ක්‍රි.පු. 16 වන ශත වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය රාජ්‍යයක් ලෙස සීතාවක රාජධානිය බිහිවිය. කෝට්ටේ යුගයේ රාජ්‍ය තන්ත්‍රයේ බෙදීමක් හා දුර්වලතාවයක් මත සීතාවක රාජධානිය බිහිවීමක් ලෙස ඉතිහාසඥයෝ හඳුන්වාදෙති. යුද ජයග්‍රහණ හා පරාජයන් නිසා සීතාවක රාජධානි භූගෝලීය වපසරිය වරින් වර වෙනස් වීමට බලපෑ හේතු සාධක වේ. කිලෝ මීටර ගණනාවක ව්‍යාප්ත වූ ද භූගෝලීය පිහිටීමක් ලෙස සොයාගෙන ඇත. නමුත් භූගෝලීය සීමාවන් වර්තමානයේ නිවැරදි ලෙස ස්ථීර කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ වර්තමානයේ සීතාවක රාජධානිය සතු ප්‍රදේශයන් පර්යේෂණ මට්ටමේ පවත්නා බැවිනි.
රත්නපුර දිස්ත්‍රික්කයේ උතුරු දිසා සීමාවෙන්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ දකුණු දිසා සීමාවෙන්ද, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර සීමාවන්ද සීතාවක රාජධානියට ඇතුළත්ව ඇති බව පෙන්වයි. රාජාවලියේ සඳහන් පරිදි මෙම රාජ්‍ය ගලබොඩ, කිණිගොඩ, මායාදුනු, පරණකූරු සතර කෝරළය, දොරවක, හේවාගම් කෝරළයේ කොටසක්ද, බුලත්ගම, කුරුවිට, අටුලුගම, හඳපාන්ගොඩ, පනාවල හා බෙලිගල කෝරළය අයත් වූවක් බව සඳහන් කරයි.
ඓතිහාසික තොරතුරු බොහෝමයකට උරුමය කියන සීතාවක පුර රාජධානියේ පිහිටි මානියම්ගම ග්‍රාමය, කෘෂි කර්මාන්තයෙන්ද, මැණික් පතල් හා වෙනත් ජීවනෝපායන්ගෙන් පෝෂණයට පත්වූවකි. ක්‍රි.පු. යුගයේ මානියම් ගල්වලින් කෙටූ ගල් ශිලාස්ථම්භ හතරක් හතරකොණ පැවැති මානියම්ගොමු රට නියම්ගම් දස දහසකින් යුක්ත වූ බව ශ්‍රී ලංකාද්වීපයේ කඩයිම් පොතේ සඳහන් වේ. (111 ශ්‍රී කසං, උප ග්‍රන්ථය 193 පිටු) වංශ කතාවේ මෙය “මහානීය්යාම රට්ඨ” නමින් හැඳින්වේ. වර්තමානයේ මෙය මානියම්ගම නමින් ප්‍රකටය. එවකට ශ්‍රී ලංකාවේ පැවැති මහා ගම්මානවලින් එක් ග්‍රාමයක් ලෙස මානියම්ගම ගම ජනප්‍රවාදයේ පවතී. එකල මෙය මහා පරාක්‍රම බාහු රජුගේ යුද්ධ නායකත්වයේ පාලනයට යටත්ව තිබුණේය. මෙය පස්යොදුන් රටට යාව පිහිටි ප්‍රදේශයක් බව පෙනේ. මෙහි සඳහන් මානියම්ගම වනාහි පනාවල කොරළයට ඇතුළත් ප්‍රදේශයකැයි. ෙගෙයිගර්තුමා පවසයි. (කඩයිම් පොත් විමර්ශනය) වළගම්බා හෙවත් වට්ඨගාමිණී අභය වනගතව සිටි කාලයේ මානියම්ගම ගල් ලෙනෙහි වාසය කර ඇති බවද රජ තම ජීවිත ආරක්ෂාව සඳහා ලැගුම් ගෙන සිටි ආරක්ෂිත ස්ථානයක් ලෙසද ප්‍රකටය. රජවීමෙන් පසු දෙවැනි වර පැමිණීමෙන් මෙම ගල් ලෙන විහාර කරවූ බවට ඉතිහාසයේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ එවකට බහුලව ලෙන් විහාර කරවූ රජෙක් ලෙස වළගම්බා රජතුමාට ප්‍රමුඛස්ථානය ලැබෙන බව රාජාවලියේ සඳහන් වේ. මානියම්ගම රජමහා විහාරය කරවූ බවට වළගම්බා මහ රජ්ජුරුවන් වහන්සේ විසින් සඳකඩපහණ සාදා ගල් කටාරම් කොටවා ගල් උළුවහු සාදවා වඩු වියන් සතළිසක් දිග එකොළොස් රියන් පළල විහාරයක් කරවා තඹ සන්නසක් ලියා පූජා කරවා ඇති බව සාක්ෂි දරයි. ඉන් පසු 1 වන රාජසිංහ රජු ක්‍රි.ව. 1592 පමණ අභාවයෙන් පසු මානියංගම විහාරයට කිසියම් ජීවයක් ලැබුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදීය. (ක්‍රි.ව. 1747 - 1781) එම රජ විසින් මානියම්ගම ලෙන් විහාරය අලුත්වැඩියා කර ක්‍රි.ව. 1766දී අලුත් සහල් මංගල්‍යයක්ද රාජකීය කරල් පෙරහර නමින් දුරුතු මස පවත්වන පෙරහරක්ද ආරම්භ කරන ලදී. කීර්ති ශ්‍රී රාජසිංහ රජ විසින් එවකට බුද්ධ ගුප්ත මහා තෙරුණුවන්ට විහාර භාරකාරත්වය පවරන ලදී. ඇත්දළ ජෝඩුවක්ද වාසල නමින් කෙටූ තඹ පත්‍රයක්ද ජල පානය කරන භාජන ද, සන්නසද, ජලය සැපයීමට ගල් ඔරුව ද, නීති පොහෝ දින බෙර වාදකකරුවන්ද, සැරසිලි කරන්නන්ද, බෙර තම්මැට්ටම් හා වාදන භාණ්ඩ ගම්මුන්ට පවරා නිල රාජකාරි සමග ගම්වර ද පවරා මානියම්ගම විහාරයේ නඩත්තුව පිණිස ගොඩ මඩ කෙත් වතු පූජා කළ බව සඳහන් වේ.
එවකට මායාදුන්නේ රජ දවස කෝට්ටේ රාජධානියේ හිරිපිටියේ දියවඩන නිලමේ තුමා සීතාවකට රැගෙන ආ දළදා වහන්සේ මායාදුන්නේ රජතුමා විසින් මානියම්ගම රජ මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේට භාරදෙන ලදී. දළදා වහන්සේ ටික දවසක් වැඩ සිටි ස්ථානයක් ලෙස වෙලන්ගල්ල ග්‍රාමයේ පිහිටි දළදා ගොඩැල්ල නමින් ස්ථානයක් ජනප්‍රවාදයේ ප්‍රකටව පවතී. ටික දිනක් සියලු දළදා පූජාවන් මැද සීතාවක වැඩ සිටි දළදා වහන්සේ වැඩි ආරක්ෂාව පතා දෙගල්ගමු රජමහා විහාරයේ විහාරාධිපති ෂඩ්භාෂා පරමේශ්වර මහින්දාලංකාර තෙරණුවන් වෙත භාර දෙන ලදී. මෙය අප්‍රකට එහෙත් ඉතා වැදගත් ජනප්‍රවාද වේ. මානියම්ගම රජමහා විහාරයේ භික්ෂු පරම්පරාව ලෙස බුද්ධ ගුප්ත තෙරුණුන්ගේ ශිෂ්‍ය භික්ෂු ධම්මදස්සී හා සුදස්සී හිමිවරුන් තමා ධම්ම දස්සී තෙරුණුන්ගේ ශිෂ්‍ය භික්ෂු සරණංකර හා සෝණුත්තර හිමිවරුන්, සරණංකර තෙරුණුන්ගේ ශිෂ්‍ය භික්ෂු කොටකේදෙණියේ රතනජෝති හිමිද විහාරයේ ආධිපත්‍ය දරණ ලදී. රතන ජෝති තෙරුණුන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සතර නමක්ද වේ. පැල් කුඹුරේ පියරතන හිමි, ගණේගොඩ පියදස්සී හිමි, කොටකේදෙණියේ සෝමාලංකාර හිමි, ඇඹිල්‍ලේගම මහානාම හිමි ද වේ.
කොටකේදෙණියේ සෝමාලංකාර හිමිගේ ශිෂ්‍ය ශාස්ත්‍රවේදී, අඹන්වල හේමාලංකාර හිමි වර්තමාන මානියම්ගම විහාරයේ නායකත්වය දරයි. එදා සිට වර්තමානය දක්වා රාජ ආඥාවක් ලෙස රාජකීය කරල් පෙරහර සමගාමීව අලුත් සහල් මංගල්‍ය වසරින් වසර අවිච්ජින්නව අඛණ්ඩව භාරකාර හිමිවරුන් විසින් ද සතර පේරුවේ දායක භවතුන් විසින් පවත්වාගෙන එනු ලබයි. අලි ඇතුන් පරිවරා උඩරට පහතරට නැටුම් හා වාදන කණ්ඩායම් සමග ද සංස්කෘතික අංගයන්ට මුල් තැන දෙමින් අත්‍යලංකාර පෙරහරට වසර 249 වෙනි වතාවට අද දක්වාම පවත්වනු ලැබේ. රාජ ආඥාවෙන් ආරම්භ වූ රාජකීය කරල් පෙරහර මෙන්ම ලෙන් විහාරය වර්තමානයේ කීර්ති ශ්‍රී රාජසිංහ විහාරය නමින් දිවයිනෙහි ප්‍රකටව පවතී. වර්ෂ 2014 ජනවාරි මස 15 වන දින රාජකීය දුරුතු පෙරහර පැවැත්වේ.
සුනිමල් කුමාරතුංග - මානියම්ගම, උරුම ගවේෂණ කවය සංවිධායක, පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=25323:2014-01-15-05-06-21&catid=58:urumaya&Itemid=80

0 comments:
Post a Comment