Pages

Friday, January 10, 2014

යතිවරුන්ට පහර දීම - මෙච්චර ඉවසීමෙන් කවදාවත් ක්‍රියාකර නැහැ (ඉවසීමේ රඟ බලන්න) - පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක

පොළොන්නරුවේ සීලවිමල හිමි
සිංහල රාවය නියෝජනය කරන මහා සංඝරත්නය පෙරේදා (8 දා) අග්‍රාමාත්‍ය කාර්යාලය වටකළ මොහොතේ හිමිනමකට තුවාල සිදුවූ අයුරු පිළිබඳව පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා "දිවයින"ට පැවැසීය.

8 වැනිදා තරම් පොලිසිය ඉවසීමෙන් ක්‍රියා කළ දිනයක්‌ නැති බවද මහා සංඝරත්නය ආරවුලකට සම්බන්ධ නොකර පොලිසිය ඉතාමත් සුහද ලීලාවෙන් රාජකාරි කළබවද මහා සංඝරත්නයට කිසිදු හිරිහැරයක්‌
නොකළ බවද කී අජිත් රෝහණ මහතා එක්‌ ස්‌වාමීන් වහන්සේ නමක්‌ තුවාල ලැබූ අයුරු පිළිබඳ පරීක්‍ෂණ පවත්වාගෙන යන බවද කීවේය. අගමැතිවරයා ගම්පොල පැවැති රැස්‌වීමකදී චීවරධාරියා යන වචනය භාවිතා කිරීම නිසා එම වචනය ඉල්ලා අස්‌කර ගන්නා ලෙස උද්ඝෝෂණය කරමින් සිංහල රාවය අග්‍රාමාත්‍ය කාර්යාලය වටකර තිබිණි.

නෝමන් පළිහවඩන
http://www.divaina.com/2014/01/10/news27.html

Pic1 Source
Pic2 Source
Pic3 Source

සබැඳි ලිපි -
[
අගමැති භික්‍ෂූන්ගේ ඇගේ ලේ සෙලවීමේ පාපකර්මය කරගත්තා - JHUhttp://denethharinna.blogspot.com/2014/01/jhu.html
]

1 comments:

Anonymous said...

කොලොන්නාවේ කුඩු ගැන, මීගමුවේ කුඩු ගැන ,වැල්ලවායේ ගංජා ගැන කතා නැත්තේ ඇයි?