
එක් රටක් නියෝජනය කරමින් කණ්‌ඩායම් 2ක් සඳහා බීච් වොලිබෝල් ජාත්‍යන්තර තරග සහභාගීත්වය සම්බන්ධයෙන් ඇති අවස්‌ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා කණ්‌ඩායම් 4ම (කාන්තා කණ්‌ඩායම් 2 සහ පිරිමි කණ්‌ඩායම් 2) මෙම ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගත් නමුත් අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ කණ්‌ඩායම් 2 ම එකම තරගයකදී මුණගැසිනි.
පෙරේදා පැවැති අදාළ කාන්තා අවසන් පූර්ව තරගයේදී සුජීවා සහ ගීතිකා විසින් ආශා නිල්මිණි සහ නිරෝෂා ගුණසිංහ ලකුණු 21/6 සහ 21/13 වශයෙන් පරාජයට පත්කරන ලදී. එම පිරිමි අවසන් පූර්ව තරගයේදී ලකුණු 21/18 ක් සහ 21/15 ක් වශයෙන් මහේෂ් සහ වසන්ත විසින් පුබුදු ඒකානායක සහ අසංක ප්‍රදීප්ව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්‌ඩායම බවට පත්විය.
පෘතුගාලය සහ ඉන්දියාව අතර පැවැති පිරිමි අංශයේ අනෙක් අවසන් පූර්ව තරගයේදී ලකුණු 21/13 සහ 21/11 ලෙසින් ඉන්දියාව පරාජයට පත්වූ අතර පෘතුගාලය සහ මොසැම්බික් අතර පැවැති කාන්තා අංශයේ අනෙක් අවසන් පූර්ව තරගයේදී පෘතුගාලය ලකුණු 21/15 සහ 21/14 ලෙසින් තරග වට 2/0 කින් ජය වාර්තා කළේය.
http://www.divaina.com/2014/01/27/sports02.html
0 comments:
Post a Comment