'සිංහල මිනිසුන්ට සිංහලයන් සලකන්නෙ මෙහෙමද, සිංහල බෞද්ධයන්ට මෙහෙම වෙනවා නම් අන් අයට කවර කතාද. මම මේ කරන්නේ අපේම සිංහල මිනිසුන්ට අත දීමක්. මේ අයට පිහිට වෙන්න මම කොළඹ ඉඳල එනකොට දොරට යතුරු දාලා ගේට්‌ටුවත් ලොක් කරලා ආරක්‍ෂක භටයො යොදවලා' කියමින් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියෝ පැවසූහ.
පෙරේදා (5 වැනිදා) උන්වහන්සේ එසේ සඳහන් කළේ පොලොන්නවැව ප්‍රදේශයේ ජනතාවට නැගෙනහිර ප්‍රදේශයෙන් (සිංහල ජනතාවට) ඉඩම් ලබාදීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් අරලගන්විල සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබියදී මහවැලි අධිකාරිය විසින් එම ශාලාවට ඇතුළුවීමට ඉඩ නොදීමෙන් පසුවය. තවදුරටත් අදහස් දැක්‌වූ දයාරතන හිමියන් 'මේ ශාලාවට මම මුදල් ගෙවල නිත්‍යානුකූලව කල් ඇතිව වෙන් කරලා තිබුණේ. දැන් එනකොට ඇතුළුවෙන්න දෙන්නෙ නැහැ. දෙමළ නායකයෙක්, මුස්‌ලිම් නායකයෙක් ආවොත් ගේට්‌ටුව ඇරලා දෙනවා. මම අහන්නේ මේ දේශපාලනඥයන් නිසා අද මිනිස්‌සු පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ සියල්ලම අසරණවෙලා. පොලිස් නිලධාරීන් බයයි සාධාරණය කරන්න. හරියට කළොත් මාරුවීම් දෙනවා. මේ මිනිස්‌සු කරන වැඩවලින් ජනාධිපතිවරයාගේ සාධාරණ වැඩවලටත් බාධාවක්. බලන්න මාවිල්ආරු දොරවල් අරින්නත් අපි මැදිහත් වුණා. නමුත් අපි එනකොට මේ සිංහල මිනිස්‌සු දොරවල් වහනවා. එදා අපි නිර්භීතව කළ වැඩවල ප්‍රතිඵල දැන් තිබෙනවා. අපි පස්‌සට යන අය නෙමෙයි. එදත් අපි අපේ මිනිස්‌සු එක්‌ක හිටියා. අදත් ඒ විදිහටම ඉන්නවා.'
මෙම අවස්‌ථාවට ස්‌වාමින් වහන්සේලා ඇතුළු 4000 කට අධික පිරිසක් අරලගන්විල මහියංගණ මාර්ගය මත සිට එම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සාමකාමීව පවත්වා විසිර ගිය අතර අරලගන්විල පොලිසිය විසින් ආරක්‍ෂාව තර කර තිබිණි.
මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි
http://www.divaina.com/2014/01/07/provin01.html
Pic Source

0 comments:
Post a Comment