. ලංකාවේ ආහාර පාන වෙළෙඳසල්වලට මේ ලවණය දැන් නැතිවම බැරිව තිබේ. ව්‍යාංජන රසකාරකයක්‌ ලෙසට පැටිස්‌ හෝ රෝල්ස්‌ රසකාරකයක්‌ ලෙසට බිස්‌කට්‌ රසකාරකයක්‌ ලෙසට මෙය විශාල පරිමාණයෙන් භාවිතා කරති. හන්දියේ කඩමණ්‌ඩියේ තිබෙන වඩේ කරත්තයට මෙම ලවණය නැතිවම බැරිය. ඊට අමතරව පොල්කුඩු සහ පාන්පිටි ද වඩයට එකතුකරන්නේ රසය වැඩි කරලීමටයි. ඒ සමගම ලාභයට ලබා ගන්නා (ආර්.බී.ඩී.) තෙල් නොහොත් රසායන ද්‍රව්‍ය යොදා සුද්ද කරන ලද ෆාම්තෙල් මගින් මේ වඩය ගැඹුරු තෙලේ බැදෙන්නේ ය.

මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ නිසා මොළයේ ස්‌නායු ආබාධයට පත් වන බව සොයා ගෙන ඇත. එයට හේතුව මෙම ලවණයට පදනම් වන ග්ලූටමික්‌ අම්ලය මගින් මොළයේ මතකය සම්බන්ධ ස්‌නායු දැඩි ලෙසට උත්තේජනය කරන බැවිනි. මේ නිසා කාලයක්‌ මේ ලවණයේ ආභාෂය ලබාගන්නා පාකින්සන් වැනි රෝගවලට නිතැතින් භාජනය වේ. ඊට අමතරව ස්‌නායු පද්ධතියේ අසමබරතාවය නිසා පිළිකා ශෛල වධනය වීමද මේ මගින් සිදු වේ. සාමාන්‍යයෙන් ලාංකික ජනතාවට ග්ලූටමික්‌ අම්ලය ලැබෙන ප්‍රධාන ආහාරය වශයෙන් ගැනෙන්නේ බත්ය. වෙසෙසින්ම සිංහල සහල්වල මෙම ග්ලූටමික්‌ අම්ලය අධික වශයෙන් අඩංගු වේ යෑයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත. අපේ අම්මලා කුඩා දරුවන්ට සහල් නිවුඩ්ඩෙන් සෑදූ අග්ගලා කන්නට දුන්නේ මේ නිසාය. සහල් පිටිත් කොහොල්ලෑ හෝ කොස්‌ ඇට පිටිත් එකතු කළ කල්හි වඩේ ලෑල්ලේ තිබෙන රසයට වඩා වැඩි රසයක්‌ ලබා ගත හැකි වඩේ ගෙදරදීම සාදා ගතහැකි යෑයි බොහෝ අය නොදනිති. ගස්‌යට කොස්‌ඇට වැටී නරක්‌ වී යද්දී මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ වලට වහල් වන රටක සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් අසීරුය. වර්තමානයේ බහුල ලෙසට පැතිර තිබෙන ඩෙංගු වෛරසවලට ශරීරය ඔරොත්තු නොදෙන්නේ මේ රසායනික ලවණයන් නිසා බව ද පෙන්වා දිය යුතුය. වඩේ ලෑල්ලේ වෙළෙඳාමෙන් පවුලක්‌ නඩත්තු කරන දුප්පත්කම නැතිකරගන්නා පිරිස අපමණ බව අපි දනිමු. එහෙත් එය කළ යුත්තේ අප කාගේ කාගේත් සෞඛ්‍ය රැකෙන පරිද්දෙනි.

දුප්පතාගේ වෙසෙසින්ම නාගරික දුප්පතාගේ බඩගිනි නිවන පාන්ගෙඩිය හා වෙනත් බේකරි නිෂ්පාදනයන් නිසා ලංකාවේ ගොවියාට සෙතක්‌ නැත. එහෙත් සහල් පරිභෝජනය වැඩි කරලිය හැක්‌කේ එකවර පාන්බනිස්‌ පරිභෝජනය ඉවත් කිරීමෙන් නොවේ. සහල් ආශ්‍රිත නිෂ්පාදන බේකරි ක්‍රමයට ක්‍රමානුකූලව පරිවර්ථනය කරලීමෙන් පමණක්‌ මෙය කළ හැකිය. මීට වසර තිහකට පමණ එපිටදී බේකරි හිමියන් යොදා ගත් අමුද්‍රව්‍ය ඉතාමත් ස්‌වභාවික දෑ විය. මාගරින් ඊශ්ට්‌ ආදිය පමණක්‌ නොව තිරිඟු පිටි ද යම් තරමකින් ස්‌වභාවික විය. බිස්‌කට්‌වලට ගන්නා අමුද්‍රව්‍යයන්හි තත්ත්වය ද එලෙසම විය. එයට එක්‌ හේතුවක්‌ වූයේ නිෂ්පාදන සමාගම් අතර වැඩි තරගයක්‌ නොවීමයි. එදා දේශීය කර්මාන්ත වශයෙන් ඇරඹි මැලිබන් හා විලියම්ස්‌ වැනි ආයතන මගින් ජනතාවට සරිලන යහපත් ආහාර සැපයීමට උත්සුක වූ හැටි අපට මතක්‌ වෙයි. නමුත් වර්තමානය එලෙස නොවේ. තරඟකාරිත්වය නිසා එකිනෙකා පරයා තම නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක්‌ ලබා ගැනීමට නොයෙකුත් රසායන වර්ග භාවිතා කරන්නට පටන් ගෙන ඇත. 

එහි එක්‌ ද්‍රව්‍යයක්‌ වන්නේ බිස්‌කට්‌ ඇමෝනියා නොහොත් ඇමෝනියම් හයිඩ්රජන් කාබනේට්‌ නම් රසායන ද්‍රව්‍යයි. මෙය බිස්‌කට්‌වලට පෙනුමක්‌ ගෙන දෙන්නකි. කරකරස්‌ ගා හැපෙන ගතිය ගෙන දෙන්නකි. මෙහි රසදිය, ආසනික්‌, ඊයම් වැනි ලෝහමය ද්‍රව්‍යයන්ද සුලු ප්‍රමාණයෙන් අන්තර්ගත වන අතර බේකරි හිමියන් මෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සමාගම් ද මේවා යොදා ගැනීමට වැඩි කැමැත්තක්‌ දක්‌වන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය නිසාවෙනි. එයට අමතරව රස ගැන්වීම පිණිස භාවිතා කරන රස කාරක විශාල ප්‍රමාණයකි. මේවාද රසායනික ලවණයන්ය. ඇමෝනියම් ලවණ මෙන්ම මෙවැනි රසකාරකයන්ද වැඩිතරම ශරීරයට එක්‌කාසු වීමෙන් ආමාශයේ ක්‍රියාකාරිත්වය දුර්වල වන අතර ආහාර නොදිරවීමෙන් පටන් ගෙන අම්ල පිත්ත රෝගය හටගැනීම දක්‌වා එය වර්ධනයය වේ. එයට අමතරව ශරීරයේ ප්‍රතිශක්‌තිය හීනවීම මගින් බැහැරින් එන රෝගාබාධවලට නිරන්තරයෙන් ශරීරය ගොදුරු වනවා නියතය. මාගරින් වගද එසේමය. දැනට පාන් නිපදවීමට ගැනෙන මෙවැනි වර්ග සියල්ල ඌරු තෙල් සහ වෙනත් ඉවත්කරන තෙල් වර්ගවලින් සාදා ගන්නා අඩු මිල නිෂ්පාදනයන්ය. පාන්ගෙඩියේ පිපීම මෙන්ම අදෙන ගතියද එයින් ශක්‌තිමත් වෙයි. බටර් හෝ සැබෑ මාගරින් යොදා සාදන බේකරි නිෂ්පාදනයන්හි මිළ අධික බව කිව යුතු නොවේ.

රසකාරක යෙදීමේ ප්‍රවණතාවය පසුගිය දශක දෙක තුළ දී විශාල වශයෙන් වැඩි වී ඇත. මෙයට තවත් හේතුවක්‌වී ඇත්තේ ලංකාවේ රාජ්‍ය ආයතන වන කාර්මික සංවර්ධන මණ්‌ඩලය හා කාර්මික තාක්‌ෂණ ආයතනයන්හි ආහාර විද්‍යාඥයන් පවා මේවා අනුමත කිරීමයි. කෙසේ වෙතත් වර්තමානය වන විට කුඩා දරුවන්ගෙන් විශාල ප්‍රමාණයකට දියවැඩියා රෝගය ඇත. ක්‌ෂණික නූඩ්ල්ස්‌ වැනි ආහාර නිරන්තර පරිභෝජනය නිසා මේ අයගේ තරබාරුව වැඩිවී තිබේ. ඔවුන් ගෙන් වැඩි පිරිසක්‌ ගණිතය අසමත් වන්නේ මේ රසායන උත්තේජනයෙන් මොළයේ සියුම් ස්‌නායුන්ට සිදුවන ආබාධ හේතුවෙනි. මේ නිසා තර්කානුකූල බුද්ධිය දරුවන්ට අහිමි වී ගොසින්ය. රජරට වකුගඩු රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු වීමෙන් දැන් සෞඛ්‍ය අංශවලද ඇහැ ඇරී තිබේ. ඒ අනුව පසුගියදා ඇලොයින්, බර්බරීන් බීටා, ඇසරෝන්, සීනමයිල් ඇන්ත්‍රක්‌සිලේට්‌, කේඩ් ඔයිල්, කැලමස්‌ ඔයිල්, කොකේන්, කුමරීන්, ඩයිඑතිලීන් ග්ලයිකෝල්, ඩයිඑතිලීන් ග්ලයිකෝල් මොනෝඊතයිල් ඊතර්, එස්‌ට්‍රගෝල්, ඉයුජිනයිල් මීතයිල් ඊතර්, හයිපරිසීන්, නයිට්‌රොබෙන්සීන්, පයිරොලිනස්‌ ඇසිඩ්, සැප්රෝල්, සැන්ටොනික්‌, සසාප්‍රස්‌ ඔයිල්, තුජෝන්, අයිසොතුජොන්, ඇල්පා ඒ බීටා තුජෝන්, ටොන්කා බීන්, ඩිප්ට්‍රයිල්ඇඩොරට්‌ ආදී රසකාරක විස්‌සක්‌ තහනම් කර තිබේ. නමුත් මොනෝසෝඩියම් ග්ලුටොමේට්‌, ඩයිසෝඩියම් 5 ග්වානිලේට්‌, ඩයිසෝඩියම් 5 ඉනොසිනේට්‌, යන ද්‍රව්‍යව්‍යයන් තුන තහනම් කර නොමැත. මේ තීරණයන් ගන්නා අතරම යම් රසකාරකයක්‌ ආනයනය කරන්නේ නම් ඒවායේ නිෂ්පාදන රටේ ආහාර සුරක්‌ෂිතතා සහතිකයක්‌ අවශ්‍ය බවද දන්වා ඇත. මේ නම් හොරාගේ අම්මාගෙන් පේන ඇහීමකි. මේ කෘත්‍රිම රසායනයන් කිසිසේත්ම මනුෂ්‍යයන්ට යෝග්‍ය නොවන බවට දැනටමත් සමාජය තුළින්ම තහවුරු වී ඇත. වෙනත් සහතික අවශ්‍ය නැත. තහනම් කර ඇති ඩයිඑතිලීන් ග්ලයිකෝල් ආහාර බැඳුම් ද්‍රව්‍යයක්‌ ලෙසට යොදා ගන්නා අතර ඒවා තීන්ත නිෂ්පාදනයටද කෝක්‌ වර්ග නිෂ්පාදනයට ද යොදා ගැනේ. මේවා නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදන හටගත හැකිය. තහනම් කර නොමැති මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ නිසා ඇති වන සෞඛ්‍ය අනාරක්‌ෂිත බව දැනටමත් ඔප්පු වී තිබේ. ඒ නිසා මේ තහනම් කිරීම පිටිපස ඇත්තේ මේවා ගෙන්වන සමාගම් හා සමග ඇති කර ගත් එකඟතාවයන් බව නම් සහතිකය. වසකෑම පිළිබඳව සමාජය තුළ ඇතිවී ඇති ආතතිය සමහන් වූ පසු මේවා නැවතත් ගෙන්වීමට අවසර ලැබෙන බව නම් නිසැකය.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2014/01/31/feature01.html

Pic Source

මහ බැංකු කොටි ප්‍රහාරයට අදට වසර 18 යි

අනූහය දෙනකු මරුමුවට පත්කරමින් 200 කට අධික පිරිසකට තුවාල සිදු කළ කොළඹ කොටුව මහ බැංකු මූලස්‌ථානයට කොටි බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වී අදට (31දාට) වසර 18 ක්‌ සපිරේ.

1996 ජනවාරි 31 දා රාජු නැමැති කොටි ත්‍රස්‌තවාදියා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 200 ක්‌ අඩංගු ලොරියක්‌ මහ බැංකුවේ හැප්පීමෙන් විශාල විනාශයක්‌ සිදුවිණි.

මේ ප්‍රහාරය ප්‍රභාකරන් මෙහෙයවූ බව සනාථ වූයේ කොටුවේදී අත්අඩංගුවට ගත් රඝූ නමැති ත්‍රස්‌තයාට ප්‍රභාකරන් තෑගි දුන් සමරු ඵලකයේ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ තිබීමෙනි.

ත්‍රස්‌ත මර්දන ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන් දිවි නොතකා මුතූර් වෙත ගොස්‌ රඝූ ගේ නිවසේ තිබී එම සමරු ඵලකය සොයාගෙන තිබිණි.

තමිල්නාඩු පොලිසියේ තිබූ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු හා සමරු ඵලකයේ තිබූ ඇඟිලි සලකුණු සැසඳීමෙන් එවකට මහාධිකරණ විනිසුරුව සිටි සරත් අඹේපිටිය මහතා ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවම් නියම කළේය.

එසේම කොටි සංවිධානයේ සියලු වත්කම් රාජ සන්තක කරන ලෙසද නියෝග කරනු ලැබීය.

මෙම ප්‍රහාරයට සම්බන්ධ කොටි ත්‍රස්‌තයෝ කීපදෙනෙක්‌ නෝර්වේහි වාසය කරති.

පින්තූර- සරණපාල පමුණුව, කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/31/news02.html

සබැඳි ලිපි -
[
ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රහාර එල්ලවීමේ යුද අපරාධයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_28.html
]

ඡන්දය හිමි දැයි 1919ට අමතා දැනගන්න

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා තම නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේදැයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ඇමතීමෙන් තහවුරු කරගත හැකිවේ. 

මේ අනුව බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඡන්දය භාවිතා කිරීම සඳහා තම නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේදැයි යන්න පිළිබඳව දැන ගැනීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

විශේෂයෙන්ම තැපැල් ඡන්දදායකයන්ට සිය අයෑදුම්පත සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය මූලික තොරතුරුද මෙමගින් දැනගත හැකිවීම විශේෂත්වයකි. මෙම ඡන්දදායක තොරතුරු ලබාදීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ කාර්ය මණ්‌ඩලය වැඩිකර ඇතැයිද දිනකට දහසකට ආසන්න පිරිසක්‌ මෙම තොරතුරු ලබාගැනීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතන බවද නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා පවසයි. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) අමතා තමන් පදිංචි දිස්‌ත්‍රික්‌කය ජාතික හැඳුනුම්පත් අංකය සහ සම්පූර්ණ නම ලබාදීමෙන් පසු ඡන්ද කොට්‌ඨාශ අංකය සහ ලියාපදිංචි අංකය මේ අනුව දැනගත හැකිය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම සේවාව ලබාගත හැකි බවද එම නියෝජිතායතනය කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/01/31/news24.html

Pic Source

බිරියගේ ජිනීවා චෝදනාවට ප්‍රතිචාර ලෙස කොටි එලිලන්ගේ යුද අපරාධ හෙළිකිරීමට රජය සූදානම්

උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකරන යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර ලෙස ඇගේ සැමියා වූ ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්, වන්නියේ "අවර් ලේඩි ඔෆ් රෝයරි" කතෝලික දෙව්මැඳුරේ රැකවරණ ලබා සිටි සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ රැසක්‌ හෙළිකිරීමට රජයේ නියෝජිත කණ්‌ඩායම තීරණය කර ඇත.

මෙම දෙව්මැඳුරේ සිවිල් වැසියන් සහ ළමයින් 100 ක්‌ සිටි බව හෙළි වී තිබේ.

ආනන්දි සසිතරන්ට මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා ලිබරේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය ඉඩ දී තිබේ.

එහෙත් ඇයට ජිනීවා යැම සඳහා වීසා බලපත් දෙන්නේද යන්න ගැන ස්‌විස්‌ බලධාරීන් මෙතෙක්‌ තීරණය කර නැත.

මෙයට පෙර දෙවතාවක්‌ම ඇයට ජිනීවා යැම සඳහා ස්‌විස්‌ බලධාරීන් වීසා ලබාදී නැතැයි ස්‌විස්‌ ආරංචි මාර්ග පැවසීය.

ඇය ස්‌විට්‌සර්ලන්තයෙන් දේශපාලන රැකවරණ පතා තිබූ බව ද වාර්තා වේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/31/news16.html

Pic Source

Thursday, January 30, 2014

පහේ ශිෂ්‍යත්වය 21 වැනි සියවසට ගැලපේද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ දෙක දැනට මහජනතාවට පුවත් සපයන ප්‍රධාන රාජ්‍ය ආයතන බවට පත්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි. නමුත් ඒ හැම පුවතක්‌ම යහපත් ඒවාද නොවේය. මේ දිනවල කරළියේ උණුසුම්ම මාතෘකාව වන්නේ පහ වසර ශිෂ්‍යත්වය හා ඒ හා සම්බන්ධ නිදහස්‌ අධ්‍යාපනයයි. ඒ ගැන කථා කරන වැඩි දෙනකු කියන්නේ ඒ දෙකම ඒ විදියටම පවත්වා ගත යුතු බවය. කෙසේ වෙතත් දශක ගණනාවක සිටම මෙම වචන යුගලය අතිශයින්ම ජනතාව රවටන දේශපාලකයන්ගේ ප්‍රබල දේශපාලන අවියක්‌ වශයෙන් භාවිත කරන බවද රහසක්‌ නොවේ. පසුගිය දිනක අධ්‍යාපන ඇමතිවරයා පහ ශිෂ්‍යත්වය නැවැත්වීම සම්බන්ධයෙන් ගත් (හෝ ගන්නට අදහස්‌ කිරීම) තීරණය පැය කීපයක්‌ ඇතුළත වෙනස්‌ කිරීමෙන්ම එම අවියේ තියුණු බව සනාථ වී ඇත. අතීතයේ සිටම සිදුවූ පරිදිs මෙහිදී ද ප්‍රබල විරුද්ධත්වය ප්‍රකාශ වූයේ බංකොලොත් දේශපාලන පක්‌ෂවලින් හා ඒවා අනුකරණය කරන කණ්‌ඩායම්වලිනි. ඒ බොහොමයක්‌ දෙනා නිදහස්‌ අධ්‍යාපනය ගැන තබා අධ්‍යාපනය කියන්නේ කුමක්‌දැයි ගැනවත් අවබෝධයක්‌ නැති අයයි. පහ අහෝසියි යන අදහස එළිකළ විගසින් මුලින්ම මහත් කලබලයට පත් වූයේ සිසුන් දෙමවුපියන් හා උගතුන්ට වඩා ඉහතින් සඳහන් කළ බංකොලොත් දේශපාලුවන් වීමෙන්ම ඔවුන්ගේ වංචනික බව පෙන්වූහ.

එහෙත් අනාගත පරපුර වෙනුවෙන් අප සැම ඒ යථාර්ථයට මුqහුණ දීමට සිදුව ඇත. පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වුවද අධ්‍යාපන අධීක්‌ෂණ ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා සති අග පුවත්පතකට කළ ප්‍රකාශය ඊළඟ මැතිවරණය දෙවැනි තැනට දමා කළ එකක්‌ විය හැකිය. ඉතාම කෙටියෙන් ඔහු සඳහන් කළේ පහේ ශිෂ්‍යත්වයේ හොඳ අවුන්සයයි නරක ටොන් 1 යි යනුවෙනි. තිත්ත වුණත් ඇත්ත එයයි. ඔහු පවසන අන්දමට මුට්‌ටිය නොව කල්දේරමක්‌ දමා හෝ වරද සොයාගන්නේ නම් වැදගත් එයයි. කන්නන්ගර මැතිතුමා අදත් සිටියා නම් ඔහු පිළිගන්නා සත්‍යයද එයයි. 50 දශකයේ අප ගල්ලෑල්ල ගල්කූර අතැතිව පාසලට ආවද, වත්මන් දරුවාට පාසලට එන්නට සිදුව ඇත්තේ කොම්පියුටරයටත් එහා ගිය සාක්‌කුවේ ගෙන යා හැකි මොබයිල් උපකරණයක්‌ අතැතිවය. එදා හෝඩි පොත වෙනුවට අද සමස්‌ත විශ්ව හෝඩි පොතට ප්‍රවේශ වීමට කුඩා දරුවකුට ගතවන්නේ තප්පර ගණනකි.

21 ශත වර්ෂයේ තාක්‍ෂණයට අද දරුවන් හුරුවීමේ වේගයට හා ශක්‌තියට සම කළ හැකි වසර පනහ ඉක්‌ම වූ කිසිවකු ඇතැයි මා නම් විශ්වාස නොකරමි. සන්නිවේදන හා නවීන තොරතුරු තාක්‌ෂණය ඔස්‌සේ වේගයෙන් දිනෙන් දින වෙනස්‌වන ලෝකයේ 21 ශතවර්ෂයේ දරුවාගේ ලෝකය ඩිජිටල් තාක්‌ෂණයයි. අද එය ඔවුන්ගේ ජීවිතය බවට පත්ව ඇත. ලොව අධ්‍යාපන විශේෂඥයින් අද දරුවන් හඳුන්වන්නේ digital native, digital generation නැතහොත් mobile generation යන නම්වලිනි. (වැඩිහිටි අප හඳුන්වන්නේ digital immigrant නමිනි) තාක්‌ෂණය භාවිතය අතින් අප පාසල් පද්ධතිය තවමත් ඉතා පහළ මට්‌ටමක පැවතියත් පාසලින් සවසට එළියට යන දරුවාගේ ලෝකය ඩිජිටල් ලෝකයයි. ඉන්ටර්නෙට්‌ සහිත කුඩා මොබයිල් උපකරණයෙන් ඔවුන්ට කළ හැකි දෑ අපමණය. ගීතයක්‌ ඇසීම හා නැරඹීම, චිත්‍රපටයක්‌ හෝ නාට්‍යයක්‌ හෝ සජීවීව ක්‍රීඩාවක්‌ නැරඹීම, ලොව ඕනෑම තැනකට ඊ මේල් යෑවීම හා බැලීම ටෙක්‌ස්‌ කිරීම හා චැට්‌ කිරීම, පුවත්පත් හා සඟරා කියෑවීම, තමන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක්‌ ඕනෑම තැනකින් ලබා ගැනීමට හා තවත් අය හා බෙදා ගැනීමට ආදී වශයෙන් කළ හැකි තවත් දෑ අප්‍රමාණය. පාසලක ගුරුවරයකු නොමැතිව හෝ ශිෂ්‍යයකුට පූර්ණ හා ගැඹුරු අධ්‍යාපනයක්‌ ලබා දීමට තරම් ප්‍රබල හැකියාවක්‌ නවීන ඩිජිටල් තාක්‍ෂණයට ඇත. දුරස්‌ථ අධ්‍යාපනය අද පාසලටද පැමිණෙමින් ඇත. මේ සියල්ල අප පාසල්වලට එන දිනය වැඩි ඈතක නැත. මෙවන් වාතාවරණයක්‌ තුළ ඇත්තටම 5 ශිෂ්‍යත්වය හා දශක 7 ට වඩා පැරණි නිදහස්‌ අධ්‍යාපනයේ මූලිකාංග ශිෂ්‍යයා ඉල්ලන දේද, ඔහුට අවශ්‍ය දේද, 21 ශතවර්ෂයේ රටට ලොවට ආර්ථිකයට අවශ්‍ය දේද නැතහොත් 19 හා 20 ශතවර්ෂවල සිටින වැඩිහිටි අප දන්නා අපට ඕන දේ බලහත්කාරයෙන් දරුවාට දීමද යන්න පිළිබඳව වඩා පුළුල්ව ගැඹුරින් සිතා බැලිය යුතුව ඇත. එයට කෙලින්ම විරුද්ධ වීම පමණක්‌ සමස්‌ත අනාගත දරු පරපුරම තව තවත් අඳුරේ හෙළීමක්‌ වනු ඇත. මෙය කන්නන්ගර මැතිතුමාට කිසිසේත්ම කරන අපහාසයක්‌ නොව අනාගත පරපුර වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකි.

කෙසේ වෙතත් පහ වසර ශිෂ්‍යත්වය පමණක්‌ නොව සාමාන්‍ය හා උසස්‌ පෙළ විභාග ඇතුළත් සමස්‌ත නිදහස්‌ අධ්‍යාපනයම 21 ශතවර්ෂයට අදාළ වන අන්දමට විශාල වෙනසකට ලක්‌ කළ යුතු බව මාගේ මූලික නිගමනයයි. එහෙත් එම කාර්යය තනි පුද්ගලයකුට හෝ පක්‌ෂයකට කළ හැකි බව යමෙකු සිතන්නේ නම් එයද වැරදිය. නිදහස්‌ අධ්‍යාපන සංකල්පය ඉදිරිපත් කළ කාලයේ නිදහස්‌ සටන සමඟින් එය දේශීය වශයෙන් ජනතාවට අතිශයින් අවශ්‍ය වූවකි. එහෙත් ඉන් පසුව දේශපාලන වාසි සඳහා කරනු ලැබූ බලවත්ම වරද වූයේ අධ්‍යාපනය සිංහල භාෂාවට පමණක්‌ සීමා කිරීමය. ඉන් සිදු වූයේ එම සීමාව අදාල වූයේ ගම්බද දුප්පත් අයට පමණක්‌ වීමය. ධනවත් හා ප්‍රභූ පැලැන්තියට දිගටම සුද්දාගේ බසින් හෙවත් ඉංග්‍රීසි බසින් මෙරට හෝ ඉංග්‍රීසි රටකින් අධ්‍යාපනය ලබා ගැනීමේ වරප්‍රසාදයට හානියක්‌ නොවීය.

ලොව සෑම දෙයක්‌ම වේගයෙන් වෙනස්‌වන තත්ත්වයක්‌ යටතේ නිදහස්‌ අධ්‍යාපන සංකල්පය වෙනස්‌ නොවිය යුතුයි කෙනෙකු කියන්නේ නම් ඔහුට මානසික ආබාධයක්‌ තිබිය යුතුය. අද අපගේ අධ්‍යාපනය දරුණු කඩාවැටීමට මූලික හේතුව ලෙස මා දකින්නේ අවශ්‍ය කලට වේලාවට අවශ්‍ය වෙනස්‌කම් සිදු නොකිරීමයි. යටත්විජිතවාදී අත්තිවාරම මත ගොඩ නැගුනු කම්හල් ආකෘතිය (factory model) කුඩා කුඩා පැලැස්‌තර අලවමින් පල් වෙන්නට හැරීමයි. සුද්දා ඉන්දියාවට හා ලංකාවට නිදහස දුන්නේ එක ළඟ වසර දෙකක දීය. එහිදී අප නිදහස්‌ අධ්‍යාපනය සමඟම ඔවුන්ගේ භාෂාවද එපා කියුවද ඉන්දියාව සුද්දාගේ බස එරටේ අධ්‍යාපනයට හා සංවර්ධනයට ආභරණයක්‌ කර ගත්තේ අනාගතයේ විශ්ව භාෂාව හා ලොව ජය ගත හැකි වන්නේ ඒ තුළින් බව අවබෝධ කොට ගත් බැවිනි. 

එම තීරණ ගත් අයගේ කකුල්වලින් අදින්නට හෝ දේශපාලන වාසි තකා ඒවා හෙළා දකින්නට තරම් එම දේශපාලකයන් මන්ද බුද්ධික හෝ ආත්මාර්ථකාමී වූයේ නැත. එහි ප්‍රතිඵලය වශයෙන් එරට අද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ලොව පතාක යෝධයකු බවට පත්ව ඇති අතර ලොව දස දෙසට ඉංජිනේරුවන් වෛද්‍යවරුන් හා තාක්‍ෂණ විද්‍යාඥයින් සහ එම සේවාවන් සපයන ප්‍රධාන පෙළේ රටක්‌ වී ඇත. අප රටට වඩා වසර ගණනාවකට පසුව නිදහස ලැබූ සෙසු ආසියාතික රටවල් අප නිදහස ලබන අවස්‌ථාවේ අපට වඩා ඉතාමත් පහළ මට්‌ටමක හා බරපතළ ලෙස දරුණු යුද්ධවලට මුහුණ පෑ අතර එම රටවල් විශේෂයෙන් කොරියාව, හොංකොං, මලයාසියාව, සිංගප්පූරුව ඇතුළු සෙසු ආසියාතික රටවල් බොහොමයක්‌ අද අධ්‍යාපනය අතින් (හා ආර්ථික) ලොව දියුණුම රටවල් සමඟ කරට කර පැමිණ ඇත. අද කොරියාවේ පාසල් ගුරුවරයකුගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 5000 සිට 10000 දක්‌වා වේ. නිදහස ලැබූ සෙසු ආසියාතික රටවල තත්ත්වය එබඳු නම් මෙවන් සුවිශේෂී අධ්‍යාපන සංකල්පයක්‌ හා උතුරා යන ජාත්‍යාලයක්‌ පවතින අපගේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට මෙවන් ව්‍යසනයක්‌ ඇති වූයේ කෙසේද යන්න මුට්‌ටි ඉනිමං මුසාවාදවලින් බැහැරව බුද්ධිමත්ව ගැඹුරින් හා අනාගත පරම්පරා ගැන වැඩි වගකීමෙන් යුතුව සිතීම හා කථා කිරීම අප කාටත් අයිති කාර්යයකි. 

අපගේ වත්මන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයම බලවත් අර්බුද රාශියකට මුහුණ පා ඇති බව රහසක්‌ නොවේ. කොතැනක හෝ භයානක වරදක්‌ සිදුව ඇත. නිදහස්‌ අධ්‍යාපනය අපගේ අධ්‍යාපනයේ අත්තිවාරම නම් ඒ ගැන විභාග කිරීමකින් තොරව ඒ වරද හඳුනා ගැනීමට හෝ පිළියම් යෙදිය නොහැක. ග්‍රීක හා ලතින් භාෂා ඉංග්‍රීසි ඇතුළු ලොව භාෂා සියල්ලේම මවු බස ලෙස සැලකිය හැක. දැනට දශක හත අටකට පෙර (කාලය නිශ්චිතවම කිව නොහැක) ඉන්දියාව ලංකාව ඇතුළු රටවල් ගණනාවක ප්‍රධාන භාෂාවන් වූයේ පාලි හා සංස්‌කෘතය. අපේ මුතුන් මිත්තන් අකුරු ලිව්වේ වැල්ලේ හා තල් පත්වලය. 50 හා 60 දශකවල පාසල්වල භාවිතා කළේ ගල් ලෑල්ල ගල් කූරය. එම භාෂා අද සංරක්‌ෂණය කරනවා මිස ව්‍යවහාරයේ නැත. එලෙසින් දශක හයකට වඩා පැරණි නිදහස්‌ අධ්‍යාපනයේද අදට නොගැලපෙන දේවල් ඉවත් කිරීමට අවශ්‍ය දේ වෙනස්‌ කිරීමට අප මැළිවිය යුතු නැත. 

5 වසර ශිෂ්‍යත්වය පමණක්‌ නොව සාමාන්‍ය හා උසස්‌ පෙළ විභාග ද ඉවත්කොට ඒ වෙනුවට 21 ශතවර්ෂයට ගැලපෙන එම විභාග ක්‍රමවල අඩුපාඩු හා ගැටලු නිරාකරණය වන අන්දමේ නව විභාග ක්‍රම ඇති කළ යුතුම ය. මෙම පවතින විභාග තුනම කඩඉම් මිස අධ්‍යාපනයේ අවසන් ප්‍රතිඵලය නොවේ. කුමන විභාගයක්‌ කෙසේ සමත් වුණත් වාර්ෂිකව පාසලට ඇතුළත්වන ලක්‌ෂ 4 පමණ වන සිසුන්ගෙන් 22000 ක්‌ හැරෙන්නට සෙසු සියල්ල අනාථය. මන්ද පොඩි පොඩි වෘත්තීය පාඨමාලා කෑලි අලවා තිබුණ ද සුපිරි අධිවේගී මාර්ග ඇත්තේ එකකි. එනම් විශ්වවිද්‍යාල පමණක්‌ ඉලක්‌ක කරගත් ක්‍රමයයි. එම අධිවේගී මාර්ගයේද ඇත්තේ මංතීරු දෙකකි. වෛද්‍ය හා ඉංජිනේරු යනුවෙනි. සෙසු ඒවා අඩි පාරවල් නැතහොත් කටු පාරවල් ලෙසයි ජනමතය සැකසී ඇත්තේ. කලා, වාණිජ හෝ භෞතික විද්‍යා (විශේෂයෙන් කලා හා වාණිජ) යන්නෙන් කියන්නේද පිළිකුල් සහගතවය. කවුරුන් හෝ ඔළුවෙන් හිටගෙන එසේ නැතැයි කීවත් තිත්ත ඇත්ත එයයි. ඒ අතරිනුත් සිසුන් වැඩි පිරිසකට වරම් ලැබෙන්නේ අර වඩාත් අප්‍රසන්න (කලා) ක්‍ෂේත්‍රයටය. අඩුම රැකියා අවස්‌ථා හෝ රැකියා නොමැති ගොඩටය. එහෙත් අවශ්‍ය වන්නේ එක්‌ මංතීරුවකින් යුත් එක්‌ පැහැදිලි මාර්ගයකි. නැතහොත් බාලාංශයේ සිට 13 වසර දක්‌වා සැමට සමාන විෂයමාලා ධරාවක යැමේ අවස්‌ථාව ලබා දීමය. ( ඒ කෙසේද යන්න ඉදිරි ලිපියකින් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි.) එය විවිධ දිශාවන්ට ප්‍රවේශ විය හැකි ගමනාන්තයකින් යුක්‌ත විය යුතුය. 

විශ්වවිද්‍යාලයට යැම ඒ ප්‍රවේශ අතරින් එකක්‌ විය යුතුවා මෙන්ම සෙසු ප්‍රවේශයන්ද සමාන වැදගත් කමකින් යුක්‌ත විය යුතුය. පාසල් අධ්‍යාපනය අවසන් කරන අවස්‌aථාවේ ශිෂ්‍යයාගේ දක්‌ෂතාව හා කැමැත්ත අනුව ඔහුට හෝ ඇයට තමන්ගේ ප්‍රවේශය තෝරා ගැනීමේ අවස්‌ථාව තිබිය යුතුය. ප්‍රධාන විෂය ධාරාවන් හතර ඔස්‌සේ යැම තුළිsන් සමාජයේ පන්ති භේදය ඇති නැති භේදය වැඩි වී ඒ තුළින් සමාජ විෂමතාවය තව දුරටත් වර්ධනය වේ. රට තුළ දැනට මහා ව්‍යසනයක්‌ බවට පත්වෙමින් ඇති විවිධ ජාතිවාදී බෙදීම් එකම ආගම තුළ විවිධ බෙදීම් අන්තවාදී හා විනාශකාරී දේශපාලන කණ්‌ඩායම් වර්ධනය වීමට බලපෑ ප්‍රබල හේතුවකි මෙය.

කොටින්ම මෙම පවතින ක්‍රමය පෙරුම්කායම් ගුලියක්‌ කටේ තබාගෙන මී පැණි රස බව පෙන්වන්නට උත්සාහ ගන්නක්‌ වැනිය. 5 ශිෂ්‍යත්වය ඇතුළු අඩසිය වසරකට වඩා පැරණි නිදහස්‌ අධ්‍යාපනයේ වෙනසක්‌ එපායෑයි කියන්නන් මතු සඳහන් ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයිය යුතුව ඇත. ලංකාවේ දූෂණ වංචා අතර ප්‍රමුඛත්වය අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇත්තේ ඇයිs? ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් කලාපයේ පහළම තැනට වැටී ඇත්තේ ඇයි? වාර්ෂිකව පාසල්වලට එකතුවන ලක්‌ෂ 4 පමණ වන සිසුන්ගෙන් සරසවිවලට ඇතුළුවිය හැක්‌කේ 22000 පමණ කුඩා සංඛ්‍යාවක්‌ වන්නේ ඇයි? (එයින්ද වෛද්‍ය හා ඉංජිනේරු සුළු පිරිසකට හැර බහුතරයකට සුදුසු රැකියා නැත. නැතිනම් ඉතා අල්පය) රටේ ප්‍රධාන රැකියා මාර්ගය විශේෂයෙන් කාන්තාවන්ගේ විදෙස්‌ රටවල වහල් මෙහෙය වී ඇත්තේ පවතින නිදහස්‌ අධ්‍යාපනය නිසා නොවේද? සෑම ප්‍රධාන විභාගයක්‌ම අවුල්වන්නේ මන්ද? උසස්‌ අධ්‍යාපනය ඉතාමත් අවුල් සහ කලාපයේ ඉතාම පහළ මට්‌ටමක පවතින්නේ ඇයි? විටින් විට මතුවන තරුණ අසහනය හා සරසවි සිසුන්ගේ නොනවතින අරගලවලට හේතුව නොගැලපෙන අධ්‍යාපනය මිස තරුණයන්ගේ අසංවර බවද? වසංගත රෝගයක්‌ මෙන් පාසල් අභිබවා පැතිර යන ටියුෂන්වලට හේතුව අධ්‍යාපනය රේස්‌ එකක්‌ බවට පත්ව ඇති නිසා නොවේද? එමඟින් අනාගත දරු පරපුර විනාශ නොවන්නේද? ප්‍රතිපත්තියකින් හා ප්‍රමිතියකින් තොරව පාසල් හා උසස්‌ අධ්‍යාපන ආයතන අති මහත් වේගයෙන් වර්ධනය වීම ජාතික හා නිදහස්‌ අධ්‍යාපනයේ අවසානයට හේතු නොවන බව කාට නම් කිව හැකිද? 

නිදහස්‌ අධ්‍යාපනය හා 5 ශිෂ්‍යත්වය දේශපාලන පෝස්‌ටරයක්‌ නැතහොත් බංකොලොත් දේශපාලන මන්තරයක්‌ කරගන්නා අයට මේවාට පිළිතුරු නැතිබව හා නොදන්නා කම ගැන අප කවුරුත් දන්නෙමු. එහෙත් අධ්‍යාපන ඇමතිවරයාට මඩ ගැසීම නවත්වා ඔහු මතු කළ මෙම වැදගත් කාරණය අනාගත පරපුර වෙනුවෙන් අප කාගේත් අවධානයට යොමු විය යුතුය. ඒ උත්සාහයන් සාර්ථක කරගැනීමට නම් 19 හා 20 ශතවර්ෂයට අයත් ඔළුගෙඩි ටික ඉවත් කොට 21 ශතවර්ෂයට හා ඉන් එහාට සිතන්නට පුළුවන්. ඒ පිළිබඳ දැක්‌මක්‌ ඇති ඔළු කීපයක්‌ ළංකර ගැනීම නම් අවශ්‍යම කරුණක්‌ බව කිව යුතුමය.

එච්. එම්. නවරත්න බණ්‌ඩා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, බාහිර මහාචාර්ය නිව් යෝර්ක්‌ සිටි විශ්වවිද්‍යාලය
http://www.divaina.com/2014/01/30/feature01.html

මුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මුල්ලියාවලෙයි ඇතුළු පාරම්පරිකව තමන් ජීවත් වන ගම්මාන රැසක්‌ මැද බලහත්කාරයෙන් මුස්‌ලිම් වැසියන් ගම්මාන පිහිටුවීමට එරෙහිව මුලතිව් දිසාපතිවරයා වෙත තමන් විරෝධය පළ කළ බව එම ප්‍රදේශයේ පදිංචි දමිළ වැසියෝ පවසති.

පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථිර පදිංචි වැසියන් පිරිසකට ඉඩම් ලබාදීම සඳහා මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් අක්‌කර 1500 කට ආසන්න ප්‍රමාණයක්‌ එළිපෙහෙළි කොට ඉඩම් ලබාදීමට සුදුස්‌සන් තේරීමට ගිය අවස්‌ථාවේදී මෙම විරෝධය පළ වූ බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති. මේ පිළිබඳව මුලතිව් දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තමන් වෙත ලැබුණු ලිත විරෝධතාව සැලකිල්ලට ගෙන පරීක්‍ෂණයක්‌ පවත්වා අවසන් වනතුරු මෙම ඉඩම් ලබාදීම අත්හිටු වූ බවයි.

මුලතිව් පළාතේ ඉඩම් මුස්‌ලිම් වැසියන්ට පමණක්‌ ලබා දෙන තත්ත්වයක්‌ ගැන තමන් තොරතුරු නොදන්නා බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/01/30/news30.html

Pic Source

සබැඳි ලිපි - [මුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

ඉරණමඩු වැවේ ජලය යාපනයට ගෙන යන්න එපා - කිළිනොච්චි ගොවි සම්මේලනය

කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයේ ජලය යාපනය දක්‌වා රැගෙන යැමට වාරිමාර්ග නිලධාරීන් හා ජල නිලධාරීන් ගෙන ඇති තීරණය වහාම ඉවත්කර දෙන ලෙස කිළිනොච්චියේ ඒකාබද්ධ ගොවි සමිති සම්මේලනය ජනාධිපතිවරයාට ලිපියක්‌ මගින් දැනුම් දී තිබේ.

ගොවි සංවිධානවල අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව ඉරණමඩු වැවේ ජලය යාපනය දක්‌වා රැගෙන යැමට බලධාරීන් මේ වන විට පිඹුරුපත් සකස්‌ කොට ඇති බවට චෝදනා කරන කිළිනොච්චියේ ඒකාබද්ධ ගොවි සංවිධාන සම්මේලනය මේ ක්‍රියාව නිසා කිළිනොච්චියේ කිසිදු වැසියෙකුට කාෂිකාර්මික කටයුතුවල නිරත වීමට ජලය නොලැබෙන තත්ත්වයකට පත්වන බවද ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

නමුත් වාරිමාර්ග නිලධාරීන් හා ජල නිලධාරීන් ප්‍රකාශ කරන්නේ ඉරණමඩු ජලාශයේ බැම්ම අඩි හතරක්‌ ඉස්‌සීම සිදුකොට අඩි 35 ක අඛණ්‌ඩ ජල ධාරිතාවක්‌ ඉරණමඩු ජලාශයේ පවත්වාගෙන යමින් යාපනයට පානීය ජලය සපයන බවයි.

ගොවි සංවිධාන නියෝජිතයෝ මෙම නිලධාරීන්ගෙන් ඊට සහතිකයක්‌ ඉල්ලා ඇතත් නිලධාරීන් සැම දෙයක්‌ම වාචිකව ප්‍රකාශ කිරීම මිස සහතික නොවීම නිසා ඉරණමඩු ජලාශයේ ජලය යාපනය දක්‌වා රැගෙන යැමේ ව්‍යාපෘතියට කිළිනොච්චි ගොවි සංවිධානය විරෝධය පළකොට තිබේ.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/01/30/news06.html

Pic Source

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනවා - ඇමරිකාවෙන් නිල ප්‍රකාශයක්‌

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යුද අපරාධ චෝදනාව ඉදිරිපත් කරන බව ඇමරිකානු රජය ඊයේ (29 දා) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

මෙම යෝජනාව සඳහා කැනඩාව, බ්‍රිතාන්‍ය හා නෝර්වේ යන රටවල් දායක වේ.

මෙකී යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකාවෙන් කරුණු විමසීම සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා ඩිස්‌ටාල් හෙට (31 දා) ශ්‍රි ලංකාවට පැමිණෙයි.

ඇය ද්‍රවිඩ සංවිධාන සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවක්‌ ඉදිරිපත් කරයි.

මෙම ඇමරිකානු යෝජනාව මාර්තු 26 දා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ඇත.

කිර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/30/news01.html

Wednesday, January 29, 2014

වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේ

වවුනියාවේ මරක්‌කාරම්පලෙයි ප්‍රදේශයේ ඊයේ (28 දා) දහවල් ඉපැරණි කාසි මුට්‌ටියක්‌ හමුවී තිබේ.

මරක්‌කාරම් ප්‍රදේශයේ මාර්ගය සකස්‌ කරමින් සිටි පිරිසක්‌ කාණුවක්‌ හෑරීමේ කටයුතුවල නිරතව සිටියදී මැටි මුට්‌ටියක බහා තිබූ මෙම කාසි තොගය මුට්‌ටිය කැඩී ඉවතට පැමිණ තිබේ.

සිද්ධිය සැලවීමෙන් පසුව වවුනියාව දිසාපති බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා එම ස්‌ථානයට ගොස්‌ කාසි පරීක්‍ෂා කළ අතර එම කාසිවල යොදා ඇති ත්‍රිශූල වැනි සංකේත දෙස බලන විට ඒවා පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති කාසි තොගයක්‌ බවට තහවුරු කොට තිබේ. ඒ අනුව කාසි තොගය වවුනියාවේ පුරාවිද්‍යා නිලධාරීන් වෙත බාරදීමට නියමිතය.

දිනසේන රතුගමගේ

'ඇත් අතුරු සෙවණ' - පින්නවල අලින්ගේ ඛේදවාචකය

ශ්‍රී ලංකාව යනු අලියාට වධ බිමකි. 19 වැනි සියවසේදී තම වෙළෙඳ භාණ්‌ඩ රට හරහා ප්‍රවාහනය කරනු පිණිස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා විසින් මහ වනය හෙළිකර පාරවල් කපන ලද කල්හි අලියා විශාල බාධාවක්‌ විය. මේ නිසා රට පුරා සිටින අලින් මැරීමට ධෛර්යය දෙන ලද අතර අලියකු මරා උගේ වල්ගය කපාගෙනවුත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට භාර දෙන දඩයක්‌කාරයන්ට එක වල්ගයකට සිලිං 10 ක්‌ හෙවත් පවුම් භාගයක්‌ බැගින් ගෙවන ලදී. මෙකල එංගලන්ත පවුම් යනු කඩදාසි පවුම් නොව රන් පවුම් ය. මේ නිසා අලි මැරීම වෘත්තියක්‌ බවට පත්විය. එකල මෙහි සිටි තෝමස්‌ ස්‌කිනර් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා අලින් 600 ක්‌ මරා පවුම් 300 ක්‌ උපයා ගත්තේ ය. ගැල්වේ නමැති කපිතාන්වරයා අලින් 700 ක්‌ මරා පවුම් 350 ක්‌ හම්බ කළේ ය. සිලෝන් රයිපල් රෙජිමන්ට්‌ නමැති තුවක්‌කු බළකායේ මේජර් කෙනකු වූ තෝමස්‌ විලියම් රොජර්ස්‌ 1834 සිට 1845 දක්‌වා කාලය තුළ අලින් 1400 ක්‌ මරා පවුම් 700 ක්‌ සාක්‌කුවේ දමා ගත්තේ ය. 1845 ජනවාරි 7 වැනිදා ඔහුට හෙණ ගැසූ බවත් එකෙණෙහිම ඔහු මළ බවත් මහත් දුකින් සටහන් කරනු ලැබේ. අපට දුක ඔහු එකෙණෙහිම මිය යැම ය. සාධාරණ ලෝක පාලක බලවේගයක්‌ තිබිණි නම් ඔහු අවුරුදු 11 ක්‌ අප්‍රමාණ දුක්‌ විඳ මිය යා යුතු ය. සමහර විට ඔහු අපායේ තෙල් තාච්චියේ තවමත් බැදෙමින් සිටිනවා විය යුතුය.

පින්නවල අලි අනාථාගාරයේ අලියකුට පහර දෙන නීචයකුගේ පින්තූරයක්‌ ඊයේ (28 දා) "දිවයිනේ" පළ විය. ඒ නීචයා ඇත් ගොව්වෙකි. වල් තිරිසනකුටත් වඩා අන්ත ඒකා ඇතාට පහර දෙන විට ඌට මුත්‍ර පහ විය. ඇත්ගොව්වා යනු හීලෑ අලියාට පියකු හා සමාන විය යුතු කෙනෙකි. කැලෙන් අල්ලාගෙන ආ ඒ අසරණ සතාට සිටින ලොකුම ආරක්‍ෂකයා ඇත්ගොව්වා ය. එහෙත් දැනට මේ රටේ තිබෙන තත්ත්වයට අනුව ඇත්ගොව්වන්ගෙන් වැඩිදෙනෙක්‌ දවසේ පැය 24 පුරාම කසිප්පු ගසා අවසිහියෙන් සිටින අතර ඔහු බලා ගැනීමට අලියාට සිදු වී ඇත. කසිප්පු ගැසූ ඇත්ගොව්වකු මහ පාරේ නිදා සිටින අතර අලියා සිය පා සතරට ඔහු මැදිවන සේ සිටගෙන ආරක්‍ෂා කරන පින්තූරයක්‌ මෙයට වසර කිහිපයකට පෙර මේ පුවත්පතේ පළ විය. හොඳ ඇත්ගොව්වනුත් මේ රටේ සිටිනවා ඇති. එහෙත් ඒ ගණන හොඳ ප්‍රයිවට්‌ බස්‌ රියෑදුරන් ගණන මෙන් අල්පයකි. ගණන් කළ නොහැකි තරම් ස්‌වල්පයකි.

පින්නවල අලි අනාථාගාරය පිහිටුවන ලද්දේ 1975 දීය. මව මිය යැම, රැළෙන් පලවා හැරීම, වෙඩි කා ආබාධිත වීම යන කාරණා නිසා මහ වනයේ අතරමං වන අලි පැටවුන්ට රැකවරණය දීමට මෙය පිහිටුවන ලද නමුත් 1994 න් පසු මෙහි ප්‍රධාන කාර්යභාරය වූයේ "හිතවතුන්ට" ඇති කිරීම සඳහා අලි පැටවුන් සැපයීම ය. වසර 2000 වන විට මෙය නිලමෙලාට ද දේශපාලනඥයන්ට ද අලි පැටවුන් සපයන රාජ්‍ය ආයතනය බවට පත්විය. පසු කාලයේදී පින්නවල අලි අනාථාගාරය යන නම වෙනස්‌ කර ඇත් අතුරු සෙවණ යන නම තබන ලදී. අද එහි සේවකයෝ අලි පතුරු ගසති.

සත්භාවයෙන් පටන් ගන්නා රාජ්‍ය ආයතන ඉතා සුළු කාලයක්‌ තුළ පරමාර්ථ වලින් පිට පැන නැවතත් රිසි ගමනෙහි යෙදීම ශ්‍රී ලංකාව වැනි රටවල සිරිත ය. අලින්ට පෙරේත දේශපාලනඥයන් සහ මුදලාලිලා විසින් පින්නවලින් පැහැරගනු ලැබ වධ දෙමින් ගස්‌වල බැඳ සිටින අලින් සිය ගණනක්‌ රට පුරා සිටින බව ඔබ දන්නවාද? අලියකු නඩත්තු කිරීමට අවම වශයෙන් මසකට රුපියල් 50000 ක්‌ අවශ්‍යය. ඒ මූලික ආහාර සඳහා පමණි. අලියකු ලෙඩ වුවහොත් ඒ ගණන දෙගුණ වෙයි. එහෙත් අලි පෙරේතයෝ ඉතා අවම මූල්‍ය සම්පත්, අවම ඉඩකඩ යටතේ එම සතුන් තබාගෙන වධ දෙති. පින්නවල ඇත්ගොව්වන් කරන්නේ අනාගත වධ බන්ධන සඳහා දැන්ම ම අලින් පුහුණු කිරීමද? පින්නවල අලියාට පහර දෙන නීච, අධම ගඳගහන ඇත්ගොව්වා සම්බන්ධයෙන් ඇත් අතුරු සෙවණ නමැති වධකාගාරයේ ප්‍රධානීන් ගන්නා පියවර ගැන අපි අවධානයෙන් බලා සිටිමු. ප්‍රමාද වන හැම තප්පරයකම අවාසිය එම වධකාගාරයේ ප්‍රධානීන්ට ය.

http://www.divaina.com/2014/01/29/editor.html

Pic Source

මහජන බැංකුව උසස්‌ අධ්‍යාපනයට අත දෙමින් "විස්‌ඩම්" ණය සැලසුම් හඳුන්වාදෙයි


උසස්‌ අධ්‍යාපනය ලැබීම තුළින් තම ජීවිතයේ බලාපොරොත්තු ඉටු කරගැනීමට අවශ්‍ය ශක්‌තිය සහ සහයෝගය ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට ලබාදීමේ අරමුණින් මහජන බැංකුව විස්‌ඩම් ණය පහසුකම් හඳුන්වාදී තිබේ. වයස හෝ තෝරාගන්නා වෘත්තීය පිළිබඳ කිසිදු ගැටලුවකින් තොරව උසස්‌ අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව දේශීය හෝ ජාත්‍යන්තර ආයතනයකින් වෘත්තීය සුදුසුකම් සපුරාලීම සඳහා රුපියල් මිලියන 10 ක්‌ දක්‌වා ණය ලබාදීමට මෙමගින් පියවර ගෙන ඇත. පහසු පරිදි වාරික වශයෙන් උපරිම වසර හතක ආපසු ගෙවීම් කාලයකට යටත්ව මෙම ණය ආපසු ගෙවීමේ පහසුව සලසා ඇත. තම ඉදිරිමග ජය ගැනීම සඳහා උසස්‌ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සිසුන්ට තම ඩිප්ලෝමා හෝ වෘත්තියක පාඨමාලාව, උපාධිය හෝ පශ්චාත් උපාධිය හෝ වෘත්තීය සුදුසුකම් සපුරාගැනීමට මෙය මහඟු අවස්‌ථාවක්‌ වේ.

දැනට බැංකුව මගින් ලබාදෙන ණය පහසුකම්වල ඉදිරියෙන් සිටින විස්‌ඩම් ණය පහසුකම රැකියාවක නියුතු ඕනෑම පුද්ගලයෙකුට සහ පාසල් අධ්‍යාපනය අවසන් කළ අපේක්‍ෂකයින්ට සහනදායී පොළී අනුපාත මත ලබාගත හැක. (බද්ධ අයදුම්කරුවෙක්‌ සමග)

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා බැංකුව විසින් ඉටු කිරීමට අපේක්‍ෂා කරන වගකීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේ ප්‍රකාශ කළේය. "ජනතාවගේ බලාපොරොත්තුව බවට පත්වීමේ සහ අධ්‍යාපනය නඟා සිටුවීමට දායකත්වය ලබාදීමේ අපගේ දැක්‌ම අනුව මෙම විස්‌ඩම් ණය පහසුකම මගින් අපගේ ජනතාවට තම ජීවිතවලට නව වටිනාකම් එක්‌ කරගැනීමටත් හෙට දිනය දීප්තිමත් කරගැනීමටත් හැකියාව ලැබෙන බව අපට විශ්වාසයි. මෙම ණය මුදල් ඕනෑම වයස්‌ කාණ්‌ඩයක අපේක්‍ෂකයෙකුට ලබාගත හැකි අතර අපගේ යොවුන් ඉතුරුම් ගිණුම් හරහා ඒ සඳහා සුදුසු ශිෂ්‍යයින් දිරිමත් කිරීමටත් අපි කටයුතු කරනවා."

දිවයින පුරා පිහිටා ඇති ශාඛා 730 කට අධික ශාඛාවන් සමග මහජන බැංකුව ශ්‍රී ලංකාවේ පුළුල්තම ශාඛා ජාලයට හිමිකම් කියන අතර මොබයිල් බෑන්කින් සහ ඉන්ටර්නෙට්‌ බෑන්කින් ඇතුළු නවතම පහසුකම්ද සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමනු ලබයි.

http://www.divaina.com/2014/01/29/velanda03.html

Pic Source

ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රහාර එල්ලවීමේ යුද අපරාධය

76 කට අධික පිරිසක්‌ මරුමුවට පත් කරමින් කොළඹ කොටුවේ මහ බැංකුවට පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලොරියක්‌ සමග මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවකු කඩාවැදී ජනවාරි 31 දාට වසර 18 ක්‌ සපිරේ.

මෙය මුළුමනින්ම යුද අපරාධයකි.  එහෙත් මානව හිමිකම් කවුන්සිලය හෝ බටහිර රටවල් කොටි නායක ප්‍රභාකරන් යුද අපරාධකරුවකු ලෙස නම් කළේ නැත.

මෙම සිද්ධියේදී ඇමරිකානු ජපන් හා ඕලන්ද සංචාරකයන් කීපදෙනකු ද තුවාල ලැබීය. 

කොටුවේ මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමගම ආර්. පී. ජී. යන ප්‍රහාරක අවිවලින් සැරසුණු කොටි ත්‍රස්‌තයන් දෙදෙනෙක්‌ ඉවක්‌ බවක්‌ නැතිව වෙඩි තබන්නට වූහ.

මහ බැංකු බෝම්බයට ගොදුරු වූ රජයේ සේවිකාවන්ගෙන් බොහෝ දෙනෙක්‌ අන්ධ භාවයට පත්වූහ. 

බෝම්බකරු එකී ප්‍රහාරයෙන් මියගිය අතර විග්නේශ්වරන් පාර්නියන්a හෙවත් කුට්‌ටි සහ කදිරගාමම් තම්බි ශිවකුමාර් හෙවත් රඝූ අසු විය.

එහෙත් එකී ප්‍රහාරයට දසදෙනකු සම්බන්ධ යෑයි සනාථ විය.

ඒ අනුව කොටි නායක ප්‍රභාකරන් හෙවත් තිරුබාකරන් නොහොත් කුරේ නොහොත් කරිකාලන් හෙවත් වේලුසාමිගේ පුත්‍ර ඇල්පා ෂිවෂංකර්, පොට්‌ටු අම්මාන් හෙවත් පොට්‌ටු කන්දයියා, ෂිව මොහාන් හෙවත් චාල්ස්‌, විග්නේෂ්වරන් නාලන් හෙවත් කුට්‌ටි, කදිරගාමම් තම්බි හෙවත් රඝූ සෙල්ලයියා, නවරත්නම්, රාජදුරෙ සතුරුකුලසිංහම් කන්දයියා ශ්‍රී ගනේෂ් රාමයියා, කරුපයියා කමලනාදන් යන කොටින්ට නඩු පැවරුණි. මෙම කොටින්ගෙන් අට දෙනෙක්‌ අධිකරණය හමුවේ පෙනීසිටියේ නැත. එහෙත් විග්නේෂ්වරන් නාදන් සහ කදිරගාමම් සිවකුමාර් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ප්‍රභාකරන් ඇතුළු කොටි හතරකට වසර 200 බැගින් බර වැඩ සහිතව සිරදඬුවම් ද තවත් දෙදෙනකුට ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවම් නියම කළේය. 2002 නොවැම්බර් මස ප්‍රකාශයට පත් වූ මෙම තීන්දුව නිසා එදා පැවැති රජය දැඩි භීතියකට පත්වී ඇත. සරත් අඹේපිsටිය විනිසුරුතුමා නොබියව දුන් මෙම තීන්දුව නිසා කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පැවසුවේ කොටි සංවිධානය නඩු අසා ශ්‍රී ලංකාවේ නායකයන්ව වසර 1000 කට සිරගෙට නියම කරන බවයි. 

මේ පසුබිම යටතේ ප්‍රභාකරන් මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වරදකරු වූයේ කෙසේද?

ඒ ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක නිලාබ්දීන් සිය දිවි පරදුවට තබා ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයා ගැනීමයි. නිලාබ්දීන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත් බව එදා විශේෂයෙන් හෙළි කළේ 'දිවයිනයි'.

ත්‍රස්‌තවාදීන්ගේන් ප්‍රශ්න කිරීමේ සහජ හැකියාවක්‌ ඇති නිලාබ්දීන් පස්‌වැනි විත්තිකාර කදිරගාමම් තම්බි සිවකුමාර් නොහොත් රගුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් යෝකි කොටි කඳවුරකට පැමිණ බෝම්බ ලොරිය පදවාගෙන ගිය රාජු සහ සිවුවැනි විත්තිකාර කුට්‌ටි සමග සාකච්ඡා කර ඔවුන්ට රිදීයෙන් තැනූ සිහිවටන දුන් බවයි. නිලාබ්දීන් වැඩිදුරටත් රගුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ එකී සිහිවටනය මුතූර්හි සිටින පියා දුන් බවයි.

මේ අනුව වහාම ක්‍රියාත්මක වූ නිලාබ්දීන් අතිශයින්ම විශ්වාසවන්ත කීපදෙනකු සමග මුතූර් බලා යැමට පිටත් විය. 

ත්‍රිකුණාමලයේ සිට මුතූර් වෙත පාලම්පාරුවෙන් පිටත් වූ නිලාබ්දීන් ඇතුළු පිරිස හමුදා භටයන්ට තමන් කවුද හෝ යන ගමන ගැන පැවසුවේ නැත.

එහෙත් හමුදා නිලධාරීන් පැවසුවේ සවස 5 ට පෙර මුතුර් පාලම්පාරුවට නුඹලා නොපැමිණියහොත් මරණය නියත බවයි.

සවස 5 අවසාන පාලම්පාරු ගමනින් පසු කොටි එම ප්‍රදේශයට එනවා යෑයි පාලම්පාරුව පදවන්නා ද අනතුරු ඇඟවීය.

මුතූර්හි පොල් වත්තකට ගිය නිලාබ්දීන් රගු පැවසූ පරිදි නිවස දුටුවේය. 

රගුගේ පියා ඇමතූ නිලාබ්දීන් හමුදාව මේ පළාතට එන බව කියා රගු තමන්ට කිවූ බවත් ප්‍රභාකරන් දුන් සිහිවටනය ආරක්‍ෂිත ස්‌ථානයකට ගෙන යැමට පැමිණි බවද කීවේය. 

නිවසේ කාමරයක තිබූ සිහිවටනය සහිත ඵලකය සොයාගත් නිලාබ්දීන් රගුගේ පියාවද රැගෙන පාලම්පාරුව වෙතට පැමිණෙන විට වේලාව 4.59 විය. ඒ වනවිට පාලම්පාරුව ත්‍රිකුණාමලය බලා යැමට සූදානමින් තිබිණි.

නිලාබ්දීන් ගෙන ආ සමරුඵලකයේ ඇඟිලි සටහන් සැසඳීම සඳහා පොලිස්‌ ඇඟිලි සටහන් අංශයට භාර කෙරුණි. එවකට ඇඟිලි සටහන් අංශයේ පොලිස්‌ සැරයන් ආර්. එම්. ඒ. බී. රත්නායක උප පොලිස්‌ පරීක්‍ෂක නෝමන් පෙරේරා සහ පොලිස්‌ සැරයන් පී. කේ. ආරියපාල යන නිලධාරීහු එකී සමරු ඵලකයේ තිබූ ඇඟිලි සටහන් විමර්ශනයට ලක්‌ කෙරූහ.

එහිදී සනාථ වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වම් මහපට ඇඟිලි සලකුණු සහ ත්‍රස්‌තවාදීන් දෙදෙනකුගේ ඇඟිලි සලකුණු එකී සමරුඵලකයේ තිබූ බවයි. 

ඒ වනවිට මදුරාසි පොලිසියේ තිබූ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු රහස්‌ පොලිසියට ලැබී තිබිණි. එම ඇඟිලි සලකුණු හා සමරුඵලකයේ තිබූ ඇඟිලි සළකුණු පරීක්‍ෂා කිරීමෙන් එය ප්‍රභාකරන්ගේ යෑයි සනාථ විය. 

එදා පොලිස්‌ සැරයන් ආර්. එම්. ඒ. බී. රත්නායක සියදිවි පරදුවට තබමින් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සංසන්දනය කළ අයුරු ගැන සාක්‍ෂි දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුව පුපුරුවා හැරීමට ක්‍රියා කිරීම ගැන නීතිපති බලධාරීන් විසින් චෝදනා 715 ක්‌ ඉදිරිපත් කර තිබුණි.

එකී චෝදනාවලින් 38 කට හැර අනිත් සියලු චෝදනාවලට චූදිතයන් 6 ක්‌ වරදකරු යෑයි අඹේපිටිය විනිසුරුතුමා නිගමනය කළේය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු චූදිතයන් සිවුදෙනකුට චෝදනා 51 ක්‌ එල්ල වී තිබිණි.

ප්‍රභාකරන් හා චූදිතයන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුතුමා රහස්‌ පොලිසියට නියෝග කළේය.

එසේම ප්‍රභාකරන් හා අනිකුත් චූදිතයන් සිවුදෙනකු සතු සියලුම නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කරන්නැයිද ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

එහෙත් සරත් අඹේපිටිය විනිසුරුතුමාගේ නියෝග ක්‍රියාත්මක වූයේද?

කොටි සංවිධානයට සම්බන්ධ ටී. ආර්. ඒ. සංවිධානයේ බැංකු ගිණුම් කොළඹ බැංකු කීපයක තිබුණත් ඒවා රාජසන්තක වූයේ නැත.

මේ අතර ප්‍රභාකරන් වසර 200 ක්‌ සිරගෙට නියම වූ තීන්දුවට දායක වූ පොලිස්‌ පරීක්‍ෂක නිලාබ්දීන් හා ඇඟිලි සටහන් කාර්යාලයේ තිදෙනා පොලිසියට අමතක විය.

ඇඟිලි සටහන් අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක නෝමන් පෙරේරා පොලිස්‌ පරීක්‍ෂක තනතුරටද රුපියල් 100,000 ක තෑගි මුදලක්‌ ද පොලිස්‌ සැරයන් ආර්. එම්. ඒ. බී. රත්නායක උප පොලිස්‌ තනතුරකට හා රුපියල් 75,000 ක්‌ ද පොලිස්‌ සැරයන් ආරියපාලට රුපියල් 75,000 ක්‌ ද 2003 පෙබරවාරි 17 වැනිදා, නිර්දේශ වූවත් එය ලැබුණේ නැත. විශ්‍රාම යැමෙන් පසු පොලිස්‌ සැරයන් රත්නායක 2010 වසරේ පොලිස්‌පතිට පැමිණිලි කරමින් මරණය පෙනි පෙනී ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ගැන සාක්‍ෂි දුන් තමාට සිදුවූ අසාධාරණය ගැන කියා සිටියේය.

2011 .11. 22 රත්නායක මහතාට පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් ලිපියක්‌ ලැබිණි. එහි සඳහන් වූයේ රුපියල් 5000 ක චෙක්‌පතක්‌ ඇති බවයි. එහෙත් රත්නායක මහතා එකී මුදල ප්‍රතික්‍ෂේප කළේය. ප්‍රභාකරන්ට එරෙහිව සාක්‍ෂි දුන් පොලිස්‌ නිලධාරියාගේ වටිනාකම වූයේ රුපියල් 5000 කි. පසුව මහ බැංකු බෝම්බය සම්බන්ධයෙන් තෑගි මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයක්‌ පොලිස්‌ මූලස්‌ථානයේදී පැවැත්වුණි. එම උත්සවයේදී ප්‍රභාකරන්ගේ සමරු ඵලකය සොයාගත් නිලාබ්දීන් හෝ ඇඟිලි සටහන් සැස» රත්නායක දකින්නට නොලැබිණි.

1996 ජනවාරි 31 වැනිදා ප්‍රභාකරන් සිදු කළ මෙම බිහිසුණු ක්‍රියාව යුද අපරාධයක්‌ බවට එදා රජය මානව හිමිකම් බලධාරීන්ට පැමිණිලි කිරීමට ක්‍රියා කළේ නැත.

එහෙත් මහ බැංකු බෝම්බය නිසා අන්ධ වූ පිරිස්‌ හා තුවාල ලැබූවන් තවමත් අප අතර වේ. එම ප්‍රහාරයට වගකිවයුතු කොටි බ්‍රිතාන්‍ය, නෝර්වේ, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව සහ කැනඩාවේ සිටී.

මේ පසුබිම මැද මහ බැංකු බෝම්බයට ගොදුරු වූවන් වෙනුවෙන් යුක්‌තිය ඉටු වූයේද?

ලබන මාර්තු 3 දා ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අවස්‌ථාවේ මහ බැංකු බෝම්බ ප්‍රහාරය මානව හිමිකම් බලධාරීන්ට සිහිපත්විය විය යුතු නොවේද?

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/29/feature.html

Tuesday, January 28, 2014

කොටි ඩයස්‌පෝරාව දෙකඩ වෙයි. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, ගෝලීය ද්‍රවිඩ සංසදයට කිසිදු සහයක්‌ නොදෙන ලෙස ඉල්ලයි

කොටි ඩයස්‌ පෝරාව දෙකඩ කරමින් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඊයේ (27 දා) ගෝලීය ද්‍රවිඩ සංසදයට සහාය දීමෙන් ඉවත් වී ඇත.

මේ නිසා ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැති හා ප්‍රකාශක සුරෙන් පුරෙන්ද්‍රන් දැඩි අර්බුදයකට මැදි වී තිබේ.

හිතුමතේ ක්‍රියාකරන ගෝලීය ද්‍රවිඩ සංසදයට කිසිදු අරමුදලක්‌ හෝ සහායක්‌ නොදෙන ලෙස බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඊයේ (27 දා) ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත.

ගෝලීය ද්‍රවිඩ සංසදය මෙහෙයවන පිරිස හෙළිනොකිරීම, එම සංසදය ප්‍රජාතන්ත්‍රවාදය මත ක්‍රියා නොකිරීම, කොපමණ අරමුදල් ලැබුණේදැයි අනාවරණය නොකිරීම ගැන චෝදනා එල්ල වී තිබේ.

එසේම රටවල් 14 ක ද්‍රවිඩ සංවිධාන මගින් පිහිටුවා ගත් ගෝලීය ද්‍රවිඩ සංසදය වෙත සිය නියෝජිතයකු ඇතුළත් කිරීමට ද තමන්ට ඉඩදී නැතැයි බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය කියා සිටියි.

මෙම සංවිධාන දෙකම ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වේ.

මේ අතර ගෝලීය ද්‍රවිඩ සංසදය 2010 සිට ගිණුම් වාර්තා ප්‍රකාශයට පත්කර නැත. මෙම ගෝලීය ද්‍රවිඩ සංසදයට විදේශ බැංකු තුනක ගිණුම් ඇති බව හෙළිවී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/28/news06.html

බීච් වොලිබොල් රිදී පදක්‌කම් දෙකම ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ ගෝව හී පැවැත්වෙන ලූසෙෆෝනියා ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග අංශයෙන් අවසන් මහා තරග දෙකටම සුදුසුකම් ලැබීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්‌ඩායම්වලට රිදී පදක්‌කම් වලින් සෑහීමට පත්වන්නට සිදුවිය.

ගියවර මෙම තරගාවලියේ රන් පදක්‌කම් දිනූ පෘතුගාල කණ්‌ඩායම සමග එම අවසන් මහා සටනට පිවිසි ශ්‍රී ලංකා අංක 1 කණ්‌ඩායම හෙවත් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල සටනක්‌ දෙමින් පරාජයට පත්විය.

අදාළ තරගයේ ප්‍රථම වටයේදී ලකුණු 21-17ක්‌ ලෙසින් ජය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙවැනි වටයේදී 17-21ක්‌ වශයෙන් පරාජයට පත්වූයේ මුල් ලකුණු 15 දක්‌වා කරට කර සටනක්‌ දීමෙන් අනතුරුවය. තීරණාත්මක තෙවැනි වටයේදී තම අත්දැකීම් යොදාගත් පෘතුගාලය ලකුණු 15-11ක්‌ ලෙසින් තරග වටය ජයගනිමින් තරග වට 2-1ක්‌ ලෙසින් තවදුරටත් රන් පදක්‌කම රැකගැනීමට සමත්වුණි.

කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී තරගවට 2-0ක්‌ ලෙසින් වැඩි වෙහෙසකින් තොරව ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීමට පෘතුගාලයට හැකිවුවද ගීතිකා ගුණවර්ධන සහ ඩබ්ලිව්. ඩබ්ලිව්. සුජීවා මෙරට කාන්තා බීච් වොලිබොල් ඉතිහාසයේ කැපී පෙනෙන සටහනක්‌ තබමින් රිදී පදක්‌කම පැළ»හ.

මේ අතර බීච් වොලිබෝල් පිරිමි අංශයේ ලෝකඩ පදක්‌කමද ශ්‍රී ලංකාවට දිනා ගැනීමට පුබුදු ඒකනායක සහ අසංක ප්‍රදීප් හෙවත් ශ්‍රී ලංකා අංක 2 කණ්‌ඩායම සමත්විය. ලෝකඩ පදක්‌කම වෙනුවෙන් පැවැති තරගයේදී ප්‍රතිවාදී ඉන්දීය කණ්‌ඩායම ලකුණු 21-14 සහ 21-10 ලෙසින් පහසුවෙන්ම පරාජයට පත්කරමින් අදාළ පදක්‌කමට හිමිකම් කීමට පුබුදු සහ අසංකට හැකියාව ලැබුණි.

http://www.divaina.com/2014/01/28/sports02.html

සබැඳි ලිපි -
[
බීච් වොලිබෝල් දෙඅංශයෙන්ම 'රන් සොයන ගැටුමට' ශ්‍රී ලංකාවhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_8661.html
]

Monday, January 27, 2014

ඊජිප්තුවේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිදු වූ බෝම්බ පිපිරීමකින් ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව තිබේ.

මෙහිදී පිපිරී ගොස් ඇත්තේ ප‍්‍රබල කාර් බෝම්බයක් වන අතර මේ වන විට පුද්ගලයන් සිවුදෙනෙකු මිය ගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන්ය.

මිය ගිය පිරිස තවත් ඉහල යා හැකි යයි විදෙස් වාර්තා කියයි.

http://lankacnews.com/sinhala/foreign-news/109061/

Pic Source (Previous Attack)

රතු සහලින් ප්‍රවේශම් වන්න…! පිලිකා කාරක ෆැබ්‍රික් ඩයි ස්ප්‍රේ කොට සහල් වර්ණගන්වනවා...

ලාංකික අපගේ ප්‍රධාන ආහාරය බත්ය.එම බත සකස්කරන්නේ සහල් වලිනි.සහල් වර්ග රාශියක් ඇති අතර එයිනුත් රතු කැකුලු නම් සහල් වර්ගය විශේෂවේ.

බොහෝ දෙනෙක් මෙම රතු කැකුලු සහලේ බත් කෑමට ප්‍රිය තාවයක් දක්වයි. සුදු සහල් වලට වඩා රතු සහල් ගුණදායකය, එමෙන්ම දිය වැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකය.

එහෙත් මෙම සහල් පිළිබදව ඔබ නොදන්නා රහස් තොරතුරු කීපයක් පසුගිය දිනක අපට අනාවරනය කරගත හැකිවිය.

මෙම කූට ජාවාරම සිදුකරන්නේ වී මෝල් හිමියන් විසිනි.

කල්ගතවීමේදී විකිණීමට නොහැකි අහාරයට ගතනොහැකි සහල් මිටි වෙළදසැල් හිමියා විසින් සහල් සපයන පුද්ගලයාට රිටන් සහල් ලෙස නැවත් භාරදෙයි. මොහු තමා සහල් ගන්නා වී මෝලට මෙම රිටන් සහල් ලබාදෙයි.

කිසි සේත්ම ආහාරයට නොසුදුසු මෙම සහල් අධික ලාභය අරමුනුකරගෙන මෝල් හිමියා 1:4ක අනුපාතයකට අලුත් සහල් සමග මිශ්‍රකර නැවත වෙළදපලට යවයි.

එසේ මිශ්‍ර කිරීමටත් නුසුදුසු තත්වයේ ඇත්නම් එම සහල්වලට ඇගලුම් කර්මාන්තයේදී  රෙදි වර්ණ ගැන්වීමට යොදාගැනෙන උග්‍ර පිලිකා කාරක රතු පැහැති ෆැබ්‍රික් ඩයි වර්ගයක් ස්ප්‍රේ කොට සහල් වර්ණගන්වා නැවත පොලිෂ් කොට ඉහත අනුපාතයට මිශ්‍රකොට වෙළදපලට යවයි.

මෙම සහල් හදුනා ගැනීමට ඉතාමත් අපහසුය. මෙසේ අහින්සක ජනතාවට වස විෂ කවනා කූට ජාවාරම්කරුවන්ට නිසි දඩුවම් පැමිනවීම නිස බලධාරීන්ගේ යුතුකමකි.

සමන් කුමාර
http://lankacnews.com/sinhala/news/109137/

Pic Source

බීච් වොලිබෝල් දෙඅංශයෙන්ම 'රන් සොයන ගැටුමට' ශ්‍රී ලංකාව

මෙරට නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ කැපී පෙනෙන ගමනක යා හැකි කණ්‌ඩායම් තරග අංශයක්‌ බව නැවත වරක්‌ ඔප්පු කළ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්‌ඩායම් ඉන්දියාවේ ගෝව හී දැන් පැවැත්වෙන ලූසෆෝනියා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි දෙඅංශයේම අවසන් මහා තරග සඳහා අවස්‌ථාව ලබාගත්හ. ඒ අනුව වසන්ත රත්නපාල සහ මහේෂ් පෙරේරා හෙවත් ශ්‍රී ලංකා පිරිමි අංක 1 කණ්‌ඩායම පෘතුගාල අංක 1 කණ්‌ඩායම හෙවත් ජෝස ෆේඩ්රෝසා සහ ෆෝඩ්රෝ රොසෑස්‌ සමගින්ද, ශ්‍රී ලංකා කාන්තා අංක 2 කණ්‌ඩායම හෙවත් ගීතිකා ගුණවර්ධන සහ ඩබ්ලිව්. ඩබ්ලිව්. සුජීවා පෘතුගාලයේ ඇනා ෙµ්‍රෂේස්‌ සහ ජූලියානා ඇන්තනීස්‌ සමගින්ද රන් පදක්‌කම උදෙසා ඊයේ රාත්‍රියේ තරග වැදීමට නියමිතව සිටිහය.

එක්‌ රටක්‌ නියෝජනය කරමින් කණ්‌ඩායම් 2ක්‌ සඳහා බීච් වොලිබෝල් ජාත්‍යන්තර තරග සහභාගීත්වය සම්බන්ධයෙන් ඇති අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා කණ්‌ඩායම් 4ම (කාන්තා කණ්‌ඩායම් 2 සහ පිරිමි කණ්‌ඩායම් 2) මෙම ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගත් නමුත් අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ කණ්‌ඩායම් 2 ම එකම තරගයකදී මුණගැසිනි.

පෙරේදා පැවැති අදාළ කාන්තා අවසන් පූර්ව තරගයේදී සුජීවා සහ ගීතිකා විසින් ආශා නිල්මිණි සහ නිරෝෂා ගුණසිංහ ලකුණු 21/6 සහ 21/13 වශයෙන් පරාජයට පත්කරන ලදී. එම පිරිමි අවසන් පූර්ව තරගයේදී ලකුණු 21/18 ක්‌ සහ 21/15 ක්‌ වශයෙන් මහේෂ් සහ වසන්ත විසින් පුබුදු ඒකානායක සහ අසංක ප්‍රදීප්ව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්‌ඩායම බවට පත්විය.

පෘතුගාලය සහ ඉන්දියාව අතර පැවැති පිරිමි අංශයේ අනෙක්‌ අවසන් පූර්ව තරගයේදී ලකුණු 21/13 සහ 21/11 ලෙසින් ඉන්දියාව පරාජයට පත්වූ අතර පෘතුගාලය සහ මොසැම්බික්‌ අතර පැවැති කාන්තා අංශයේ අනෙක්‌ අවසන් පූර්ව තරගයේදී පෘතුගාලය ලකුණු 21/15 සහ 21/14 ලෙසින් තරග වට 2/0 කින් ජය වාර්තා කළේය.

http://www.divaina.com/2014/01/27/sports02.html

මුසලු ලෝකය එකම ගිනි ගොඩක්. ඉරාකයේත් බෝම්බ පිපුරුම් වැලක්. 12 ක්‌ මරුට.

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 12 දෙනෙක්‌ මරණයට පත්වී ඇත.

බැග්ඩෑඩ් නුවර අවට මෙම ප්‍රහාර සිදුව ඇත.

මෙම ප්‍රහාර ඉරාකයේ අල්ඛයිඩා සංවිධානය විසින් සිදුකරන්නට ඇතැයි ආරක්‌ෂක අංශ සඳහන් කරයි.

http://www.divaina.com/2014/01/27/forign03.html
Pic Source (Previous Attack in Iraq)

ඇෆ්ගන් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ පස්‌ දෙනෙක්‌ ඝාතනය කෙරෙති. තලෙබාන් සංවිධානය බවට සැක...

ඇෆ්ගනිස්‌තානයේ ලාහ්මන් ප්‍රාන්තයේදී ප්‍රාදේශීය කණ්‌ඩායමකට ක්‍රීඩා කරන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයකින් පස්‌ දෙනෙක්‌ මරුමුවට පත්ව ඇත.

මෙම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මරා දැමුවේ තලෙබාන් සංවිධානය විසින් බවට සැක කෙරේ.

ඇෆ්ගන් ජනාධිපතිවරයාද මේ ප්‍රහාරය හෙළා දැක ඇත.

යතුරු පැදියක පැමිණි නාඳුනන තුවක්‌කු කරුවෙක්‌ විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

http://www.divaina.com/2014/01/27/forign02.html

Pic Source