Pages

Tuesday, January 28, 2014

බීච් වොලිබොල් රිදී පදක්‌කම් දෙකම ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ ගෝව හී පැවැත්වෙන ලූසෙෆෝනියා ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග අංශයෙන් අවසන් මහා තරග දෙකටම සුදුසුකම් ලැබීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්‌ඩායම්වලට රිදී පදක්‌කම් වලින් සෑහීමට පත්වන්නට සිදුවිය.

ගියවර මෙම තරගාවලියේ රන් පදක්‌කම් දිනූ පෘතුගාල කණ්‌ඩායම සමග එම අවසන් මහා සටනට පිවිසි ශ්‍රී ලංකා අංක 1 කණ්‌ඩායම හෙවත් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල සටනක්‌ දෙමින් පරාජයට පත්විය.

අදාළ තරගයේ ප්‍රථම වටයේදී ලකුණු 21-17ක්‌ ලෙසින් ජය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙවැනි වටයේදී 17-21ක්‌ වශයෙන් පරාජයට පත්වූයේ මුල් ලකුණු 15 දක්‌වා කරට කර සටනක්‌ දීමෙන් අනතුරුවය. තීරණාත්මක තෙවැනි වටයේදී තම අත්දැකීම් යොදාගත් පෘතුගාලය ලකුණු 15-11ක්‌ ලෙසින් තරග වටය ජයගනිමින් තරග වට 2-1ක්‌ ලෙසින් තවදුරටත් රන් පදක්‌කම රැකගැනීමට සමත්වුණි.

කාන්තා අංශයේ අවසන් මහා තරගයේදී තරගවට 2-0ක්‌ ලෙසින් වැඩි වෙහෙසකින් තොරව ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීමට පෘතුගාලයට හැකිවුවද ගීතිකා ගුණවර්ධන සහ ඩබ්ලිව්. ඩබ්ලිව්. සුජීවා මෙරට කාන්තා බීච් වොලිබොල් ඉතිහාසයේ කැපී පෙනෙන සටහනක්‌ තබමින් රිදී පදක්‌කම පැළ»හ.

මේ අතර බීච් වොලිබෝල් පිරිමි අංශයේ ලෝකඩ පදක්‌කමද ශ්‍රී ලංකාවට දිනා ගැනීමට පුබුදු ඒකනායක සහ අසංක ප්‍රදීප් හෙවත් ශ්‍රී ලංකා අංක 2 කණ්‌ඩායම සමත්විය. ලෝකඩ පදක්‌කම වෙනුවෙන් පැවැති තරගයේදී ප්‍රතිවාදී ඉන්දීය කණ්‌ඩායම ලකුණු 21-14 සහ 21-10 ලෙසින් පහසුවෙන්ම පරාජයට පත්කරමින් අදාළ පදක්‌කමට හිමිකම් කීමට පුබුදු සහ අසංකට හැකියාව ලැබුණි.

http://www.divaina.com/2014/01/28/sports02.html

සබැඳි ලිපි -
[
බීච් වොලිබෝල් දෙඅංශයෙන්ම 'රන් සොයන ගැටුමට' ශ්‍රී ලංකාවhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_8661.html
]

0 comments: